මචන් ලන්කාවේ උන්ගේ ජීවිතේ ප්රධාන අරමුණු තුනක් තියනවා..ලොකුවට වෙඩින් එකක් ගන්න එක..හොදට ගෙයක් හදාගන්න එක..සහ වාහනයක් ගන්න එක..මේ වාහනයක් ගන්න එක ජීවිතේ සාර්ථකත්වයක් කියලා සලකන රටක..ඒ විධියට මිනිස්සුන්ගේ මනස හැදුන රටක..සහ වාහනයක් ගන්න වෙන රටක වියදම් කරන්න ඕනි මුදල වගේ හය හත් ගුණයක් වැඩිපුර දීලා මිනිස්සු වාහන ගන්න රටක කවදාවත් වාහන මිල අඩුවෙලා..මේ හැම එකාටම වාහන ගන්න පුලුවන් වෙනවා කියලා එහෙමනම් හිතන්න එපා..කොටින්ම කියනවා නම් ජපන් වැගන් ආර් එකක් ආයේ ලක්ශ තිස් ගනන් වලට එහෙම හම්බවෙයි කියලා ලොවෙත් හිතන්න නම් එපා..පොඩි ගනන් වලින් මිල එහෙ මෙහෙ වෙයි..නමුත් මොනතරම් ආර්ථික පාඩු උනත් වාහනේ පාරේ දිව්වේ නැතත්..බඩගින්නේ හිටියත් ගත්ත වාහනේ අඩුවට දෙන්නේ නැති මිනිස්සු ලන්කාවේ ඉන්නේ..නිකම් වාහනේ ගෙදර තියලා තියයි එක වේලක් කාලා හරි..පුදුම විදියට යකඩ වලට ලව් කරන්නේ මේකේ එකාලා..ඒ හින්දා බන් ඔය මිල අඩුවෙනවා මාකට් වැටෙනවා ඕවා බයිලා..පුලුවන්නම් මේක සේව් කරලා තියාගෙන තව අවුරුද්දකින් බලපන්..