මේ කාලෙත් ලීස් දාලා වාහනේකට සල්ලි හිර කරන එකෙක් කියන්නේ එසේ මෙසේ නෙමෙයි ලොකුම පුකේ අමාරුවක් තියෙන එකෙක් තමයි. ලීස් රේට් අඩු වුනත් දැන් තියෙන ආර්ථික තත්වේ එක්ක මනුස්සයෙක්ට වාහනයක් අරන් නඩත්තු කරලා පවුලකුත් නඩත්තු කරන්න අමාරුයි. ඒ නැතත් පඩිය වෙනස් වුනේ නැත්තම් කලින් කරා වගේ කොහොමත් කරන්න බෑ. ලීස් රේට් අඩු වුනත් අනික් බඩු මිලවල් අඩු නොවන නිසා ලීස් රේට් කලින් ගාණට ආවත් මනුස්සයෙක්ගේ කලින් තිබ්බ පඩිය මදි කාලා බීලා ලීස් ගෙවන්නත්. ඕක තේරුන් ගන්න බැරිව ලොකු ගණන් ලීස් රේට් දාගෙන වාහන අරන් කෙලවගත්ත අය ඕන තරම් ඇඩ් දානවා ලීස් එක්කම ගෙවන්න දෙනවා කියලා. සමහර අය වාරික 3ක් වත් දාලා නෑ. අතටත් ගාණක් බලාපොරොත්තු වෙනවා. ගෙවල ඉවර වෙද්දි වාහනේ වටිනාකම වගේ 3 ගුණයක්. පිස්සු හැදෙයි.