වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එකට අදාල නැත. . . . :dull:

    Windows 8.1 Original Keys 18ක් උවමනා කර තිබේ..... :yes: මිල ගණන් දන්වන්න...... :yes: :D
     

    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    Posts: 1
    Join Date: Dec 2009

    උබ මාර බඩුවක්නේ මචන්

    :lol::lol::lol::lol::lol:
    එළකිරි එකව්න්ට් එක හැදුවට කාලයක්ම ලොග් වෙන්න වුනේ නෑ මචන්.පස්සේ පාස්වර්ඩ් එකත් මතක නැතිව තිබ්බේ.කටු ත්‍රෙඩ් එක හන්ද තමයි ආයෙම එළකිරි ආවේ.ඒ පාර පාස්වර්ඩ් රීසෙට් කරගෙනයි දැන් මේ පොස්ට් දාන්න ආවේ. :rolleyes:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මගේ ළඟ කාර් දෙකක් තියෙනවා.:P

    11.gif
     

    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    කොරොල්ලා එකේ දෙවෙනි කටුවත් දාන්නද?
    කාර් දෙකක් තියෙනවා කිව්වේ ඒ දෙකෙන්ම මට කටු සෙට් වෙලා තියෙන හන්දයි.ලඟදි කාපු කටු ටික මුලින් දාල ඉස්සර කාපු කටු ඊළගට දාන්නයි හිතුවේ.
     
    Last edited:
    • Like
    Reactions: xxc

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොරොල්ලා එකේ දෙවෙනි කටුවත් දාන්නද?
    කාර් දෙකක් තියෙනවා කිව්වේ ඒ දෙකෙන්ම මට කටු සෙට් වෙලා තියෙන හන්දයි.ලඟදි කාපු කටු ටික මුලින් දාල ඉස්සර කාපු කටු ඊළගට දාන්නයි හිතුවේ.


    dapan dapan puthe..... kiyawanna puluwan wenna font size eka 3 dapan....
     

    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    කොරොල්ලා දෙවෙනි කටුව..

    ඔන්න ඉතින් එළකිරියේ ඇත්තන්ට එකම දවසේ කටු දෙකක්ම දෙන්නයි හදන්නේ.
    ඉතින් ඔන්න කාර් එකත් හදාගෙන මම කොළඹ ආවා.වැඩ කරන්නේ මෙහේනේ.වික් එන්ඩ් එකේ තමයි මාතර ගෙදර යන්නේ.ඊළඟ සතියම ලෙඩක් ආවේ නෑ.රතු එලි වැටුනේ සිකුරාදා රෑ ගෙදර යන්න යද්දී.එදා කාර් එකේම වැඩට ගිහින් එහෙමම හයිවේ එකේ ගෙදර යන්නයි අවේ.පන්නිපිටිය හරියේ ෂොප් එකක් ගාව නවත්තපු ගමන් මම දැක්ක අර බය හිතෙන දර්ශනේ.වාහනේ යටින් කොළ පාටට ගලාගෙන එනවා.බොනට්ටුව ඇරලා බලද්දී පිටසක්වල ජීවියෙක් වැදිලා වගේ රෙසර්ව් ටැංකිය හරියේ කුලන්ට් ස්ප්‍රේ වෙලා.ඒ ගමන බලද්දී රේඩියේටරේ පියන අප්සෙට් ගිහින්.එත් කුලන්ට් ලොකු අඩුවක් වෙලා තිබ්බේ නැති හන්දා මම හීට් කටුව දිහා බලාගෙනම වාහනේ අරන් ආවා.කටුව බාගෙන් එහාට නැග්ගේ නෑ.:nerd:
    ඊළඟ දවසේ මම වාහනේ සර්විස් එකකුත් කරගෙන රේඩියේටර් එකට අලුතෙන් පියනකුත් දැම්ම.දැන් කට්ටිය හිතන්නේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලද?:no: දැනුයි ප්‍රශ්නේ හොදම හරිය පටන් ගන්නේ.ඉතින් මමත් දැන් ඔක්කොම හරි කියල හිතාගෙන සඳුදා උදේ කෙලින්ම වැඩට එන්න පිටත් වුනා කියමුකෝ.හයිවේ එකේ ටිකක් දුර එද්දී මට පේනවා හීට් කටුව බාගෙට වඩා පොඩ්ඩක් උඩට එනවා..AC දාගෙන එද්දී කොහොමත් පොඩ්ඩක් හීට් වෙන හන්දම මම කටුව දිහා බලාගෙනම අවා.එත් බහින පාටක් නෑ.:baffled:
    ඔන්න ඔය අතරේ තමයි ලොමු දැහැගැන්වෙන භයානකම දේ සිද්ද වෙන්නේ.ෂටර්ස් ඔක්කොම වහල තියෙද්දිත් කර ගඳක් එනවා.එන්ජින් එකේ සද්දෙත් වෙනස් වෙනවා..මම ඉක්මනට වාහනේ අයින් කරලා නවත්ත ගත්ත.බොනට්ටුව ඇරලා බලද්දී තත්වේ සෝචනීයයි.:baffled:අලුතෙන්ම දාපු රේඩියේටර් පියන පැත්තකින් ලොක් එකෙන් පැනලා.එකත් එන්ජින් එක සිදේ එකෙන්.එකෙන් කුලන්ට් විදලා එන්ජින් රූම් එක පුරාම.හැබැයි ඔක්කොම වාෂ්ප වෙලා.වැදුන පාරවල් විතරක් පේන්න තිබ්බා.
    ඕනේ වුනොතින් කියල කුලන්ට් ලීටර 2 ක් වගේ අරන් ආවේ.එන්ජින් එක නිවෙනකල් ඉඳල එක දාල බැලුවා.බඩු පේන්නවත් නෑ.ඊට පස්සේ බොන්න අරන් ආව වතුර බෝතලෙත් දැම්මම ඔන්න යන්තම් කෝර් එක වැහෙන්න පිරුනා.එත් පියන වැහුවට හරියට තද වෙන්නේ නෑ.ටිකක් බර දාලා ඇද්දම ගැලවිලා අතට එන හන්දා රේඩියේටර් එකේ කටත් පොඩ්ඩක් හදලා ආයෙම පියන සෙට් කරලා බැලුවා.ඒ පාර ඇද්දට ගැලවෙන්නේ නෑ.ඊළගට දෙය්යෝ බුදුන් සිහි කරගෙන වාහනේ ස්ටාර්ට් කළා.බදු ස්ටාර්ට්.:) ඊට පස්සේ හෙමින් හෙමින් ආවා සර්විස් ඒරියා එකට.එකේදී ආයේ අඩු වතුර ටිකත් පුරවාගෙන එන්න ආවා.
    හයිවේ එකෙන් එලියට එද්දී 8 ට කිට්ටුයි.ඒ වෙලාවට කොළඹ ට්‍රැෆික් එක ගැන කියන්න ඕනේ නැහැනේ.ඉතින් හෙමින් හෙමින් එද්දී හීට් කටුව නගිනවා..AC ඔෆ් කලාම ආයෙම ටිකක් බහිනවා.ඔහොම කොහොමහරි කොටුවටම ආවා.කාර්ඩ් එක ගහද්දි 9.05 යි.ඉතින් එදා ටිකක් රෑ වෙනක්කල් ඉඳලා ට්‍රැෆික් අඩු වුනාම AC දාන්නෙත් නැතිවම ඇවිත් වාහනේ බෝඩිමට ගෙනත් දැම්මා.හීට් වුනෙත් නෑ.
    ඊට පස්සේ මේ සෙනසුරාදා රේඩියේටර් එක බලවන්න නාවින්නේ රේඩියේටර් හවුස් එකට ගියා.එතැනදී රේඩියේටර් එක ගලවල ගත්තම තමා වැඩේ තේරුනේ.1991 වාහනේ හදනකොට ආව කෝර් එකමයි තියෙන්නේ.ඒකෙ සමහර තැන්වල ඇගිලි දෙක තුනක් දාන්න පුළුවන් තරමේ සිදුරු.:baffled: එකේ උඩ ටැංකිය පිත්තල වලින් ගහල තිබ්බේ.රේඩියේටර් හවුස් එකෙන් කිව්වා.ඕනේ නම් මේක සුද්ද කරලා තව ටිකක් දුවන්න පුළුවන් වෙයි කියල.උඩ ටැංකිය ගලවල බලද්දී වතුර යන ලයින් හිර වෙලා මලකඩ වලින්.
    දැන් මට ගොනාට වගේ තේරුනා සිද්ද වුන දේ.කලින් ෆ්ලෂ් කරද්දී ආව මලකඩ තමා මේ හිරවෙලා තියෙන්නේ.කෝර් එක බ්ලොක් හන්දා උඩ ටැංකියේ ප්‍රෙෂර් එක වැඩි වුන හන්දයි පියන පනින්න ඇත්තේ.එක්කෝ මම දැන් තියෙන කෝර් එකම සුද්ද කරලා ගන්න ඕනේ.නැත්නම් අලුත් කෝර් එකක් දාන්න ඕනේ.එකට යට ටැංකියත් පිත්තල වලින් ගහන්න ඕනේ.පරණ එක අටවලා ආයෙම කටුවක් කන්න බැරි හන්දා මම අලුත් කෝර් එකක් දැම්ම.ඩබල් ලයින් එකක්.යට ටැංකිය ගහල අලුත් කෝර් එක දාල කුලන්ට් එකත් දාන්න 20,500 ක් ගියා.:(
    ඉතින් ඊට පස්සේ කාර් එක ස්ටාර්ට් කරලා ටිකක් බලන් හිටිය.ඔන්න ඉතින් විනාඩියකට දෙකකට වගේ සැරයක් රේඩියේටර් කටෙන් එයාර් බබල් එකක් එනවා..ඒ කියන්නේ ගෑස්කට් වලටත් සොරි වෙලා කියන එක නේද පොල්අයියේ?මේ වික් එන්ඩ් එකේ කාර් එක ගෙදර අරන් ගිහින් ගෑස්කට් දාගන්නයි ඉන්නේ.එකට එන්ජින් එක ගැලෙව්වම කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.ගිහින් ඇවිත් ඒ කටුවත් දාන්නම්.
    සිංහලෙන් දිගට ටයිප් කරන එකත් ලේසි නැහැ නේද? මට මෙතැනදී වැරදුන තැනුත් ඇති.පොල් අයියා,රත්තරං අයියා ඇතුළු කටුවාසි සියලු ජ්‍යෙෂ්ඨයන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    වොල්ක්ස්වැගන් එකත් එක්ක කාපු කටුත් එමටයි.ඒවත් ඉඩ ලැබෙන වෙලාවට දාන්නම්.
     
    Last edited:
    මගේ ළඟ කාර් දෙකක් තියෙනවා.
    කට්ට දෑම්මට තෑන්ක්ස් මචන්

    :lol::lol::lol::lol::lol:
    එළකිරි එකව්න්ට් එක හැදුවට කාලයක්ම ලොග් වෙන්න වුනේ නෑ මචන්.පස්සේ පාස්වර්ඩ් එකත් මතක නැතිව තිබ්බේ.කටු ත්‍රෙඩ් එක හන්ද තමයි ආයෙම එළකිරි ආවේ.ඒ පාර පාස්වර්ඩ් රීසෙට් කරගෙනයි දැන් මේ පොස්ට් දාන්න ආවේ. :rolleyes:

    එලකිරී මචන්:)
    http://elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටිආනා 2015 එකේ ඕඩියෝ වයරින් ඩයග්‍රම් එක හොයල දීපන්කෝ... හොයල දෙන එකාට ඒ පිනම ඇති කටු හත අටක් සෙට් වෙලා මේකේ පෝස්ට් කරන්න වාසනාව උදාකරගන්න
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18898556 said:
    ටිආනා 2015 එකේ ඕඩියෝ වයරින් ඩයග්‍රම් එක හොයල දීපන්කෝ... හොයල දෙන එකාට ඒ පිනම ඇති කටු හත අටක් සෙට් වෙලා මේකේ පෝස්ට් කරන්න වාසනාව උදාකරගන්න

    :eek::eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    .
    .
    .
    .
    සිංහලෙන් දිගට ටයිප් කරන එකත් ලේසි නැහැ නේද? මට මෙතැනදී වැරදුන තැනුත් ඇති.පොල් අයියා,රත්තරං අයියා ඇතුළු කටුවාසි සියලු ජ්‍යෙෂ්ඨයන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    වොල්ක්ස්වැගන් එකත් එක්ක කාපු කටුත් එමටයි.ඒවත් ඉඩ ලැබෙන වෙලාවට දාන්නම්.

    එල එල කටු පෝස්ට් දැම්මට බොහෝම ස්තූතී :):)
    REP+14
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ඉතින් එළකිරියේ ඇත්තන්ට එකම දවසේ කටු දෙකක්ම දෙන්නයි හදන්නේ.
    ........... උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    වොල්ක්ස්වැගන් එකත් එක්ක කාපු කටුත් එමටයි.ඒවත් ඉඩ ලැබෙන වෙලාවට දාන්නම්.

    එයාර් බබල් එක එන එකනම් අවුලක් තමයි මචන්.. විනාඩි දෙකකට වගේ සැරයක් එන එකක්නම් ලොකුම ලීක් එකක් නෙවෙයි .. ඒත් වරදක් තියෙන හැඩයි .. එන්ජිම ගලවන්න කලින් හොඳට බලන්න හෝර්ස් ඔක්කොම හොඳට තද වෙලාද කියල.. ඊට අමතරව බලන්න හීටර් එකට යන වතුර ලයින් එකත් .. වාහනේ වයසේ හැටියට හීටර් කෝර් එක දිරල ලීක්ද දන්නේ නැහැ අපිට නොපෙනෙන තැනකින්.... එන්ජිම බොයිල් කරද්දී ට්‍රැෆික් එකේ , හයිවේ එකේ ආපු එක ඒ තරම් හොඳ නැහැ..ඔය තත්වෙන් වාහනේ දුවනවානම් එන්ජිම නවත්වන හැම වතාවකම රේඩියේටර් එක ඇරලා ප්‍රෙෂර් එක රිලීස් කරලා අඩු වතුර පුරවල දුවන්න..
     
    Status
    Not open for further replies.