මාරකයක් පැනලා මචං...මම මේ මලගෙදරක යන්න කියල පිටත් උනා කැබ් එකේ. ගෙදරින් එලියට දාල මීටර් 100ක් ගියෙ නෑ මෙන්න ලග ගෙදරක එකෙක් අත දැම්ම. ඌගෙ අම්මව එල්ලන් ඒ ගෑනිගෙ කටින් ලේ ඇවිත්. මම ඉතින් ඉක්මනට යමු කියල දාගත්ත වාහනේට. හොස්පිටල් එක ලග නිසා ගිහින් දාල මගෙ ගමන යනව කියල හිතන්. මම ඉතින් ටිකක් පිකප් කරල ගියා. මෙන්න බොලෙ එක පාර ඩොන් ගල සද්දයක් ආව. වාහනෙ ගොලු උනා වගේ. ටයර් දාල දැන් මාසයක් ඇති. 25ක් හරි කියල හිතන් නවත්තලා බැලුව. කිසිම අවුලක් නෑ හොදට තියනව. හැබැයි එන්ජිමෙ සද්දෙ අවුල් හොස්පිටල් එකට තව කිලොමිටරයක් ඇති. ඕනෙ මගුලක් කියල ගියා හොස් එකක් පැනල ඇති කියල හිතන්. වාහනෙ අද්දන්නෙ නෑ හැබයි. ගිහින් හොස්පිටල් එකේ පොරවලට කතා කරල ලෙඩාවත් බාල බොනට් එක ඇරල බලනකොට ඉන්ටර් කූලරෙ හොස් එක පැනල ඇතුලට එන පැත්තෙන්. ඊට පස්සෙ අම්මට කතා කරල සීන් එක කියල ගෙදර ආව. හෝස් එක නම් විනාඩි 2න් හයි කරා. හොස්පිටල් එකට කෝල් කරාම අර ගෑනිට අවුලක් නැතිලු. බලපන්කො මම ඉතින් නැවතුනා ගෙදර මල ගෙදර යන එක පැත්තක තියල
මල ගෙදර ගියානං වෙන මොකක් හරි ලොකු කරදරයක් වෙන්න තියෙන්න ඇති.. සහ උඹ ගිය වේගෙටම හොස්පිටල් ගියා නං එතනත් උඹේ නරක වෙලාවක් තියෙන්න ඇති. දෙයියො බුදුන් අදහලා ධාර්මිකව ජීවත් වෙන මිනිස්සුන්ට වරද්න්නෑ බං. උඹලා අදහන ආගමක් අදහලා හොදින් හිටපං





? මට දාඩියත් දැම්ම යකෝ මේක කියෙව්වම

