අා එක මිසක්
උඹටත් බ්ලැක් ෙටාප් එන්ජිං පිස්සුවද ?![]()
අර ස්පීඩ් මල්ලි කියන එකා බෝ කරා

අා එක මිසක්
උඹටත් බ්ලැක් ෙටාප් එන්ජිං පිස්සුවද ?![]()

ආඅර ස්පීඩ් මල්ලි කියන එකා බෝ කරා![]()

එහෙනං වැඩේ හරි.. ලක්ස 3ක් 4ක් වියදං වෙලා තමා ඕක හොද වෙන්නෙ 
ආ
එහෙනං වැඩේ හරි.. ලක්ස 3ක් 4ක් වියදං වෙලා තමා ඕක හොද වෙන්නෙ
![]()


ඕකාත් අර සීනියර් ප්‍රීමියම් මෙම්බර් කෙනෙක්ද කොහෙද.. කොහේ හරි නම කියවුන ගමං නොටිෆයි නෙවනා මිනිහටඔය කියද්දීම ඇවිත්
ඕකා හොරෙන්™ බලන් ඉන්නේ![]()


ඕකාත් අර සීනියර් ප්‍රීමියම් මෙම්බර් කෙනෙක්ද කොහෙද.. කොහේ හරි නම කියවුන ගමං නොටිෆයි නෙවනා මිනිහට![]()



ස්පීඩ් මල්ලිව සුපර් සීනියර්ට™ සමාන කිරීම හෙලා දකිනවා![]()






අවුරුදු එහෙම සරුය... ගෙදර වේලි වේලි උන්නු මට පුංචි පහේ රස්සා කෑල්ලක් හම්බුනා. 
දැන් ඒකට යනවා. යන වෙලාවක් තිබුනට එන වෙලාවක් නම් හරියටම කියලා නෑ. කාලෙකින් පොඩ්ඩක් එබිල යන්නෙයි කියල ආවා. 
දැන් වැඩිය කට්ටිය නැතුවා වගේ දැන් 

හරිදු මල්ලිගේ කටුව දැකලා නැවත හිතට කටු පිබිදීමක් ඇතිවුන නිසා මේ කට්ට ලියන්න හිතුවා. කට්ටක් කිව්වට මිත්‍රවරුණි මේක ටොම් මාමා කරගත්තු ගොංකමක්.
![]()
ඔව් ඔව් ටොම් මාමා ඉද හිටවත් ගොං කමක් කරගන්නවා තමයි. මතකනේ පහුගිය කාලේඒවා වැඩක් නෑ. දැන් නම් වැඩිය එලකිරි එන්නේ නැත්තේ නොසෑහෙන්න වැඩ තියන නිසා. මොකද මම කරන ජොබ් එකේ හැටියට ආදායමට වැඩිය හිතන්න ඕනේ ඒකට තියන කැපවිම ගැනනේ. හරි හරි ඒ බයිලා වලින් වැඩක් නෑ උන සීන් එක කියන්නම්කෝ..
උඹලා දන්නවනේ ටොම් මාමා වාහන අරං විකුණලා පොඩි අමතර ගානක් හොයා ගන්නවා කියලා. දැන් නම් ඕකත් කරනවා අඩුයි. ඒත් පහුගිය කාලේ නම් කොලා. ඉතිං කාවවත් අමාරුවේ දාන්න බැරි නිසා ගත්තු වාහනයක ලෙඩක් එහෙම අහු වුනොත් ඒක හදලා තමයි විකුණන්නේ. ඉතිං ඔහොම මම ගත්තු fb13 වර්ගයේ කාර් එකක ෆ්ලෝබෝඩ් එකේ දිරුම් ටිකක් තිබුනා. දිරුම් කියන්නේ මේවගේ ground clearance මදි නිසා යට වැදිලම එන දිරුම්.
![]()
ඉතිං ඔය ටික පාස්ස ගන්න නම් කාපට් එක ගලවන්න එපැයි. පාස්සන්න ගෙනියන්න කලින් එක දවසක් දෑ හැන්දෑයාමෙක ටොම් මාමා කාපට් එක ගලවලා දැම්මා. උඹලා දන්නවනේ කාර් එකක කාපට් එකක් ගලවනකොට තියන සනීපේ. සිට් ඔක්කොම ගලවලා console අරවා මෙව්වා ඔක්කොම ගලවලා හිටං ඉන්න ඕනේ. අපරාදේ කියන්න බෑ වෙනද වගේ නෙවෙයි අන්තිම ඇනේ වෙනකන් හොදට ගැලවුනා. එහෙම කිව්වේ ගොඩක් අය දන්නවා ඇතිනේ වාහනයක කාලයක් ගලවලා නැති ඇන ගලවනකොට එකක් හරි හිරවෙලා ආතල් එකක් දෙනවා කියලා...
![]()
මේ වගේ කාපට් එකක් ඈ..
ඔන්න ඉතිං ගලවලා ඉවර කරලා ආපහු ඩ්රයිවිංසීට් එක විතරක් හයි කරලා තිබ්බා. දැන් සිංහලු කාර් එකේ ඩෑෂ් බෝඩ් එක තිබුනට center console, cubby වගේ ගොඩක් කෑලි බෑලි ගේ ඇතුලේ පුරවලා තමයි තියන්නේ.
![]()
![]()
කාර් එක මදේ නැනි පොත්ත වගේ තියනවා. ආසාවේ බෑ අෆ්ෆා ඉස්සරහින් බැලුවම ඩිකිය ඇතුලේ පේනවා. ඩිකිය ඇරියම ඉස්සරහා පේනවා.
![]()
ඔන්න පහුවෙනිදා උදෙන්ම මේක ටිංකරිං කරන තැනට අරං යන්න පිටත් වුනා. කිසී අව්ලක් නෑ ගම පැත්තෙන් යන්න පුලුවන් තැනක්..
කතාව ඇති. ඔව් සිංහලු ඇති.. දැන් මේ සිංදුව අහමු.
Country roads, take me home to the place I belong.
West Virginia, mountain mamma, take me home, country roads.
ඔන්න ඉතිං දවස් තුනකට විතර පස්සේ මෙන්න බොලේ කෝල් එකක් එනවා ගැරජ් එකේ අයියගේන්. හලෝ මල්ලි ... ගුඩ් මෝනිං . ඔයාගේ වැඩේ ඉවරයි ඇවිල්ලා අරං යන්න කියලා.
![]()
මමත් ඉතිං වැඩි ප්‍රමාදයක් නැතුව ගැරජ් එකට ගිහින් වාහනේ අරගත්තා.
අව්ලක් නෑ පොර වැඩේ මරුවට කරලා තියනවා. ඒ පොරගේ හැටි කරන වැඩක් බොක්කෙන්ම කරනවා. ඒවගේම අම්බානෙකට සිගා ගහනවා.
මේක ඉතිං ගත්ත ගමන් මතක් වුනේ මේකට අන්ඩර්කෝට් එකක් ගෑවනම් හොදයි කියන එක තමයි. එතකොට ගන්න කෙනෙකුට දෙයියනේ කියලා තව අව්රුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන් නේ. ඉතිං මම ඔය ගමන්ම ටව්න් එකට යන්න පිටත් වුනා අන්ඩර්කෝට් එකක් ගන්න.
යනවා තමයි. මෙන්න බොලේ සිග්නල් වැඩ කරන්නෙ නෑඅඩුම තරමේ ඩෑෂ්බෝඩ් එකේ වත් පෙන්නන්නේ නෑ. හුටා අරූ වයර් පුච්චලා වෙන්න ඕනේ. කියලා ඌටත් හිතෙන් බැන බැන වංගුවෙන් දැම්මා විතරයි මෙන්න බොලේ සුදු පටි මාමා කෙනෙක්.
![]()
පොර - ඔබ තුමා කොහෙද යන්නේ කෝ සිග්නල්.
මම - ඒක තමයි මම මේ මේක ගැරජ් එකට දැම්මා ටිංකරින් කරන්න, එතනදි වයර් පුච්චලා වගේ දැන් සිග්නල් වැඩ කරන්නෙ නෑ කියලා කිව්වා.
පොර - කාර් එක ඇතුලට ඔලුවත් දාලා හ්ම්.. ගාලා මගෙන් මොනවද කරන්නේ කින්දමන්ද කියලා අහලා, සිග්නල් ගැන නීතියත් කියලා හිටං යන්න කිව්වා.
ඔන්න ඉතිං ටොම් මාමා අන්ඩකෝට් ටින් එකත් අරං යහතිං ගෙදරට සේන්දු වුනා.
ආපු වෙලේ ඉදලා ටිංකරින් කරපු අයියට හිතින් බැන බැන පිච්චුන වයර් හොයන මෙහෙයුම දියත් කරා.
හෙව්වා හෙව්වා කිසිම වයයර් එකක් පිච්චිලෑ නෑ කියහංකෝ.ඊටපස්සේ ෆියුස් බැලුවා. ඒවත් හොදයි
දැන් ඉතිං මක් කොරන්නද, කමක් නෑ පස්සේ වයරිං බුවා ගාවට ගෙනිහින්වත් බලාගන්නවා කියලා හිතාගෙන අන්ඩර්කෝට් එක ගාන්න ගත්තා.
ඔන්න ඉතිං අන්ඩකෝට් එක ටිනර් වලින් දියකරලා ගානවා ගානවා මේ මලදානේ නෙවෙයි ගෑවෙන්නේ.අන්තිමට වැඩේ පැත්තකින් තියලා අපේ IDG මලයා අමතලා ඇහුවා අන්ඩකෝට් ගාන්න කවලං කරන්නේ මොනවද කියලා.
ඔන්න ඊටපස්සේ තමයි භූමිතෙල් සමග අන්ඩකෝට් ගෑමනාව පටන්ගත්තේ.
වැඩේ ඉවර කරලා, දවසක් වේලෙන්න තියලා ඊලග දවසේ හවස කෑලිබෑලි තනියම සවි කිරීමේ මහා ව්‍යාපෘතියට අත ගැහුවා.
කොටසින් කොටස තිබුන විදිහටම පිහද පිහද හයි කොරන්න ගත්තා. ගලවනවා වගේ නෙවෙයි සිහලු හයි කරන්න ගියාම තියන ආතල් එක කියලා නිම කොරන්න බෑ.
සිග්නල් හදන්න යන්නත් වෙලාවක් නැති නිසා, තව දවස් දෙකක් කාර් එක එකම තැන තියන්න වුනා.මොකද ආයි ඕකේ ගිහින් අර සුදු පටි කාරයටම මාට්ටු වුනොත්.
ඔහොම ඉන්නකොට ටොම් මාමට හීනෙන් වගේ පෙනුනා (හීනෙන්ම නෙවෙයි ඈ..) hazard light දාලා බලපං කියලා.
දැම්මා තමයි................
මෙන්න බොලේ යස අගේට ඒවා වැඩ
![]()
දැන් මොකද කරන්නේ සිංහලු සිග්නල් ලයිට් දාලා බන්න ඕනේ නේ? ඔව් ඔව් ඔන්න මීලග උත්කෘෂ්ට අවස්තාවේ සිග්නල් ලයිට් දාලා බැලුවා.කිසි අව්ලක් නෑ ගින්දර වගේ වැඩ කියහංකෝ.
හුටා...
එහෙනම් මොකද වෙලා තිබුනේ
වෙලා තිබුන දේ තමයි ටොමාගේ ගොංකම කියන්නේ.මට ටොමත් එක්ක එකසිය ගානට මල. මේකේ center console එකේ තියන hazard light ස්විච් එකේ ක්ලිප් එක ගැලෙව්වට පස්සේ සිග්නල්වත් හසාඩ්වත් මොන මල දානයක් වත් වැඩ කරන්නෙ නෑ යකූ
අඩුම තරමේ ඩෑෂ්බෝඩ් එකේ සිග්නල් ලයිට් වත් වැඩ කරන්නෙ නෑ.
![]()
ඔය ටික අරූට (ටොමාට) කලින් හිතාගන්න බැරුව ගියානේ.ඉතිං ඌත් එක්ක මල පනින එක සාධාරන නැද්ද උඹලා කියන්නේ.
ඔන්න ඕකයි සිහලු විස්තරේ. මේකෙන් උඹලට ගන්න තියන උපදේසේ.. මොකක්ද? ඇත්තටම කියනව නම් උපදේසෙයක් නැති තරම්.නමුත් මේ වගේ ගොන් වැඩ නොකරන්න මේක ආදර්ශයක් කර ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
ඉන්ටීරියර් කෑලි ටික ගලවද්දි ආතල් වුනාට ආපහු හයි කරද්දි තමා එපා වෙන්නෙ 
ආ අයියලා මල්ලිලා මාමිලා.. කොහොමෙයි ඉතින්..අවුරුදු එහෙම සරුය... ගෙදර වේලි වේලි උන්නු මට පුංචි පහේ රස්සා කෑල්ලක් හම්බුනා.
දැන් ඒකට යනවා. යන වෙලාවක් තිබුනට එන වෙලාවක් නම් හරියටම කියලා නෑ. කාලෙකින් පොඩ්ඩක් එබිල යන්නෙයි කියල ආවා.
දැන් වැඩිය කට්ටිය නැතුවා වගේ දැන්
![]()
පට්ට කට්ටඉන්ටීරියර් කෑලි ටික ගලවද්දි ආතල් වුනාට ආපහු හයි කරද්දි තමා එපා වෙන්නෙ
![]()
කියලා වැඩක් නෑ දැනෙන ආතල් එක. කියලා වැඩක් නෑ දැනෙන ආතල් එක.
අංකල් ටොම්.මොකද මේ මහ රෑ ඇහැරගෙන
හයි කරනකොට කෑලි වැඩිඋනේ එහෙම නැතෙයි
හැබැයි ඇන ටිකක් මදි නම් වුනා. මොකද කලින් එකෙක් අපෝස්ටින් ගලවලා ඇන අඩුවෙන් දාලානි. බන්.ද. යක් හදමින් පුටේ.
නෑ කෑලි නම් වැඩි වුනේ නෑ.හැබැයි ඇන ටිකක් මදි නම් වුනා. මොකද කලින් එකෙක් අපෝස්ටින් ගලවලා ඇන අඩුවෙන් දාලා