වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    high speed yaddi unoth maru :lol::lol:
    air pressure eken tiyenne rubber balloon ekak uda:nerd:

    $_35.JPG

    :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඕක හැම එකටම හරියන්නේ නෑ නේද බං..? පොඩ්ඩක් කියවලා බලන්නම්.... Thanks... :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    උබ තාත්තෙක්ද බන්?

    ඔය බලහන්කො උඹ වාහනයක් හොයන අතරේ ඌ තාත්තෙකුත් වෙලා.
    උඹ වාහනේ ගන්නකොට උගේ ළමයටත් ළමයි දෙතුන්දෙනෙක් ඉඳී :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ඔය බලහන්කො උඹ වාහනයක් හොයන අතරේ ඌ තාත්තෙකුත් වෙලා.
    උඹ වාහනේ ගන්නකොට උගේ ළමයටත් ළමයි දෙතුන්දෙනෙක් ඉඳී :baffled:

    උබ තාම තාත්තෙක් වුනේ නැතෙයි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේශයෝ.... පොඩි සීන් එකක් කියලා දිපංකො... :):)

    ඔය වාහන ඔහොම පහත් වෙලා තියෙන්නෙ ස්ටාර්ට් කරනකන් විතරයිද..? නැත්නම් ඕක දිගටම ඔහොමද..? පිටරටක වුනත් පාරක යන්න අමාරු නැද්ද ඔහොම වුනහම...? :baffled:

    දිගටම ඔහොම තමා..
    ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉතින් උබටත් වැඩක් නැති මටත් වැඩක් නැති දිග හෑල්ලකින් තාම නවතින්නේ...

    වාහනේක සස්පෙන්ෂන් සෙටප් එක කියන්නේ ගොඩක් අය නොදන්නවා උනාට සෑහෙන වැදගත් කාරණයක්... වාහනේ මොකක් උනත්, මොන සෙල්ලම දැම්මත් අපි මහ පොලවේ ඉන්නේ ටයර් 4 උඩ.. ටයර් 4 කිව්වට වාහනේ ඇත්තටම පොළොවේ ගෑවෙන්නේ සාමාන්‍ය වාහනේක නම් A4 කොලේක වගේ කොටසක් රෝද 4න්ම... අන්න ඒ ගෑවෙන කොටසට තමා කියන්නේ Contact Patch එක කියලා..

    ඔන්න ඔය Contact Patch එකයි, පාර සහ ටයර් එක අතර තියෙන ඝර්ෂණයයි මත තමා තීරණය වෙන්නේ වාහනේට කොච්චර Grip/Traction එකක් තියෙනවද කියල.. වාහනේක Handling තීරණය වෙන ප්‍රභල කාරණයක් තමා Contact Patch එක..

    පාරයි,ටයර් එකයි අතර තියෙන ඝර්ෂණය තීරණය වෙන සදහා කීපයක් තියෙනවා..
    1. type of Road Surface (Dry,Wet, Snow, Sand, Tarmac....)
    2. Materials used for tire (Hardness of rubber, Reinforcements)
    3. Width of the tire

    blaaa......blaaa.....blaaaa

    ඕව එකින් එක පැහැදිලි කරන්න නම් වෙනම ත්‍රෙඩ් එකක් ඕනි... කෙටියෙන් කියනවා නම් ටයර් පළල් වෙනකොට ග්‍රිප් එක වැඩි... ටයර් එක සොෆ්ට් නම් ග්‍රිප් එක වැඩි.. රළු කාපට් පාරක් නම් ග්‍රිප් එක වැඩි...

    ටයර් ප්‍රශ්නේ විසදන්න අපි කෙලින්ම ගෙනල්ල රේසින් වලට පාවිච්චි කරන ටයර් ගෙනල්ල දැම්ම කියමුකෝ.. ඊළඟට තියෙන ප්‍රශ්නේ Contact Patch එක..

    Contact Patch එකට කෙලින්ම බලපාන එක සාධකයක් තමා ටයර් ප්‍රෙෂර් එක.. අන්න ඒකයි හැම වෙලාවේම කියන්නේ වාහනේ අතට ගන්න කලින් එන්ජින් ඔයිල්,කූලන්ට් ලෙවෙල් බැලුවේ නැතත් වටයක් කැරකිලා ටයර් 4 බලන්න කියලා.. ඔයිල්,හරි වතුර හරි නැති උනොත් එන්ජිම සීස් වෙලා හරි නතර වෙයි.. ටයර් ප්‍රෙෂර් අඩුවෙන් ගිහින් (Specially Tubeless Tires) එක ටයරයක් හරි සම්පුර්ණයෙන් ප්‍රෙෂර් අඩුවෙලා කරුමෙට වංගුවක් ගද්දි ඇලෝයි වීල් එක පාරේ වැදුනොත් / ටයර් එක එලියට පැන්නොත් බඩුම තමා.. වාහනේ මොන වෙලා නවතීද කියන්න බෑ..

    හරි හරි...ඒ ගැන ඇති... ඊළඟ මෙහෙයුම තමා Contact Patch එක වාහනේ ධාවනය වෙන වෙලාවෙදිත් maintain කරන එක.. අන්න එකට තමා සස්පෙන්ෂන් වැදගත් වෙන්නේ...
    සාමාන්‍යයෙන් ඕනිම වාහනයක් කොම්පැනියෙන් හදනකොට හදන්නේ අදාළ වාහනේ භාවිතා කරන්න රෙකමන්ඩ් කරන ඕනිම තත්වයකට මුණ දෙන්න පුළුවන් විදියේ සස්පෙන්ෂන් සෙටප් එකක් එක්ක... සරලව කියනවා නම් පැසෙන්ජර් කාර් එකක් පැසෙන්ජර් කාර් එකක් විදියට පාවිච්චි කරන්න ඕනි..

    දැන් ඊළඟට එන ප්‍රශ්නේ ලෝකේ ඉන්න හැම එකාටම බෑ Purpose built racing කාර් එකක් ගන්න (eg: Zonda R, Ferrari FXX, Lambo Elemento)
    ගොඩක් වෙලාවට වෙන්නේ රෝඩ් කාර් එකක්/ වාහනයක් අරන් රේස් පදින්න හදා ගන්න එක..

    අන්න ඒ වෙලාවට අපිට අදාළ වාහනේ ඩිසයින් කරපු රාමුවෙන් එළියේ තමා වැඩ දාන්න යන්නේ... අන්න එතකොට අර කිව්ව Factory Fitted සස්පෙන්ෂන් හරියන්නේ නෑ.. වෙනස් කරන්න වෙනවා..

    අපි Suspension සෙටප් එකේ ප්‍රධානවම කතා කරන කොටස් කීපයක් තියෙනවා...

    1. Camber Angle
    2. Caster Angle.
    3. Centre of Gravity, Roll axis and Height
    4. Weight Distribution
    5. Damping (Compression and Rebound)
    6. Ride Height
    7. Anti-Roll Bars
    8. Spring Rates.
    9. Track Width
    10. Wheelbase
    11. Toe In / Toe Out

    එකින් එක පැහැදිලි කරන්න එකින් එකට ත්‍රෙඩ් දාන්න වෙනවා සිංහලු... ඒ නිසා අහපු ප්‍රශ්නෙට අදාළ පාට් එක ගැන විතරක් කියන්නම්..

    3. Centre of Gravity, Roll axis and Height
    4. Weight Distribution
    6. Ride Height

    දැන් ඔය Centre of gravity කියන්නේ අපි අපේ පහසුව උදෙසා ගණනය කිරීම් වලින් හදා ගත්ත එක ලක්ෂයක් හොඳද... වාහනේ සම්පුර්ණ බරම එක ලක්ෂයක ගෙනාවම ඒ ලක්ෂය තියෙන තැන තමා ඔය Center of Gravity කියන්නේ... වාහනේ පදවාගෙන යනකොට වාහනේ මුණ දෙන එක එක Forces ක්‍රියා කරන්නේ කොහොමද බලන්න තමා එහෙම කරන්නේ..

    Emmons_RaceCarCG.png

    blog-4.jpg

    වාහනෙන් වාහනේට වාහනේ ඩිසයින් එක එනුව ඔන්න ඔය කියපු Centre of Gravity එක තියෙන තැන වෙනස් වෙනවා..

    දැන් ඕකේ තියෙන වැදගත්කම තමා, වාහනයක් වංගුවක් ගන්නකොට වාහනේ සම්පුර්ණ බොඩි එක හැසිරෙන විදිය..

    3.PNG

    සාමන්‍යයෙන් ඔය ලක්ෂය පොලව මට්ටමේ ඉඳන් පිහිටන උස වැඩි වෙන්න වෙන්න වාහනය පෙරලෙන්න එහෙමත් නැත්තන් Grip එක විශාල වශයෙන් අඩුවෙන්න තියෙන අවස්ථාව වැඩි...ඒ වගේම වේගය වැඩි වෙන්න වෙන්න ඒ අවධානම තවත් වැඩි වෙනවා..
    ඒ නිසා ගොඩක් වෙලාවට මොන වාහනේ හැදුවත් නිෂ්පධානයේදී උනත් උපරිම උත්සහයක් ගන්නවා ඔය ලක්ෂය පුළුවන්තරම් පහලට, ඒ කියන්නේ පොලව මට්ටමට කිට්ටු ස්ථානයකට ගෙන්න..

    ඒකෙ ප්‍රතිපලයක් විදියට තමා, දැන් තියෙන අලුත් වාහන බොහොමයක් පරණ වාහන තරං උස නැති වීම. Ground Clearance එක අතින් විතරක් නෙමෙයි, වාහනේ බොඩි එකේ උස බැලුවත් පුළුවන් තරං අඩු කරලා තියෙන්නේ... උදාහරණයක් විදියට Sport Car එකක් ගන්න... වාහනේ දිගින් සහ පළලින් වැඩි උනාට උසින් අඩුයි නිතරම.. එහෙම උනාම වාහනේ ගොඩක් Stable වංගුවක් ගන්නකොට...

    ඉතින් වාහනේ ඩිසයින් එකේදී ඔය ලක්ෂය පහලට ගෙන්න පුළුවන් උපරිම ගේනවා.. එතනින් තවත් පහලට ගන්න පුළුවන් වාහනේ Ground Clearance අඩු කරා නම්.. හැබැයි සාමාන්‍ය වාහනේකට සැලකිය යුතු Ground Clearance එකක් අවශ්‍යයි එදිනෙදා භාවිතයට... නැත්තන් සමහර පාරවල් වල යන්න බෑ. ඒ වගේම Suspension Travel එක අඩු උනාම වාහනේ එතරන්ම සැප පහසුත් නෑ..

    රේස් කාර් එකකට එනකොට ඔය ගොඩක් දේවල් අදාළ නෑ... වේගය, සහ Handling තමා වැදගත්...
    ඒ නිසා ගොඩක් වෙලාවට රේසින් වලට වාහනයක් මොඩිෆයි කරනකොට වාහනේ පහත් කරනවා පුළුවන් තරම්... ඒ කරලා ගොඩක් වෙලාවට Stiff Suspension පාවිච්චි කරනවා Bottom out වෙන එක එහෙම නවත්තන්න...

    ඔය Centre of Gravity එක උපරිමේටම පහලට ගෙනාපු වාහන විදියට හඳුන්වන්න පුළුවන් Formula F1 කාර්... වාහනේ Wings වලින් ලබාදෙන Downforce එකයි, වාහනේ ඩිසයින් කරනකොට වාහනේ Weight Distribution එක හදලා තියෙන විදියයි ගත්තම සමහර වේග වලදී ඇත්තටම Centre of gravity එක පොලව මට්ටමටත් වඩා පහලින් පිහිටම අවස්තා තියෙනවා.. එහෙම වෙන්නේ සමහර වේග වලදී වාහනේ බරට වඩා වැඩි Downforce එකක් Wings වලින් ලබාදෙන නිසා.. Theory එකට අනුව ඕනි නම් F1 Car එකක් ටනල් එකක වහලේ එක දිගට ඩ්‍රයිව් කරන්න පුළුවන් වැටෙන්නේ නැතුව... :P :P :P
    (දැන් අහන්න එපා Downforce කියන්නේ මොකක්ද කියලා... එක මැජික් එකක්.. Fluid Mechanics... තේරෙන්නේ නැති සාමාන්‍ය එකෙක්ට අදාලම නැති මාතෘකාවක්...)

    දැන් ඔය ෆොටෝ එකේ තියෙන Honda Civic EG6 එක ඔහොම පාත් කරලා තියෙන්නේ ඇයි කියල තේරෙන්න ඇති කියල හිතනවා..
    කිව්වා වගේ උබටත් වැඩක් නැති, මටත් වැඩක් නැති හෑලි ගොඩක් කිව්වා වගේ දැනෙනවා...

    :oo::oo::oo::oo::oo::oo:

    • Like
    Reactions: IDG and Arrow11

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    දිගටම ඔහොම තමා..
    ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉතින් උබටත් වැඩක් නැති මටත් වැඩක් නැති දිග හෑල්ලකින් තාම නවතින්නේ...

    වාහනේක සස්පෙන්ෂන් සෙටප් එක කියන්නේ ගොඩක් අය නොදන්නවා උනාට සෑහෙන වැදගත් කාරණයක්... වාහනේ මොකක් උනත්, මොන සෙල්ලම දැම්මත් අපි මහ පොලවේ ඉන්නේ ටයර් 4 උඩ.. ටයර් 4 කිව්වට වාහනේ ඇත්තටම පොළොවේ ගෑවෙන්නේ සාමාන්‍ය වාහනේක නම් A4 කොලේක වගේ කොටසක් රෝද 4න්ම... අන්න ඒ ගෑවෙන කොටසට තමා කියන්නේ Contact Patch එක කියලා..

    ඔන්න ඔය Contact Patch එකයි, පාර සහ ටයර් එක අතර තියෙන ඝර්ෂණයයි මත තමා තීරණය වෙන්නේ වාහනේට කොච්චර Grip/Traction එකක් තියෙනවද කියල.. වාහනේක Handling තීරණය වෙන ප්‍රභල කාරණයක් තමා Contact Patch එක..

    පාරයි,ටයර් එකයි අතර තියෙන ඝර්ෂණය තීරණය වෙන සදහා කීපයක් තියෙනවා..
    1. type of Road Surface (Dry,Wet, Snow, Sand, Tarmac....)
    2. Materials used for tire (Hardness of rubber, Reinforcements)
    3. Width of the tire

    blaaa......blaaa.....blaaaa

    ඕව එකින් එක පැහැදිලි කරන්න නම් වෙනම ත්‍රෙඩ් එකක් ඕනි... කෙටියෙන් කියනවා නම් ටයර් පළල් වෙනකොට ග්‍රිප් එක වැඩි... ටයර් එක සොෆ්ට් නම් ග්‍රිප් එක වැඩි.. රළු කාපට් පාරක් නම් ග්‍රිප් එක වැඩි...

    ehema ahuwama apith mona hari igenagannawane bn :rolleyes::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔය බලහන්කො උඹ වාහනයක් හොයන අතරේ ඌ තාත්තෙකුත් වෙලා.
    උඹ වාහනේ ගන්නකොට උගේ ළමයටත් ළමයි දෙතුන්දෙනෙක් ඉඳී :baffled:

    හිනා වෙලා පන ගියා යකෝ මේකට... :rofl::rofl::rofl::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දිගටම ඔහොම තමා..
    ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉතින් උබටත් වැඩක් නැති මටත් වැඩක් නැති දිග හෑල්ලකින් තාම නවතින්නේ...

    **************************

    දැන් ඔය ෆොටෝ එකේ තියෙන Honda Civic EG6 එක ඔහොම පාත් කරලා තියෙන්නේ ඇයි කියල තේරෙන්න ඇති කියල හිතනවා..
    කිව්වා වගේ උබටත් වැඩක් නැති, මටත් වැඩක් නැති හෑලි ගොඩක් කිව්වා වගේ දැනෙනවා...

    :oo::oo::oo::oo::oo::oo:

    හම්මටසිරි... පට්ට යකෝ... මේව වැඩක් නැති වෙන්නේ කොහොමද...? සමහර ඒවා තේරුනේ නෑ.. ඒ වුනාට මෙහෙම දේවලුත් වාහනේකට බලපානවා කියලා දැනගත්ත... පට්ට ස්තූතියි මචං... :D

    උඹට පුලුවන්නම් මේ ගැන ෆුල් විස්තරයක් දාන්න... සෑහෙන වැදගත් දෙයක්... අපි වැඩිය ඕවා හිතන්නේ නෑනේ.. :)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හිනා වෙලා පන ගියා යකෝ මේකට... :rofl::rofl::rofl::lol::lol:

    ඔය බලහන්කො උඹ වාහනයක් හොයන අතරේ ඌ තාත්තෙකුත් වෙලා.
    උඹ වාහනේ ගන්නකොට උගේ ළමයටත් ළමයි දෙතුන්දෙනෙක් ඉඳී :baffled:

    n17 ekakata eeye ude cl kara (super condition thibba ekak)-23i kyla thibbe
    bass ekka ada dawalta yanna kyla hitiye
    koheda eka ada udema 21 ta gihilla kyhnko:(:(:(:(

    bass la ekka giyoth mata adu ganata hoda wahanayak ganna wenne na:no::angry:
    vahane nm check karaganna dannawa(ubala kiwwa dewal+internet walin thama ithin:P)

    **mata therenne naththe documents seen eka thamai**
    ##plz puluwan nm mata eka poddak kyla deepanko##
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    n17 ekakata eeye ude cl kara (super condition thibba ekak)-23i kyla thibbe
    bass ekka ada dawalta yanna kyla hitiye
    koheda eka ada udema 21 ta gihilla kyhnko:(:(:(:(

    bass la ekka giyoth mata adu ganata hoda wahanayak ganna wenneඋඩ දෙවෙනි පේලියෙද na:no::angry:
    vahane nm check karaganna dannawa(ubala kiwwa dewal+internet walin thama ithin:P)

    **mata therenne naththe documents seen eka thamai**
    ##plz puluwan nm mata eka poddak kyla deepanko##

    ලොකුවට දෙයක් නෑ... බලපන් පොත ඉල්ලගෙන ඒක ඔරිජිනල් ද ඩුප්ලිකෙඑට් ද කියලා.. ඒකේ ගහලා තියෙනවා උඩ ඉදන් දෙවෙනෙ පේලියෙද කොහෙද... ඊට පස්සෙ මේ ඉන්නෙ ඒ අයිතිකාරයමද බලන්න අයිඩෙන්ටිය ඉල්ලගෙන.... පොතේ දකුනු පැත්තෙ යට හරියෙ තියෙනවා කලින් අයිතිකාරයොන්ගෙ විස්තර... ඒකෙන් බලන්න පුලුවන් අයිතිකාරයො ගාන... වාහනෙ එන්ජින් නොම්මර.. චැසි නොම්මර ඔක්කොම පොතේ තියෙනවා... ඒවත් බලන්න වාහනේ තියෙන ඒවමද කියලා...

    තව ඒවා තියෙනවනම් අනිත් අය ඇඩ් කරයි... :)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලොකුවට දෙයක් නෑ... බලපන් පොත ඉල්ලගෙන ඒක ඔරිජිනල් ද ඩුප්ලිකෙඑට් ද කියලා.. ඒකේ ගහලා තියෙනවා උඩ ඉදන් දෙවෙනෙ පේලියෙද කොහෙද... ඊට පස්සෙ මේ ඉන්නෙ ඒ අයිතිකාරයමද බලන්න අයිඩෙන්ටිය ඉල්ලගෙන.... පොතේ දකුනු පැත්තෙ යට හරියෙ තියෙනවා කලින් අයිතිකාරයොන්ගෙ විස්තර... ඒකෙන් බලන්න පුලුවන් අයිතිකාරයො ගාන... වාහනෙ එන්ජින් නොම්මර.. චැසි නොම්මර ඔක්කොම පොතේ තියෙනවා... ඒවත් බලන්න වාහනේ තියෙන ඒවමද කියලා...

    තව ඒවා තියෙනවනම් අනිත් අය ඇඩ් කරයි... :)

    බොහොම පින් මචන්
    එතනින් එහාට ටිකත් කියපන්කො මචන්
     
    Status
    Not open for further replies.