Ahh. Damu ekakGhost town series
Colombo Negombo highway tamai. Balamu free unaama puluwan unoth daanam.
Ahh. Damu ekakGhost town series
Colombo Negombo highway tamai. Balamu free unaama puluwan unoth daanam.
Neee...kohoma gannada machan tax system eka ekka..dawasa gane uda yanawane....vitz akak tamai ganna wenneතාම ඇලියන් එකට රීප්ලේස්මන්ට් එකක් ගත්තෙ නැතේ

Neee...kohoma gannada machan tax system eka ekka..dawasa gane uda yanawane....vitz akak tamai ganna wenne![]()
Dan LS moko penna neththe???mokada shylphy aka denne???Used ekak gamu... LS next monday wikunanawalu Sylphy eka
මීට අවුරුදු විසි අටකට විතර ඉස්සර වාහන නිසා කාපු කට්ටක් මතක් උනා. ඒක කට්ටකට වඩා හිනා යන සිද්ධියක්.
ඒ බොහෝ විට 1992 වසරේ නත්තල් නිවාඩුවට පෙර දිනය විය යුතුයි. එවකට අප ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වසර දෙකක් පමණක් ගත වී තිබුනත් මමත් මගේ පවුලත්, මට වගේම හෝ ඊටත් වැඩියෙන් පිස්සු තියන මගේ හොඳම මිතුරාත්, ඔහුගේ පවුලත් "පිස්සන්ට හැතැක්ම නැහැ" කියන කියමන සනාථ කරමින් ලැබෙන හැම නිවාඩුවකදීම කිලෝ මීටර් සිය දහස් ගණන් එළවලා විනෝද උනා. අප දෙදෙනාටම කුඩා දරුවන් හිටියත්, වාහන පරණ ඒවා උනත්, එවකට වයස තිහක පමණ තරුණයින් වූ අපට, දවසකට කිලෝ මීටර් දාහක් හමාරක් එලවන එක ගෙදර ළඟ කඩේට ගිහින් එනවා වගේ සුළු දෙයක් වෙලා තිබුනා.
අද මෙන් මොබයිල් ටෙලිපෝන්, නැව්මෑන්, සැට් නැව් , GPS නොතිබුන ඒ කාලේ Melway සහ RACV මැප් වලින් මේ සියලුම ගමන් සිදු කළා.
මේකියන නත්තල් නිවාඩුවට පෙර දවසේ හවස පහටත් පසුව ගෙදරින් පිටත් වී Princess Highway එක දිගේ සිඩ්නි පැත්තට එලවාගෙන ගිය අපි රාත්‍රී 1 පමණ වනවිට Orbost කියන කුඩා නගරයෙන් පැට්‍රෝල් පුරවාගෙන ඉදිරියටම යාමට සිතා සිටියා. ඒ නගරයේ පැට්‍රෝල් ෂෙඩ් දෙකක් තියන බවත්, එකක් 24/7 බවත් මැප් එකේ සඳහන් වී තිබුනා. අපි පළමු ෂෙඩ් එක පසුකර දෙවැනි ෂෙඩ් එකට ගියත් ඒකත් ඉතාම හොඳට වසා දමා තිබුනා. මැප් එක හදාපු එකාවත් උගේ මෑණියන්වත් සිහි කරපු අපි දෙන්නාම සීට් recline කරලා ඇස් පියා ගත්තේ අපේ බිරින්දෑවරුත් දරුවනුත් ඒ වෙනකොටත් හොඳටම නිදාගෙන හිටපු නිසයි. උදේ හයට විතර වාහනයක් ෂෙඩ් එක ඇතුලට යන සද්දයට ඇහැරුණ මට, ෂෙඩ් එකේ වැඩ කරන කෙනෙක් යැයි සිතිය හැකි කෙනෙක් ඇවිත් දොර ඇරලා ඇතුලට යනවා දැක්කා. එවිට මමත් පාර අයිනේ නවතා තිබූ වාහනය ෂෙඩ් එක ඇතුලට ගත්තා. එවිට ඔහු මගේ වාහනය ලඟට පැමිණ, පොම්ප ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු සියලුම ටැංකි වල තෙල් පරිමාව චෙක් කල යුතු බවත්, ඒ සඳහා විනාඩි පහළොවක් විස්සක් යන නිසා, මෙතන සිට මීටර් සීයක් පමණ ඉදිරියෙන් තියන 24HR ෂෙඩ් එකෙන් පැට්‍රෝල් පොම්ප කර ගන්නා ලෙසත් කිව්වා.
බැලූ කොට මේ නගරයේ ෂෙඩ් තුනක් තිබුනා උනාට මැප් එකේ සඳහන් වෙලා තියෙන්නේ දෙකයි.
ගමනට කලින් කරේ ගරාජ් එකට දාල A/C ගෑස් ගහගත්ත එකයි ටයර් එක පැච් කර ගත්ත එකයි විතරයි. ගමනෙ පලවෙනි දවසෙ තිබ්බෙ සෞමය කාලගුනයක්, කිසි අව්ලක් නැතිව ගියා, දෙවෙනි දවසෙ 40 °C වගේ රස්නෙ දවසක්. Batemans Bay පහු කරල කැලෑවක් මැදින් යද්දි පිටිපස්සෙ ට්යරයකින් සද්දයක් එනව, කැලෑව පහු කරලම බලනවා කියල හිතල පෑගුව. මේ වෙද්දි 100-110 අතර යනගමන්, එක පාරටම ලොකු සද්දයක් එක්ක වහනේ පාලනය කරගන්න බෑ වගේ තේරුනා... කොහොම හරි කරල හෙමීට පැත්තකට කරල බලද්දි පිටිපස්සෙ ටයරෙ මැද ලොකු හිලක්... ටයරෙ පුපුරල... මොකක් හරි වාසනාවකට තමා බේරිලා තියෙන්නෙ. කැලෑව මැද ගිනි අව්වේ ටයරෙත් මාරු කරගෙන හෙමීට ආවා. කැලෑව අස්සෙ සිග්නලුත් නෑ, නිවාඩු දවස් නිසා ටයර් කඩ වහල, වයිෆ් ගෙනුත් බර බරෙ, පැච් දාපු ස්පෙයාර් එකත් ගියා නම් අනාතයි එදා
Sydney ඇවිත් ඊලග දවසෙ පිටිපස්සෙ ට්යර් දෙකම අලුතින් දගත්තා. ටයර් කඩේ මනුස්සය නම් කිව්වෙ රස්නෙට ටයර් එකෙ ගෙවිච්ච තැනකින් ටයර් එක පිම්බිලා ඊට පස්සෙ පුපුරල වෙන්න ඇතිලු. මේ දවස් වල මෙහෙ ප්‍රසිද්ද නිලියකුයි එයාගෙ පවුලේ අයයි මෙ පාරෙදිම රිය අනතුරක් වෙලා වාහනේ ගිනි අරගෙන නැතිවෙලා තිබ්බා, ටිකක් පරිස්සමෙන් යන්න ඔනෙ පාරක්. පස්සෙ කාලෙක rear tyre failure වෙලා කනුවක් වටේට එතිච්ච කාර් එකක පින්තූරයක් දැක්කම තමා වැඩෙ බරපතල කම තේරුනේ. දැන්නම් දුර ගමන් යන්න කලින් කරන්න ඔනෙ වතාවත් ටික කරල මයි යන්නෙ. වාහනේ ගැන ඇතිඋන පැහැදීමට තාම පදින්නෙ එ වර්ගෙ එකක්... ටයර් එකෙ පින්තූරයක් පහල තියෙන්නේ![]()
5th for:
Nissan Bluebird Sylphy
Nissan Caravan
![]()

epa wela giye. update eken passe awe. Sylphy eka dunne hoda offer ekak set una nisa man gatta ganatat wada. passe gatta CIvic FD1 ekak.Dan LS moko penna neththe???mokada shylphy aka denne???
Aaa mame...කටු ත්‍රෙඩ් එකේ පරණ යාලුවො කවුද ඉන්නේ? අපි අවුරුදු ගානට පස්සේ මේ පැත්තේ ආවේ.![]()

කාලකින් මාත් ඔලුව දැම්ම ඕන්...කටු ත්‍රෙඩ් එකේ පරණ යාලුවො කවුද ඉන්නේ? අපි අවුරුදු ගානට පස්සේ මේ පැත්තේ ආවේ.![]()



හප්පේ පොලා මාමා ඇවිත්කාලකින් මාත් ඔලුව දැම්ම ඕන්...![]()
