ශ්‍රි ලංකාව නම් ඒ කුඩා රට 2015 ජනවාරි මාසයේ සිට විශිෂ්ට ලෙස වෙනස් වන්නට විය පැවති පීඩාකාරී මරා පාලනය එලවා දමා පැමිනි මහා හිටං අධිරාජ්‍යා විසින් වසර දෙකක් යන්නට මත්තෙන් ජනතාවගේ සිටලු ප්‍රශ්න විසදන ලදී අද ලංකාවේ උසස් අධ්‍යාපනය නොලබන තරුනයෙක්,රැකියාවක් නොකරන අයෙක් දක්නට නැත අධ්‍යාපනය හා සෞඛ්‍ය පමනම් නොව වයිෆයිද සම්පූර්ණයෙන් නොමිලේ ලබාදී තිබේ.ආහාර ඇති වන්නට ඇත රුපියල් 100ක් රැගෙන පොලට ගියොත් අඩුම සතියකට වත් අවශ්‍ය දෑ මිලදී ගැනීමට හැකිය රටේ ඒකපුද්ගල ආදායම $100,000 ඉක්මවා ඇති අතර මානව සංවර්ධනය දර්ශකයේදී දෙවනි වන්නෙ නෝර්වේට පමනි අසල්වැසි ඉන්දියාවට ඇතුලු ලෝකයේ බහුතර රටවල අය ලංකාවේ පුරවැසිභාවය ගැනීමට පොරකති.කොටින්ම ලංකාවේ සම්පත් අධික නිසා ඒවායෙන් කොටසක් චීනෙට හා ඉන්දියාවට දීමට අධිරජ හිටං කාරුනික වී ඇත
කොටින්ම හිටංට තවත් ලංකාවේ කරන්න දෙයක් නැත මාතෘ රට වෙනුවෙන් සියලු සේවය අවසන් කල ඔහු දැන් මාතෘ ග්‍රහලෝකය වෙනුවෙන් සිය කාර්‍ය් කිරීමට ආරම්භ කල ඇත එහි සිය පලමු වෙඩිමුරය ඊයේ තබමින් කිම් ජොන් බියෙන් ත්‍රස්ත කරමින් ඔහු උතුරු කොරියාවෙ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම හෙලාදැක ඇත .කුපිත වූ හිටං ඉදිරියේ කිම් ජොන්ට කල හැකි විකල්ප දෙකක් ඇත
1න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම විනාශ කර හිටං අධිරජුගෙන් සමාව බජනය කර ජීවිතය රැක ගැනීම
2මතු ආරක්ෂාව සදහා හිටං ක්‍රියාත්මක වීමට පෙර මුලින්ම ලංකාවට පහර දීම
මෙහිදි කිම් දෙවැනි විකල්පය තෝරාගතහොත් අධිරජු හිටං විසින් උතුරු කොරියාව යන් රට ලෝක සිතියමින් ඉවත් කරනු නිසැකය ඒ නිසා කිම් ජොන්ට ඇත්තෙ මා ඉහත සදහන් කල පලමු විකල්පය පමනි ඔහු ඉදිරි දින තුල සියලු න්‍යෂ්ටික අවි බිම තබා යටත් වන බව නොඅනුමානය
උපුටාගැනීමකි