වැඩිම පින වෙන්නෙ කාටද?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
බුදුහාමුදුරුවො අහක යන මිනිස්සුන්ගෙ කරුම වලට කරගහන්න ගියෙ නෑ.උන්වහන්සෙ එහෙම උදව්වක් කළානම් මගඵල ලබන්න පිනක් තියෙන කෙනෙකුට විතරයි එහෙම කළේ.උන්වහන්සෙ ජේතවනාරාමෙ වටේම ඉන්න හිඟන්නො ගෙන්නල කන්න බොන්න දුන්නෙ නෑනෙ.

:rolleyes:
 
Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,
    ''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කර වන්නේ වේ"
    කියල.

    මට මතක තියෙන විදිහට යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මගේ ධර්මය අනුගමනය කරන්නෙක් වෙයිද කියලා නේද එන්න ඕන?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මෙයාට දුන්නොත් පින වැඩියි.... මෙයාට දුන්නොත් පිං අඩුයි... කියලා වර්ගීකරණය කරලා දන් දෙන්න පුලුවන්ද..දානය කාට දුන්නත් දානයමයි නේද..?

    වැරදියි. ගුණයෙන් වැඩි උත්තමයෙක්ට දෙන දානය මහත්ඵලයි මහානිසංසයි. බුදු කෙනෙක්ට දෙන දානය ඉතා මහත්ඵලයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මට මතක තියෙන විදිහට යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මගේ ධර්මය අනුගමනය කරන්නෙක් වෙයිද කියලා නේද එන්න ඕන?

    කෙනෙක්ට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරන්න කරුනාව මෛත්‍රිය ඕනෙ.. ඒ වගේම ගුණවත් හාමුදුරුවො එහා පැත්තෙ තියාගෙන හම්බෙන පින පැත්තකට දාල හිඟන්න ගැන කරුණාවෙන් හිඟන්නට දානෙ දෙන්න කෙනාට කොච්චර දියුනු හිතක් තියෙන්න ඕනෙද?

    එතන එන කුසලය මෛත්‍රී කරුණා පෙරදැරි වූ ප්‍රතිපත්තීමය පිනක්,. ඒක හැම ආමිස පූජාවකටම වඩා බලවත් පිනක්.:D
     
    Last edited:

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    rerukane hamuduruwange poth tika kiyawanna. suuvisi maha gunaya ,keles ekdahs pansiyaya , abidarmaye mulika karunu aniwaryenma kiyawanna.

    prashna walata pilithuru labewi.

    budu saranai.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    හේතුව...

    ඉහත ක්‍රියා දෙකෙන් වඩාත්ම "උතුම් ක්‍රියාව" කෝකද කියල හිතල බලන්න....

    පිනට තියන ආසාව අකුසලයක්.. පිං ගැනීම පිනිස පොරකාල දානෙ දෙන එක උතුම් ක්‍රියාවක් නෙමේ..
    උතුම් ක්‍රියාවෙ තමා වැඩිම පින තියෙන්නෙ..

    ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,
    ''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කරා වන්නේ වේ"
    කියල.
    උබේ දහම අපිට වැඩක් නෑ. උබේ හිතලුත් අපිට වැඩක් නෑ. :rofl: බුද්ධ වචනයයි වටින්නෙ..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    කෙනෙක්ට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරන්න කරුනාව මෛත්‍රිය ඕනෙ.. ඒ වගේම ගුණවත් හාමුදුරුවො එහා පැත්තෙ තියාගෙන හම්බෙන පින පැත්තකට දාල හිඟන්න ගැන කරුණාවෙන් හිඟන්නට දානෙ දෙන්න කෙනාට කොච්චර දියුනු හිතක් තියෙන්න ඕනෙද?

    එතන එන කුසලය මෛත්‍රී කරුණා පෙරදැරි වූ ප්‍රතිපත්තීමය පිනක්,. ඒක හැම ආමිස පූජාවකටම වඩා බලවත් පිනක්.:D

    බුදු හාමුදුරුවෝ අනේ පිඩු මහ සිටාණන්ට කියලා තියෙනවා සතු හවුරුදු සත්මස් සත්දිනක් මුලුල්ලෙහි වේලාම බ්‍රාහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සෝවාන් පුද්ගලයකුට දෙන දානය මහත්ඵල වන බවද, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානය මහත්ඵල බවද, සකෘදාගාමීන් සියයකට දෙන දනට වඩා එක් අනාගාමී පුද්ගලයකුට දෙන දානය මහත්ඵල වන බවද, අනාගාමීන් සියයකට දෙන දානයට වඩා එක් රහත් නවකට දෙන දානය මහත්ඵල වන බවද, රහතුන් සියයකට දෙන දානයට වඩා එක් පසේ බුදු වරයකුට දෙන දානය මහත්ඵල වන බවද, පසේ බුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක් ලොවුතුරා බුදුකෙනෙකුට දෙන දානය මහත්ඵල වන බවද වදාල සේක. මේක වේලාම සූත්‍රයේ තියෙන්නේ.

    යං ගහපති වෙලාමො බ්‍රාහ්මණෝ දානං අදාසි මහාදානං යො එකං දිට්ඨිසම්පන්නං ෆභාජෙය්‍ය, ඉදං තතො මහප්ඵලතරං.

    ඔය වේලාම බ්‍රාහ්මණයා ඒ කාලේ ගොඩක් දාන දුන්නා. හැබැයි අබුද්ධොත්පාදක කාලයක. ඒ දානය මහත්ඵල කරන්න හැබැයි එක ප්‍රතිග්‍රාහකයකුවත් හිටියේ නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    කෙනෙක්ට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරන්න කරුනාව මෛත්‍රිය ඕනෙ.. ඒ වගේම ගුණවත් හාමුදුරුවො එහා පැත්තෙ තියාගෙන හම්බෙන පින පැත්තකට දාල හිඟන්න ගැන කරුණාවෙන් හිඟන්නට දානෙ දෙන්න කෙනාට කොච්චර දියුනු හිතක් තියෙන්න ඕනෙද?

    එතන එන කුසලය මෛත්‍රී කරුණා පෙරදැරි වූ ප්‍රතිපත්තීමය පිනක්,. ඒක හැම ආමිස පූජාවකටම වඩා බලවත් පිනක්.:D

    මටනම් හිතෙන්නේ හිගන්නට දෙන්න ඕන කියලා හිතෙනවනම් ඒක සම්මා දිට්ඨියෙන් තොරවූ සිතක් තමයි එතන ඇති වෙන්නේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව. ඔයා පිටි පස්සෙන් තව මිනිස්සුත් එනව. ඔයා ගාව කෑම පාර්සලයක් තියනව. අර පිටිපස්සෙන් එන මිනිස්සු ගාවත් කෑම පාර්සල් තියනවා. ඒ මිනිස්සුත් එන්නෙ මේ හාමුදුරුවන්ට කෑම දෙන්න.

    ඔයාටත් දැන් පිනක් කරගන්න හිතෙන්ව. ඔයා ඔයාගෙ කෑම පාර්සලය දන් දෙනවා.

    ප්‍රශ්නෙ මේකයි. ඔයාට වැඩිම පිනක් වෙන්නෙ කාට කෑම පාර්සලය දුන්නොත්ද?

    :cool:hint :ඔයා වෙනුවට රහතන් වහන්සේ කෙනෙක් ගියොත් තමන්ගෙ කෑම පාත්තරේ කාට දෙයිද?

    2. අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන.
    එතනම ඇත්ත හිඟන්නෙකුත් ඉන්නව. ඔයා දන්නෙ නෑ මේ බ්‍රහ්මය කියල. ඔයා වෙනසක් නැතුව දන්නටම රුපියල ගානෙ දෙනව.

    කාට දුන්න රුපියලෙන්ද වැඩිම පින වෙන්නෙ?:)

    1. දානයේ ඵල විපාක හම්බවෙන්නේ ගුණ මහත්වය අනුව :yes:

    2. දානයේ ඵල විපාක හම්බවෙන්නේ ගුණ මහත්වය අනුව :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේක ටිකක් Mind Blowing ප්‍රශ්නයක්.

    1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව.

    Mind blown

    230.gif
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    දෙවෙනි එකේදි ඇත්ත හිඟන්නට දෙන එක පින වැඩි වෙයි,මොකද මහා බ්‍රහ්මයාට සල්ලි වලින් වැඩක් නැති නිසා.

    ඒවුනාට කාට කියන්න බුළුවන් නේ බුදුන්ට මල් වලින් වැඩක් නෑ බුදුන්ට මල් පූජා කරන එක පිනක් නෑ කියල?

    යම් කිසි කෙනෙක් ඉතා චිත්තප්‍රසාදයෙන් යම් කිසි කෙනෙකුට දානයක් දෙනවනම් ලබන්නාගේ ගුණ මහත්වය අනුව ඒ පින වෙනස් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    ඒවුනාට කාට කියන්න බුළුවන් නේ බුදුන්ට මල් වලින් වැඩක් නෑ බුදුන්ට මල් පූජා කරන එක පිනක් නෑ කියල?

    යම් කිසි කෙනෙක් ඉතා චිත්තප්‍රසාදයෙන් යම් කිසි කෙනෙකුට දානයක් දෙනවනම් ලබන්නාගේ ගුණ මහත්වය අනුව ඒ පින වෙනස් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ

    ප්‍රතිග්‍රාහකයාගේ ගුණ එක සාධකයක් විතරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවුනාට කාට කියන්න බුළුවන් නේ බුදුන්ට මල් වලින් වැඩක් නෑ බුදුන්ට මල් පූජා කරන එක පිනක් නෑ කියල?

    යම් කිසි කෙනෙක් ඉතා චිත්තප්‍රසාදයෙන් යම් කිසි කෙනෙකුට දානයක් දෙනවනම් ලබන්නාගේ ගුණ මහත්වය අනුව ඒ පින වෙනස් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ

    බුදු හාමුදුරුවො දැන් නෑනෙ. කොහොමද බුදු හාමුදුරුවන්ට මල් පූජා කරන්නෙ?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    කෙනෙක්ට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරන්න කරුනාව මෛත්‍රිය ඕනෙ

    ලෞකික කරුණාව මෛත්‍රිය සහ ලෝකෝත්තර කරුණාව මෛත්‍රිය කියල දෙකක් තියෙනවා. පෘතක්ජනයෙක් ගේ කරුණාව නිසා ඔහු හිගන්නට කෑම එක දෙයි, ලෝකය , සැප සම්පත් පදනම් කරගෙන තියෙනවා. අරිය උතුමෙක් වඩන මෛත්‍රිය ලොකොත්තරයි නිවන කෙලවර කරගෙන පවතිනවා :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මටනම් හිතෙන්නේ හිගන්නට දෙන්න ඕන කියලා හිතෙනවනම් ඒක සම්මා දිට්ඨියෙන් තොරවූ සිතක් තමයි එතන ඇති වෙන්නේ.

    ඔතන රහතන් වහන්සේ කෙනෙක් හිටියනම් කාට දානෙ දෙයිද? එයාට කොහොමත් පිනක් හම්බෙන්නෙ නෑනෙ.

    එතන වෙන පින ආමිසයට වඩා ප්‍රතිපත්තියට බර පිනක්..

    බුදු හාමුදුරුවොම කියල තියනවනෙ සක්වල පුරා බුදු පසේබුදු මහරහතන් වහන්සේලට දෙන දානයට වඩා එක මොහොතක් මෛත්‍රී කරන එක මහා කුසලයක් කියල..
    ;)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ලෞකික කරුණාව මෛත්‍රිය සහ ලෝකෝත්තර කරුණාව මෛත්‍රිය කියල දෙකක් තියෙනවා. පෘතක්ජනයෙක් ගේ කරුණාව නිසා ඔහු හිගන්නට කෑම එක දෙයි, ලෝකය , සැප සම්පත් පදනම් කරගෙන තියෙනවා. අරිය උතුමෙක් වඩන මෛත්‍රිය ලොකොත්තරයි නිවන කෙලවර කරගෙන පවතිනවා :yes:

    නියම කරුනාව මෛත්‍රිය පිනක් බලාගෙන කරන්නෙ නෑ. ඒක නියම දෙමවුපියෙක් ගාව තියෙන්නත් පුලුවන්. අනිවාර්යයෙන්ම ධර්මය වැටහුනු අය ලඟ නියම කරුණාව මෛත්‍රිය තියෙන්න ඕන..
    :yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    ඔතන රහතන් වහන්සේ කෙනෙක් හිටියනම් කාට දානෙ දෙයිද? එයාට කොහොමත් පිනක් හම්බෙන්නෙ නෑනෙ.

    එතන වෙන පින ආමිසයට වඩා ප්‍රතිපත්තියට බර පිනක්..

    බුදු හාමුදුරුවොම කියල තියනවනෙ සක්වල පුරා බුදු පසේබුදු මහරහතන් වහන්සේලට දෙන දානයට වඩා එක මොහොතක් මෛත්‍රී කරන එක මහා කුසලයක් කියල..
    ;)

    ඒත් මෙතනදී වෙන්නේ පෘතග්ජනයෙක් විසින් දෙන දානයක්. එතනදී ප්‍රතිග්‍රාහකයාගේ ගුණ බලපානවා. හැබැයි ප්‍රතිග්‍රාහකයාගේ ගුණ විතරක්ම බලපාන්නේ නෑ. ඒක එක සාධකයක් විතරයි. දානය දෙන කෙනා ඒ දානය දිහා බලලා එහි කුසල් සංස්කාරයන් විදර්ශනා නුවණට අනුව වැටහෙන්න තරම් මනස දියුණු නම් ඒ පින මෛත්‍රියටත් වඩා වැඩියි මම හිතන්නේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    බුදු හාමුදුරුවො දැන් නෑනෙ. කොහොමද බුදු හාමුදුරුවන්ට මල් පූජා කරන්නෙ?

    මේක අපදාන පාලියේ මහා බුද්ධ අපදානයේ විස්තරයක් . බුදුරජානන් වහන්සේ බෝධිසත්වයෙක් වෙලා හිටිය කාලෙක සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. එතුමා එදා වෙන කිසිම කෙනෙක් නොකරපු විදිහේ මනෝමය වශයෙන් පූජාවක් කළා.

    මේ දසදහසක් සක්වල තියෙන සියලුම රන්රිදී මුතුමැණික් කඳු සතරකට ගොඩගහලා, මේ ලෝකයේ සිටි සියලුම පිරිනිවන් පෑ බුදු, පසේ බුදුරජානන් වහන්සේලා මෙතැනට වැඩම කරලා උන්වහන්සේලාට රත්‍රන් පාත්‍ර වලට දානය දී මුතු මැණික් පූජා කරපු කතාවක් තියෙනවා. එතැන් පටන් ඒ බෝධිසත්වයාණන් වහන්සේට උපන් උපන් තැන නැත යන වචනයක් අහන්න ලැබුනේ නෑ කියනවා :yes:

    ඉතිං අපිට උන්වහන්සේ තරම් ම බැරිවෙයි , නමුත් බුදුරජානන් වහන්සේ කෙනෙකුට මනොමන වශයෙන් දෙන දානය පවා මහත්ඵලයි මහානිසංසයි :yes: