වැඩිම පින වෙන්නෙ කාටද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    :yes::yes:
    දායකයාගෙ ගුණ තමා වැඩියෙන්ම බලපාන්නෙ..

    ඔවු ඒක මම කිසි සැකයක් නැතිව පිළි ගන්නවා. ඒත් මෙතනදි දානය දෙන්නේ පෘතග්ජනයෙක්. අපිට කුසල් සංස්කාරකයන් හා ඒවායේ අනිත්‍ය තාවය ගැන ලොකු වැටහීමක් නෑ. ඒ නිසා ප්‍රතිග්‍රාහකයාගේ ගුණ මෙතනදි ඉස්මතු වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. අර හිඟන්නට දෙන දානය උතුම්...

    නැ වැරදියි..වඩා පිනක් ලැබෙන්නෙ අර ගුනවත් හාමුදුරුවන්ට ධානය ලබා දුන්නොත්..

    2. දෙන්නටම දෙන දානය සමාන ඵල විපාක එනව..

    නැ රහතන් වහන්සේට දුන්න ධානයේ පින වැඩි...
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒත් මෙතනදී වෙන්නේ පෘතග්ජනයෙක් විසින් දෙන දානයක්. එතනදී ප්‍රතිග්‍රාහකයාගේ ගුණ බලපානවා. හැබැයි ප්‍රතිග්‍රාහකයාගේ ගුණ විතරක්ම බලපාන්නේ නෑ. ඒක එක සාධකයක් විතරයි. දානය දෙන කෙනා ඒ දානය දිහා බලලා එහි කුසල් සංස්කාරයන් විදර්ශනා නුවණට අනුව වැටහෙන්න තරම් මනස දියුණු නම් ඒ පින මෛත්‍රියටත් වඩා වැඩියි මම හිතන්නේ.

    හරි.. මේක ඔච්චර complicate කරගන්න ඕනෙ නෑ. මගෙ මේ ට්‍රයි එක ඔය වචන වල තේරුම තෙරෙන බාසාවෙන් කියන එක තමයි.

    සංස්කාර = චේතනා චෛතසික = කර්මය = ක්‍රියාව.

    ඔය ඔක්කොම එකයි..
    ;)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    1. අර හිඟන්නට දෙන දානය උතුම්...

    නැ වැරදියි..වඩා පිනක් ලැබෙන්නෙ අර ගුනවත් හාමුදුරුවන්ට ධානය ලබා දුන්නොත්..

    බුදු රජාණන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට දෙන දානයද මහත්ඵල මහානිසංස? නැතිනම් සැරියුත් හාමුදුරුවන් විසින් බුදු රජාණන් වහන්සේට දෙන දානයද මහත්ඵල මහානිසංස?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු රජාණන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට දෙන දානයද මහත්ඵල මහානිසංස? නැතිනම් සැරියුත් හාමුදුරුවන් විසින් බුදු රජාණන් වහන්සේට දෙන දානයද මහත්ඵල මහානිසංස?

    සැරියුත් හාමුදුරුවන් විසින් බුදු රජාණන් වහන්සේට දෙන දානය මහත්ඵලයි මහානිසංසයි...
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    නිකම්ම ගුනවතුන්ගේ පැසසුමට භාජනය වන ක්‍රියාව මොකද්ද කියල හිතල බලන්න..
    බුදු හාමුදුරුවො ඇත්තටම හිටියනම් පැසසුමට ලක් කරන ක්‍රියාව මොකද්ද කියල හිතල බලන්න..:D

    එක්තරා අරිහතුන් වහන්සේ නමක් ගහක් යට වැඩ සිටින විට උන්වහන්සේගේ ගිහි කාලේ බිරිඳ ඇයගේ ළදරුවා සමග උන්වහන්සේ ලඟට ආවා. ඇවිල්ලා මේ දරුවා හැදුවා නම් බාරගන්න කියල උන්වහන්සේට බල කළා :rolleyes: , ඒත් උන්වහන්සේ ඇය දිහාවත් දරුවා දිහාවත් බැලුවේ නෑ.
    අන්තිමට අර තැනැත්තිය දරුවා එම අරිහතුන් වහන්සේ ගාව තියලා ඈතට ගිහින් හැංගිලා බලාගෙන හිටියා මොනවද වෙන්නේ කියල , ඒත් උන්වහන්සේ අර දරුවා දිහා බැලුවේවත් නෑ, අන්තිමට ඇය අරිහතුන්වහන්සේ ලඟට ඇවිල්ලා දොස් පවරමින් දරුවාත් රැගෙන යන්න ගියා. එතකොට බුදුරජාණන්වහන්සේ ඕක අහල "මාගේ පුත්‍රයා දරු ස්නේහය නිසාවත් සැලෙන්නේ නෑ කියල දේශනා කළා".

    දැන් අනාර්ය ගුණවතුන් අගයන එක මොකක්ද, බුදුරජාණන්වහන්සේ අගයන එක මොකක්ද :)
     
    මෙහෙම ඒවත් තියෙනව ඔය සමහර උදාහරන ගද්දි පොඩ්ඩක් පරිස්සමින්...මොකද ඔව ත්‍රිපිටකේ ඒව නෙමේ පසු කාලීනව එකතු උන සාහිතය නිර්මාන...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ පලවෙනි උත්තරේ වැරදියි මචෝ .

    හිගන්නට වඩා හාමුදුරුනමක් කොච්චර දුස්සීල වුනත් අර හිගන්නට වඩා දහස් වාරයක් සිල්වත් .සහ සීලයක් රකිනවා .අනික හාමුදුරු නමක් සහ සිවුරෙන් සංකේතවත් වෙන්නේ බුදුන්වහන්සේ සහ උන්වහන්සේ සාරසංක කල්ප ලක්ෂයක් පිරුවා දස පාරමිතා .

    ඉතින් මේ නිසා කොච්චර බඩගින්නේ හිටියත් හිගන්නට වඩා හාමුදුරු නමකට දැන් දීම බලවත් කුසලයක් .:cool:

    මේ හේතුන් නිසාම තමා කොපමණ දුස්සීල භික්ෂුවකට වුනත් අපහාස උපහාස කරන්න එපා කියනේ .එකෙන් වෙන්නේ අප ඉල්ලන් පව් පුරවා ගැනීමක් .
    දුස්සීල භික්ෂුව කරන දේ ඔහු ට වෙනම පලදෙවී .

    දුස්සීල භික්ෂුන්ට ගිහියන් වන අපිට දියහැකි උපරිම දඩුවම බ්‍රහ්ම දන්ඩනය කියල තමයි බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ .

    බ්‍රහ්ම දන්දනේ කියන්නේ දාන මාන නොදීම සහ එම භික්සුවගෙන් ඈත්වීම
    යි
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    සැරියුත් හාමුදුරුවන් විසින් බුදු රජාණන් වහන්සේට දෙන දානය මහත්ඵලයි මහානිසංසයි...

    නෑ. මෙතනදි බුදු රජාණන් වහන්සේ විසින් දෙන දානය වඩාත් මහත්ඵලයි. ප්‍රතිග්‍රාහකයාගේ ගුණ එක සාධකයක් විතරයි. බුදු රජාණන් වහන්සේට මේ කුසල් සංස්කාරයන් සැරියුත් හාමුදුරුවන්ට වැඩිය ගොඩාාාක් ගැඹුරුවට වැටහෙනවා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    MR Bold?

    බුදු රජාණන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට දෙන දානයද මහත්ඵල මහානිසංස? නැතිනම් සැරියුත් හාමුදුරුවන් විසින් බුදු රජාණන් වහන්සේට දෙන දානයද මහත්ඵල මහානිසංස?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නෑ. මෙතනදි බුදු රජාණන් වහන්සේ විසින් දෙන දානය වඩාත් මහත්ඵලයි. ප්‍රතිග්‍රාහකයාගේ ගුණ එක සාධකයක් විතරයි. බුදු රජාණන් වහන්සේට මේ කුසල් සංස්කාරයන් සැරියුත් හාමුදුරුවන්ට වැඩිය ගොඩාාාක් ගැඹුරුවට වැටහෙනවා.

    Exactly! :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ. මෙතනදි බුදු රජාණන් වහන්සේ විසින් දෙන දානය වඩාත් මහත්ඵලයි. ප්‍රතිග්‍රාහකයාගේ ගුණ එක සාධකයක් විතරයි. බුදු රජාණන් වහන්සේට මේ කුසල් සංස්කාරයන් සැරියුත් හාමුදුරුවන්ට වැඩිය ගොඩාාාක් ගැඹුරුවට වැටහෙනවා.

    ඔව් එහෙම තර්ක කරන්ඩත් පුලුවන්...ඒකෙත් වරදක් නැ...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    වේලාම සූත්‍රය

    ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි ද, යමෙක් දිට්ඨිසම්පන්නයන් සියයක් වළඳවා ද, යමෙකුත් එක් සකෘදාගාමි පුඟුලකු වළඳවා නම් මෙය එයට මහත්ඵලතර යි.

    ගැහැවිය, වෙලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් සකෘදාගාමින් සියයක් වළඳවා නම් ... යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම් … යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම් … එක් රහතකු වළඳවා නම් … යමෙකුත් සියක් රහතුන් වළඳවා නම් … යමෙකුත් එක් පසේ බුදු කෙනකුන් වළඳවා නම් … යමෙකුත් සියක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම් … යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම් … යමෙකුත් බුදුපාමොක් බික්සඟන වළඳවා නම් … යමෙකුත් සිවුදිගින් වඩනා සඟුන් උදෙසා, වෙහෙරක් කරවා නම් … යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම් ... යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය, අයිනාදනින් දුරු වීම ය, කාමයන්හි මිසහසරින් දුරුවීම ය, මුසවායෙන් දුරුවීම ය, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීම ය යන සිකපද සමාදන් වේ නම් … යමෙකුත් යටත්පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලක් මෙත්සිත වඩා නම් මෙය එයට මහත්ඵලතර යි.

    ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.

    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මරුසිරා;22535996 said:
    උබේ පලවෙනි උත්තරේ වැරදියි මචෝ .

    හිගන්නට වඩා හාමුදුරුනමක් කොච්චර දුස්සීල වුනත් අර හිගන්නට වඩා දහස් වාරයක් සිල්වත් .සහ සීලයක් රකිනවා .අනික හාමුදුරු නමක් සහ සිවුරෙන් සංකේතවත් වෙන්නේ බුදුන්වහන්සේ සහ උන්වහන්සේ සාරසංක කල්ප ලක්ෂයක් පිරුවා දස පාරමිතා .

    ඉතින් මේ නිසා කොච්චර බඩගින්නේ හිටියත් හිගන්නට වඩා හාමුදුරු නමකට දැන් දීම බලවත් කුසලයක් .:cool:

    මේ හේතුන් නිසාම තමා කොපමණ දුස්සීල භික්ෂුවකට වුනත් අපහාස උපහාස කරන්න එපා කියනේ .එකෙන් වෙන්නේ අප ඉල්ලන් පව් පුරවා ගැනීමක් .
    දුස්සීල භික්ෂුව කරන දේ ඔහු ට වෙනම පලදෙවී .

    දුස්සීල භික්ෂුන්ට ගිහියන් වන අපිට දියහැකි උපරිම දඩුවම බ්‍රහ්ම දන්ඩනය කියල තමයි බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ .

    බ්‍රහ්ම දන්දනේ කියන්නේ දාන මාන නොදීම සහ එම භික්සුවගෙන් ඈත්වීම
    යි

    උඹ කියන එක හරි දානෙ දෙන කෙනා පින් බලාපොරොත්තුවෙන් දෙන්නටම වෙන වෙනම් දානෙ දුන්නොත්..

    එත්කොට එයා කරුණාව, මෛත්‍රියකින් තොරව පින බලාපොරොත්තුවකින් විතරනෙ දානෙ දෙන්නෙ.. එතකොට අනිවාර්යයෙන්ම ගුණවතාට දෙන දානය උතුම්.. ඒත් මෙතන තත්වය වෙනස්..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පලවෙනි එකේදි හිඟන්නට දෙන දානයට වඩා හාමුදුරුවන්ට දෙන දානය ගොඩක්ම උතුම්.හිඟන්න ඒ තත්වයට පත්වෙලා ඉන්නෙ ඔහු විසින්ම කරගත් පාප කර්මයක් නිසා.ඔහු එය ගෙවිය යුතුමයි."බොරු කරන" ගතිය නිසා ඔහු තවදුරටත් අකුසල කර්මම සකස් කරගන්න කෙනෙක්.කුසලයක් කරගන්න අවශ්‍ය කෙනෙක් කෑම පාර්සලය දිය යුත්තේ හාමුදුරුවන්ට.ඒකෙන් ඔහුට විශාල පිනක් වෙනව.( ඒ ලැබෙන පින ඔහු විසින් සියලු සත්වයින්ට අනුමෝදන් කරන්න ඕනෙ.එහෙම නොකළොත් ඔහුට ඒ පින කුසලයක් බවට හරවගන්න බෑ.පින උපාදානය කරගත්තත් ඒකත් අකුසලයක් වෙනව.)

    අරහතුන් වහන්සේ සමහරවිට හිඟන්නට කෑම එක දෙයි.සමහරවිට දෙන්නගෙන් එක්කෙනෙකුටවත් දෙන්නෙ නැතිවෙයි.උන්වහන්සේ කරගත යුතු දේ කරගෙන තියන කෙනෙක් නිසා කාට කෑම එක දුන්නත් නැතත් ඒකෙන් උන්වහන්සේට ලැබෙන දේකුත් නෑ.නැතිවෙන්න දේකුත් නෑ.

    දෙවෙනි එකේදි ඇත්ත හිඟන්නට දෙන එක පින වැඩි වෙයි,මොකද මහා බ්‍රහ්මයාට සල්ලි වලින් වැඩක් නැති නිසා.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පින් පව් නම් මම විශ්වාස කරන්නේ නැත. හොද සහ නරක විශ්වාස කරමි. පින් බලාපොරොත්තුවෙන් හොද දෙයක් කරනවා කියන්නෙත් එකතරා විදියක තන්හාවක්නේ බන්. මට නම් හිතෙන්නේ ඒකයි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පින් පව් නම් මම විශ්වාස කරන්නේ නැත. හොද සහ නරක විශ්වාස කරමි. පින් බලාපොරොත්තුවෙන් හොද දෙයක් කරනවා කියන්නෙත් එකතරා විදියක තන්හාවක්නේ බන්. මට නම් හිතෙන්නේ ඒකයි

    හොද නරක කියන දෙක පිටුපස පිං පව් කියන දෙයත් තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,469
    113
    වාස්තවික යථාර්තයෙන් තොර බුදු දහමට අනුව නං (නලීන්ද සිල්වා ඉදිරිපත් කරන) කුසලය තීරණය වෙන්නෙ තමන්ගෙ දැනීම මත. හිඟන්න බොරු කරනවද ඇත්ත කරනවද අදාල නෑ. ඇත්ත බොරුව වාස්තවිකව ගන්න බෑ. තමා හිඟන්නව දකින විදිහ අනුවයි තීරණය වෙන්නෙ. :oo:

    උඹෙ කතාව හරි
    ඒ වුණාට සිල්වත් උත්තමයෙක්ට දෙන දානය උතුම් නේද..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹෙ කතාව හරි
    ඒ වුණාට සිල්වත් උත්තමයෙක්ට දෙන දානය උතුම් නේද..

    සිල්වත් උත්තමය වුනාට සිල්වත් බව වාස්තවික සත්‍යයක් නෙමේ :no: දානය දෙන කෙනා පනවගන්න ලෝකය තුල එයා සිල්වත් නොවෙන්න පුලුවන්.
    වෙන විදිහකිං කියනවනං සිල්වත් වුනත් දානෙ දෙන කෙනා ඒ බව දන්නෙ නැත්තං, ඌ දානෙ ලබන කෙනා ගැන දන්නෙ (වැරදියට වුනත්) දුසිල්වත් කෙනෙක් විදිහට නං ඒ දානය උතුම් නෑ :no:
    දානෙ ලබන කෙනා දුසිල්වත් වුනත් දානෙ දෙන කෙනා හිතං ඉන්නෙ මෙයා සෑහෙන්න සිල්වත් කෙනෙක් කියල නං සිල්වත් කෙනෙක්ට දුන්න දානයක් හා සමාන වෙන්න ඕනෙ :yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    1.එක එකා උන්ට හිතෙන විදියට හදාගත්ත දහමට අනුව නම එක එක උත්තර තියෙයි.. ඒත් බුදු දහමට අනුව ගුණවත් සිලවත් හාමුදුරුවන්ට දෙන දානයේ පින වැඩියි.. :cool:

    2.දෙවනය ප්‍රශ්නය කිසිම දිනක මුන නොගැසෙන බැවින් උබට කැමති ඕනෙම දෙයක් හිතාගනින්.. :) ඕකට බොරුවට උත්තර හෙව්වට වැඩක් නෑ. ඒ නිසා මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. :lol:

    :yes::yes::yes::yes: