මරණ බය කියන එක මට අනන්තවත් අත්විදින්න වෙලා තියනව පොඩි කාලෙ ඉදලම මට තියන අමාරුවක් තමා අලි බලන්න අවුරුද්දට දෙතුන් පාරක්වත් කැලේ යන එක අම්මෝ අලි ගහන්න ආපුව, ගහපුව වටකරපුවය අනන්තවත් තියනව අයියනායක දෙවිහාමුදුරුවන්ට, කලුබණ්ඩාර උන්වහන්සේට ජීවිතය බාරකරල වෙන දෙයක් වෙච්චාවදෙන් කියල බලන් හිටපු අවස්තා එමටයි.. කැලේ සිද්දි ටික ටික දාන්නම්..
හදපාන් ගල කියනෙ වැඩිය කට්ටිය දන්නෙ නැති අලින්ව හොදටම නිරික්ශනය කරන්න පුලුවන් තැනැක්.. නොදන්න කෙනෙක් එක්කනම් මේ කැලේ රිංගන්න හිතන්න එපා... ලොකු අවධානමක් තියන්ව මොකද යාල, උඩවලව වගේ වනෝද්‍යානවල ඉන්න අලි මිනිස්සු දැකල දැකලම මිනිස්සුන්ට පුරුදුයි ටිකක් හීලැයි ඒත් හදපාන්ගල විල්පත්තු මින්නේරිය වගේ රක්ශිතවල තත්වය මීට වෙනවස් අලි එන්නෙ ගේමටමයි
හදපාන්ගල තියනව ගල් පොත්තක් මේ හරියෙම තියන පොඩි දියකඩිත්තක් හවස 3ට 4ට වගේ මෙතෙනට ගියොත් අලි විතරක් නෙමේ වතුර බොන්න එන්න ගොඩක් සත්තු බලන්න පුලුවන්.. ඉතින් ඔන්න අපි අටදෙනෙක් විතර හවස් වෙද්දි මේ ගල උඩට නැගල ඉන්නව අලි බලන්න... ඉන්නව ඉන්නව අලි නෑ හවස 5ට වගේ අපි තීර්නය කලා දැන් යමු තවත් ඉන්න බෑ කියල මොකද රෑවෙනව කියන්නෙ තව අවදානමක් ගන්නව කියන එක... කොහොම හරි අපේ එකෙක්ට වැඩෙඋට අවුල්
මොන මගුලක්ද යකෝ අපි ආවොත් alith නෑ .. ආයෙ එන්නෙ නෑ කිය කිය ඌ ගල බහින්න පටන් ගත්ත... අපි ඌට කියුව කටවරද්ද ගන්න එපා අපි ආයෙ හෙට එමු කියලත් කොහෙද මූ බැන බැනම ගල බහිනව
හ්ෆ්ෆ ගල බැහැල අපිට ජීප් එක ලගට යන්න හම්බ උනේ නෑ අලි එකා දෙන්න කැලෙන් මතුවෙන්න ගත්ත... කරන්න කිසිම දෙයක් නෑ ආයෙ ගල නගිනව ඇරෙන්නෙ මොකද අලි එලි බැස්ස කියන්නෙ මගත් අනිවාර්යයෙන්ම අලි ඉන්නව කියන එක එහෙම හිතල ආපහු හැරෙද්දි මෙන්න පිටිපස්සෙන් ඒ කියන්නෙ අපි හිටපු ගල වටෙන් අලි 20 25 විතර රංචුවක්... බය හිතෙන්ම දේ එතෙන පැටැවු දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හිටිය... දැන් අපි මැද්දෙ ඉස්සරහිනුත් අලි පිටිපස්සෙනුත් අලි
රංචුව ඔක්කොම 40ක් වගේ තව තව වැඩිවෙන්ව දැන් අපිට ආපහු ගල නගින්න විදිහක් නෑ.... කරන්න තිබ්බ එකම ඩ්ජේ ජීප් එකට නගින එක... ජීප් එකට නැග්ග දැන් අලි ජීප් එක වටකරගෙන අලි 50ක් විතර ෆෝන් වල සිග්නල් නෑ චූ යන්නෙ නැති ටික විතරයි..ඒ අස්සෙන් සමහර අලි ජීප් එකේ ගෑවීගෙන එහෙමෙයනව මුන්ට මල පැන්නොත් ජීප් එක පෙරල දාල අපිවත් චප්ප කරන එක ගේමක් නෑ... කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල 119 කෝල් කරල අපිට උන දේ කියුව ඒ ගොල්ලො වනජීවි එකට කතාකරල පුලුවන් දෙයක් කරනම් කිව්ව
පොලිස්සියෙන් ආවත් අපි හිටිය තැනට එන්න අඩුම පැය දෙකක්වත් යන්නව... මේ ඔක්කොම ගැන හිතද්දි අපිටම තේරුනා අපේ ජීවිත පිලිබදව ආසාව අත හැරගන්න කාලෙ හරි කියල ඇත්තට ඇඩුන ගෙදර ඈයෙ මතක් වෙල... වෙන කරන්න කිසිම දෙයක් නැතිවෙලාව මම කියුව අපිපොඩ්ඩක් බලල ඉස්සරහින් පාර පොඩ්ඩක් ක්ලියර් උනිත් ස්ටාට්කරන් හෝන් ගහගෙන යමු කියල.. ඇත්තට ඒක ලොකු අවදානමක් මොක්ද අලි අනිවාර්යයෙන්ම කලබල වෙලා පහරදෙන්ව මේවෙද්දි අපි පැය දෙකකට වඩා අලින්ට කොටුවෙලා
අපි කොහොමත් අලිගෙන් පාර කාල මැරෙනව මේවෙද්දි අපිට නැතිවෙන්න දෙයක් නැති ගානට වැටිල තිබ්බෙ පස්සෙ අපි තීරනය කලා කොහොමත් මුන් අපිට තවටිකකින් ගහනව ඒ ගැහුවත් අපි මැරෙනව, එහෙම් එකෙ පොඩි චාන්ස් එකක් ගරන් බලමු ගොඩ ගියොත් ගොඩ නැත්නම් වල කියල...
ඒත් එක්කම කට්ටියම කියුව මට ඩ්‍රයිව් කරන්න කියල.. හිතේ ලොකු බයක් තිගැස්මක් එක්ක මම ඩ්‍රයිවින් සීට් එකට මාරුවුනා... මරුවෙලා බුදුගුන සිහිකරල අපේ ජීවිත අයියනායක දෙවිහාමුදුරුවන්ටට්යි, කලු බණ්ඩාර උන්වහන්සේටයි බාරකරල අවස්තාවක් එනකම් හිටිය.. ඊට විනාඩි 15ට වගේ පස්සෙ ඉස්සරහ පාර පොඩ්ඩක් ක්ලියර් උනා අලි දෙතුන් දෙනෙක් විතරි පාර ක්රොස්කරන් හිටියෙ ඉස්සර හිටපු එකා මට අතින් ඇන්නෙ දැන්තමා වෙලාව කියන්න වගේ..
ඊලග තප්පරයේදි එකපාරට ස්ටාර්ට් කරල වහේ තියන ල්යිට් ටික ඔක්කොම දැම්ම කැලේ යද්දි විශේස ලියිට් පාවිච්චි කරන්ව එක පාරටම දවල් උනාවගේ පැත්තම එලිය වුනා අලි ටික පොඩ්ඩක් හොල්මන්.. අනිත් තප්පරයෙදි හොන් එක මහ හයියෙන් ගහගෙනම පිලුවන්ට්තරම් හයියෙන් ඉස්සරහට ගත්ත වාහනේ අපේ වාසනාවට අලිටික එහෙට මෙහෙට වෙලා අපිට පාර පෑදුනා ඒත් පිටි පස්සෙන් එකෙක්න් පන්නනව පුලුවන් තරම් ස්පීඩ් කරල එතනින් පැන ගත්ත අපි නැවතුනේ මහ පාර හම්බ උනාම පලවෙනි පාර හදපාන්ගල ගිය මම කිසිම කරදරයක් නැතිව මහ පාරට ආපු එකනම් හාස්කමක්
ඊටපස්සෙ ආයෙ අලි බලන්නෙ නෑ කියල තීරන්ය කරපු අපි ඊලග මාසෙත් සුපුරුදු විදිහට විල්පත්තු ගියා
අඩේ මම මීට පස්සේ චූ කරන්න යනවට කියන්නේ " හාවෙක් අල්ලන්න යනවා කියල නෙමේ" අලි බලන්න යනවා කියල









boruda aththada me tho kiyanne 


වයසක කාව හරි එක්කන් ගියා නම් පපුව අල්ලගෙන මැරිලා බයටම!

