මොනවද ශරීරයට ගුණ ෆ්‍රෙන්ස්
?
රා:
මම දන්න විදියට නම් මේවා තමයි ඉස්සර මිනිස්සු බීල තියෙන්නෙ. තව පලතුරු පල් කරලත් හදල තියෙනව කියලයි කියන්නේ. සකස් නොකරන ලද ස්වභාවික ඇල්කොහොල් අඩංගු වෙන්නෙ (බත් වලත් තියෙන්නෙත් ස්වභාවික ඇල්කොහොල් ). ශරීරයට ගොඩක් ගුණ දායකයි කියලයි කියන්නෙ. හැබැයි ලංකාවෙ තහනම්. අහුඋනොත් හිරේ. අපේ ගමේ රා මදින මනුස්සයෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට පොලිසියෙන් පැනල එක්කන් යනව.
කසිප්පු :
මේව හදද්දී එතනෝල් වලට අමතරව මෙතනෝල් ගොඩක් හැදෙනව. ඒවා අයින් කරන්න තරම් තාක්ෂණයක් මේව හදන අයට නැහැ. ඉතින් මෙතනෝල් විස වෙලා ගොඩක් මිනිස්සුන්ට හානි වෙනව. මෙතනෝල් විතරක් නෙමෙයි තව විෂ රසායන ද්‍රව්‍ය ගොඩක් කසිප්පු හදද්දී පාවිච්චි කරන ක්‍රම වේද නිසා ශරීරයට එකතු වෙනව. සමහර වෙලාවට මෙතනෝල් ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා බීපු ඔක්කොම මිනිස්සු ඉස්පිරිතාලේ නවත්වන්න වෙනව. ගොඩක් අය අකාලෙ මැරෙනව. මේවා බොන අය ඒකෙ හැදෙන එතනෝල් වලින් ලැබෙන වින්දනය ගැන හිතලයි බොන්නෙ. පොලිසියෙන් අල්ලනව.
අරක්කු :
මිනිස්සු අතීතයේ ඉදන් පාවිච්චි කරපු ස්වභාවික රා වලින් ඇල්කොහොල් විතරක් වෙන්කරගෙන කෘතීම ක්‍රම වේදයකට හදන්නෙ. නීතියෙන් අවසර තියෙන නිසා මේව තමයි මිනිස්සු බොන්නෙ. දන්න තරමින් මේව බොන ගොඩක් අයට මොකක් හරි ලෙඩක් හැදිල ජිවිත කාලෙම බෙහෙත් බොන්න වෙනව. ඒත් ඒ මිනිස්සුන්ට මේක බොන එක නතර කරගන්න බැහැ. ඇබ්බැහි වුනොත් මැරෙනකම්ම බොන්න වෙනව. අපේ පැත්තෙ ගොඩක් දෙනෙකුට අරක්කු බාගයක් නොබිවුවොත් රෑ ගත කරගන්න බැහැ. වයසක අය පවා මැරීගෙන දවසෙම වැඩ කරල අරක්කු වලට දෙන්න තියෙන ගාන කොහොම හරි හොයාගෙන ගිහින් බාර් එකේ කවුන්ටරේට බාර දෙනවා. එහෙම බැලුවම මේක රටක ආණ්ඩුවකට සල්ලි එකතු කරන්න ගහපු උගුලක්. පොලීසියෙන් සම්පුර්ණ අවසරය තියෙනව. අරක්කු බිල පොලිසියට යන්න වුනත් පුළුවන්
.