විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    තංගල්ල කියන්නේ ජනතා විමුක්ති පෙරමූණේ ප්‍රබලම හයිය තිබුන තැන ..කොඳු නාරටිය කීවොත් වඩා නිවැරදියි..

    ඔබ කියන්නේ විජේවීර සහෝදරයාට හිටිය බාල නංගී චිත්‍රානී ගැන වෙන්න ඕනෙ..

    විජේවීර සහෝදරයාගේ මල්ලී ආනන්දට මොකද වුනේ කියල තොරතුරක් හෙම දන්නවද??

    ඔබට බොහොමත්ම ස්තුතියි මේ සත්‍ය තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට......
    ou eya thamai.....lagadi nam ape galappaththi sahodaraya a sahodarita mudal adarayak karala thianawa.na sahodaraya ohugana kisima aranchiyak na habai ohu hodin jeewathwenawa kialanam dannawa.....wijeweera paulata una karadara wala hatiyata oun mehema jeewath wenawa kiana ekak apita sathutata karanayak....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ou eya thamai.....lagadi nam ape galappaththi sahodaraya a sahodarita mudal adarayak karala thianawa.na sahodaraya ohugana kisima aranchiyak na habai ohu hodin jeewathwenawa kialanam dannawa.....wijeweera paulata una karadara wala hatiyata oun mehema jeewath wenawa kiana ekak apita sathutata karanayak....


    bohoma hondai obawa dana anduna ganna labeema gana.

    mama danna visthara thawa liyannam ..api mema lipi thulin hamuwemu...nawathath mage sahodara acharaya obata
     
    • Like
    Reactions: ¤--bACarDi--¤

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෝහන විජේවීර...

    යුගයක් වෙනස් කල ඉතාම වට්නා පුද්ගලයෙක්.... නමුත් පටු දේශපාලන අරමුණු මත ඉතාම නින්දිත විදිහට ඔහුව ඝාතනය කරා....

    ස්තුතියි සහෝදරයා ඔහු ගැන අපේ නව පරම්පරාව දැනුවත් කරන එක ගැන..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    read them all really interesting, Now its sad to see a party that started by a person like this :no: lame..
    great article bro keep this going :)

    thx a lot malliya...

    Machan niyama wadak. digatama karagena yanna. obata jaya.....

    බොහොම ස්තුතියි ඔබට....

    රෝහන විජේවීර...

    යුගයක් වෙනස් කල ඉතාම වට්නා පුද්ගලයෙක්.... නමුත් පටු දේශපාලන අරමුණු මත ඉතාම නින්දිත විදිහට ඔහුව ඝාතනය කරා....

    ස්තුතියි සහෝදරයා ඔහු ගැන අපේ නව පරම්පරාව දැනුවත් කරන එක ගැන..

    බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන....

    Ron Ayyata Bohomathma pin
    Digatama liyanna


    ගොඩක් ස්තුතියි මල්ලියා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    [FONT=&quot]වෛද්‍ය උපදෙස් ගන්න කාමරයට ගිය විජේවීර සහෝදරයා සමඟ දොස්තර පෙච් බොහෝ දේ කතා කර තිබුණා..[/FONT]

    [FONT=&quot]ලෝක දේශපාලනය ගැන…වෛද්‍ය විද්‍යාව ගැන….බන්ධනාගාර ජීවිතය ගැන… තවත් බොහෝ අත්දැකීම් ගොඩාක් ගැන..[/FONT]

    [FONT=&quot]අවසානයේ දොස්තර පෙච් විජේවීර සහෝදරයාගේ දැනුම් සම්භාරයට ආකර්ශනය වෙලා බොහෝ වෙලා කිසිවක් කර කියා ගත නොහී ඔහුව තදින් වැලඳගෙන තියෙනවා….[/FONT]

    [FONT=&quot]කොටින්ම කිව්වොත් විජේවීර සහෝදරයාට ගරු කිරීමක් වශයෙන් ලෝක ප්‍රකට දොස්තර පෙච් ඒ වෙලාවෙම ඔහු පැලැඳ සිටිය ටයි පටිය ගලවා දමා රතු ටයි පටියක් පැලඳ ගත්තා...[/FONT]

    [FONT=&quot]තවත් අටුවා ටීකා සාක්කි කුමකටද විජේවීර සහෝදරයාගේ චතුර කතාව හා විශ්ව දේශපාලන දැනුම ගැන..[/FONT]

    [FONT=&quot]මට මේ වෙලාවේ මතක් වෙනවා විජේවීර සහෝදරයා ඒ දවස්වල අමතන රැස්වීම්වලට ගලන ජන ගංඟාව…[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රෑ ඉඳන් ඈත ගම් දනව්වලින් ආපු තරුණ තරුණීයෝ කොලඹ හයිඩ් පාක් පිටියේ වාඩිලාගෙන රැය පහන් කරමින් පහුවෙනිදාත් සවස් වෙනතුරු බඩට නොකා වතුර බිබී බලා සිටියේ විජේවීර සහෝදරයා රැස්වීම අමතන මොහොත වෙනකන් නොඉවසිල්ලෙන්.. එයිනුත් බහුතරයක් විශ්ව විද්‍යාලවල සිසූ සිසූවියන්…[/FONT]

    [FONT=&quot]ලොකු කුඩා තරුණ මහලු හැම ජන කොටසක්ම ඔහුගේ කතා අසන්න දැක්වුවේ පුදුම කැමැත්තක්..[/FONT]

    [FONT=&quot]කතාව මැදදී කතාව අසා සිටිනා බහුතරයකගේ ඉරියව්, චරියාවන් හා ගති සොබාවන් වෙනස්වන්නේ හරිම පුදුම විදිහට..කොටින්ම කිව්වොත් ඇඟේ මයිල් කෙලින් වෙනවා කියලා ජන වහරේ කියන්නේ..අන්න ඒ වගේ…[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ වෙලාවේ තුවක්කුවට පපුව දෙන ගානට එතැන ඉන්න හැමෝම එක හඬින් විප්ලවීය ජයඝෝෂා නගනවා…….[/FONT]

    [FONT=&quot]තවමත් මගේ දෙසවනේ ඒ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයාගේ කතා දෝංකාර දෙනවා…[/FONT]

    [FONT=&quot]විජේවීර සහෝදරයා කතා කරලා ඉවරවුනාම ඔහුට වේදිකාවෙන් යන්න ලැබෙන්නේ නෑ.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] විනාඩි කීපයක් රැස්ව සිටින ජන ගංඟාවගේ අත්පොලසන් හඬ පිලිගනිමින් ඔහු විප්ලවීය ආචාරය දක්වනවා..ඔහු සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර එක දිගට කතා කරනවා..අවසානයේ ඔහුට හරි වෙහෙසයි.. [/FONT]

    [FONT=&quot]වේදිකාවේ ඔහු අසලට සේන්දු වෙන ජනතාව ඔවුන් අත තිබෙන ඔරලෝසු,,රත්තරන් මාල, මුදු ගලවා පක්ෂයේ අරමුදලට පරිත්‍යාග කරන්න මේ වෙලාවෙදි පොර කනවා…[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අපිට ඈතට පෙනෙන්නේ එකම හිස් ගොඩක් විතරයි......[/FONT]

    [FONT=&quot]දැන් අපි නැවත යමු දොස්තර පෙච්ගේ සායනයට… [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දොස්තර පෙච් විජේවීරව සෝදිසි කරල බලලා සුබ ආරංචියක් අපිට කියනවා..විජේවීරට හදවත් සැත්කමක් අවශ්‍ය නැති බව තහවුරු කරමින් ඔහුට පාවිච්චි කල යුතු බෙහෙත් ලියාදෙනවා.....[/FONT]

    [FONT=&quot]දොස්තර පෙච් විජේවීර ගැන කෙතරම් පැහැදුනාදැයි කීවොත් ඔහු රෝගීන් සායනය සඳහා අය කරන විශාල ගාස්තුවෙන් ශතයක්වත් විජේවීර සහෝදරයාගෙන් අය කරන්නේ නැහැ..[/FONT]

    [FONT=&quot]ඒ වෙනුවට ඔහු පෝලිමේ ඔහුගේ සේවය අපේක්ෂාවෙන් බලා සිටිනා තම රෝගීන් මොහොතකට අමතක කොට විජේවීර සහෝදරයා සමඟ කේම්ඛ්‍රිජ් රෝහල ඉදිරිපස නවතා තිබුණ අපේ කාරය වෙත පැමිණ කාරයේ දොර ඔහු විසින්ම ඇරලා විජේවීර සහෝදරයාට වාඩිවෙන්න අතින් සංඥා කරනවා..[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඊට පස්සේ විජේවීර සහෝදරයාගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඉතා උණුසුම් සමු දීමක් දීලා රථයේ දොර වහනවා..රථය ඈතට යනකන් අත වනමින් ඔහු අපි දිහා බලා ඉන්නවා..[/FONT]

    [FONT=&quot]මගේ නෙත් මටම අදහා ගන්න බැහැ…මේ මහා ඛ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ හදවත් දොස්තර පෙච්ද කියල හිතාගන්න බැරිව මට ඉබේම විජේවීර සහෝදරයාගේ මුහුණ දිහා බැලුනා.. [/FONT]

    [FONT=&quot]මුලු යුරෝපා සංචාරය පුරාම විජේවීර සහෝදරයා පාවිච්චි කලේ අඩියක් විතර පළල පුංචි ගමන් මල්ලක්..[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එංගලන්තයට එන විටත් ඔහු එය කරේ එල්ලාගෙන ආවා..එහි එක් කමිසයක් හා අතවශ්‍ය ඇඳුම් කීපයක් පමණයි තිබුනේ..කලිසම ඔහු එනකොට ඇඳගෙන ආපු එක විතරයි..[/FONT]

    [FONT=&quot]දොස්තර පෙච්ව හමුවෙන්න යන දවසේ අපි ඔහුට අලුත් කමිසයක් දුන්නේ බලෙන්ම වගේ..ඒක කාකි පාට කමිසයක්.. එහි කොලරය ගලවා සකස් කර දෙන ලෙස විජේවීර සහෝදරයා අපෙන් ඉල්ලා සිටියා.. අපි වහාම එය සකස් කර දුන්නා....[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මුලු සංචාරය පුරාම ඔහු අපෙන් ඉල්ලුවේ එපමණයි…[/FONT]

    තවත් විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න...........
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    1989 නොවැම්බර් 13 වන දින ඒ සොඳුරු මිනිසා මරා දැමීමට පැය කීපයකට පෙර රූපවාහිනී තිරයේ දිස්වූ ඔහුගේ උපේක්‍ෂා සහගත මුහුණ, බියක සේයාවක් නොදුටු එහෙත් දුක්බර සන්සුන් දෑස් අප මතකයෙන් කිසිදා ඈත් නොවේ.

    එදා ඔහු ජාතිය ඇමතූ පැයකට වඩා දිගු කථාවකින් රූපවාහිනියෙන් ප‍්‍රචාරය වූයේ රාජ්‍ය බලධාරීන් තම වාසියට යොදා ගත හැකි වේ යයි විශ්වාස කල විනාඩි 2ක පමණ කාලයක කුඩා කොටසක් පමණි.

    ඔහු අමානුෂික ලෙස ඝාතනය කිරීමට මොහොතකට පෙර තම සගයින්ගෙන් සහ සමස්ථ ජාතියෙන් ඉල්ලා සිටියේ නැවත අළුතින් සිතන ලෙසය. සියල්ල අළුතින් ආරම්භ කරන ලෙසය. එම වචන වල ගැඹුර එදා ඒ කිසිවකු නිවැරදිව කියවා ගත්තාද ? ඉතා කණගාටුදායක පිළිතුර නැත යන්නයි.

    තමා උපන් භූමියට සාධාරණය ඉටු කරන්නට, තම සහෝදර රට වැසියාට ශිෂ්ඨ සම්පන්නව නිදහසේ ජීවත් වන්නට හැකි සමාජයක් නිර්මාණය කරන්නට ස්වෙච්ජාවෙන් ජීවිතය දන් දීමේ සංස්කෘතියක් නිර්මාණය කළ මේ අපූරු මිනිසාට කිසිදිනෙක ඉතිහාසය විසින් සාධාරණය ඉටු කලේ නැත. ඔහුගේ අපරිමිත හැකියාවෙන් සහ අසීමිත කැපවීමෙන් ජාතියට නිසි ප‍්‍රයෝජනය ගැනීමට නොහැකි වීම ශ‍්‍රී ලාංකීය ශිෂ්ඨාචාරය මුහුණ දුන් ඛේදවාචකයන් අතුරින් ප‍්‍රමුඛතම ඛේදවාචකයක් බවට විවාදයක් නැත.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ තම පක්‍ෂයට තමා සතු වූ විශිෂ්ඨ නායකත්ව පෞරුෂයෙන් උපරිම දායකත්වය ලබා දීමට ඔහුට ඉඩකඩ ලැබුනේ ඉතා අල්ප වශයෙනි. ඔහුට ජීවිතයේ වැඩි කලක් තම දේශපාලන භූමිකාව ඉටු කිරීමට සිදු වූයේ අඳුරු තහනම් දේශපාලන ප‍්‍රවාහයක් තුළය. 1988-1989 වකවානුවේ තහනම් දේශපාලනය අතික‍්‍රමණය කරමින් තම පක්‍ෂයටත් ජාතියටත් සාධාරණය ඉටු කිරීම සඳහා ඔහු ඉතා නිර්මාණශීලී දියුණු දේශපාලන උපායමාර්ගික සහ උපක‍්‍රමික තේරීම් සිදු කල බව රහසක් නොවේ.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී හඬට කන් නොදෙන දේශපාලකයින් වෙඩි හඬට කන්දීමට පෙළඹවීම සඳහා රට යොමු කිරීම හැර ඉතිහාසය විසින් ඔහුට අන් විකල්පයක් ඉතිරි කර තිබුනේ නැත.

    ලෝකයේ පහළ වූ විශිෂ්ඨතම උපායමාර්ගික විශේෂඥයින් අතර කිසිදු විවාදයකින් තොරව ඔහුගේ නම ඉහලින්ම ලැයිස්තු ගත කල හැකි වන්නේ ඔහු ශ‍්‍රී ලාංකේය දේශපාලන රඟමඬල තුල ඉටු කල සුවිශේෂී භූමිකාව නිසාය. ඔහු එදා තහනම් දේශපාලනය තුල ගොඩනැඟූ බාහු බලය යොදා ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් හෙවත් පුළුල් ජාතික බලවේග එක්සත් කොට මර්ධනකාරී දූෂිත ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පෙරළා දැමීම සඳහා සූත‍්‍රයක් නිර්මාණය කරන්නට සමත් විය. එහිදී මහජනතාව තුළ දේශපේ‍්‍රමීත්වය සඳහා වූ ඉල්ලූම ඉතා ප‍්‍රබලව සමාජය තුල මතු කිරීමට ඔහු සමත් විය..

    දේශපේ‍්‍රමීත්වය ඔහුට මතුපිටින් තවරාගත් සටන් පාඨයක් පමණක් නොවීය. ඔහු තම හද පත්ලෙන්ම ගැමූරු දේශපේ‍්‍රමියෙකුද විය. ඔහු නිර්මාණශීලී මාක්ස්වාදියෙකු වන්නේද මාක්ස්වාදියෙකු වීමට ප‍්‍රථම දේශප්‍රේමියෙකු වූ නිසා යයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔහුට පැරණි හනමිටිවාදී මාක්ස්වාදීන් අභිබවා යාමට හැකි වන්නේද ඔහු මාක්ස්වාදය ඉගෙනගැනීමට පෙර දේශපේ‍්‍රමියෙකු වීම නිසාය. එසේ නොවුනානම් ඔහු අද අන්ත පරිහානියට පත් වී සිටින පැරණි මාක්ස්වාදීන් මෙන් බෙදුම්වාදයට පක්‍ෂපාත දේශද්‍රෝහියකු ලෙස චිරාත් කාලයක් ජීවත් වනවා නොඅනුමානය. ඔහු කිසිදා භක්තිමත් අන්ධ මාක්ස්වාදියෙකු බවට පත් වූයේ නැත. ඒ නිසාම මාක්ස්වාදය නිර්මාණශීලීව සමාජය වෙනස් කිරීමේ දාර්ශණික උපාංගයක් ලෙස යොදා ගැනීමට ඔහු සමත් විය.

    කෙසේ නමුත්, ඉතිහාසය විජේවීරයන්ට අකාරුණිකව සැලකුවා පමණක් නොව සමස්ථ ශ‍්‍රී ලංකීය සමාජයද ගතවූ 20 වසර තුල ඉතිහාසයට සාධාරණය ඉටු කර නැත. ඔහුගේම සගයන්, කලාකරුවන්, සාහිත්‍යකරුවන් හෝ වෙනත් දැනුවත් සමාජ ක‍්‍රියාකාරිකයන් ඔහුට සහ ඉතිහාසයට යන දෙපාර්ශවයටම සාධාරණය ඉටු කිරීමට කුඩා හෝ උත්සාහයක් ගත්තේ නැත.

    විවිධ සතිපතා පත්තර විජේවීර චරිතයේ විචිත‍්‍රත්වය වාණිජකරණය කරමින් සත්‍ය සහ අසත්‍ය තොරතුරු මුසුකල ප‍්‍රබන්ධයන් පළ කල බව සැබෑවකි. නමුත් ඒ මහා දැවැන්තයාගේ උපාය මාර්ගික ඥාණය මෙන්ම ඔහුගේ දුර්වලතාද මතුකර ගනිමින් වර්තමාන සමාජයට අධ්‍යාපන කවුළුවක් විවර කිරීමට ජාතියක් ලෙස අප අසමත් වී ඇත.

    විජේවීරයන් විසින් තෝරාදුන් උපායමාර්ගික ප‍්‍රවේශය තුල මහා ජාතික බලවේගයක් බවට වර්ධනය වූ ජනතා විමුක්ති පෙරමුණ මඟ වරදවා ගනිමින් දේශපාලන අවගමනයට ලක්වන්නේද විජේවීරයන්ගේ අධ්‍යාත්මය ගැඹුරින් වටහා ගැනීමට අසමත් වූ නායක මට්ටමේ නිළධාරීන් කිහිප දෙනෙක් නිසාය.

    ඒ දැවැන්තයාගේ දෙපා අභියස දැන් සිටින සමහර නායකයින් කුරා කුහුඹුවන් බවට පත්වීම වැළැක්විය නොහැකිය..

    විජේවීරයන්ගේ අධ්‍යාත්මයට සාධාරණය ඉටු නොවුනා සේම ඔහුගේ ජීවමාන භෞතික උරුමයටද සාධාරණය ඉටු වී නොමැත.උතුම් වූ අරමුණු සඳහාම තම ජීවිත කැපකල දස දහස් ගණන් තරුණයන්ගේ, මව්වරුන්ගේ, පියවරුන්ගේ සහ දරු පවුල් වල ජීවමාන සංකේතයක් වූ විජේවීරයන්ගේ දරු පවුලට සාධාරණය ඉටු කිරීමට සියලු දෙනා අසමත් වී ඇත. හෘද සාක්‍ෂිය සහිත සැමදෙන පිළිගත යුත්තේ සැබෑ ලෙසම සාධාරණය ඉටු නොවූ බවයි. ආණ්ඩුවේ හමුදා කඳවුරක දේශපාලන සිරකරුවන් බවට පත් වූ තරුණ දරුවන්ගේ මානසිකත්වය පිළිබඳ කිසිවෙකුට වාද විවාද කළ හැකිද? ඔහු දරුවන්ට ඉතා ගැඹුරින් ආදරය කල, සඟරාවක හෝ පොතක දරුවෙකුගේ පින්තූරයක් දුටුවත් දරුවන් ගැන කථාකරන මාතෘකාවකට පිවිසෙන්නෙකි. ලෝකයේ හොඳම දේ දරුවන්ට දෙන සමාජයක් ගොඩනැඟීම උදෙසා දෙමව්පියන් දිවි පිදීමට මැළි නොවිය යුතු යයි විශ්වාස කල ඒ සොඳුරු මිනිසාගේ දුවා දරුවන්ගේ ඉරණම පිළිබඳ ඔහුට ආදරය කල කිසිවෙකුට තම හෘද සාක්‍ෂියෙන් ගැලවිය හැකිද? ඒ දරුවන් හට රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සියළු මිනිසුන්ට අයත් දරුවන්ගේ, සංකේතයක් සේ සලකා සාධාරණය ඉටු කල යුතුය. එසේ නොකිරීම තුළින් පිළිඹිබු වන්නේ අප සමාජය ඉතිහාසයට පමණක් නොව ජාතියේ හෘද සාක්‍ෂියට ද පිටු පාන බව නොවේද? කෙසේ වෙතත් ඒ තුල භෞතිකව වන්දි ගෙවන්නේ ඒ දරු පවුල පමණි.

    *ඉතිරි කොටස පහත සටහනින් කියවන්න*.......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉහත සටහන හා බැඳේ..

    විජේවීර යනු වසර 500ක් තිස්සේ අධිරාජ්‍යවාදී කුළී හේවායින් සමඟ විවිධ ස්වරූපයෙන් සටන් වැදුනු විරුවන් අතුරින් එක් සුවිශේෂී වකවානුවක් නියෝජනය කල විරුවෙකි. ඔහු සිදුකලේ කැප්පෙටිපොලලා, කොහුකුඹුරේ රටේ රාලලා විසින් බටහිරි හමුදාවන්ට එරෙහිව දියත් කල සටනම සුවිශේෂී බුද්ධිමය දායකත්වයක් සහිතව ඉදිරියට ගෙනයාමකි. එම තත්වය තුල විජේවීර නමැති දේශපාලන දැවැන්තයාගේ භූමිකාවට සාධාරණය ඉටු නොකිරීමෙන් ඔහු විසින් නායකත්වය දුන් අධිරාජ්‍ය විරෝදී අරගලයද අවතක්සේරුවට ලක්වී ඇත.

    විජේවීර යනු මිනිසුන් දස දෙනෙකුගේ ගුණය සහ ශක්තිය කැටි කොට ගත් අපූරු මිනිසෙකි. ඔහු සතු වූ හැකියාව සහ ගුණය එක් මිනිසෙකු තුල පිහිටිය හැකිද? ඔහු තම නායකත්ව පෞරුෂය තුල බලය යන සංකල්පය ඉතා නිර්මාණශීලීව අවශ්‍ය මාත‍්‍රාවට අවස්ථානුකූලව යොදා ගැනීමට සමත් විය. ඔහු සොඳුරු ආඥාදායකයෙකි, තර්කයෙන් ප‍්‍රතිවාදීන් හතර ගාතයෙන් ඇද වට්ටවන විදග්ද කථිකයෙකි. එමෙන්ම ආක‍්‍රමණශීලී විවාද කරුවෙකි. එහෙත් ඔහු කිසි විටෙක ඔහු සතු වූ එම හැකියාව අයුතු ලෙස යොදා ගැනීම තුලින් නායකත්ව පෞර්ෂය වර්ධනය කර ගැනීමට උත්සාහ නොකලේය.

    ඔහුගේ නායකත්ව බලය උපදින්නේ සංවිධාන නිල බලය තුලින් නොවේ. එසේ නැතහොත් බොහෝ දේශපාලන පක්‍ෂවල මෙන් පවුල් බලය හෝ ධන බලය තුලින් නොවේ. ඒ බලයේ උල්පත විශ්වකෝෂයක් බඳු වූ ඔහු තුල වූ දැනුම් සම්භාරය සහ සංවිධාන හැකියාව බවට කිසිදු සැකයක් නැත. ඔහුගේ මානුෂික ගුණාංග ඊට ආලෝකය සැපයූ බවටද සැකයක් නැත. ඔහුගේ උපාය මාර්ගික විශිෂ්ඨත්වයට හේතුවන්නේද ලෝක දේශපාලන ඉතිහාසය පිළිබඳ ඔහු තුල වූ ගැඹුරු පර්යේෂණ දැනුම බව ඉතා පැහැදිලිය. එමෙන්ම ලංකාවේ භූගෝලීය පිහිටීම සහ මාර්ග සිතියම් පිළිබඳ ඔහු සතු දැනුමද මවිතය දනවන සුළුය. මොණරාගල හෝ අම්පාරේ හද්දා පිටිසර ගමකට යන කෙටි පාර ඔහුට මතකයෙන් කිව හැක. එසේම යාල වනෝද්යානයේ හෝ සිංහරාජ කැලයේ ශාක විවිධත්වය හෝ සුන්දර පරිසරය පිළිබඳ තළු මරමින් විස්තර කථා කිරීමටද ඔහු අති දක්‍ෂයෙකි. ඔහු ශ‍්‍රී ලංකාව නමැති පින්බර භූමිය සමඟ ආදරයෙන් බැදෙන්නේ දේශපාලන අවශ්‍යතාවයටම වඩා ඒ භූමිය පිළිබඳව අතැඹුලක් සේ දන්නා බැවිනි, නිරන්තරයෙන් ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යනය කිරීමට ආශා කරන බැවිනි. කඳුකර ඉතා උස් බිමිවල සහ තද බෑවුම්වල තේ වගාව ඉවත් කොට වනාන්තර වගා කල යුතු යයි යන අදහස ඔහු නිර්භයව සහ විශ්වාසයකින් යුතුව රටට ඉදිරිපත් කරන්නේ ඒ අවබෝධය නිසාය.

    අප රටේ දේශපාලන ඉතිහාසය තුල ඔහු දැවැන්ත භූමිකාවක් රඟ පෑවද සාමාන්‍ය ජීවිතයේදී ඹහු අහිංසක සුන්දර ගැමියෙකි. කිරල කිරිවල රස ගුණ වැනීමට හෝ ගමේ කොළ වර්ගයකින් සැදූ ඇඹුලක ඖෂධමය ගුණය විස්තර කිරීමට ඔහු ගජ හපනෙකි. සැබෑ ලෙසම එවැන්නක රස බැලූ අවස්ථාවක සිත් නොරිදෙන ලෙස ඒවායේ ගුණදොස් පෙන්වා සූප ශාස්ත‍්‍ර උපදෙස් දීමටද ඔහුට වේලාව ඇත. ඔහු රුසියාවේ ගත කල කාලයේ රස බැලූ විවිධ කෑම වර්ග පිළිබඳව මෙන්ම රුසියානුවන්ගේ දක්‍ෂ කම් මෙන්ම මෝඩකම් පිළිබඳවද විසිතුරු කථා කීමටද වේලාවක් ලැබුනොත් ඔහු අමතක නොකරයි. ඒ ඔහු තුල ජීවත් වන අව්‍යාජ ගැමියාගේ චරිතයයි.

    විජේවීරයන් කෙටි කලෙකට හෝ ඇසුරු කල අයෙකුට ඔහුගේ චර්යාවන් කිසිදා අමතක නොවේ. ඔහු තමාගේ මිතුරන්ට සහ සගයින්ට පියෙකි, මවකි, සහෝදරයෙකි. ඔවුන් කෑවාද බීවාද යන්න හෝ දුක සැප නොවිමසා නිළ කටයුතු කථා කිරීමට පටන් ගැනීම ඔහුගේ ක‍්‍රමය නොවේ. කොතරම් කාර්යබහුල වුවත් තමා ගණුදෙනු කරන්නේ මිනිසුන් සමඟ බව ඔහු කිසිවිටෙක අමතක නොකරයි. තම සගයා නිදාගන්නා විට ලයිට් නිවා ඔහුගේ පොරවනය සකස් කරන්නට ඔහුට මතක් වේ. රෑ තිස්සේ පොත් කියවන අතරතුර නැඟිට අවුත් විඩාවට පත්ව නිදා සිටින තම සගයින් පිළිබඳව සොයා බැලීමට ඔහු කම්මැලි වන්නේ නැත. එසේ සොයා බැලීමට ඇවිදින විටක ඔවුන්ට ශබ්දය ඇසී අහැරේවි යයි යන දුකට ඔහු දුරින් අඩි තබා ඇඟිලි තුඩු වලින් ඇවිදින්නේ දකිනවුන් සිනහ ගස්වමිනි. එවැනි විටක ඔහු නාන කාමරයක කරාමයක් අරින්නේද ඉතා සෙමෙන් පරිස්සමෙනි.

    ඔහු කොතෙක් පිරිසක් සිටියත් තමා පාවිච්චි කරන වැසිකිලිය පිරිසිදු කිරීමට මැළි නොවන නායකයෙකි. එමෙන්ම සැම විටම සැම ක‍්‍රියාවකදීම තම අනුගාමිකයාට ආදර්ශය ලැබෙන ආකාරයට හැසිරෙන්නට ඔහු වග බලා ගනී. ඔහුට සම්පත් නාස්තිය රුස්සන්නේ නැත. ඔහු මහපොළව මත සෙමෙන් අඩි තබා ඇවිද ගිය මහපොළවට බරක් නොවූ මිනසෙකි. තමා අවට පරිසරයෙන් හුස්ම ගත් ඔක්සිජන් වායුවට ණය නැති මිනිසෙකි. දත් බුරුවක්, සබන් කෑල්ලක් පමණ්ක් නොව සරමක් හෝ සපත්තු දෙකක් අර පරිස්සමෙන් දිගු කාලයක් භාවිතා කරන ආකාරය පිළිබඳව ඕනෑම වෙලාවක ඔහුගෙන් නොමිලේ උපදෙස් ලබා ගත හැකිය. ඔහු තම පක්‍ෂයේ සගයින්ට මහපාරේ අටවා ඇති පිදේනි තටුවකින් පවා කෑම කන්නට පුරුදු කලේත්, රෑට ඉතිරිවන බත් වලින් උදේට දියබත් හදන්නට උපදෙස් දෙන්නේත් තම සගයන් තුල දුෂ්කරතාවය විඳ දරා ගනිමින් ඉතා අඩු සම්පත් යටතේ වුවත් මවුබිමට තම යුතුකම් ඉටුකිරීම සඳහා මානසික බලපෑමක් ඇතිකිරීමටය. එදා 1971 කැරැල්ලේ සිරකරුවන් සිරගෙවල් තුල අහක දමන දේවල් උපයෝගී කර ගනිමින් අපූර්ව අත්කම් නිර්මාණය කිරීමට ඉගෙන ගත්තේ විජේවීරයන් පෝෂණය කල ඒ දියුණු සංස්කෘතිය නිසා බව ඉතා පැහැදිලිය. එහෙත් කණගාටුවට කාරණය වන්නේ අද සිටින ඔහුගේ දරු මුණුබුරු පරම්පරාවට ඒ ගති ලක්‍ෂණ ගෑවිලාවත් නැති වීමය.

    රෝහණ විජේවීර නැමති ආන්දෝලාත්මක චරිතය පිළිබඳව සඳහන් කල විගස ඔහු ලඟින් ඇසුරු කර නැති ඕනෑම කෙනෙකුට මැවෙන පින්තූරය සැර පරුෂ, හැඩි දැඩි, දරදඬු මිනිසෙක් බවට සැකයක් නැත. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මේ මිනිසා තම සගයින්ට, දරු පවුලට අසීමිතව ආදරය කල ආදරණීය මිනිසෙකි. චාටු බස් කීමට හෝ වචන වලින් ආදරය කිරීමට ඔහුට දක්‍ෂතාවයක් තිබුණේ නැත. එනිසාම ඔහුගේ හදවතේ ඇති ආදරය අන් අයට දැනෙනවාද යන අහිංසක සැකයක් සැම විටම ඔහු තුල තිබුණි. ඔහු එවැනි සුන්දර මිනිසෙකි. ඉහතදී සඳහන් කල පරිදි ඒ මහා දේශපාලන පෞර්ෂය එදා අතිධාවනකාරී වූ නිළධාරිවාදී ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකුට යටත් වන්නේ ඒ සැඟවුනු අහිංසක කම නිසාමය. කිසිවෙකු පිළිගන්තා හෝ නොගන්තා, මේ ටිකත් කිව යුතුමය. ඔහු කිසිදාක සාධාරණ දේශපාලනයේ නියුතු වුවද මිනිස් ජීවිත සමඟ අනිවාරතයේ සෙල්ලම් කිරීමට බිය වූ මිනිසෙකි.

    *ඉතිරි කොටස පහත සටහනින් කියවන්න*.......




     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉහත සටහන හා බැඳේ..

    රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව ප‍්‍රකාශ සටහන් කර ගැනීමේ දීර්ඝ ක‍්‍රියාවලියකින් පසුව දස වද බන්ධන වලට ලක් කොට මරා දමන්නේ ඒ අහිංසක මිනිසාය. ඔහු ඒ දඬුවම සතුටින් බාරගත් බවට සැකයක් නැත. ඔහු මරණය ඕනෑම වේලාවක බාරගැනීමට සූදානමින් සිටි මිනිසෙකි. ඔහු තම රටට ජාතියට සාධාරණය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව මෙන්ම තමා විසින් පුද්ගලිකව වගකීම බාරගත යුතු නැති එහෙත් පොදු වගකීම යටතේ තමා බාර ගත යුතු වූ වගකීම් වල බරපතල කම පිළිබඳව බලවත් දුකකින් පසුවිය. එනිසාම ඔහුට සමහර විට මරණය ආශිර්වාදයක් වූවාද වුය හැක. ඔහු තම හිස දන් දෙන්නේ තමා විසින්ම උපත ලබා දී හදා වඩා පෝෂණය කල නිර්මාණශීලී දේශපාලන ව්‍යාපාරයක සගයන් අතලොස්සක් විසින් සිදුකල උපායමාර්ගික පීලි පැන්නවීම නැවැත්වීමට නොහැකි වීමේ වරදිනි. ඔහු විසින් අවසන් මොහොතේ ලබා දුන් දීර්ඝ කට උත්තරයෙන් මහජනයාට විකාශණය කල කොටසට අමතරව ඉතිරි කොටස තුළ ඔහුගේ ප‍්‍රතිරූපයට හානි කල හැකි එකදු වචනයක් හෝ තිබුණේ නම් ඔහුගේ ඝාතකයන් එම සමස්ථ කථාව විකාශණය කිරීමට මැළිවන්නේ නැත. ඔවුන් විකාශණය කල කොටසින්ද බලාපොරොත්තු වූයේ ඔහුගේ අනුගාමිකයන් සන්සුන් කර ගැනීම මිස ඔහුට සාධාරණය ඉටු කිරීම නොවන බව පැහැදිලිය. ඔහුගේ මුහුණ රූපවාහිනී තිරයේ දිස්වූ අවසන් මොහොත සිත්හි මවාගත හැකි ඕනෑම දුෂ්ට මිනිසෙකුට වුවද ඔහු යටත්වූවා හෝ බියවූවා හෝ මානසික වශයෙන් බිඳවැටුනා යයි කීමට හැකිවන සාක්‍ෂියක් ඉතිරිකලේ නැත.

    රෝහණ විජේවීරයන්ට වරදින්නට හේතු විය හැකි ඔහු තුල වූ ප‍්‍රධානතම දුර්වලතාවයක් වන්නේ ඔහු සිතිජයට ඉහලින් ලෝකය දෙස බැලූ මිනිසෙකු වීමයි. නමුත් තමාගේ සිහින සහ මහපොලොවේ ජීවත් වන අඬන, දොඩන, සිනහවන සහ දුෂ්ටකම්වල යෙදෙන පෘතග්ජන මිනිසා රඟපාන නාටක අතර හිදැස ඔහුට නිවැරදිව තක්සේරු කර ගැනීමට නොහැකි විය. එවැනි හිදැසක් ඇති බවට ඔහු දැන සිටියාට සැකයක් නැත. නමුත් ඒ හිදැසේ දිග පළල සහ ගැඹුර පිළිබඳව ඔහු තත්කාලීනව අවබෝධයෙන් සිටියාද යන්න සැකයකි. මෙය ඔහු තුල වන සංජානනීය ලක්‍ෂණයකට වඩා තහනම් දේශපාලන පක්‍ෂයක සැඟව සිටින ඕනෑම නායකයෙකු මුහුණ දෙන තත්වයක් ලෙස වටහා ගැනීම ඔහුට වඩාත් සාධාරණය ඉටු කිරීමකි.

    ඔහුතුල වූ සැඟවුනු හැකියාවන් අතර ප‍්‍රමුඛස්ථානය ගන්නේ ඕනෑම පරිසරයකට හෝ තත්වයකට ඉතා ඉක්මනින් හැඩගැසීමේ හෝ අනුකූල වීමේ හැකියාවයි. මහා කැළයක් තුලදී කොටියෙකුගේ සූක්‍ෂම භාවය මෙන්ම සුව පහසු නිවහනකදී සැහැල්ලූවෙන් පසුවන තරුණයෙකකුගේ හැසිරීම එකවිට ඔහු තුල පිහිටා තිබීම එයට හේතු ලෙස දැක්විය හැක. සැබෑ ලෙසම දේශපාලන වශයෙන් බිත්තියට හේත්තු වන තෙක්ම පුද්ගලිකව දීර්ඝකාලයක් ආරක්‍ෂා වීමට ඔහුට හැකියාව ලැබෙන්නේ ඒ විචිත‍්‍රවත් හැකියාව නිසා බවට සැකයක් නැත. අවසාන මොහොතේ කලබලයකින් තොරව සහ හොඳ සිහි බුද්ධියෙන් පැන නැඟනු සංකීර්ණ තත්වයන්ට ඉතා සංයමයෙන් මුහුණ දෙමින් මරණය බාර ගැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේද ඒ ගුණය නිසාය. එපමණක් නොව සමස්ථ සමාජය කෙරෙහිම තමා තුල වූ වගකීම බාරගනිමින් ප‍්‍රකාශයක් නිකුත් කිරීමට ඔහුට හැකියාව ලැබෙන්නේද ඒ නිසාය.

    මේ විචිත‍්‍රවත් මහා පුරුෂයාගේ චරිත ලක්‍ෂණ, ඔහුගේ නායකත්ව පෞර්ෂය මෙන්ම උපාය මාර්ගික විශේෂඥතාවය සහ සංවිධාන හැකියාවන් පිළිබඳව සමාජය තුල කතාබහට ලක් නොවීම ජාතියේම මහත් අවාසනාවකි. එපමණ්ක් නොව ඒ දැනුම සමාජ සාධාරණත්වය සහ නිදහස අපේක්‍ෂා කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සමස්ථ ලෝක ප‍්‍රජාවට අයත් දැනුමකි. ඔහු විසින් තමාගේ සහ හැටදහසකට අධික තම සගයින්ගේ ජීවිත පූජා කරමින් නිර්මාණය කරන ලද අත්දැකීම් සහ දැනුම මුළු මහත් මානව ශිෂ්ඨාචාරයේ යහපත සඳහා යොදාගත යුතුය.

    මෑතකදී බොලීවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ මුණ ගැසුනු විටෙක ඔහු මොරාලෙස්ට උපදෙස් දෙන්නේ මේ යුගයේදී තමාගෙන් නොව චාර්වේස්ගෙන් (වෙනිසියුලාවේ ජනාධිපති) ඉගෙන ගන්නා ලෙසයි. අප රටේ වාමාංශික දේශපාලන ක‍්‍රියාකාරිකයන් ෆිදෙල්ගෙන් සහ චේගුවේරාගෙන් ඉගෙන ගැනීමට සූදානම් වුවත් විජේවීරගෙන් ඉගෙන ගැනීමට සූදානම් නැති බව පෙනේ. එනිසාම චාර්වේස්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාවද ඔවුනට අහිමි වන බව අවසාන වශයෙන් ඉතා කණගාටුවෙන් කිව යුතුය.


     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔහු වැනි නායකයෙකුගේ චරිතය අප හමුවේ තබන්නට ඔබ ගන්නා උත්සාහයට මගෙන් ස්තුතිය සමඟ උණුසුම් සු'පැතුම්!


    බොහොම ස්තුතියි මල්ලියා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පංචායුධ;7476691 said:
    ayya lankawe witharak neme..loke kohe unath dan honda minihata thanak ne..eka wenas karanna amarui..

    one of the best threads in EK...keep it up..

    බොහොම ස්තුතියි මල්ලියා

    mata kiyanna vachana naha
    Ron Ayyata Bohoma pin

    තව විස්තර ගෙන එන්නම් මල්ලිලාගේ දැනුම් සම්භාරය වැඩි කර ගන්නට....ස්තුතියි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි සෝවියට් දේශය හා චීනය අතර තිබුණූ සමාජවාදී මුලධර්ම හා ඒ හා බැඳුනූ මත ගැටුම් දෙස ටිකක් විපරමින් අධ්‍යයනය කර බලමු..

    මොකද විජේවීර සහෝදරයා රුසියාවෙන් ලංකාවට ආපු ගමන් තම දේශපාලන ශ්‍රම දායකත්වය දුන්නේ අපේ රටේ එවකට රුසියානු කොමියුනිස්ට්වාදය කර පින්නාගත් පැරැණී වමේ නායකයින්ට...

    මුලින්ම අපි සෝවියට් දේශයේ සමාජවාදී ව්‍යාපාරය ගෙන බලමු..

    1917 ලෙනින් රැසියාව තුල සමාජවාදි විප්ලවයක් දියත් කර පාලන බලය අල්ලා ගන්නා ලදි. රුසියාවටම සුවිශේෂි වු කාරණා අනුව රුසියාව තුල විප්ලවයක් දියත් කිරීමට ලෙනින් සමත් විය.වසර ගණනාවක් පුරා සාර් ආණ්ඩුවේ දැඩි පීඩාකාරි බවින් මිදී ජීවත් විමට අවස්ථාවක් රුසියානු විප්ලවය නිසා හැකි විය.

    තුන්වන ඇලෙක්සැන්ඩර්ගේ පාලන කාලය 1881-1894 කෲර ප්‍රජා පීඩනකාරි පාලනයක් ගෙන ගිය අතර දෙවන ඇලෙක්සැන්ඩර් ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරුණු අය සිරගත කිරීම හා ඝාතනය වීම සිදු විය.මොවුන් අතර ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයාද විය.මේ අවධියේ ප්‍රතිසංස්කරණාත්මක අදහස් දැරු අය ඉවත් කර උග්‍ර ප්‍රතිගාමී අදහස් දැරු අය ඉහල පාලන බලය ගෙන පීඩාකාරී පාලනයක් ගෙන යන ලදි. විප්ලවවාදි ව්‍යාපාර සමාජ විරෝධි ව්‍යාපාර ලෙස සලකා ඒවා මර්දනය කරන ලදි.මේ හේතූන් නිසා ජනතා අසහනය ක්‍රමයෙන් සාර් පාලනයට විරැද්ධව නැඟෙන චණ්ඩ මාරුතයක් බවට පත් විය. මේ පසුබිම මත සමාජවාදි ව්‍යාපාරය රුසියාවේ ආරම්භ වෙයි.

    රුසියාවට මාක්ස්වාදය හඳුන්වා දුන් මුල්ම පුද්ගලයා ප්ලෙකානොව්ය. පසු කලෙක මුහුකුරාගිය මෙම මුලධර්ම හා න්‍යායන් හොඳින් නිරීක්ෂණය කල ජර්මන් ජාතික සමාජ, ආර්ථික හා දේශපාලනික විද්වතුන් දෙදෙනෙක් වූ කාල් මාක්ස් හා ප්‍රෙඩ්‍රික් එංගල්ස් සුසංයෝගයෙන් එය සම්භාව්‍ය මගක් ඔස්සේ වැඩි දියුණූ කොට මාක්ස්වාදය පුළුල් දර්ශනයක් ලෙස ගොඩ නගන ලදී..1883 ප්ලෙකානොව්ගේ නායකත්වයෙන් බිහි වු "ශ්‍රම විමුක්ති" කණ්ඩායම මුල්ම මාක්ස්වාදී කණ්ඩායම බවට පත් විය.ලෙනින්ගේ ගුරුවරයා වූයේද මොහුය.මාක්ස්වාදි අදහස් විශ්ව විද්‍යාල සිසුන් හා නාගරික කම්කරු පන්ති අතර ව්‍යාප්ත විය.න්‍යයායෙන් ද භාවිතයෙන් ද මොවුහු මීට කලින් සිටි සටන්කාමී වූ නැරොදිනික්වාදීන් ගෙන් වෙනස් විය.

    සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව සමාජවදය බිහිවීමේ පූර්ව කොන්දේසියක් වු ධනවාදය මුහුකුරා යාම රුසියාවේ සිදු වී නැතැයි කියු නැරොදිනික්වරු ගොවීන් මුල් කොට ගත් විප්ලවයක් කෙරේ විශ්වාසය තැබූහ.එහෙත් ඒ වන විටත් ධනවාදය බිහි වී ඇතැයි සඳහන් කල ප්ලෙකානොව් ලිබරල් බුද්ධිමතුන් ද කම්කරුවන් ද අතර ගොඩ නැඟෙන සන්ධානයකින් විප්ලවය ජය ගත යුතු යැයිපෙන්වා දුන්හ.ශ්‍රම විමුක්ති කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ව්ලැඩිමියර් ඉලිච් ලෙනින් රුසියාවේ දේශපාලන වේදිකාවට මේ අවධියේ ප්‍රවිශ්ට වෙයි. ලෙනින්ට සිය සොහොයුරාගේ මරණය සාර් විරෝධි අදහස් ඇති කිරීමට හේතු විය.මාක්ස්වාදය පිළිබද හැදැරූ මොහු ඒ අනුව රුසියාවටම සුවිශේෂි වු කරුණු මත විප්ලවයක් කිරීමට හැකිය යන ස්ථාවරය දරන ලදි.1898 දී ලෙනින් ඇතුළු පිරිස එකතු වී රුසියානු කම්කරු සමාජවාදි පක්ෂය පිහිටුවන අතර පසුව මෙම පක්ෂයේ නායකයන්ගේ විප්ලවය පිළිබද අදහස් අනුව බොල්ශෙවික්(බහුතරය)හා මෙන්ශෙවික්(සුළුතරය)වශයෙන් බෙදී යන ලදි. සම්භාව්‍ය මාක්ස්වාදි න්‍යයායට අනුව මාක්ස් පැවසුවේ සමාජවාදි විප්ලවය ධනවාදි විප්ලවයෙන් පසුව ඇති වන බවයි.ඉතිහායේ සිදු වීමට නියමිත දෙයක් ලෙස එනම් ධනවාදයෙන් පසුව සමාජවාදයට එළඹීම ඉවතහල ලෙනින් එය මිනිසුන් විසින් සංවිධානය කල යුත්තක් ලෙස හඳුන්වා දෙන ලදි. සමාජවාදි විප්ලවය එකවර සිදුවන බව පැවසු ලෙනින් එය කම්කරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ නායකත්වයෙන්සැදි පුළුල් සමාජ බලවේගයක් තුලින් ජයගත යුතු බව අවධාරණය කලා.. මැනවින් සංවිධානය වු මධ්‍යගත පක්ෂයක් යටතේ කම්කරුවන් සංවිධානය විය යුතුය යන ලෙනින් අවධාරණය කල අදහස ට්‍රොට්ස්කි, මාර්ටොව් යන අය නොපිළිගත්හ.මෙම මතභේදයේදී ලෙනින්ගේ අදහස පිළිගත් අය බොල්ශෙවික් ලෙසත් නොපිළිගත් පිරිස මෙන්ශෙවික් ලෙසත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය දෙකට බෙදුණහ.

    මාඕ සේතුංගේ චීන සමාජවාදය සෝවියට් සමාජවාදය හා කරට කර ගමන් කලත් මුලික වශයෙන් ඔවුන් බුද්ධිමතුන් හා කම්කරුවන් මතම යැපෙමින් ඔවුන්වම කේන්ද්‍ර කොට අරගල නොකොට චීනයේ ඉතාම නිර්ධන පංතියක් වූ ඉඩම් හිමි නොවූ ගොවි ජනතා ඒකකයේ බලය පෙරටු කොට ඔවුන් මනාව දැනුවත් කරමින් හා ඒකරාශී කරමින් ඔවුනට දේශප්‍රේමිත්වය ඇඟට කාවද්දමින් ඔවුන්ගේ අරගලය සාක්ෂාත් කර ගන්නා ලදී..

    මාඕගේ නීතියට අනුව එරට ගොවින්ගේ ඵලදාවේ අතිරික්තය සමාජය හෝ රජය සතු විය යුතු නැහැ..එයින් ඔවුන්ට කැමැත්තක් කිරීමේ නිදහස ලබා දී තිබුණා..එහි විරුද්ධ ක්‍රියාවලිය තමයි රුසියාව තුල බල පැවැත්වුනේ...

    ඒ එක්කම චීන කොමියුනිස්ට්වාදය අති ධාවනකාරී මගක් ගත් විප්ලවය කල් යල් නොමරා වහා දියත් කල යුතු යැයි නිගමනයේ නිතර සැරිසැරූ මහා ප්‍රබල රතු හමුදාවක් හිටපු මාඕවාදී චින්තනයක්...

    ඒ නිසාමයි විජේවීර සහෝදරයා රුසියානු කොම්යුනිස්ට් පිලෙන් බැහැරව මුල සිටම චීන කොමියුනිස්ට් පිල හා එක්වෙන්න වැඩි කැමැත්තක් දැක්වුවේ...

    ඔහුට ඇවැසි වුවේ පරන හණ මිටි කොමියුනිස්ට්වාදය නොව වහ වහා රටට සරිලන අයුරින් සදා ගත යුතු විප්ලවයකින් බලය අල්ලා ගත යුතු ක්‍රියා සංචිතයක්....එදා වෙනකොට අපේ පැරැණි වාමාංශික නායකයෝ (දොස්තර වික්‍රමසිංහ, ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, පිලිප් ගුණවර්ධන) හැමෝම සිටියේ රුසියන් කොමියුනිස්ට් පිලේ..ඔවුන් හඬ නැඟීම් කලේ ධනවාදී පක්ෂවල පාලන බලය තිබුණු රජයන් තුලට වෙලා..එතනින් එහාට ඔවුන් වර්ධනයක් ගැන සිතුවේ නැහැ..

    එම රාමුවෙන් පිට පැන නිදහස ලැබූ දා පටන් දිගු කාලයක සිට පැරැණි නායකයින් අනුගමනය කරමින් සිටි බලයේ සිටින රජයට මුක්කු ගැසීමේ පිලිවෙත වෙනස් කරමින් දුක් විඳින ජනතාවගේ ඒකරාශිත්වයෙන් අරගලයක් කොට ධනපති පාලකයින්ගෙන් බලය උදුරා ගෙන නිර්ධන පංතිය දිනවීම මුලික කරගෙනයි විජේවීර සහෝදරයා චීන කොමියුනිස්ට් පිල හා එක්වුනේ..
     
    Last edited: