stainless steel U channel වලින් තමයි වැඩේ කරන්නේ
tempered glass දන්නේ දොරට විතරයි
දොරේ වැඩේ තමයි හිතට සැක
//stainless steel U channel වලින් තමයි වැඩේ කරන්නේ//
ඒ U channel වලට රබර් චැනල් එකක් හෝ plastic extrusions එකක් දාලයි වීදුරුව දාන්න ඕනෑ. එහෙම නැතිව stainless රාමුවට වීදුරුව නිකම්ම දාන්න හොඳ නැති බව දන්නවානේ?
//tempered glass දන්නේ දොරට විතරයි//
එතකොට ඉතුරු ඒවාට දාන්නේ මොනවද ? අඩි අටක් උස වෙනකොට (එක ග්ලාස් පැනල් එකක පළල අඩි 3 පමණ දක්වා 4mm thick toughened glass යොදා ගත්තාට පළල අඩි 4 විතර වෙනවානම් 5mm විය යුතුයි.) නිකම්ම Float glass දාන්න බැහැ (දාන්න පුළුවන්, මොකක් හරි වැදුනොත් sorry.com තමයි.) Toughened glass දාන්නේ නැතිනම් විකල්පය Laminated glass විය යුතුයි.
දොරේ වැඩේ තමයි හිතට සැක
දොර sliding ද? hinged ද ?? sliding නම් ඒකට අදාළ දොර රාමුවක්, රෝද හයි කරන්න පුළුවන් bottom rail එකක් ආදී වශයෙන් වැඩ ගොඩක්.
සරනේරු හයි කරනවානම් stainless රාමුවටම පහසුවෙන් හයි කල හැකියි.
Tempered Glass බිඳුනාම ඒවා කුඩා කැබලි හැටියට කැඩෙන නිසා, විශාල තුවාලයක් නොවී බේරෙන්න පුළුවන්.
Laminated glass බිඳුනාම වීදුරු දෙක මැද තියන ලේයර් එකෙන් කෑලි කැඩී වැටීම වලකින නිසා ඒකත් ආරක්ෂිතයි.
ඒ උනාට Float Glass (විශේෂයෙන් 6mm හෝ ඊට ඉහල ගනකමක් ඇති) බිඳුනොත් ඒ කෑලි ඇඟට වැටුනොත් ලොකු විනාශයක් වෙනවා.