විමල්_කිච_වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    විමල්_කිච_වෙයි

    ladydoc.jpg


    කිසිවකුගේ පිළිසරණක්‌ නොමැතිව වයෝවෘද්ධව හුදෙකලාව ජීවත්වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය රංජනී ගුණවර්ධන මහත්මියට දෙහිඅත්තකණ්‌ඩිය කජුවත්ත ප්‍රදේශයේ ඈ විසූ ස්‌ථානයේම නිවසක්‌ තනාදීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

    මහවැලියට අයත් අත්හැර දමන ලද ගබඩාවක හුදෙකලාව ජීවත් වෙමින් සිටින වෛද්‍ය රංජනී ගුණවර්ධන මහත්මිය මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර එහිදී ඇයගේ එක්‌ ඇසකට පසුගිය සිකුරාදා කළ සැත්කම සාර්ථකවී මේ වන විට ඉතා හොඳින් පෙනීම ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවැසුවේය.

    මේ අතර ඇයට නිවසක්‌ ලබාදීමට ඇමැති විමල් වීරවංශ මහතා තීරණය කර ඇති බවට පසුගියදා මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය විය.

    මට මාළිගා ඕනෑ නෑ. මම තව වැඩිකලක්‌ ජීවත් වෙන්නේ නෑ. එතෙක්‌ වැටිලා ඉන්න පුංචි ගේ කෑල්ලක්‌ මම දැන් ඉන්න තැන ළිඳ ළඟම හදල දුන්නොත් ඇති. එතකොට මට පුළුවන් ඒ ගමේ දරුවන්ට ඉංගී්‍රසි කියලා දීලා මගේ සත්තු ටිකටත් සලකගෙන ජීවත්වෙන්න. මම මැරෙන තුරු ඉන්නේ කජුවත්තේ යෑයි පසුගියදා ඇය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට පොළොන්නරුව මහ රෝහලේදී ප්‍රකාශ කළාය.

    ඒ අනුව සියලුම වෛද්‍යවරුන් සිය පෞද්ගලික මුදලින් වෛද්‍ය රංජනී ගුණවර්ධන මහත්මියට කජුවත්තේ ඈ විසූ ස්‌ථානයේ නිවසක්‌ තනාදීමට මෙම ඉරිදා මුල්ගල තැබීමට නියමිතය. ඒ සඳහා පර්චස්‌ හයක ඉඩමක්‌ ලබාදීමට මහවැලි සංවර්ධන මණ්‌ඩලයද එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.



    අද දිවයින




    මේ ගැන විමල් ගේ සයිට් එකේ මහ ලොකුවට දාලා තිබ්බ හැටි..


    ppq9.jpg



    :lol::lol::lol::lol:



    මූ බැලුවේ ඒකෙනුත් ලකුණු ගන්න..උදව්වක් කරනවානම් මෙහෙම ලැජ්ජ නැතුව උගෙම සයිට් එකේ ප්‍රසිද්දිය දෙන්නේ ඒකනේ..මූ හිතනවා ඇති හැම මනුස්සයෙක්ම සල්ලි වලට ගන්න පුළුවන් කියලා.:lol:


    වෛද්‍ය රංජනී ගුණවර්ධන මහත්මියට මාගේ ආචාරය....:)
     
    • Like
    Reactions: maxboysl

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    හෙ හෙ ලෙමන් පෆ් කාල උපවාස කරපු එකාට ඕවත් වැඩක්ද
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ela හොද වැඩක් වෛද්‍යය වරුන් එකතු වෙලා කරන්න යන්නේ. අපිටත් දායක වෙන්න බැරිද දන්නේ නෑ කීයක් හරි දෙන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    වෛද්‍ය රංජනී ගුණවර්ධන මහත්මියට මාගේ ආචාරය....:)


    හෙ හෙ ලෙමන් පෆ් කාල උපවාස කරපු එකාට ඕවත් වැඩක්ද

    ela හොද වැඩක් වෛද්‍යය වරුන් එකතු වෙලා කරන්න යන්නේ. අපිටත් දායක වෙන්න බැරිද දන්නේ නෑ කීයක් හරි දෙන්න.


    :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    විමලයගේ රෙදි හෝදන එරෝ දී ස්ට්‍රේ ඩෝග් තව ටිකකින් එයි.
     

    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    විමලා කොළඹ මිනිස්සුන්ට සලකන හැටියට ඕකා ලබන පාරත් එක වෙනව