විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුම&#

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුම&#

මට මේ නිකමට හිතුනේ... මේ ආචාර්ය වරුන්ගේ උද්ඝෝෂණ වල facebook පිටුවේ ෆොටෝ බලනකොට...

මේ පිළිබඳව ලියු කලින් ලිපිය බලන්න

1.මේ අය විශේෂ ටී ෂර්ට් වර්ග කීපයක් මහල තියනවා, මේ ටී ෂර්ට් විශාල ප්‍රමාණයක් මහල තියනව

2. හැම රැස්වීමකටම ලොකු වේදිකාවක් ඉදි කරනවා

3. හැම රැස්වීමකටම හොඳ sound system එකක් ගෙනෙනවා
4. හැම රැස්වීමකටම විශාල ප්‍රමාණයක් පුටු කුලියට ගෙනෙනවා
5. දින ගණන් ගතවෙන පාගමන් සංවිධානය කරනවා

6.ඉතාමත් ඉහල තත්වයේ(වෘත්තිමය graphic designers විසින් සිදුකල) පොස්ටේර්, දැන්වීම්, කට් අවුට්, බැනර් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනවා

7.ඉතාමත් විශාල වශයෙන් Digital Printing භාවිතයෙන් කට් අවුට්, බැනර් විශාල පාවිච්චි කරනවා

8.ඉතා විශාල වශයෙන් අත් පත්‍රිකා මුද්‍රණය කරනවා

9.රැලි වලට සහභාගී වීමට ආචාර්ය වරුන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා (බස් රථ එකක් හෝ දෙකක් සෑම විශ්වවිද්යලයකම සිට)

10.හොඳ මට්ටමෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් (http://futa-sl.org/) පවත්වාගෙන යනවා, එය හොඳින් යාවත්කාලින කරනවා

අංක 1-10 දක්වා සියල්ල සැලකිය යුතු මුදලක් වැයවන දේවල්, මේ සියල්ල සඳහා ආචාර්ය වරුන්ගෙන් මුදල් එකතු කරගෙන සිදුකිරීම අපහසුයි...

මීට අමතරව
11. සෑම රැලියක්ම වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක කරනවා
12. සෑම රැලියක්ම හොඳ මට්ටමේ ජයාරූප ගත කොට නිතිපතා අන්තර්ජාලයට එක කරනවා

එමෙන්ම 1-12 දක්වා සියලුම කරුණු වලට සැලකිය යුතු සංවිධාන ශක්තියක් අවශ්‍ය වෙනවා...

1. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ කව්ද?

2. මේ පිටුපස කවුරුන් හෝ සිට මුදල් ආධාර, සංවිධාන කටයුතු මෙහෙයවනවද?

3. ඉතා කෙටි කාලයක් තුල ආචාර්යවරුන් විසින්ම මේ සියල්ල ගොඩනගා ගත්තේයැයි සිතීම ඉතාමත් අපහසුයි...

මේ සඳහා සහභාගී වන ආචාර්ය වරු බොහෝවිට සිදු කරන්නේ, සහභාගිත්වය පමණයි, බොහෝදෙනෙක් දන්නේ නෑ කව්ද සංවිධානය කරන්නේ කියලා

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ (http://en.wikipedia.org/wiki/Nirmal_Ranjith_Dewasiri) පෙර ක්‍රියාකලාපය විමසා බැලුවාම මේ සැකය තවත් වර්ධනය වෙනවා.

ඔහු මීට පෙර NGO සමග රටට අහිතකර නොයෙකුත් ව්‍යාපෘති සිදුකර තිබෙනවා (X-කණ්ඩායම ඉන් එක උදාහරණයක් - http://www.dailynews.lk/2005/02/25/fea06.html), එමෙන්ම ඔහු බොහෝකාලයක් තිස්සේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් (http://www.lankanewspapers.com/news/2007/7/17384_space.html) පෙනී සිටින්නෙක්... මේ අනුව බැලුවාම ඔහු කුමන්ත්‍රණයකට සහය දැක්වීමට සහ, කුමන්ත්‍රණ කරුවන්ට ඔහුට ළඟාවීමට ඉතාම පහසුයි...

විශ්වවිද්‍යාල ආචාර්ය වරුත් නොමග යවාගෙන කරන තවත් කුමන්ත්‍රණයක්ද මේ?

රූ සටහන් මුලාශ්‍ර : http://www.srilankabrief.org/2012_08_01_archive.html, http://www.srilankabrief.org/2012/08/save-state-education.html, http://uteachers.blogspot.com.au/2012/04/futa-over-1000-academics-join-hand-to.html

උපුටා ගැනීම - http://welusumana.blogspot.com.au/2012/09/blog-post_24.html
 
saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    1.මේ අය විශේෂ ටී ෂර්ට් වර්ග කීපයක් මහල තියනවා, මේ ටී ෂර්ට් විශාල ප්‍රමාණයක් මහල තියනව
    Faculty of Textile and Clothing Technology

    2. හැම රැස්වීමකටම ලොකු වේදිකාවක් ඉදි කරනවා
    Faculty of Civil Engineering

    3. හැම රැස්වීමකටම හොඳ sound system එකක් ගෙනෙනවා
    Faculty of Music

    4. හැම රැස්වීමකටම විශාල ප්‍රමාණයක් පුටු කුලියට ගෙනෙනවා
    FUTA Welfare Fund

    5. දින ගණන් ගතවෙන පාගමන් සංවිධානය කරනවා
    Department of Human Resource Management

    6.ඉතාමත් ඉහල තත්වයේ(වෘත්තිමය graphic designers විසින් සිදුකල) පොස්ටේර්, දැන්වීම්, කට් අවුට්, බැනර් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනවා
    Faculty of Visual Arts

    7.ඉතාමත් විශාල වශයෙන් Digital Printing භාවිතයෙන් කට් අවුට්, බැනර් විශාල පාවිච්චි කරනවා
    Faculty of Visual Arts

    8.ඉතා විශාල වශයෙන් අත් පත්‍රිකා මුද්‍රණය කරනවා
    Faculty of Visual Arts

    9.රැලි වලට සහභාගී වීමට ආචාර්ය වරුන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා (බස් රථ එකක් හෝ දෙකක් සෑම විශ්වවිද්යලයකම සිට)
    Department of Transport and Logistics Management

    10.හොඳ මට්ටමෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් (http://futa-sl.org/) පවත්වාගෙන යනවා, එය හොඳින් යාවත්කාලින කරනවා
    Department of Communication and Media Technologies
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere

    බොරු කියන්න එපා බන් අලුත් සංකල්පයක් ගොඩනගන්න බැරි නිර්මාල් දේවසිරි හා අනෙකුත් නපුන්සක ආචාර්යවරු ඉන්න කැම්පස් වල කවදාවත් ඔච්චර මුදල් වියදම් කරන්න සල්ලි නැහැ. රාවණ කියන කතාව ඇත්ත... ඔකුන්ගේ යටි අරමුණක් තියෙනවා. දැනට පේන අරමුණ තමා පොන්න නිර්මාල් හා අනෙකුත් අබ්බගාත බල්ලන්ගේ පඩි වැඩි කරගැනීම හා මුන්ගේ තත්වය උසස් කිරීමට මොර දීම හා ශිෂ්‍යයන් බිල්ලට දීම.. උඹල නිර්මාල් රන්ජිත් ගේ ස්පීච් අහල තියෙනවද ? උඹ දෙමළෙක්,හම්බයෙක්,කුරුසයෙක් නෙවයි නම් උඹේ අන්ගේ මලු නටනවා මේ පරය කියන කතා වලට .:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba katah karade varadi

    uba vagee nathi unata..... oni tharam minissu iannava rata adre kaarana. yako sir la illanne padi vitharak nemei.

    tikak hithala balapan. ubala vage minissu issarath hitiyanam. apita mememavath eskolayak nathi venava
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    රාවණ කියන එක ඇත්ත මමත් මු ගැන ත්රෙඅඩ් එකක් දන්නා හිටියේ මු යන විදිය සක සහිතයි. මේකෙන් කියන්නේ ඉන්න ආණ්ඩුව සුද්ද කිරීම නොවේ.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    uba vagee nathi unata..... oni tharam minissu iannava rata adre kaarana. yako sir la illanne padi vitharak nemei.

    tikak hithala balapan. ubala vage minissu issarath hitiyanam. apita mememavath eskolayak nathi venava

    මුලින් ගිහල්ල බලපන් නිර්මාල් රන්ජිත් කියන්නේ කව්ද කියල.... මම කලිනුත් කිව්වා. මේ අද්යපනයට 6% නෙවයි 16 % වෙන් කලත් අව්ලක් නැහැ. එත් හැම දෙකම ක්‍රියාකලාපය පෙර සහ පසු හොයල බලපන්.. නිකන් යන්නන් වලේ යන්නේ නැතුව...මොකද්ද මිනිහෝ න්ර්මල් කියන එක අපේ රටට දීපු අලුත් සංකල්පේ ...නිකන් බොරුවට කුලියට බුරන්නෙපා බන්.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මේ කියන්නේ නිර්මාල් රන්ජිත් ගති හා අනෙකුත් පොන්නයන්ට ඔක්කොටමයි. ...ගිහින් බලපන් ලංකාවේ කැම්පස් වල තියෙන බාහිර උපදී කරන්නේ උඹේ සීයාගේ රජයෙන්ද කියල....ඒවා කරන්න කොච්චර සල්ලි ගෙවන්න ඕනද ? නිර්මාල් රන්ජිත්ල කොච්චර ඒවායින් හොයා ගන්නවද ?
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    බලපන් නිරමාල්ගේ wikipedia පිටුව. රටට ආදරය නොකරන දේශද්‍රෝහී කුරුස බල්ලෙකුට රටේ ළමයින්ගේ අද්‍යාපනයට ආදරය කල,සටන කල හැකිද ?
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බලපන් නිරමාල්ගේ wikipedia පිටුව. රටට ආදරය නොකරන දේශද්‍රෝහී කුරුස බල්ලෙකුට රටේ ළමයින්ගේ අද්‍යාපනයට ආදරය කල,සටන කල හැකිද ?

    උඹ කියන්නෙ අනිත් lecturers ල ඔටුවො කියලද නිර්මාල්ගෙ පදේට මාස 3ක් නටන්න?
    එක එක්කෙනාගෙ පෞද්ගලික මත තියෙනව..
    හමෝම එකතුවෙන්න නම් එතන පොදු මතයක් තියෙන්න ඕන, අනිත් දහස් ගානක ලෙක්චල මෝඩයො නෙවෙයිනෙ, එහෙම නම් එයාලත් අර සමිති වගේ කලි කෑලි වලට කැඩිල ඉන්න ඕන. එයාලත් එක එක දේශපාලන මතවාද තියෙන අය තමයි.
     
    • Like
    Reactions: chami_84

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මෙයාලත් රටට ආදරේ නැද්ද? :no::no::no:

    548068_4622533607282_819023181_n.jpg

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113

    උඹ කියන්නෙ අනිත් lecturers ල ඔටුවො කියලද නිර්මාල්ගෙ පදේට මාස 3ක් නටන්න?
    එක එක්කෙනාගෙ පෞද්ගලික මත තියෙනව..
    හමෝම එකතුවෙන්න නම් එතන පොදු මතයක් තියෙන්න ඕන, අනිත් දහස් ගානක ලෙක්චල මෝඩයො නෙවෙයිනෙ, එහෙම නම් එයාලත් අර සමිති වගේ කලි කෑලි වලට කැඩිල ඉන්න ඕන. එයාලත් එක එක දේශපාලන මතවාද තියෙන අය තමයි.
    :yes::yes:

    මෙයාලත් රටට ආදරේ නැද්ද? :no::no::no:

    548068_4622533607282_819023181_n.jpg

    දේශද්‍රෝහි කලාකරුවන්..:P
     
    • Like
    Reactions: ZULFAAN

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    උඹ කියන්නෙ අනිත් lecturers ල ඔටුවො කියලද නිර්මාල්ගෙ පදේට මාස 3ක් නටන්න?
    එක එක්කෙනාගෙ පෞද්ගලික මත තියෙනව..
    හමෝම එකතුවෙන්න නම් එතන පොදු මතයක් තියෙන්න ඕන, අනිත් දහස් ගානක ලෙක්චල මෝඩයො නෙවෙයිනෙ, එහෙම නම් එයාලත් අර සමිති වගේ කලි කෑලි වලට කැඩිල ඉන්න ඕන. එයාලත් එක එක දේශපාලන මතවාද තියෙන අය තමයි.

    දැන් වෙලා තියෙන්නේ ලැජ්ජාව....ආපහු හැරෙන්න තියෙන ලැජ්ජාව.....

    මුන් 6% ක් වැඩිකරන්න කියන කතාව කියන්නේ දැන්නේ.... වර්ජනේ පටන් ගත්තේ මොනවා ඉල්ලලද කියලා කියපන්කො???? වැඩි පඩි ඉල්ලලා නෙමෙයිද???
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පෞද්ගලික අරමුණු ගැන නොපවසා රටට/ආණ්ඩුවට බැනීම...
    මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහවෙන දෙයක් තමයි විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වර්ජනය සහ ඊට විසඳුම් ලබාදීම.

    මෙහිදී කියවෙන ප්‍රධානම දෙයක් තමයි ලංකාවේ සිටින ආචාර්ය වරුන්ට පිටරටක යාමට හැකියාව තිබියදී අප රටේම සේවය කරන්නේ රටට තිබෙන ආදරය නිසා බව...
    එමෙන්ම තවත් කියවෙන දෙයක් තමයි අපේ රටෙන් හරියට නොසැලකීම නිසා ඉතා දක්ෂ ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් රට හැරගොස් ඇති බව...

    නමුත් මොවුන් දක්වන මෙම කරුණු දෙකම මම පිළිගන්නේ නෑ...

    තමන්ට සිදුවුණු අසාධාරනකම් නිසා රට හැරගොස් සිටිනවානම් එසේ සිටින්නේ ඉතාම සුළු පිරිසක්... එමෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්යමන්ඩලයේ සියලු දෙනාම එසේ සේවය කරන්නේ රටට තිබෙන ආදරයක් හෝ සේවයක් කිරීමට ඇති අවශ්‍ය තාවය නිසා නෙවෙයි...
    යමෙකු තමන්ගේ රට ගැන හිතා රට හැර නොයන්නේ නම් එවන් පුද්ගලයන්ට හැකි උපරිම අයුරින් සැලකිය යුතුයි තමයි.. නමුත් මම දන්නා සත්‍යය නම් එය එසේ නොවන බවයි...

    මම පෞද්ගලිකවම හදුනන රට හැර ගිය/නොගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන දන්නා කරුණු වලිනුයි මම මේ නිගමනයට පැමිණියේ සහ මම මේ දේ පවසන්නේ...

    පළමුවෙන්ම බලමු, මෙම පිරිසට පහසුවෙන්ම විදේශ විශ්ව විද්‍යාලවල රැකියා ලබාගත හැකියි කියන ප්‍රකාශය ගැන...

    පිට රට විශ්වවිද්‍යාලවල හොඳ රැකියාවක් ලබාගන්න අන්තර්ජාතික සඟරාවල පර්යේෂණ පත්‍රිකා පලකරලා තියෙන්න ඕනේ අපේ රටේ ඉඳගෙන එහෙම සඟරාවල පත්‍රිකා පලකරන්න අමාරුයි, සමහර සඟරා අපේ රටේ පත්‍රිකා පලකරන්න කැමතිවත් නෑ... ඒක ගැන දැනගන්න බටහිර දැනුම් අධිපත්‍යය ගැන අධ්‍යයනය කරන්න ඕනේ... ඒ ගැන මෙහෙම කතා කරලා ඉවර කරන්න බෑ..අපේ ආචාර්ය මණ්ඩලයේ කීදෙනෙකුටද එහෙම පත්‍රිකා තියෙන්නේ...

    අනිත් ඒක පන්ති සාමාර්ථයක් ගත්ත කියල එයා අති දක්ෂයෙක් වෙන්නේ නෑ... දක්ෂයෙක් වෙන්න පුළුවන්, නමුත් ඒගොල්ලන්ට විශේෂයෙන් සලකන්න කියල ඉල්ලන ඒක වැරදියි..

    ඊළඟට බලමු රට හැර ගියේ තමාට රටෙන් හරි හැටි සැලකීමක් නොවුන නිසා කියන කාරණය... අනිත් එක ඔය රට දාල යන වැඩි දෙනෙක් යන්නේ තමන්ගේ පෞද්ගලික වාසිය අරමුණු කරගෙන... එහෙම ගිහිල්ල කියනවා අපේ රටේ හරි සැලකීමක් නැති නිසා තමයි එහෙම ආවේ කියල...
    හරියට කල්පනා කරලා බැලුවොත් අපේ රටේ උගත්/නුගත් අයගෙන් කීයෙන් කීදෙනාටද රට ගැන හැඟීමක් තියෙන්නේ?

    තමන්ට රට ගැන හැඟීමක් නැතිව අනිත් අයට, දේශපාලකයන්ට බනිනවා රට ගැන හැඟීමක් නෑ, දක්ෂයන්ට හරියට සලකන්නේ නෑ කියල...අපේ රටේ ප්‍රශ්නවලට තියන ප්‍රධානම හේතුවක් තමයි රට ගැන හැඟීමක් නැතිවීම... ඒක රටේ බහුතරයක් ඇති කරගත්ත දවසට මේ ප්‍රශ්න ඉබේටම විසඳෙනවා
    මුලින්ම තමන්ගේ හදවතින් අහල බලන්න, තමන්ට රට ගැන හැඟීමක් තියනවද කියල...? මේ ප්‍රශ්නවලට විසඳුම ආරම්භ කරන්න ඕනේ තමන්ගේන්මයි...
    තමන්ගේ දරුවන්ට උගන්වන්න තමන්ගේ රටේ තියන වටිනාකම... උපන් රට හැරෙන්න වෙන කිසිම රටක තමන්ට නිදහසක් නෑ... ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක් හැමතැනින්ම සාධාරණත්වයක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ... .. ගොඩක් වෙලාවට මේ අසාධාරනකම් වලට වගකියන්න ඕනේ තනි පුද්ගලයෙක් හරි, කණ්ඩායමක් හරි...ඒගොල්ලෝ හැමවෙලේම තමන්ගේ පුද්ගලික හේතුවක් නිසා එහෙම කරන්නේ... තමන්ට මොකක් හරි අසාධාරණයක් වුනාම ඒකට රටට බැනල වැඩක් නෑ... ගොඩ දෙනෙක් කරන්නේ රට දාල යන්න ඒක හේතුවක් කරගන්න ඒක එහෙම ගිහිල්ල කියනවා තමන්ගේ රටෙන් හරියට සැලකුවේ නැති නිසා තමයි එහෙම ආවේ කියල...

    මෙම කරුණු දෙක කෙසේ වෙතත් මම පිලිගන්නවා වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව,
    නමුත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන හේතු ආකර්ශනීය සටන් පාඨ බව සැබැයි, කෙසේවෙතත් ඒවා තමන්ගේ හදවතට එකඟව කියන්න පුළුවන් දේවල් නෙවෙයි මේ වර්ජනය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න වැඩි දෙනෙකුට...

    රජයට විශාල වගකීමක් සහ හැකියාවක් තියනවා මිනිස්සුන්ට රට ගැන හිතන්න පුරුදු කරවන්න... නමුත් මේ තාක් කල් එහෙම උත්සහයක්වත් දරපු බවක් පෙන්න නෑ...
    ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට දෙන්න උත්සහ කරනවා මිසක් රට ගැන හිතන්න පුරුදු කරන්න කිසිම උත්සහයක් ගන්නේ නෑ...අවුරුදු 5-10 විතර මිනිස්සුන්ට රට ගැන හිතන්න පුරුදු කරනකොට හැම දෙයක්ම කාර්යක්ෂම වෙන්න පටන් ගන්නවා,

    රජයටත් මේ පිළිබඳව හරි දැක්මක් හෝ අවබෝධයක් නොමැති බවයි පෙනෙන්නට තියෙන්නේ. රජයත් උත්සහ කරන්නේ මේ ප්‍රශ්නයට පැලැස්තර විසඳුමක් ලබා දී තාවකාලිකව මෙය විසඳා තමන්ගේ ඔලුව බේරා ගැනීමට

    මේ පිළිබඳව රජය කටයුතු කරන්නේ කෙසේද යන්න සහ රජය මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ගැන බලා සිටිමු...

    http://welusumana.blogspot.com.au/2012/09/blog-post_10.html
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මචන් මේ බැනර් එක ගැන කියන්නේ කොකක්ද???

    196586_10151205915306259_193602437_n.jpg

    කොකක් වත් නෑ..
    ඔය ලස්සනට කියල තියෙන්නෙ භාෂා 3න්ම.. (3ම තේරෙන හින්ද කිව්වෙ)
    ඔයත් නිදහස් අධයාපනය ලබපු කෙනෙක් නේ.. අනාගත පරම්පරාවට ඒක එපාද?