රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්?
මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට නීතියෙන් ලැබෙන්නෙ නැහැලු.
ඉතින් මෙහෙම ඉද්දි මට ලංකාවෙ රජයේ දොස්තර නෝනා කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කතෝලික කෙනෙක්. වැදගත් පවුල් පසුබිමකුත් තියෙනවා. කලාවටත් බර කෙනෙක්. ඒත් මම පරණ මතක එක්ක ඉන්න හින්ද අදටවත් මට හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. ඒත් අම්මල තාත්තල අපි දිහා බලන විදිහ එක්ක ඒ අය බයයි කවදහරි දවසක අපි තනිවෙයි කියල. ඒ දේ මට එයාලගෙ කතාවෙන් තේරෙනවා. ඒ අයව නොසළකා ඉන්නත් හිත හදා ගන්න අමාරුයි. එතකොට ඒ අය කවදහරි දවසක මැරෙන්නෙ වේදනාවක් දුකක් අපි ගැන හිතේ තියාගෙන…….
මේ දේවල් හින්ද මම අඩුම තරමෙ හිතලවත් බලනවා කියල හිතුවා අර ඩොක්ටර් ගැන.
01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ.
02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද?
ස්තූතියි මචංලා
(1) වයිද්ය වුර්තිය තමයි පිටරටකට ගිහිල්ල රස්සාවක් හොයාගන්න අමාරු. අනිත් වුර්තින්ට වඩා exams කරන්න ඕනේ. ලේසි නැහැ. කැනඩාවේ අවුරුදු ගානක් එකට යනවා. අයිත යම් ප්‍රමානයකට ඉගෙන ගන්න ඕනේ. මෙහෙත් ගොඩක් එහෙම කරපු අය ඉන්නවා .
(2) මම හිතන්නේ දොස්තර කරන රස්සාව අනුව තමයි. family doctors ලට නම් වෙලාව තියෙනවා. සහරා විට දුර පළාත් තමයි හම්බවෙන්නේ. සමහර දොස්තරලා emergency, 24 hour on call ඉන්න ඕනේ. එතකොට වැඩේ අවුල්.
දොස්තර නෝනලා සාපේක්ෂව පණ්ඩිතයි. (මගේ නෑදෑ කෙනෙක් ඉන්නවා. පර්රිස්සමින් කතා කරන්න ඕනේ ). ගොඩක් දුරට එයාගේ තීරණවලට ඔයාට ඇහුම් කම් දෙන්න වෙයි. පිලි පදින්න වෙයි
විවාහ ජීවිතේ එක දෙයක් තමයි ලිංගික ආකර්ෂණය. ඔයාට එය ගැන ආදරයක්, දකිනකොට ඉබල කිස්ස් එකෙක් දෙන්න, බදාගන්න හැගීමක් නැතිනම් අයින් වෙන්න.
විවාහය කියන්නේ ජීවිතේ බරපතල තීරණයක්. 80% විතර වරදින තීරණයක්. ඒ නිසා පරිස්සමෙන්. ගැහැණු කියන්නේ වෙනම සබ්ජෙට් එකක්. මතුපිට තියෙන දේ නෙවි ඇතුලේ තියෙන්නේ