මේ දවස් වල තියන වෛරස් උණ මාර අමාරුයි අප්පා. කොවිඩ් වලටත් වඩා අමාරුයි. නැගිටලා ඇවිදාගන්නවත් බෑ අප්පා. ගෙදර තුන් දෙනා තුන් තැනක නිදි. කන්නත් බෑ. විශේෂයෙන් පොඩි බබාලා ඉන්නවා නම් Digital Thermometer එකකින් පැයෙන් පැයට උණ බලන්න. දියර ජාති පුලුවන් තරම් දෙන්න. විවේකයෙන් ඉන්න දෙන්න. පුලුවන් තරම් ඇග තෙමලා උණ බස්සවන්නත අපේ කොල්ලට දවස් දෙකක් උණ තිබ්බා 37.00 අඩුවෙන් තියාගත්තා. බත් එහෙම කන්නේ නැති නිසා පොඩි පොඩි ස්නැක් වර්ග හදලා දුන්නා කන්න. ටිකක් සැරට, ලුණු රහට කන්න පුලුවන්. මම කලේ තම්බලා තෙම්පරාදු කරපු බිලිංචා ටිකක් දාගෙන ඒක එක්ක කෑවා.
