හැමෝටම ස්තූතියි මචං. රෙප් ඉවරවෙනකල් දුන්නා. ඉතිරි අයට හෙට 
ගෙදර කලින් තිබ්බෙත් සිංගර් සෙමි ඔටෝ එකක්. ඒක අවසන් ගමන් ගියා .. අවුරුදු බරගාණකට කලිං ගත්ත එකක්. ඒ හින්දා සෙමි ඔටෝ ඒවට පුරුදු වෙලා. ඒකයි සෙමි ඔටෝ එකක්ම ගන්න බැලුවෙ. ෆුල් ඔටෝ ඒවා අවුල් යන්නෙ නෑ නේද බං .. මට නිකං ඒවගෙ ඩියුරබිලිටි එක ගැන පොඩි සැකයක් තියේ. මොකද ලක්ෂ එකහමාරකට දෙකටත් තියනවනේ ෆුල් ඔටෝ ඒවා. ඒ හින්දා හතලිස් දාහට වගේ තියන ඒවාගෙ කල්පැවැත්ම කෝමද කියලා පොඩි මෙව්වා එකක් තියේ.. Any recommended full auto ? උඹල පාවිච්චි කරන (කාලයක් තිස්සේ) ඒවා මොනාද ?
ලක්ස එකාමරට දෙකට තියන ෆුල් ඔටෝමැටික් ඒවා ෆ්රන්ට් ලෝඩින්. ඒවා ගාන වැඩියි, රෙදි ලෝඩ් කරන්න තියෙන්නේ ඉස්සරහින්. ඒවාට රෙදි හෝදන්න යන වතුර ප්රමාණය අඩුයි. සිංගර් දම්රෝ ගහන ඒවා ටොප් ලෝඩින්. ඒවා ට රෙදි ලෝඩ් කරන්න තියෙන්නේ උඩින්. ඒවත් කිසි අවුලක් නෑ. සෙමි ඒවා හෙන වාතයි. ඒකකින් රෙදි ලෝඩ් එකක් හෝද ගන්න අඩුම පස් හය පාරක් යන්න ඕන මැෂින් එක ලඟට. වතුර ඇරලා අමතක උනොත් සොරි තමයි. සෙමි ඒවගේ වතුර භාවිතය වැඩියි ෆුල් ඒවාට වඩා.
මම ගාව සිංගර් ෆුල් එකයි දම්රෝ සෙමි එකයි තියනව. සිංගර් එක 7kg දම්රෝ 6.5kg, නමුත් සෙමි එකේ ඩ්රම් එක ලොකුයි ෆුල් එකට වඩා. වතුර ගොඩක් යනව.
මොක ගත්තත් after sale එක බලන්න ඕන. මම නම් රෙකමන්ඩ් කරන්නේ සිංගර් ෆුල් එක. දැන් අලුත් එකේ රෙදි දැම්මම බරට එයා ඔටෝ වතුර ප්රමාණය හදා ගන්නව. ලයිට් ගියත් ඔටෝ ඔන් වෙලා ආයේ වැඩ. ගෙදරටම ඇවිල්ල සර්විස් කරනව.
සෙමි එකකට යන්න එපා. වොෂින් මැෂින් එක ෆෝන් මාරු කරනවා වගේ මාරු කරන්න බැහැ නෙ. ගන්න එකේ ෆුල් එකකටම යන්න.