අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?


