අපි ඉතින් හැමදාම කිව්වේ ඊලග එකවත් දිනයි කියලනේ.අපේ team එකත් හිතන්නේ ඒ විදියටමද කොහෙද?????සමස්තයක් විදියට මුලු කණ්ඩායමටම බනිනවට ම්ම කැමති නැහැ..
මුලින්ම කියන්න ඕන පකිස්ථානට මේ මුලු තරඟාවලියෙදිම අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.. විශේෂයෙන් උන්ගේ පන්දු යැවීම.. මට හිතාගන්නත් බැහැ සයීඩ් අජ්මාල් ගේ Accuracy එක.. මට මතක් කරගන්නවත් බැහැ ඌ නරක බෝලයක් දාපු වෙලාවක්.. ඌ දූස්රා එක දානවා සුපිරිම විදියට.. නියම පන්දු යවන්නෙක්..
අනිත් එක තමයි අපේ බැටින් තමයි අවුල.. නැත්නම් බොහෝ තරඟ වල හොඳටම බෝල් කරා.. ෆීල්ඩින් එහෙමත් ලොකු අවුලක් නැහැ.. ඊයේ වුන දේනම් මටත් විශ්වාස කරන්න බැහැ.. අපේ පිතිකරුවෝ ඔක්කෝම තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න හිතාගන්න ඕන..
ගනන් ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ..
අපිට අතීතය වෙනස් කරන්න බැහැ කොච්චර කතා කරත්...
එහෙනම් කරන්න තියෙන්නේ අනාගතේදී පුළුවන් තරම් හොඳින් කරන එක..
එහෙනම් බදාදා තරඟෙ හොඳට කරමු..
ජය වේවා!











