ශ්‍රී දළදා මහෝත්සවය
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
ශ්‍රී දළදා මාලිගාව
ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
දළදා මාළිඟාව කියා හදුන්වන්නේ දළදා වහන්සේ වැඩ සිටින සන්දිරයයි. දාඨා ධාතුව, දළදා ගේ, දළදා මන්දිරය, කියාද හදුන්වන්නේ මෙයයි.
බුදුන් වහන්සේගේ දන්ත ධාතුව මෙහි තැම්පත් කර තිබෙන නිසා දළදා මාළිඟාය බොදු ජනයා හට ඉතා වැදගත් ස්ථානයකි. ලංකාවේ දළදා වහන්සේ විවිධ සතුරු උවදුරුවලින් ආරක්ෂා කිරීම සදහා විවිධ ස්ථානවලට ගෙන ගිය බව ඉතිහාසයේ දැක්වේ. මෙලෙස දළදාව ආරක්ෂා කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ දළදාව හිමි පුද්ගලයා මෙරට රජකමට උරුමකම් කිව යුතුයි යන අදහස ලාංකික සමාජය තුළ මුල් බැස ගෙන තිබු නිසාය. දළදාව ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.ව. 301-328 කිත්සිරි මේඝවර්ණ රජු රට කරවන කාලයේදීය. මෙසේ වැඩම කරවු දළදා වහන්සේ මැණික් කරඩුවක බහා ප්‍රථමයෙන් තැම්පත් කලේ දෙවැනි පෑතිස් රජු විසින් ඉදි කරන ලද ධම්මචක්ක නම් ගෘහය තුළය. එතැන් සිටන් එය "දාඨාධාතු ඝර " නම් විය. ලංකාවේ ප්‍රථම දළදා මාළිඟය ලෙස ගෞරවය ලබන්නේ මිහිඳු හිමි විසින් අනුරාධපුර නගරය මධ්‍යයයේ ඉදි කරනු ලැබූ දළදා මාළිඟාවයි. මේ අයුරින් අනුරාධපුරයේ ස්ථාන කීහීපයකම දළදා මාළිඟා ඉදි කළ බවට පුරා විද්‍යා සාක්ෂිවලින් ඔප්පු වේ.
පොළොන්නරුව රාජධානිය කර ගත් පළමු වන විජයබාහු රජු දළදාවත් රැගෙන පොළොන්නරුවට ගියේය. දළදාව රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය ලෙස සලකන්නට පටන් ගන්නා ලදී. විනාශ වී ගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ රජු අද "අටදාගේ"නමින් හැදින්වෙන ගොඩනැගිල්ලේ දළදාව තැම්පත් කරන ලදී. ඉන් පසු මහා පරාක්‍රම බාහු රජු දළදා මාළිඟා තුනක් ඉඳි කළ බව කියවේ. ඉන් පසු කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු විසින්" හැටදාගේ" නමින් දළදා මාළිඟයක් කරණු ලැබූ බවද සඳහන් වේ.
පොළොන්නරුවෙන් දඹදෙණියට
තෙවැනි විජයබාහු රජු කොත්මලේ සඟවා තිබු දළදාව දඹදෙණියට ගෙන එන ලදී. නමුත් ආරක්ෂාව සඳහා බෙලිගල දළදා මාළිඟයක් සාදා එහි තැම්පත් කළේය. දෙවැනි පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1236-1290 කාළයේදී යළි දඹදෙණියේ රජ මාලිඟය අසළ දළදා මාළිඟයක් සාදා එහි දළදාව තැම්පත් කරන ලද අතර වසර 11 ට පමණ මෙහි දළදාව වැඩි සිටි සේක. ඉන් අනතුරුව දළඳාව යාපහුවේ වැඩ සිටි අතර යාපහුවේ දළදා මාළිඟය පොළොන්නරු සමයෙන් පසුව ඉදි කළ විශිෂ්ටතම මාළිඟාව ලෙස සැලකේ.
දළදාව ගම්පොළට
මේ කාළයේ දළදාව ගම්පොළ කිසියම් ස්ථානයක පිහිටි දළඳා මාළිඟයේ තැම්පත් කර ඇත.
කෝට්ටේ හා මහනුවර යුගවල දළදාව.
හය වන පරාක්‍රමබාහු රජු ඉදි කළ දළදා මාළිඟාව දළදාව වඩම්මවා, අනතුරුව මහනුවර දළදා මාළිඟාවට වැඩමවූ පසු එහි දෙමහල් හා තෙමහල් දළදා මන්දිරවල වරින් වර තැම්පත් කළේය.
කාළයාගේ ඇවෑමෙන් මහනුවර දළදා වහන්සේගේ ස්ථිර වාසස්ථානය බවට මෙය පත් විය. ඉන් පසු දළදාව සිංහල බෞද්ධයන්ගේ ඉතා උසස් ආගමික පුද පූජා ඇතුළත් සංස්කෘතිකාංගයක් වූ පෙරහැරට සම්බන්ධ විය.
අලුත් සහල් මංගල්‍යය
සෑම වසරක ම දුරුතු පොහෝ දින දළදා වහන්සේ උදෙසා අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ. ශී‍්‍ර දළදා මාලිගාවේ පැරණි අටුව පිහිටා තිබුණේ ගුරු දෙණියේ කෙත්යායට යාබදවය. මහවැලි යෝජනා ක්‍රමයෙන් එම අටුව පිහිටි භූමිය ද යට වුණි.
ඒ වෙනුවට කුණ්ඩසාලේ පල්ලෙකැලේ රජයේ ඉඩමකින් කොටසක් දළදා මාලිගාවට පවරා දී ඇත. වර්තමාන අටුව පිහිටා තිබෙන්නේ මේ ඉඩමේ ය. දළදා මාලිගාවට වාර්ෂිකව ලැබිය යුතු සම්බා සහ වෙනත් වී සහල් අස්වැන්න එහි තැන්පත් කැරේ.
අලුත් අස්වැන්නෙන් ලැබෙන වී සහල් අවශේෂ විහාර හා දේවාලවලට බෙදා දීම ද සිරිතක්ව පවතී. ඒ අනුව ශී‍්‍ර දළදා මාලිගාවේ සිට පල්ලෙකැලේ අටුව දක්වා පෙරහරකින් ගමන් ගනී. දියවඩන නිලමේ, බස්නායක නිලමේවරු සහ වෙනත් නියෝජිතයෝ ද ඒ සඳහා සහභාගි වෙති. පෙරහර අවසානයේ නැටුම් හා බෙරවාදකයින් ගේ සංදර්ශනයකින් අනතුරුව කැවුම් කිරිබත් ආදියෙන් සංග්‍රහ කැරේ. ඉන්පසු අදාළ පාර්ශව ඉදිරියේ දළදා මාලිගාවේ ලේකම්වරයා විසින් බෙදිය යුතු සහල් ප්‍රමාණය කියවා බෙදා දීම සිදු කරනු ලබයි.
මෙසේ බෙදා දුන් අස්වැන්න හේමකදක තබා රැගෙන යාම සිරිතකි. එසේ ගෙන එනු ලබන සහල්වලින් සේරු 80 ක් පමණ ගෙන පිළියෙල කරන දානය දළදා වහන්සේ උදෙසා පූජා කරති. මෙයද අතීතයේ පටන් පැවත එන චාරිත්රයකි.
අලුත් අවුරුදු මංගල්‍යය
දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් විශේෂයෙන් සකස් කරන ලද නැකැත් පත්රයකට අනුව අලුත් අවුරුදු මංගල්‍යය සිදු කැරේ. කිරි ඉතිරවීම, කිරි ආහාර සකස් කිරීම, ආහාර පූජාකිරීම, නානුමුර මංගල්‍යය එහි දී සිදු කැරෙන චාරිත්‍ර අතර ප්‍රධාන වේ. අවුරුදු දිනය බදාදාවක් නම් එදින නානුමුර මංගල්‍යය සිදු කෙරෙන අතර එසේ නොවේ නම් එලැඹෙන බදාදා දිනයේ නානුමුර මංගල්‍යය සිදු කැරේ. දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන පූජෝත්සව අතර අලුත් අවුරුදු මංගල්‍යය ද සුවිශේෂී වේ.
කාර්තික මංගල්‍යය
කාර්තික මංගල්‍යය පැවැත්වෙන්නේ සෑම වසරක ම ඉල් මාසයේ දී ය. එය දළදා වහන්සේ වෙනුවෙන් කැරෙන ප්‍රදීප පූජාවකි.
කාර්තික මංගල්‍යය සඳහා සතර දේවාල හා අනෙකුත් සිද්ධස්ථානවලට තෙල් බෙදා දීම සිදු කරන්නේ දළදා මාලිගාව මඟින් නාථ දේවාල භූමියේදී ය. එසේ බෙදා දුන් තෙල්වලින් ප්‍රදීප පූජා පැවැත්වීම ඒ ඒ දේවාල හා විහාරස්ථානයන් හි නියමිත නැකැත් දින සුබ මුහුර්තියෙන් සිදු කිරීම සාමාන්‍ය සිරිත ය.
ප්‍රදීප පූජාව කැති නැකතින් උපන් කතරගම දෙවියන් වෙනුවෙන් කැරෙන උත්සවයකැයි ද මතයක් පවතී.
හින්දු ආභාෂය නිසා එවැනි විශ්වාසයක් ඇතිවූවා විය හැකි ය. එහෙත් බුදු සිරිතේ පූජා විධියක් ලෙස බොහෝ අවස්ථාවල ප්‍රදීපා ලෝකය පැවැත්වූ බව සඳහන් වේ. රාජාධිරාජසිංහ රජු ගේ කාලයේ දළදා වහන්සේ වෙනුවෙන් පහන් ලක්ෂයක් දල්වමින් ප්‍රදීප පූජා පැවැත් වූ නිසා මුලු නගරය ම ඒකාලෝක වූ බව පැවසේ. කාර්තික මංගල්‍යය ද දළදා වහන්සේ වෙනුවෙන් කැරෙන සාම්ප්‍රදායික පූජා චාරිත්රයකි.

Last edited: