ශ්‍රී දළදා මාලිගාව, දළදා තේවාව, සිව් මහා දේ&#3

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ශ්‍රී දළදා මහෝත්සවය

    දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.

    ශ්‍රී දළදා මාලිගාව

    6976955.jpg


    ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.


    relic_casket.jpg


    දළදා මාළිඟාව කියා හදුන්වන්නේ දළදා වහන්සේ වැඩ සිටින සන්දිරයයි. දාඨා ධාතුව, දළදා ගේ, දළදා මන්දිරය, කියාද හදුන්වන්නේ මෙයයි.

    බුදුන් වහන්සේගේ දන්ත ධාතුව මෙහි තැම්පත් කර තිබෙන නිසා දළදා මාළිඟාය බොදු ජනයා හට ඉතා වැදගත් ස්ථානයකි. ලංකාවේ දළදා වහන්සේ විවිධ සතුරු උවදුරුවලින් ආරක්ෂා කිරීම සදහා විවිධ ස්ථානවලට ගෙන ගිය බව ඉතිහාසයේ දැක්වේ. මෙලෙස දළදාව ආරක්ෂා කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ දළදාව හිමි පුද්ගලයා මෙරට රජකමට උරුමකම් කිව යුතුයි යන අදහස ලාංකික සමාජය තුළ මුල් බැස ගෙන තිබු නිසාය. දළදාව ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.ව. 301-328 කිත්සිරි මේඝවර්ණ රජු රට කරවන කාලයේදීය. මෙසේ වැඩම කරවු දළදා වහන්සේ මැණික් කරඩුවක බහා ප්‍රථමයෙන් තැම්පත් කලේ දෙවැනි පෑතිස් රජු විසින් ඉදි කරන ලද ධම්මචක්ක නම් ගෘහය තුළය. එතැන් සිටන් එය "දාඨාධාතු ඝර " නම් විය. ලංකාවේ ප්‍රථම දළදා මාළිඟය ලෙස ගෞරවය ලබන්නේ මිහිඳු හිමි විසින් අනුරාධපුර නගරය මධ්‍යයයේ ඉදි කරනු ලැබූ දළදා මාළිඟාවයි. මේ අයුරින් අනුරාධපුරයේ ස්ථාන කීහීපයකම දළදා මාළිඟා ඉදි කළ බවට පුරා විද්‍යා සාක්ෂිවලින් ඔප්පු වේ.
    පොළොන්නරුව රාජධානිය කර ගත් පළමු වන විජයබාහු රජු දළදාවත් රැගෙන පොළොන්නරුවට ගියේය. දළදාව රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය ලෙස සලකන්නට පටන් ගන්නා ලදී. විනාශ වී ගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ රජු අද "අටදාගේ"නමින් හැදින්වෙන ගොඩනැගිල්ලේ දළදාව තැම්පත් කරන ලදී. ඉන් පසු මහා පරාක්‍රම බාහු රජු දළදා මාළිඟා තුනක් ඉඳි කළ බව කියවේ. ඉන් පසු කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු විසින්" හැටදාගේ" නමින් දළදා මාළිඟයක් කරණු ලැබූ බවද සඳහන් වේ.

    පොළොන්නරුවෙන් දඹදෙණියට

    තෙවැනි විජයබාහු රජු කොත්මලේ සඟවා තිබු දළදාව දඹදෙණියට ගෙන එන ලදී. නමුත් ආරක්ෂාව සඳහා බෙලිගල දළදා මාළිඟයක් සාදා එහි තැම්පත් කළේය. දෙවැනි පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1236-1290 කාළයේදී යළි දඹදෙණියේ රජ මාලිඟය අසළ දළදා මාළිඟයක් සාදා එහි දළදාව තැම්පත් කරන ලද අතර වසර 11 ට පමණ මෙහි දළදාව වැඩි සිටි සේක. ඉන් අනතුරුව දළඳාව යාපහුවේ වැඩ සිටි අතර යාපහුවේ දළදා මාළිඟය පොළොන්නරු සමයෙන් පසුව ඉදි කළ විශිෂ්ටතම මාළිඟාව ලෙස සැලකේ.

    දළදාව ගම්පොළට

    මේ කාළයේ දළදාව ගම්පොළ කිසියම් ස්ථානයක පිහිටි දළඳා මාළිඟයේ තැම්පත් කර ඇත.

    කෝට්ටේ හා මහනුවර යුගවල දළදාව.

    හය වන පරාක්‍රමබාහු රජු ඉදි කළ දළදා මාළිඟාව දළදාව වඩම්මවා, අනතුරුව මහනුවර දළදා මාළිඟාවට වැඩමවූ පසු එහි දෙමහල් හා තෙමහල් දළදා මන්දිරවල වරින් වර තැම්පත් කළේය.
    කාළයාගේ ඇවෑමෙන් මහනුවර දළදා වහන්සේගේ ස්ථිර වාසස්ථානය බවට මෙය පත් විය. ඉන් පසු දළදාව සිංහල බෞද්ධයන්ගේ ඉතා උසස් ආගමික පුද පූජා ඇතුළත් සංස්කෘතිකාංගයක් වූ පෙරහැරට සම්බන්ධ විය.



    අලුත් සහල් මංගල්‍යය

    සෑම වසරක ම දුරුතු පොහෝ දින දළදා වහන්සේ උදෙසා අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ. ශී‍්‍ර දළදා මාලිගාවේ පැරණි අටුව පිහිටා තිබුණේ ගුරු දෙණියේ කෙත්යායට යාබදවය. මහවැලි යෝජනා ක‍්‍රමයෙන් එම අටුව පිහිටි භූමිය ද යට වුණි.

    ඒ වෙනුවට කුණ්ඩසාලේ පල්ලෙකැලේ රජයේ ඉඩමකින් කොටසක් දළදා මාලිගාවට පවරා දී ඇත. වර්තමාන අටුව පිහිටා තිබෙන්නේ මේ ඉඩමේ ය. දළදා මාලිගාවට වාර්ෂිකව ලැබිය යුතු සම්බා සහ වෙනත් වී සහල් අස්වැන්න එහි තැන්පත් කැරේ.

    අලුත් අස්වැන්නෙන් ලැබෙන වී සහල් අවශේෂ විහාර හා දේවාලවලට බෙදා දීම ද සිරිතක්ව පවතී. ඒ අනුව ශී‍්‍ර දළදා මාලිගාවේ සිට පල්ලෙකැලේ අටුව දක්වා පෙරහරකින් ගමන් ගනී. දියවඩන නිලමේ, බස්නායක නිලමේවරු සහ වෙනත් නියෝජිතයෝ ද ඒ සඳහා සහභාගි වෙති. පෙරහර අවසානයේ නැටුම් හා බෙරවාදකයින් ගේ සංදර්ශනයකින් අනතුරුව කැවුම් කිරිබත් ආදියෙන් සංග‍්‍රහ කැරේ. ඉන්පසු අදාළ පාර්ශව ඉදිරියේ දළදා මාලිගාවේ ලේකම්වරයා විසින් බෙදිය යුතු සහල් ප‍්‍රමාණය කියවා බෙදා දීම සිදු කරනු ලබයි.

    මෙසේ බෙදා දුන් අස්වැන්න හේමකදක තබා රැගෙන යාම සිරිතකි. එසේ ගෙන එනු ලබන සහල්වලින් සේරු 80 ක් පමණ ගෙන පිළියෙල කරන දානය දළදා වහන්සේ උදෙසා පූජා කරති. මෙයද අතීතයේ පටන් පැවත එන චාරිත‍්‍රයකි.


    අලුත් අවුරුදු මංගල්‍යය

    දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් විශේෂයෙන් සකස් කරන ලද නැකැත් පත‍්‍රයකට අනුව අලුත් අවුරුදු මංගල්‍යය සිදු කැරේ. කිරි ඉතිරවීම, කිරි ආහාර සකස් කිරීම, ආහාර පූජාකිරීම, නානුමුර මංගල්‍යය එහි දී සිදු කැරෙන චාරිත‍්‍ර අතර ප‍්‍රධාන වේ. අවුරුදු දිනය බදාදාවක් නම් එදින නානුමුර මංගල්‍යය සිදු කෙරෙන අතර එසේ නොවේ නම් එලැඹෙන බදාදා දිනයේ නානුමුර මංගල්‍යය සිදු කැරේ. දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන පූජෝත්සව අතර අලුත් අවුරුදු මංගල්‍යය ද සුවිශේෂී වේ.


    කාර්තික මංගල්‍යය

    කාර්තික මංගල්‍යය පැවැත්වෙන්නේ සෑම වසරක ම ඉල් මාසයේ දී ය. එය දළදා වහන්සේ වෙනුවෙන් කැරෙන ප‍්‍රදීප පූජාවකි.

    කාර්තික මංගල්‍යය සඳහා සතර දේවාල හා අනෙකුත් සිද්ධස්ථානවලට තෙල් බෙදා දීම සිදු කරන්නේ දළදා මාලිගාව මඟින් නාථ දේවාල භූමියේදී ය. එසේ බෙදා දුන් තෙල්වලින් ප‍්‍රදීප පූජා පැවැත්වීම ඒ ඒ දේවාල හා විහාරස්ථානයන් හි නියමිත නැකැත් දින සුබ මුහුර්තියෙන් සිදු කිරීම සාමාන්‍ය සිරිත ය.

    ප‍්‍රදීප පූජාව කැති නැකතින් උපන් කතරගම දෙවියන් වෙනුවෙන් කැරෙන උත්සවයකැයි ද මතයක් පවතී.

    හින්දු ආභාෂය නිසා එවැනි විශ්වාසයක් ඇතිවූවා විය හැකි ය. එහෙත් බුදු සිරිතේ පූජා විධියක් ලෙස බොහෝ අවස්ථාවල ප‍්‍රදීපා ලෝකය පැවැත්වූ බව සඳහන් වේ. රාජාධිරාජසිංහ රජු ගේ කාලයේ දළදා වහන්සේ වෙනුවෙන් පහන් ලක්‍ෂයක් දල්වමින් ප‍්‍රදීප පූජා පැවැත් වූ නිසා මුලු නගරය ම ඒකාලෝක වූ බව පැවසේ. කාර්තික මංගල්‍යය ද දළදා වහන්සේ වෙනුවෙන් කැරෙන සාම්ප‍්‍රදායික පූජා චාරිත‍්‍රයකි.
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දළදා තේවාව

    dalada_maligawa_silver_door.jpg


    තේවාව පවත්වන අවස්ථා


    ►අලුයම තේවාව උදෑසන 5.30 සිට පෙ.ව 7.00 දක්වා

    ►දවල් තේවාව උදේ 9.15 සිට දවහල් 10.45 දක්වා

    ►සවස ගිලන් පස පූජාව සවස 6.30 සිට 8.30 දක්වා

    සවසට සිදුකරන ගිලන් පස පූජාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි. එනම් අඩහෝරාවක් පමණ කාලයක් තුළ ගිලන් පස පූජා දෙකක් පැවැත්වීමයි. එයට හේතු වී ඇත්තේද ඓතිහාසික සිදුුවීමකි. සම්ප‍්‍රදායකට අනුව එය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු දවස සිදුවූවකි. රජු දිනපතා සිරිතක් වශයෙන් දළදා වන්දනාවට පැමිණීම සිද්ධ කර ඇත.2 දිනක් දළදා වන්දනාව සදහා රජු පැමිණෙන විට කාලය ඉක්ම ගොස් තිබී ඇත.රජු ගේ ප‍්‍රමාද වීම ගැන එවකට තේවාවේ භාරකාරීත්වය දැරූ නායක හිමියන්ට දක්වා පණිවිඩකාරයෙකු යවා ඇති නමුත් ඒ වන විට සියලු තේවා කටයුතු නිමකොට ඇතුල් මාලිගය පවිත‍්‍රකොට සුවද දුම් අල්ලා සුවද පැන් ඉස අවසන් කර දොරවල් වැසීම සිදු කරමින් පැවතිණි. නායක හිමියන් පවසා ඇත්තේ රජු පැමිණියද තේවාව අවසන් කොට ඇතුල් මාලිගාවේ දොර වැසූ පසු කිසිදු හේතුවක් නිසාවත් නැවත එය විවෘත නොකළ යුතු බවකි. රජතුුමා පැමිණ එම කාරණාව සම්බන්ධයෙන් නොකිපී එතැන් පටන් ඉදිරියට දෙවන ගිලන්පස පූජාවක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස තේවාව භාර නායක හිමියන්ගෙන් ඉල්ලා සිටි අතර එයට අවසරය ලදෙන් එදා සිට අද දක්වාද එම චාරිත‍්‍රය ඉටු කරමින් අමතර ගිලන්පස පූජාවක් පවත්වනු ලබයි.


    අලුයම තේවාව

    අලුයම පූජාව සදහා සංසක්කාර මුහන්දිරම්ගේ අනුග්‍රහය ඇතිව පත් කරන ලද සිව්දෙනකු විසින් එම පූජාව පවත්වනු ලැබේ. මොවුන් ඉහළ කුලයන් නියෝජනය

    තේවාව සිදුකිරිමට පැමිණෙන පිරිස

    කරන පුද්ගලයන් විය. විශේෂයෙන් මොවුන් නියෝජනය කළේ ගොවිගම කුලයයි. ඓතිහාසික වාර්තාවලට අනුව පෙනී යන කරුණක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ සිදුකරන අභ්‍යන්තර කටයුතු භාරව උසස් හා පහත් ලෙස කොටස් දෙකකින් බෙදී සිටි බවය.මෙම බෙදීමට භික්ෂූන් වහන්සේලා අයත් වූ බවක් නොපෙනේ. භික්ෂුන් හැර සෙසු පුද්ගලයන් මේ යටතට ගැනෙයි. හේතුව සමාජයේ වැදගත් තැනක් එදා භික්ෂූන් වහන්සේට හිමිව තිබීමයි. භික්ෂූන් වහන්සේලාට අමතරව සෙසු පුද්ගලයන්ගෙන් බොහෝවිට දළදා වහන්සේට සමීප කටයුතු කිරීමට උසස් යැයි සම්මත කුලීනයන් යොදා ගත් බව පෙනේ. ඉහත උදෑසන පූජාවට යොදා ගන්නා වට්ටෝරුරාළ ගෙපරාල මෙන්ම මධ්‍යම පූජාව සදහා යොදාගන්නා කත්තිය රාළද ඉහළ කුලයකින් තෝරා ගනු ලබයි.


    දහවල් තේවාව

    දහවල් පූජාවේදී මුල්තැන් ගේ පිසින ලද ව්‍යංජන 32 (තිස් දෙකක්* සහිත දානය කත්තිය රාළ විසින් ඉහළ මාලයට ගෙනගොස් ගොවිරාලට භාර දෙයි .ඔහු විසින් එය භික්ෂූන්ට පිරිනමනු ලබයි. භික්ෂූූන් විසින් එය දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරනු ලබයි. එලෙස පූජා පවත්වන විටදී අඛන්ඩව බෙර වාදනයේ යෙදෙන පිරිසක් සිටී.


    හවස තේවාව

    හවස තේවාවද භික්ෂූන් ප‍්‍රමුඛ වට්ටෝරු රාළගේ ආධාර ඇතිව දොරවල් විවෘත කර හේවිසි හඬ මධ්‍යයේ සිදුකරනු ලබන්නේ ගිලන් පස පූජාවයි.


    භික්ෂුව හා තේවාව

    උදෑසන 05.15 පමණ හේවිසි කරුවෝ විසින් අලුයම් දුරය නම් ශබිද පූජාවක් අරඹයි. ඉන් පසුව තේවා කටයුතු පැවරී ඇති භික්ෂූන් වහන්සේ ලා හා තමන්ට අදාළ තේවා කටයුතු වලට ගමන් කරති. වැඩසිටින මාලිගාවේ හා පල්ලේ මාලේ යතුරු භාරව සිටිනනේ තේවාව භාර නායක තෙරුන්ය. චාරිත‍්‍රානුකූලව උන්වහන්සේගෙන් ලබාගන්නා පට ලේන්සුවක ඔතා යතුරු වට්ටෝරු රාළ විසින් මහත් ගෞරවයෙන් යුතුව උරහිස තබාගෙන පෙරටුව ගමන් කරනු ලැබේ. පසුව තේවාව භාර නායක හිමියන් වඩින අතර ඒ පසුපස දෙවන හිමියන් හාපල්ලේ මාලේ හිමියන් ගමන් කරයි. ඒ සැමට ඉදිරියෙන් පන්දම් කරු ගමන් කරයි. හේවිසි මණ්ඩපය කරා ගමන් කරන ගිහි පැවිදි පිරිස පා දෝවනය කොට ගෙන වැඩසිටින මාලිගාව ලගට පැමිණ යතුරු ලිහා පල්ලේ මාලේ යතුරු කට්ටලය පල්ලේමාලේ රාළට දීම සිදුකරනු ලබයි. ඉන් අනතුරුව දොරවල් විවෘත කර වැඩසිටින කුටියට ඇතුල් වේ.
    වැඩ සිටින මාලිගාවේ දොරවල් එකිනෙක ඇර ගන්ධ කුටියට ඇතුල් වී එහි ඇති ඝණ්ටාව නාද කිරීම සිදු කරනු ලබයි. අනතුරුව තේවාවේ යෙදෙන භික්ෂූන් වහන්සේලා පත්කඩ එලා දළදා වහන්සේට වන්දනා කොට තේවා කටයුතු ආරම්භ කරති. දුවිලි පිිස දැමීම, පහන් දැල්වීම ,ආසන මත තේවා උපකරණ පිළිවලකට තැබීම ආදිය ඒ අතර මුලින් සිදු කෙරෙයි. ගොවිරාළ විසින් බොලපැන සකස් කරන අතර අනතුරුව උණූ පැන් සහ සිසිල් පැන් කෙණ්ඩිවලට ලබා ගැනීමෙන් අනතුරුව සිරිත් පරිදි සිදුකරන තේවා කටයුතු ආරම්භ කෙරේ. මෙහිදී තේවා භාර හිමි වරු එකල අග‍්‍ර උපස්ථායක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකළ උපස්ථාන කටයුතු දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙයි. ඒ අනුව මූඛ දෝවනයට උණුපැන් පිළිගැන්වීම, දැහැටි පිළිගැන්වීම ,සිවුරු පිරිකර පිලිගැන්වීම , පාදෝවනය කිරීම,තෙත මාත්තු කිරිම ,පවන් සැලීම ,චාමර සැලිම ,ඝණ්ටාර පූජාව කිරීම, සුවද දුුම් ඇල්ලීම ,සුවද පැන් ඉසීම, මල් දැකුම් තැබීම ආදී කටයුතු රාශියක් තේවාව ලෙස සිදුකරයි, අනතුරුව බුද්ධ පූජා කටයුතු සිදුකරනු ලබන අතර හාල් සේරු තිස් දෙකක දානය හා ව්‍යංජන තිස් දෙකක් පූජා කරයි. දහවල් සිදුවන තේවා කටයුතු වලදී හැර අනෙක් අවස්ථා දෙකේදීම සියලු පූජා කටයුතු සිදු කෙරේ. සවස ගිලන්පස වර්ග දෙකක් සමග බුද්ධ පූජාව සිදුකරයි.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දළදා පෙරහැර මංගල්‍යය


    මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලත් දළදා මාළිඟාවත් එක්ව පවත්වන මහා පෙරහැර දළදා පෙරහැර නමින් හඳුන්වයි.

    දෙවියන් උදෙසා පැවැත්වු දේව පෙරහැරක් ලෙස පැවති මහනුවර ඇසළ පෙරහැර 18 වැනි සියවසේ මහනුවර රජ කල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කරන ලදී.

    කාරිය කරවන කෝරාළ

    ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.

    කුඹල් පෙරහැර

    පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැ‍රේ ලක්ෂණයයි.

    රන්දෝලි පෙරහැර

    පෙරහැරේ ගමන් කරන ඇතුන්

    z_p-01-Perahera.jpg


    රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.
    පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැද‍වා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.

    මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළ‍මේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.
    පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.

    001ec95974af0c2161284a.jpg


    ►කසකරුවෝ

    ►ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ

    ►කොඩි ගෙන යන්නෝ

    ►පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)

    ►හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )

    ►ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)

    ►ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව

    ►කාරිය කෝරාළ

    ►නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ

    ►කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)

    ►දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)

    ►වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ

    ►දියවඩන නිළමේ


    දළදා මාළිඟාවේ ‍පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර

    ►නාථ දේවාලයේ පෙරහැර

    ►විෂ්ණු දේවාලයේ පෙරහැර

    ►කතරගම දේවාලයේ පෙරහැර

    ►පත්තිනි දේවාලයේ පෙරහැර
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සිව් මහා දේවාල


    ශ‍්‍රී නාථ දේවාලය

    ad0908029-1.jpg


    ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළගැස්ම අනුව ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහරට පසුපසින් ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි.

    දළදා මාලිගය ආසන්නයේ පිහිටා ඇති මේ දේවාල ගොඩනැඟිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩනැඟිල්ලකි. ශ‍්‍රී දළදා මාලිගයටත් පෙර මෙම ගොඩනැඟිල්ල ඉදිකළ බව කියැවේ.

    සෙංකඩගල හා නාථ දේවාලය පිළිබඳව කියැවෙන අපූරු පුරාවෘත්තයකි. ගම්පොල රාජධානිය කොටගත් තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍ර.ව.1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා ජය භූමියක් සෙවීය.

    රාජපුරුෂයෝ ඒ සඳහා සුදුසු භූමියක් සොයා දෙන ලෙස සෙංකණ්ඩ නම් බමුණාගෙන් ඉල්ලා සිටියහ.

    එකල්හි සෙංකණ්ඩ බමුණා තමා සිටි ලෙන අසලින් ගල් කැට කිහිපයක් ගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබූ පඳුරකට වීසි කළේය. ඉන් සුදු සාවකු මතු විය.

    තවත් ගල් කැටක් වීසි කළේ ඉන් සිවලකු මතුවිණි. ඒ සිවලා විසින් හාවා ලුහුබඳිනු ලැබීය. හාවා තමා සැඟවී සිටි පඳුර අසල ගල්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලුහුබැන්දේය.

    මේ සිදුවීම ද, දළ කොටියකු විසින් ලුහුබඳිනු ලැබූ මුවකු මේ භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලුහුබඳින ලද සිදුවීමක් ද යන ආශ්චර්යමත් දේ මේ භූමියේ සිදු වූ නිසා එය ජය භූමියක් වශයෙන් නම් කළේය.

    මේ බව රජතුමාට දැන්වීමෙන් පසු එම භූමියෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ඉදිකළ බව කියැවේ. එම සෙංකඩ නම් බමුණා ගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් විය.

    චූල බෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජ දවස නාථ නම් බ‍්‍රාහ්මණයකු විසින් ගෙන එන ලද දෙතිස් පලරුහ බෝධීන්වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ වී යැයිද තවත් මතයක් වේ.

    මහනුවර රජවරු ඔටුණු පැළඳවීම, කඩු කරලීම සිදු කළේද නාථ දෙවියන් ඉදිරියේ ය. රජුට නමක් තැබීමේ දී පුස්කොළවල ලියන ලද නම් කිහිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනීම සිදු කෙරිණි.

    කප් සිටුවීමේ දී කපෙහි මුල් කොටස වෙන් කෙරෙනුයේ නාථ දේවාලයටය. දිය කැපීමේ මංගල්‍යයේ දී පළමුව ගැටඹේ තොටට බැසීමට අවසර ලැබෙන්නේ ද නාථ දේවාලයටය.

    කහ පැහැය නාථ දෙවියන් ගේ වර්ණය ලෙස පිළිගැනේ. දළ හංසයා රථය වශයෙන් යොදා ගැනේ.

    නාථ දේවාලයේ පෙරහර පෙළ ගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානවන ආකාරයට ය.



    විෂ්ණු දේවාලය

    ad0908029-2.jpg


    ඇසළ පෙරහරෙහි ගමන් ගන්නා දේවාල පෙරහර අතර දෙවනුව ගමන් කරන්නේ විෂ්ණු දේවාලයේ පෙරහරයි.

    දස අවතාරයෙන් පෙනී සිටිමින් සියලු ලෝ සතුනට සෙත ශාන්තිය සලසන විෂ්ණු දෙවියන් වෙනුවෙන් මේ දේවාලය කැප කර තිබේ.

    ගුරුලු වාහනාරූඪව වෙසෙන විෂ්ණු දෙවියන්, බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන බවත්, මතු බුදු බව ප‍්‍රාර්ථනා කරන බවත් බෞද්ධ ජනතාව විශ්වාස කරති.

    විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැප වූ ප‍්‍රධාන දේවාල කිහිපයක් දිවයිනේ පිහිටා තිබේ. කොළොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප‍්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලුත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැප වූ එවැනි පැරණි ම දේවාලයකි.

    මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැඟීමෙන් අනතුරුව එය මහ දේවාලය වශයෙන් හැඳින්වීය.

    පෙර රජවරුන් අභිශේක කිරීමෙන් පසු නළල් පටය බඳිනු ලැබීමේ චාරිත‍්‍රය ඉටුකරනු ලැබුවේ මේ දේවාලයේ සිට බව කියැවේ.

    ඇසළ පෙරහරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත්, පෙරහර අවසානයේ කැරෙන වලියක් මංගල්‍යය පැවැත්වෙන දේවාලය වශයෙනුත් විෂ්ණු දේවාලය සුවිශේෂී වේ.



    කතරගම දේවාලය

    ad0908029-3.jpg


    මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන් නමින් කැප වී ඇත. දාහතරවන සියවසේ දී පමණ ආරම්භ වූ බව සැලැකෙන මහනුවර කතරගම දේවාලය දහසය වැනි සියවසේ දී වඩාත් ජනපි‍්‍රය විය.

    කැති නැකතකින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප‍්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත.

    මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්ත වර්ණයෙන්, මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් මහා බල සම්පන්නයැයි විශ්වාස කැරේ. කාවාඩි නැටුම කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයක් අතර සුවිශේෂී වේ.



    පත්තිනි දේවාලය

    ad0908029-4.jpg


    ශී‍්‍ර දළදා මාලිගා චතුරශ‍්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලිවලින් එක් ගොඩනැඟිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලැකේ.

    පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස පූජෝපහාර ලබන පත්තිනි දේව මෑණියන් සත් වාරයක් ඉපදී ඇතැයි ජනප‍්‍රවාදයන්හි සඳහන් වේ.

    පත්තිනි යාදින්නෙහි දැක්වෙන ලෙස වරෙක ඇය ඉපදුණේ ජලයෙනි.

    තවත් අවස්ථාවක මලෙනි. තෙවනුව නයි කඳුලෙන් සහ සිව්වනුව කදුරු පොත්තෙනි.

    ඉන්පසු පිණි බිඳුවෙන් සහ හෙණයෙන් උපත ලැබූ ඇය අවසානයේ දී අඹයෙන් උපත ලැබීය.

    පත්තිනි දේව මෑණියන් ඇදහීමෙන් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත සැලසෙන බව විශ්වාස කැරේ. සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ඨ රෝග සුවපත් කර ගැනීමටත්, දරුවන් නොමැති අයට දරුවන් ලබා ගැනීමටත් බාර හාර වන උතුම් දේවතාවියක් ලෙස ද පත්තිනි දේව මෑණියන් සුවිශේෂී වේ.

    ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නේ පත්තිනි දේවාලයේ දේවාල පෙරහරයි.

    එම දේවාල පෙරහරේ ගමන් කරන ඇතා පිට බැඳි රන්සිවිගෙයි තැන්පත් කර තිබෙනුයේ රනින් නිමවූ පත්තිනි දේව මෑණියන් ගේ කුඩා ප‍්‍රතිමාවකි.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive