සිරා බන්, හොර මගුලක් හින්දා ඕක කරලා තියෙන්නේ කියන එක පැහැදිලි. ඔන්න බලපං, ක්‍රිශ් පෙරේරාටයි, මුගේ ගැනිටයි විතරයි කියල යන්නේ බ්‍රයන් තෝමස් හම්බ වෙන්න යනවා කියලා.ගෑනිට කියන එක සාමාන්‍ය දෙයක් කියමුකෝ ක්‍රිෂ් පෙරේරාට එහෙම කියන්නේ තියෙන හේතුව මොකක්ද? ඔතන ගැනී ඌයි දෙන්න එකතු වෙලා ගහපු මැච් එකක් කියලා ඕකෙන් පේනවා.
අනික මේ මැරුණ මිනිහාට පුච්චන්න සල්ලි තියෙද්දී, කෝටි ගානක් සල්ලි අරන් එන්න ගියා නම් ඇයි තනියම ගියේ? මුට පෞද්ගලික ආරක්ෂක අංශයෙන් අරන් යන්න පුළුවන් නේ.බ්‍රයන් තෝමස් මූට පොල්ල තිය තිය හිටිය එකෙක් හින්දා ඌ මුගෙන් ගත්ත කොටි 140 දෙන්න එන්න කියනකොට, සල්ලි ගන්න කනත්තට එන්න කියනකොටම අපිට උනත් සැකයක් එනවා නේ බන් ඕන තරම්.
අනික කොටි 140ක් මුගේ කාර් එකේ ඩිකියේ 5,000 කොළ වලින් දාන එන්න ගියොත් කොළ 280,000ක් තියෙනවා. එක වෙන්න බෑ නේ බන්. අනික මු වගේ සල්ලි කාරයෝ පස්සේ ඕන තරම් හොර සතුරෝ එන්න පුළුවන් හින්දා මු වගේ එකෙක් සල්ලි ගන්න ඔහොම නිකම් යන්නේ නෑ.
අපිම උනත් පාරේ යද්දී 100,000ක් වගේ අතේ තියෙනවා නම් කොච්චර පරෙස්සමෙන් ද බන් යන්නේ?
ඔය මරුන වෙලාව හවස 2-3 අතර කියන්නේ බොරැල්ල ඒරියා එකේ ට්‍රැෆික් තියෙන වෙලාව. ගෑනි ක්‍රිෂ්ට කෝල් කරලා බලන්න කියනකොට ක්‍රිශ් හිටිය තැනයි, ඌ බොරැල්ල කනත්තට ගිය ටයිම් එකයි බලන්න ඕන. ඒවාත් OK නම්
ඊළගට බලන්න ඕන මෙච්චර පෞද්ගලික ආරක්ෂක අංශයක් උන්ට තියෙද්දී ඇයි උන්ට කෝල් කරලා බොරැල්ල කනත්තට නොයවා, ක්‍රිෂ් කාරයා යැවුවේ බලන්න ඕන.