ශාෆ්ටර් ඝාතන අභිරහස

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ගැනිත් කොටු පනින කෙනෙක් නෙමේ බ්‍රෝ ඔය ශාෆ්ටර් සෙට් එකම මම දන්නවා
    මම පොර පන්නිපිටියේ හිටිය කාලේ ඉඳන් දන්නවා

    මේක තනිකර බැඳුම්කර කේස් එක සුද්ද කරන්න පොනිල් රවී ගහපු ගේම් එකක් වෙන්න ඕන
    Political connection thiyanawa matath hithuna. Man hithuwe wife gahapu gemak kiyala.
     
    • Like
    Reactions: siri_ayya and corp

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූව මරලා තියෙන්නේ කනත්තේදී වෙන්න බෑ. වෙන තැනක ගේම දීලා කනත්තට ගෙනල්ල දාන්න ඇති. අනිවා කුලී ගේමක්. තෝමස් ගේ ම වැඩක් වෙන්න ඕනේ :yes:
    තාජුඩීන්ට කරා වගේ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේකත් අර ප්ලේන් එකක් නැති වෙලා හොයපු ත්‍රෙඩ් එක වගේ වෙයිද දන්නෙ නෑ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෑනු කෙනා කරා කියලා මට හිතෙන්නෙ නෑ.
    බැඳුම්කර කේස් එක මේකට අදාළ නැතුව ඇති. මේ වගේ හයි ප්‍රොෆයිල් මනුස්සයෙක් ඝාතනය කරන්න ඕන වෙන්නෙ බැඳුම්කර සම්බන්ධව හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම් විතරනෙ.
    බ්‍රයන් තෝමස් වෙන සෙට් එකක් දම්මලා කරවන්න ඇති කියන එකට තමයි වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ.
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මහඋන්ගේ කතාවලට කට නොදා හිටු :nerd:
    කඩමණ්ඩිය පැත්තෙ හැරමිට්ටෙන් ගාටල කතා කරන්න ඕන ඕපදූප මේකෙ ද කතා කරන්නෙ හරි හරි එළ නාකි හුත්තෝ
     
    • Haha
    Reactions: siri_ayya

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සිරා බන්, හොර මගුලක් හින්දා ඕක කරලා තියෙන්නේ කියන එක පැහැදිලි. ඔන්න බලපං, ක්‍රිශ් පෙරේරාටයි, මුගේ ගැනිටයි විතරයි කියල යන්නේ බ්‍රයන් තෝමස් හම්බ වෙන්න යනවා කියලා.ගෑනිට කියන එක සාමාන්‍ය දෙයක් කියමුකෝ ක්‍රිෂ් පෙරේරාට එහෙම කියන්නේ තියෙන හේතුව මොකක්ද? ඔතන ගැනී ඌයි දෙන්න එකතු වෙලා ගහපු මැච් එකක් කියලා ඕකෙන් පේනවා.

    අනික මේ මැරුණ මිනිහාට පුච්චන්න සල්ලි තියෙද්දී, කෝටි ගානක් සල්ලි අරන් එන්න ගියා නම් ඇයි තනියම ගියේ? මුට පෞද්ගලික ආරක්ෂක අංශයෙන් අරන් යන්න පුළුවන් නේ.බ්‍රයන් තෝමස් මූට පොල්ල තිය තිය හිටිය එකෙක් හින්දා ඌ මුගෙන් ගත්ත කොටි 140 දෙන්න එන්න කියනකොට, සල්ලි ගන්න කනත්තට එන්න කියනකොටම අපිට උනත් සැකයක් එනවා නේ බන් ඕන තරම්.

    අනික කොටි 140ක් මුගේ කාර් එකේ ඩිකියේ 5,000 කොළ වලින් දාන එන්න ගියොත් කොළ 280,000ක් තියෙනවා. එක වෙන්න බෑ නේ බන්. අනික මු වගේ සල්ලි කාරයෝ පස්සේ ඕන තරම් හොර සතුරෝ එන්න පුළුවන් හින්දා මු වගේ එකෙක් සල්ලි ගන්න ඔහොම නිකම් යන්නේ නෑ.

    අපිම උනත් පාරේ යද්දී 100,000ක් වගේ අතේ තියෙනවා නම් කොච්චර පරෙස්සමෙන් ද බන් යන්නේ?

    ඔය මරුන වෙලාව හවස 2-3 අතර කියන්නේ බොරැල්ල ඒරියා එකේ ට්‍රැෆික් තියෙන වෙලාව. ගෑනි ක්‍රිෂ්ට කෝල් කරලා බලන්න කියනකොට ක්‍රිශ් හිටිය තැනයි, ඌ බොරැල්ල කනත්තට ගිය ටයිම් එකයි බලන්න ඕන. ඒවාත් OK නම්

    ඊළගට බලන්න ඕන මෙච්චර පෞද්ගලික ආරක්ෂක අංශයක් උන්ට තියෙද්දී ඇයි උන්ට කෝල් කරලා බොරැල්ල කනත්තට නොයවා, ක්‍රිෂ් කාරයා යැවුවේ බලන්න ඕන.
    koti 140 wage loku ganak cash walin genawada ban minissu.
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    ෂොප් එකක් කරනවා බන්. ඇයි ???


    ඔය මරණෙට බලපං මම හුනා කිව්වා වගේ කියන්නේ ගැනී, ක්‍රිශ් කරයි තමා අහු වෙන්නේ. උන් දෙන්න කරපු සුපිරි ගේමක්.
    Are You Working On 221B Backer Street?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටතට යන අවස්ථාවලදී ජංගම දුරකතනයේ තමා සිටින ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකම සිය බිරිය වන ටානි ෂමින්ට සහ සිය මිතුරා වන ෆැට්රික් ක්‍රිස් පෙරේරාට ඔහුව ඝාතනය වූ දිනට පෙරත් ලබා දී තිබුණේදැයි අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

    ඊට මුල් වී ඇත්තේ පැය භාගයකින් නැවත නිවෙසට පැමිණෙන්නේ යැයි කියා කොළඹ 07 මල් පාරේ පිහිටි නිවෙසින් පිටත්ව ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බව බිරිය ටානි ෂමින් සහ ක්‍රිෂ් පෙරේරා හඳුනාගෙන ඇත්තේ ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකමින් බව පවසා ඇති බැවිනි.

    මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සිය භාරයට ගෙන ඇති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය වෝහාරික විමර්ශනයකට ලක් කරමින් බිරිය සහ මිතුරාට එම පහසුකම මීට පෙර දී ඇති අවස්ථා ගණන පරීක්ෂාවකට කරමින් ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කරමින් දීර්ඝ ප්‍රකාශ ගෙන ඇතත් මෙතෙක් මෙවැනි ප්‍රශ්න කිරීමකට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මිතුරා වන ක්‍රිෂ් පෙරේරා මහතාව යොමු කර නැත. අපරාධකරුවන්ට ගොදුරු වී සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල කනත්තෙන් සොයාගෙන කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ක්‍රිෂ් පෙරේරා මහතාය. ඒ මහතාගෙන් බොරැල්ල පොලිසිය මූලික ප්‍රශ්න කිරීමක් මුල් අවස්ථාවේදී කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී ඒ මහතාගෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිටින්නේ තොරතුරු රැස් කරමිනි. දිනේෂ් ෂාෆ්ටර් මහතා ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතා මුණගැසීමට යන බව තමාට පැවසූ බව පොලිසියට පවසා තිබුණේද ක්‍රිෂ් පෙරේරාය. බ්‍රයන් තෝමස් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරමින් ඔහුගේ විදෙස් ගමන් තහනමක් පවා ගැනීමට විමර්ශන නිලධාරීන් විසින් පියවර ගන්නේ ඒ අනුවය.

    ක්‍රිෂ් පෙරේරා මහතා වත්තල හැඳල පදිංචිකරුවකු වන අතර වසර 19ක් දිනේෂ් ෂාෆ්ටර් මහතා සමීපයේ සේවය කළ අයෙකි. මේ වන විට ඔහුද සමාගම් අධ්‍යක්ෂවරයකු බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ විශ්වාසවන්තම සේවකයකු ලෙස කටයුතු කර ඇති ඔහුගෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතා ඇසුරු කළ පුද්ගලයන් සහ ඔහු ගනුදෙනු කළ අය ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ ඔස්සේ ඝාතකයාව පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනුයේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතියක් මේ වන විට ඇති බවය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරියගෙන් මේ වන විට ප්‍රකාශ ගෙන ඇති බවත් විමර්ශනවලින් පැනනඟින අලුත් කරුණු අනුව ඉදිරියේදීත් ප්‍රකාශ ගනු ඇති බවත් ඔහු පැවසීය. ඒ හැරුණුකොට තව අයගේ ප්‍රකාශ ගැනීමටද පියවර ගනු ඇති බවද ඔහු කීය.

    දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාළව දැනට පුද්ගලයන් 50 දෙනකුගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ ගෙන තිබේ. ප්‍රකාශ 42ක්ම ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම වන අතර ප්‍රකාශ 08ක් ගෙන ඇත්තේ බොරැල්ල පොලිසිය මඟින් බව නිහාල් තල්දූව මහතා පැවසීය.

    “තවමත් ඍජුවම සැකකරු මෙයා කියල හඳුනාගෙන නැහැ. සැකයන්ට විවිධ පුද්ගලයන් භාජන වෙනවා. පුළුල් දැක්මක් සහිතවයි විමර්ශන සිදු වෙන්නේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විමර්ශන සිදු වෙනවා.“ යැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙතෙක් නිශ්චිතව අපරාධකරු හඳුනාගෙන නැති බවත් සැකයට ලක් වන අයට එරෙහිව සාක්ෂි ලද වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය පොලිසියට පවසා ඇත්තේ ඔහු සිය නිවෙසින් පිටව යන්නේ පැය භාගයකින් නිවෙසට පැමිණෙන බව පවසමිනි. ඒ ගොස් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතා ගමන් කළ මෝටර් රථය පොලිසිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් ආහාර නිකුත් කිරීමේදී ආහාර බහා දෙන කවරයක් හමු වී ඇත. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ එම බෑගය දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර බහාලන බෑගයක් බවය.

    පැය භාගයකින් නිවෙසට එන බව කියා නිවෙසින් පිටත් වූ ඔහු සිය ගමනාන්තය වූ බොරැල්ල සුසාන භූමිය ආසන්නයේ ස්ථානයකින් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර වේලක් රැගෙන යෑම කෙරෙහිද විමර්ශකයන්ගේ විශේෂ අවධානයකට යොමු වී තිබේ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ උකුසු ඇස් යොමු වී ඇත්තේ එදා ඔහු කනත්තේදී හමුවීමට ගිය පුද්ගලයා කවුරුන්දැයි කියාය. එම පුද්ගලයාව නිශ්චිත ලෙස සාක්ෂි සහිතව හඳුනා ගත් විට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය තවදුරටත් අබිරහසක් නොවනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පැය 24 පුරාම මේ ඝාතන අබිරහස විසඳීමට කැපවී කටයුතු කරන බවය.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    දැන් මේ ටික මිඩියා කට්ටිය හම්බකරගන්නෙ ඔකෙනුයි අයිස් වලිනුයි අප්පිරියයි කිසිම ස්ද්චාරයක් නැ
    නිකන් ඉලෙක්ෂන් news වගේ
    badu mila, uddamanaya dannenne naha sinhalunta,
    nirwindanaya wela.........
     
    • Like
    Reactions: hacker T

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    umbala okata ochara kalapana karanna oni na ban..balapan wena dewal ekka teruma ganna tiyenne simple deyakne..moka kalath sakkiyak nathuwa miniyak maranna baha..policiya kiyanne marapu tana kisima sakkiyak nahalu..boru bailane ban..ape policiya marama dakshi..oni case ekak hoyanna puluwan kauruth ata danne nathnam..amtaka karanna epa machan marunu manussaya badumkara case eke pradana sakkikarayek
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    benedict cumberbatch tea GIF by BBC
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මූව මරලා තියෙන්නේ කනත්තේදී වෙන්න බෑ. වෙන තැනක ගේම දීලා කනත්තට ගෙනල්ල දාන්න ඇති. අනිවා කුලී ගේමක්. තෝමස් ගේ ම වැඩක් වෙන්න ඕනේ :yes:
    Wire වලින් හිරකරල... ගැට ගහල මරන්න හොද හයියක් තියෙන්න ඕනෙ
    එක්කො හිට් මෑන්ස් ගේමක්
    නැත්නම් වයිෆ් වෙල්ප්ලෑන් ගේමක් පොඩ්ඩක් අවුල් SMS යවන්නෙ සිද්දිය වුනාට පස්සෙ
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මේකේ ගොඩක් අමුතු දේවල් පොලිසිය කියන්නේ

    පොර ගෙදරට පැය භාගෙන් එනවා කියල පිටත් වෙන්නේ
    මග යනගමන් ෂෝට් ඉට්ස් කඩේක නවත්තනවා
    දෙන්නෙක්ට හරියන මල්ලක් හම්බවෙන්නේ - එතකොට කඩේ බැග් තිබ්බ විදිහ වෙන්නත් පුළුවන්
    කෙලින්ම ගිහින් තියෙන්නේ කනත්තට
    එක ඇතුලට වාහන ගන්න දෙන්නෙත් නැහැ
    ඉබේම අත බඩ ගැට ගහල, බෙල්ල ගැට ගහගෙන තනියෙම මැරිලා


    බ්‍රයන් තෝමස් ගෙදරින් එලියට බැහැල නැහැ, පොර ගිහින් තනියෙම මරල නැහැ, සිඟිති ආතල්
    ෆෝන් එකෙන් බ්‍රයන්ට එන්න කියල පණිවිඩයක් ගිහින්
    පට්ට ආතල් දෙන්නේ

    ලංකා පොලිසිය එක්කෝ බ්‍රයන් ගෙන් සල්ලි අරන්
    එහෙම නැත්නම් දේශපාලන බලවතෙක් වැඩේ පස්සේ ඉඳන් පොලිසිය මෙහෙයවනවා

    අන්තිමට කොහෙවත් නැති එකෙක් අල්ලයි වැඩේට

    කොටු පැනපු සින් එකක් තිබ්බනම් වයිෆ් අනිවා මේක වයිෆ් කරා වෙනවා

    පට්ට
    ෂක බුම්

    කෝටි 160 බ්‍රයන් බම්ප්
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,066
    113
    එයාලම ප්ලෑන් කරල ගහපු ගේම් එකක් ඕනවට වඩා දුර ගියා වෙන්න බැරිද? ඕවර් ඇක්ටින් නිසා... ඇයි එහෙම කරේ කියන එකට හේතු හැටියට සමහර විට.. බ්‍රයන්ගෙන් එන්න තියන සල්ලි පරක්කු වෙන එකට අධිකරනෙට ඒත්තු ගන්නන්නත් වෙන්න පුලුවන්.. මොකද ඇන්ට්රිය දාල අවුරුදු 2කට පස්සෙ බ්‍රයන් අත්අඩංගුවට ගන්නෙත්.. මුදල් සම්බන්ධ නඩුවක් නං කොහොමද කියල කියන්න ඕන නැහැනෙ අමුතුවෙන්.. නඩුවට උසාවියේ අවධානය ගන්න කරපු දෙයක් දුර දිග ගියා වෙන්න බැරිද?