සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

    මේක නම් හිතාගන්න බැරි උනත් ඇත්ත සීන් එකක්, මෙච්චර විස්තරයක් නම් දැනගෙන හිටියේ නෑ , දන්නේත් නෑ.. හැබැයි දැනගන්න වටින දෙයක්. මේ තියෙන්නෙ ඇත්ත නම් , අපි මේ අපරාදෙනේ මේ ප්ලේයර්ල්ස් ලව ලෙජන්ඩ්ස් ලා කියලා හිතගෙන ඉන්නේ.....


    ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම කාගෙ තීරණයක්ද ?

    ආන්ජලො මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රීකට් ඊළග නායකයා කිරීම කාගෙ තීරණයක්ද ?

    ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩා ගිවිසුම් සදහා ලබා දෙන මුදල් අඩු කිරීමට උත්සාහ කල අවස්තාවේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකර සිටිම කාගෙ තීරණයක්ද ?

    මේ සියලුම ප්‍රශ්න සදහා පිළිතුර එකකි. නමුත් ශ්‍රී ලංකා රසිකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන නමකි ඒ..

    චාලි ඔස්ටින් ?
    ඔබ අසා තිබෙනවාද ?

    ඔව්. ශ්‍රී ලංකාවේ පවා නොසිට ශ්‍රී ලංකා ක්‍රීකට් පාලනය කරනා ශ්‍රී ලංකා ක්‍රීකට් "ගොඩ් ෆාදර්" චාලි ඔස්ටින් .

    ඉහත සෑම ගැටලුවකටම පිළිතුර චාලි ඔස්ටින්.

    එංගලන්තයේ ජීවත් වන හම සුදු මිනිසෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අර්ජුණ රණතුලංග ලා තිලංග සුමතිපාල ලාටත් වඩා බලපෑමක් කල හැකි බව අපගේ රසිකයන්ට සුරංගනා කතාවක් බදු වේවි.

    නමුත් රසිකයන් නොදන්නා, ක්‍රීකට් පාලනාධිකාරියට මහා හිසරදයක්ව පවතින ශ්‍රී ලංකා ක්‍රීකට් ගොඩ් ෆාදර් , යටිකූට්ටු උගුල් පියා චාලි ඔස්ටින් පිළිබදවයි මේ සටහන.

    චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට හදුන්වා දෙන්නෙ කුමාර් සංගක්කාර.
    චාලි ඔස්ටින් කුමාර් සංගක්කාරගේ කළමනාකරු ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩාවට මැදිහත් වන්නෙ.

    ඉන්පසු සංගාගේ අතිජාත මිත්‍ර මහේල සමග ගිවිසුම්ගතව මහේල ගේද කළමනාකරු බවට චාලි ඔස්ටින් පත්වනවා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් පසු ලසිත් මාලිංග සමගද සිය ගිවිසුම් අත්සන් කරනා චාලි ඔස්ටින් , ක්‍රමයෙන් සංගක්කාර සහ මහේල භාවිතා කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහො ක්‍රීඩකයන් ගිවිසුම් ගත කර ගන්නවා.

    මේ අතර යොවුන් ක්‍රීඩක ඇන්ජලො මැතිවුස් ද සිටියා.
    කණ්ඩායමේ අනෙක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා තිලකරත්න දිල්ශාන් ද සිය යටතට ගැනීමට ඔස්ටින් සැලසුම් කලත් දිල්ශාන් එය ප්‍රතික්ෂේප කරනවා. තිලකරත්න දිල්ශාන් සමග චාලි ඔස්ටින් ගේ වෛරය ඇරබෙන්නෙ එතැන් සිටයි.

    ඉන් පසුව තිලකරත්න දිල්ශාන්ට එල්ල වූ තරග පාවා දීමෙ චෝදනා සියල්ල චාලි ඔස්ටින් ගේ මොළයෙන් ක්‍රීයාත්මක කල උගුල් යැයි කිවෝත් ඔබ පුදුම වේවි. (මේ පිළිබද එකල ඉංග්‍රීසි වෙබ් අඩවි වල පලවු වාර්තා සාක්ෂි වශයෙන් කමෙන්ට්ස් තීරුවෙ ඉදිරිපත් කර ඇත)

    නමුත් කෙසේ හෝ තරග පාවා දීමෙ චෝදනාවෙන් ගැලවුනු දිල්ශාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වනවා.

    එතැන් සිට සිය ක්‍රීඩකයන් දෙදෙනා වන මහේල සංගා භාවිතා කරමින් චාලි ඔස්ටින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග පරාජය කිරීමට භාවිතා කරනවා.

    ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආදිපත්‍ය තමන් සතු කර ගැනීමට තමන් සතු ක්‍රීඩකයෙකු වන ඇන්ජලො මැතිවුස් ට මීළග නායකත්වය ලැබිය යුතු බව සිතනා ඔස්ටින් සිය සැලසුම සාර්ථක කර ගැනීමට භාවිතා කරන්නෙ මහේල ජයවර්ධනයි..

    දිල්ශාන්ට නායකත්වය අහිමි වන්නෙත් , ඇන්ජලො මැතිවුස් ට නායකත්වය හිමි වන්නෙත් එලෙසයි.

    දිල්ශාන් ට සංගා මහේල ඇතුලු කණ්ඩායමේ සහය නොලැබීම නිසා ඔහු නායකත්වයෙන් ඉවත් වූ පසු කෙටිකාලීනව මහේල නායකත්වය භාර ගන්නෙ මහේලගෙන් පසු නායකයා ආන්ජලො මැතිවුස් විය යුතුයැයි ශ්‍රී ලංකා ක්‍රීකට් බලධාරීන් සමග එකගතාවයකට පැමිනීමෙන් අනතුරුවයි.

    මේ ශ්‍රී ලාංකික රසිකයන් නොදන්නා , එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා චාලි ඔස්ටින්ගේ හපන්කම් කිහිපයක් පමනි.

    වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් විස්සක් චාලි ඔස්ටින් සමග ගිවිසුම්ගතවය.

    චාලි ඔස්ටින් ප්‍රතික්ෂේප කරනා ක්‍රීඩකයන්ට නායක ඇන්ජලො යටතේ ක්‍රීඩා කිරීමට වරම් නොමැත.

    ධණංජය ද සිල්වා ට සිදු වූයෙ කුමක් දැයි මා ඔබට නොකියමි. 2016 වර්ෂයේ සාර්ථකම පිතිකරුවාගේ ස්ථානය වෙනස් කොට තරගයක් අසාර්ථක වූ සැනින් ස්වාභාවික සේ පෙන්නා එලියට ඇද දැම්මේ චාලි ඔස්ටින් මාෆියාවයි..

    වත්මන් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල , දිනේෂ් චන්දිමාල්, ඇන්ජලො මැතිවුස්, ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයන් විස්සක් චාලිගෙ යටතේය.

    ඇන්ජලො මැතිවුස් සමග පරහක් නොතිබුනා නම් දිනේෂ් චන්දිමාල් කෙතරම් අසාර්ථක වුවත් එලියට විසි වන ක්‍රීඩකයෙක් නොවෙ. ඇන්ජලෝ හරහා චාලි ඔස්ටින් ට චන්දිමාල් කණ්ඩායමේ තබා ගැනීමට තිබිනි.

    උපුල් තරංග එලියට විසි නොවීමට හේතු දෙකක් තිබෙ. එකක් ඔහු අසාර්ථක නොවීමයි. අනෙක චාලි ඔස්ටින්ගේ දකුණු අත සංගක්කාර උපුල් ගේ මිත්‍රයෙකු වීමයි. එසේත් නොමැති නම් ආන්ජලො මැතිවුස් හෝ චාලි ඔස්ටින් උපුල් තරංග කණ්ඩායමෙ සිටිනවාට ප්‍රිය නොවේ.

    අපක්ෂපාතීව බැලු විට වත්මන් කණ්ඩායමේ සත්‍ය මෙයයි.

    මේ කිසිවක් බොහො රසිකයන් නොදන්නා අතර ඔහුන් සිතන්නෙ හොදම ක්‍රීඩකයන් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

    එනමුදු එදා අර්ජුණට පාලනය කර ගත නොහැකි වු , අද තිලංග සුමතිපාලට සමගියෙන් කටයුතු කිරීමට සිදුව තිබෙන චාලි ඔස්ටින් සාධකය ඒ තරම් ප්‍රබලව ක්‍රීයාත්මක වේ.

    චාලි ඔස්ටින් එක්වරම කරලියට පැමිනෙන්නේත් ඔහු ගැන මෙම සටහන ලිවීමට මා පෙළබෙන්නෙත් මාධ්‍යයන්හි පලවූ වාර්තාවක් නිසාය.

    "සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (02) පැවති තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ලක්ෂාන් සඳකැන් එම තරගයට සභාගිවීම වළක්වාලීමේ උත්සාහයක් පැවති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයෙකු nethnews.lkවෙත කරුණු අනාවරණය කළා.

    ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකාරීත්වය දරන විදෙස් පුද්ගලයෙකු මෙම උත්සාහයේ නිරතව තිබෙනවා.

    ඔහු ලක්ෂාන් සඳකැන් වෙනුවට තමන් කළමනාකරු ලෙස කටයුතු කරන වෙනත් ක්‍රීඩකයෙකු තරගයට එක්කිරීමට ඔහු බලපෑම් කළ ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ උපදෙස් මත ලක්ෂාන් සඳකැන් තරගයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයා සඳහන් කළේ"

    මේ විදෙස් පුද්ගලයා කවුරුන්දැයි දැන් නම් ඔබට සිතා ගත හැකිය.
    ඔව් ඒ චාලි ඔස්ටින්.

    කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික කළමනාකරුවෙකු කණ්ඩායමේ තේරිම් කරන්නෙ කොහොමද ?

    ඔබට හිතෙනවා ඇති.

    චාලි ඒ බලපෑම කරන්නෙ කණ්ඩායම් නායකයා මැතිවුස් හරහා. මැතිවුස් ටත් නායකත්වය ලැබුනේ චාලි ඔස්ටින් නිසා.

    මැතිවුස් සදකැන් ට චාලි කළමනාකරු කර ගන්නා ලෙසට උපදෙස් දුන්නත් තමන්ගෙ මුදල් වලින් කොටසක් වෙන කෙනෙකුට දෙන්න අකමැති නිසා ලක්ෂාන් එය ප්‍රතික්ෂේප කරනවා.

    ඉන්පසුව සදකැන් ගෙන් පලිගැනීමට මැතිවුස් යොදාගෙන ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට චාලි සුදානම් වනවා .
    නමුත් සනත් ජයසූරීයගේ කොන්ද නිසා ලක්ෂාන් තරගයට ක්‍රීඩා කරනවා. තරගයෙ වීරයා වෙනවා.

    මුදල් සහ බලය නිසා මේ විදේශිකයා ශ්‍රී ලංකා ක්‍රීඩාවට සිදු කරනා විනාශයේ පරිමාව ඔබට පෙනෙනවාද ?

    මේ පිළිබවද ඔබ නොදැන සිටි නිසා මේ සියල්ල සුරංගනා කතා ලෙස පෙනෙනවා නම් මම යෝජනා කරනවා ඔබට කමෙන්ට් තීරූවෙ ඇති ඉංග්‍රීසි වෙබ් අඩවි වල පල වූ ලිපි කියවා පැමිනෙන ලෙස.

    වික්ට්‍රී ඉන්දීය චිත්‍රපටයේ විජේ ශේකාවත් ට ඔහුගේ කළමනාකරු සිදු කල විනාශයම චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩකයන්ට සිදු කරමින් සිටිනවා.

    තමන් පාලනයේ තබා සිටිනා සියලු ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් ට්විටර් ආදි ගිණුම් වලත් පාලනය තබා ගෙන සිටිනා චාලි ඔස්ටින් , ඔහුට විරුද්ධව කතා කිරීමට උත්සාහ දරනා මාධ්‍යවේදීන්ද මර්ධණය කිරීමට උත්සාහ කරමින් සිටි.

    චාලි පිළිබද පුවත්පතකට ලිපියක් ලිවීමට උත්සාහ කල මාධ්‍යවේදියෙකුට රැකියාව අහිමි වන්නෙ එලෙසිනි

    පලමු මට්ටමේ සුපිරීතම ක්‍රීඩකයන් සියල්ල චාලි විසින් බිලි බා ගෙන අවසන් නිසා පාලකයන්ට සිදු කල හැකි දේ ඉතා අවමයි..

    මොහොතක් සිතන්න.

    2016 වසරෙ හොදම පිතිකරු ධණංජය ද සිල්වා කෝ ?

    ලක්ෂාන් සදකැන් ඊළග තරගය ක්‍රීඩා කලත් ඔහු කණ්ඩායමෙන් විසි වන දිනය මෑතක නොවෙද ?

    එක තරගයක් අසාර්ථක වූ පමණින් ලක්ෂාන් කණ්ඩායමෙන් ඉවත් නොවේවි යැයි ඔබ සිතනවාද ?

    ශ්‍රී ලංකා රසිකයන් පුරාවෘත්ත ඝනයෙහි ලා ගරු කරන සංගා - මහේල ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට රෝපණය කර ඇති පිළිලයේ තරම වැටහෙනවාද ?

    අප ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයට විරුද්ධ ඔහුගේ ආගම ජාතිය මත නොවේ.
    අප චමින්ද වාස් ලාට , රසල් ආර්නල්ඩ් ලාට , මුරලි ලාට අතිශය ආදරය කරමු.

    නමුදු ආන්ජලෝ දේශපාලකයන් , චාලි ඔස්ටින් ලා සමග ඩීල් දමා මේ විනාශ කරන්නෙ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවයි.

    දයාසිරි ජයසේකර ඇමතිතුමනි,

    බඩට නම් ඕනෑ දෙයක් කරගත හැක.

    නමුත් හැකි නම් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවේ පිළීකාව චාලි ඔස්ටින් ක්‍රීඩකයන්ගෙන් ඉවත් කර තේරීම් කමිටුවට නැවත බලය ලබා දෙන්න

    දේශපාලකයන්ගෙන් , ක්‍රිඩා සමාජ වලින් , පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් වලින් එල්ල වන බලපෑම් වලට නොසැලෙන තේරීම් කමිටුව සහ නායකයෙක් පත් කරන්න.

    ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට බඩ අඩු කර ගැනීමටත් වඩා අත්‍යවශ්‍යම එයයි.

    ------------------------------

    ඇයි ඉතින් මෙයාට මෙච්චර පවර් එකක් හම්බෙන්නේ, මේක ඇත්ත නම් ඇයි මැනේජර් කෙනෙක්ගෙ සීමවන් ගැන නීතියක් වත් නැතිද.. මාලිංගට කට වහගන්න කීව වගේ, මැනේජර්ලටත් නීතියක් නැතිද ?

    ඉස්සුවෙ මෙතනින්-
    https://www.facebook.com/DieHardSLf...9063338873401/319173108529089/?type=3&theater
     
    • Like
    Reactions: techytee

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉතින් ඔය සනත්ට තියෙනව කියෙන කොන්දෙන් ඔය චාලි චැප්ලින්ට ගේමක් දෙන්න බැරිද
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දේශපාලුවන් හා ඊට ඈදිච්චි අම්බරුවන් විසින් ලංකා මාතාව ගණිකාවක් කළා පමණක් නොව, එක එක නොරටුන්ට ද ඇය සමග නිදිවදින්න ආරාධනා කරන සමයක, යාන්තමින් හරි ලංකාවට කීර්තියක් ගෙන ආ අපේ කාලයේ විරුවන් වූයේ දෙකොට්ඨාශයකි... එක කොට්ඨාශයක් වූයේ අපේ රණවිරුවන්ය.... මේ වන විට ඔවුන්ගේ කීර්තිනාමය විනාශ කර ඔවුන් පඹයන් බවට පත් කර අවසානය.... දෙවැනි කොට්ඨාශය වූයේ කි‍්‍රකට් කී‍්‍රඩකයින්ය... මේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් අනාථයින් කිරීමේ අවස්ථාවයි.... එදා මෙදා සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයින් සදාතනික වීරයින්ය.... මන්ද යත් ඔවුන් රටට කීර්තිය ගෙන ආ වාර ගණන අන්නතය.... ලංකාව ලෝකයට සුපිරි වූයේ කි‍්‍රකට්වල දී පමණි.....

    වැඩියෙන්ම දුක රටට කීර්තියක් ගෙන ඒමට නොහැකිකම නොව, එහෙම බැරි නම් අඩුම තරමේ කටයි පුකයි වහගෙන ඉන්න බැරි එක ගැනය....


     
    • Like
    Reactions: ruwanfer

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන උට්ටක්ද බන් මේක කියෙව්වම බය හිතෙනවනේ හොරර් ස්ටෝරි එකක් වගේ
    :baffled::baffled::oo::oo:
     

    IslandFan

    Active member
  • May 23, 2017
    183
    66
    28
    අනෙ නිකන් පලයන් බන් යන්න උඹල මේ ඇත්ත වගේ බොරු කෙප්පවල් දානවා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මොන උට්ටක්ද බන් මේක කියෙව්වම බය හිතෙනවනේ හොරර් ස්ටෝරි එකක් වගේ
    :baffled::baffled::oo::oo:

    :shocked::shocked: එකනේ බන් ...මේවා ඇත්ත ද කියලා කව්ද බන් දන්නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,974
    1,233
    113
    නුවර
    දේශපාලුවන් හා ඊට ඈදිච්චි අම්බරුවන් විසින් ලංකා මාතාව ගණිකාවක් කළා පමණක් නොව, එක එක නොරටුන්ට ද ඇය සමග නිදිවදින්න ආරාධනා කරන සමයක, යාන්තමින් හරි ලංකාවට කීර්තියක් ගෙන ආ අපේ කාලයේ විරුවන් වූයේ දෙකොට්ඨාශයකි... එක කොට්ඨාශයක් වූයේ අපේ රණවිරුවන්ය.... මේ වන විට ඔවුන්ගේ කීර්තිනාමය විනාශ කර ඔවුන් පඹයන් බවට පත් කර අවසානය.... දෙවැනි කොට්ඨාශය වූයේ කි‍්‍රකට් කී‍්‍රඩකයින්ය... මේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් අනාථයින් කිරීමේ අවස්ථාවයි.... එදා මෙදා සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයින් සදාතනික වීරයින්ය.... මන්ද යත් ඔවුන් රටට කීර්තිය ගෙන ආ වාර ගණන අන්නතය.... ලංකාව ලෝකයට සුපිරි වූයේ කි‍්‍රකට්වල දී පමණි.....

    වැඩියෙන්ම දුක රටට කීර්තියක් ගෙන ඒමට නොහැකිකම නොව, එහෙම බැරි නම් අඩුම තරමේ කටයි පුකයි වහගෙන ඉන්න බැරි එක ගැනය....


    වැඩියෙන්ම දුක රටට කීර්තියක් ගෙන ඒමට නොහැකිකම නොව, එහෙම බැරි නම් අඩුම තරමේ කටයි පුකයි වහගෙන ඉන්න බැරි එක ගැනය....:yes::yes::yes:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Meke podi podi aththa wage kali athi.....eth mata hithenne...hariyata danne nathi journalist kenek hadapu surangana kathawak kiyala....
    Arjuna giye yanta harima kaale....Arjunaya oya katawath baya na...(ekale..)2000he South Africa test series eke Arjuna giye....Malingaya test nawaththuwe 2010 India series eke murali giya match eken passe injured una hinda...e match eka gahuweth henama kalekata passe....Malingaya uge action eka hinda kakule wilube,manik katuwe injury awilla uta aya gahanta bari wei kiyalama hithuwe 2008te mula idala...uwa godaganta mulika adi thalama damme Marage doca Eliyantha white.....kohomath malingayata ODI wala overs 10th dana ekath amarui....ithin mona testda......
    Oya okkoma aul awe dan auruddak ekahamarak withara idala Mathews uge captaincyata gahanta wena player kenek team eke na kiyala hithagena hariyata ara MARA anthima kale hitiya wage wada karanta patan gaththa eken....u Anjelow Perera wage halparuwo team ekata genta hadapu eka wage wada...Roshen de silva kapanawa wage wada.. .
    Sandakanwa danta baya u lakunu leak karana hinda...mathews bayay lakunu leak karanta...u attaking captain kenek newei...hena udaseena defensive captain kenek....
    Dananjaya ODI walata select karapu eka aparade...u CT pak match eke 0ta giya ekai..Bangaliyoth ekka paraduna match eke oonama welawe 0ta giya ekai hinda wage thama kapune....uta 1st bangali test eka hambune naththe 1st match eke Asela gunarathne,Dikwallawa test walata daala experiment karapu hinda.....

    Mata therena widihata SL cricket wala inna lokuma bahirawaya Thilanga Sumathipala.. ....:confused:


    Mata hithena hati.....:baffled:
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දේශපාලුවන් හා ඊට ඈදිච්චි අම්බරුවන් විසින් ලංකා මාතාව ගණිකාවක් කළා පමණක් නොව, එක එක නොරටුන්ට ද ඇය සමග නිදිවදින්න ආරාධනා කරන සමයක, යාන්තමින් හරි ලංකාවට කීර්තියක් ගෙන ආ අපේ කාලයේ විරුවන් වූයේ දෙකොට්ඨාශයකි... එක කොට්ඨාශයක් වූයේ අපේ රණවිරුවන්ය.... මේ වන විට ඔවුන්ගේ කීර්තිනාමය විනාශ කර ඔවුන් පඹයන් බවට පත් කර අවසානය.... දෙවැනි කොට්ඨාශය වූයේ කි‍්‍රකට් කී‍්‍රඩකයින්ය... මේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් අනාථයින් කිරීමේ අවස්ථාවයි.... එදා මෙදා සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයින් සදාතනික වීරයින්ය.... මන්ද යත් ඔවුන් රටට කීර්තිය ගෙන ආ වාර ගණන අන්නතය.... ලංකාව ලෝකයට සුපිරි වූයේ කි‍්‍රකට්වල දී පමණි.....

    වැඩියෙන්ම දුක රටට කීර්තියක් ගෙන ඒමට නොහැකිකම නොව, එහෙම බැරි නම් අඩුම තරමේ කටයි පුකයි වහගෙන ඉන්න බැරි එක ගැනය....



    :yes::yes::yes::yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :shocked::shocked: එකනේ බන් ...මේවා ඇත්ත ද කියලා කව්ද බන් දන්නේ

    ane manda ban...
    uge photo ekak wath tibba nam sure karanna tibba.
    photo ekak wath nane..
    habai net eke gahuwama nam enawa wistara
    attha wenna puluwan ban.
    godak articles tiyenawane uge seen gena..
    :shocked::shocked::shocked:

    ps : ammatasiri uge photo tiyenawane.
    :shocked::shocked::shocked:
    uge tiyena photo tika cricket seen tamai..
    meka atthak wenna puluwan..
     
    Last edited:

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මොකාද බන් මේ ඔස්ටින්...දැන් එතකොට ලංකාවෙ ක්‍රිකට් පාලනය කරන්නේ ඌ නම් මොකටද බන් කෝටි ගනන් ගෙව ගෙව ක්‍රිකට් බෝඩ් 1ක් තියන් ඉන්නේ..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කළමණාකරුවන් ගැන හොඳ හොඳ කතා ඉදිරියේදී කරලියට එනු ඇතැයි අපි බලා සිටින්නෙමු. එවිට, දක්ශතම ක්‍රීඩකයින් ගෙදර සිටින්නේ ඇයිදැයි බොහෝ දෙනා වටහා ගන්නට ඉඩක් ඇත.......................

    උදා: අශාන් ප්‍රියන්ජන්, මලින්ද පුශ්පකුමාර

    ටීම් එකට ගහන්න ඕනමනම් හොඳ කළමණාකරුවෙකු හොයාගන්න...........................
    :yes::P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොර ගැන කියනවනම් සංගා, මහේල දෙන්නගේ කළමනාකරු විදියට තමයි වැඩේ පටන් ගත්තේ. පට්ට මාලිගාවක් වගේ ගෙයක් තියෙන්නේ පැලවත්තේ. ව්‍යාපාර ගොඩක් අයිතියක් තියෙන එකෙක්. මෙහෙ කළු සුද්දෝ වගේ ඉන්න උන්ව අල්ලාගෙන ලස්සනට ගේම ගහනවා.. අනිවාරෙන් ලංකාවේ ක්‍රිකට් වලට මුගේ බලපෑම තියෙනවා. මේ එක කොම්පැනියක් මුගේ

    http://www.reddottours.com/sri-lanka-meet-the-team.htm