සංවේදි අය නැරඹීමෙන් වළකින්න එපා..!!!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සංවේදි අය නැරඹීමෙන් වළකින්න එපා..!!!

    හා හා පුරා කියලා කරන්න යන්නේ විචාරයක් සිංදුවකට
    සිංදුවක් කිව්වට ඉතින් ගොඩක් අය අහලා නැති මමත් පොඩි කාලේ ඇහුවට එහෙමයි කියලා තේරුණේ නැති සිංදුවක්. ලඟදි මේ සිංදුව කියන ඒ අසහාය මානව හිතවාදියාගේ පොස්ටුවක් කියවන ගමන් මේ සිංදුවත් අහන්න සෙට් වුනා.
    මාරම සංවේදී හැඟීමක් ආවා බන්Z..දන්න තරමින් ලිව්වේ සුනිල් ආරියරත්න ලොක්කා තමයි විජය කුමාරණතුංගයන්ගේ වේදනා කැසට් පටියට. නම්ගම් පක්ෂපාට අමතක කරලා අහන්න බලන්න. හිත කකියන්න ගත්තේ නැත්තම් සංවේදන නැති කෙනෙක් වෙන්න ඕන..

    Listen from here


    අහලා කියවන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒත් ඉතින් කියවලා අහනවනම් ඒත් හොඳයි..
    මම විචාරේ පටන් ගන්නම්..

    මරණයක්..!!! :(

    හිතන්න ගෙදරක කෙනෙක්ගේ මරණයක් වෙනවා කියන්නේ කොච්චර ශෝකජනකද.? ඒකත් එසේ මෙසේ නෙමේ.
    උපන් ගමන්වත් වයසට ගිහින් වත් නෙමේ.
    ජරා ලෙඩක් හදාගෙනවත් නෙමේ.

    ජීවිතේ හොදම කාලේ..!
    ඒ කියන්නෙ ලස්සනට ජීවිතේ හැඩගස්සවන් ඉන්න පුළුවන් අවශ්‍ය අරමුණු ජය අරන් කඩඉම් පැන්න තරුණ කොල්ලෙක්. විශ්වවිද්‍යාලේ ගිහින් හොදට ඉගෙන කියාගෙන ගෙදර හැමෝටම ස්ථාවරත්වයක් හදලා දෙන්න හඳපු කොල්ලෙක්. තමන් උපදිනකොටම පොදි බැදගත්තු අඟහිගකම් වලට එකම විසදුම ඉගෙනීම කියලා දැනගෙන අම්මල තාත්තල අයියා ඒ හැමදෙනාගෙම බලාපොරොත්තුවක් වෙච්ච කොල්ලෙක්.

    ඒකත්,
    සියදිවි නසා ගැනීමක්.
    ඒ කිව්වේ බෙල්ලේ වැලදා ගැනීමක්..

    මෙතන කතා නායකයා වෙන්නේ එයාගේ අයියා.
    අහලා බලමු පලවෙනි ටික සිංදුවේ..

    "වහලේ යටලීයේ
    එල්ලී මියගිය ම‍ගේ මලේ
    මළේ කිමද නුඹ දනිම් මලේ....."

    විජය ඒ ටික කියන කොට අහන අපිට දැනෙන්නේ මෙහෙමයි. අච්චර ඉහලට ගිය මල්ලි එක පාර නැතිවුණා කියලා අයියට දරුණුවට දුකක් නෑ. ඒ මොකෝ කියලා සිංදුවේ ඉතිරි ටිකෙන් අපිට තේරුම් ගන්න ඉතිරි කරනවා. අයියා ඒක අනුමත කරනවා වගේ දැනෙන්නේ..

    " මල්ලි උඹ නැති වුණා අපේ පවුලට. බාල්කේ එල්ලිලා මැරුණා කියලා මම දන්නවා. එහෙම වෙන්න හේතුවත් මම දන්නවා මල්ලි.. "

    ඊලඟ පේලියෙන්, ඇයි මෙහෙම සාධාරණීයකරණය කරන්නේ කියලා තේරුම්කරවනවා අපිට අයියා.

    #ගෙපැල උගස්කර ලැබූ ශිල්පයට අවමන් ගැරහුම් කරන නිසා

    බලන්න කොච්චර ලොකු කැපකිරීමක් කරලද ගෙදර අය මල්ලි වෙනුවෙන්. ගේ පවා උකස් කරලා තමයි උගන්නන්න විශ්වවිද්‍යාලෙට යනකන් පිරිමහගන්න සල්ලි හොයන් තියෙන්නේ. කොච්චර බලාපොරොත්තු හිතේ තියෙන්න ඇද්ද.? හොද තැනක රස්සාවක් කරලා එහෙම මේ ණය තුරුස් බේරලා අපි හැමෝටම ලස්සනට ජීවත් වෙන්න ගේ පොඩ්ඩක් එහෙම හදයි කියලා.

    ඒත් උනේ මොකක්ද.?
    ඒ ඉගෙන ගත්ත එකට ගිය ගිය තැනින් ලැබුනේ බැනුම් / අවමන්

    #දැනහැඳුනුම්කම් නොමැති කිසිමතැන සිනා පොදක් හෝ නුදුටු නිසා

    ඒ මදිවට අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව දැනඇඳුනුම්කමක් නැතුව රැකියාවකට යන්න තියා හිතන්නවත් බැරි වෙලා. මෙතනදි නම් පේනවා මල්ලි ආණ්ඩුවෙ කන්තෝරු වල තමයි රස්සාවට යන්න හදලා තියෙන්නේ කියලා.

    #දම්සක් පැවතුම් සුතුර පුරද්දී නොදහම සිහසුන දරන නිසා

    ආගමානුකුලව බොරුවෙන් වංචාවෙන් නැතුව ඉන්න කෙනාට එහෙම සමාජේ ඔලුව ගහන් ඉන්න බැරි තත්වයක් ඇවිල්ලා. ඉගෙනකියා ගත්තට අසාධාරණයමයි රජ කරන්නේ කියලා මල්ලිට තේරුම් ගිහිල්ලා.

    #එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

    ඉතින් මල්ලියේ උඹ එල්ලුණු එක සාධාරණයි. මෙහෙම ලෝකෙක කොහොමද ගොඩ යන්නේ. පේනතෙක් මානෙක ගොඩබිමක් නැතුව අතරමං වෙලා වගේ. හම්බකරගත්ත දේකුත් නෑ. ඉන්න හිටින්න ගේ පොඩ්ඩක්වත් නැති වෙනවා ඉස්සරහට. අම්මලට තාත්තලට කරන්න තියෙන වගකීම් යුතුකම් වත් අඩුම තරමේ අසනීපෙකදි බේතක් ගන්න තරම්වත් තත්වෙක නැති අසරණ වෙනවාට වැඩියෙන් හොදයි මෙහෙම තීරණයක් ගත්තු එක කියලා ඒ අයියා කියනවා.. දැන් කෙල්ලො හින්දා කොච්චිවලට පනින බොලඳ අයට වැඩිය කොච්චර වේදනාවක් විදින්න ඇද්ද ඒ කොල්ලා..

    #බොජුන් සදන්නට මාපිය දෙපලට අතමිට සම්පත් සිඳුනු නිසා

    හොඳම හරිය කියන්නේ දැන්. විජයගේ හඩින් ඒක ඇහෙනකොට හිත ඇතුලෙන් කකියන්න ගත්තානම් මුල ඉදන්, මේ ඒකේ උච්ඡතම කොටස කිව්වොත් හරි. මෙතනදි අයියාට තවත් මල්ලිව සාධාරණීයකරණය කරන්න දේවල් මතක් වෙනවා.

    අම්මලට තාත්තලට දැන් අතේ මිටේ සල්ලි නෑ දරුවෝ දෙන්නට කන්න දෙන්න. දරුවෝ නෙමේ දැන් අතපය උස්මහත් වෙච්ච ඉලන්දාරි තමයි. ඒත් හැමදේම කැපකරලා ඉගැන්නුවට කෝ ලැබුණු දෙයක් නෑ අවසානේ. අම්මල තාත්තලත් දැන් වයස ඇති. ඉතින් අතේ පයේ මහන්සියෙක් කරන්න පුළුවන් කියලා දෙයක් නෑ. ඒ නිසා සල්ලි අතමිට හිඟයි අඩුම තරමේ එදා වේල පිරිමහගන්නවත්.!

    #සිරසට වහලක් දෙපයට පොලවක් සිතකට නිවනක් නොලද නිසා

    ඒ කියන්නේ ගේ දොරනැති පයගහලා ඉන්න ඉඩමක් වත් නෑ. ඒ හැමදේම සින්න වෙන්න යන නිසා වෙන්න ඕනෙ. අද හෙට පාරට වැටෙන්න ඉන්න පවුලක් තත්වෙට වැටිලා. ඒත් උපාධිදාරියෙක් ගෙදර බාලපුතා. ඉතින් හිතන්න කොහොමද කියලා හිතේ එන වේදනාව එහෙම කොල්ලෙක්ට. ඒ ප්‍රශ්න නිසා හිතටත් නිවනක් නැති වෙන්න ඇති.

    #මිනියට අන්දා දෙනෙහි තබන්නට පමණක් ඇඟළුම් තිබුන නිසා

    මේක ලියන මටත් මේ පේළිය අහපු වෙලේ ඉදන් තාම රැව්දෙනවා. ගෙදර තිබිලා තියෙනේ එක ඇදුමයි මේ කොල්ලට. ඒකයි මිනියක අන්දන්න පමණක් තිබ්බා කියන්නේ. ඒක විතරක් ඇඳගෙන මිනිසුන්ගේ අවලාද උසුළු විසුලු වලට ලක් වෙවී ඉගෙන ගන්න ඉස්කෝලෙ කාලේ අවුරුදු දහතුනකුයි විශ්ව විද්‍යාලේ තව අවුරුදු හතරකූයි කොහොම දුකක් විදින්න ඇද්ද.?

    #එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

    අනේ මල්ලියේ ඒ නිසා තවත් මේ අසාධාරණ සමාජ ක්‍රමය තියෙන පොළවේ පය ගහලා ඉන්නවට වැඩිය උඹ එල්ලුණු එක හොදයි, අඩුම ගානේ උඹේ ආත්මෙට වත් සැනසීමක් ලැබෙයි...

    අහලා බලන්න ඔයාලත්..!

    = = = = = = = = = = = = = = = = = = = =
    වහලේ යටලීයේ
    එල්ලී මියගිය ම‍ගේ මලේ
    මළේ කිමද නුඹ දනිම් මලේ.....

    ගෙපැල උගස්කර ලැබූ ශිල්පයට අවමන් ගැරහුම් කරන නිසා
    දැනහැඳුනුම්කම් නොමැති කිසිමතැන සිනා පොදක් හෝ නුදුටු නිසා
    දම්සක් පැවතුම් සුතුර පුරද්දී නොදහම සිහසුන දරන නිසා
    එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

    බොජුන් සදන්නට මාපිය දෙපලට අතමිට සම්පත් සිඳුනු නිසා
    සිරසට වහලක් දෙපයට පොලවක් සිතකට නිවනක් නොලද නිසා
    මිනියට අන්දා දෙනෙහි තබන්නට පමණක් ඇඟළුම් තිබුන නිසා
    එල්ලී මළබව දනිමි මලේ නුඹ මරනින් මතු ලොව හොඳය සිතා

    වහලේ යටලීයේ
    එල්ලී මියගිය ම‍ගේ මලේ
    මළේ කිමද නුඹ දනිම් මලේ.....



    පේලියක් ගානේ වචනයක් ගානේ කියවලා අහලා බලන්න. :(


    Listen from here



    කොහෙන්වත් උස්සලා නෙමේ යාලුවනේ.මේක මගේ නිර්මාණයක්.
    මගේ බ්ලොග් එකටත් දැම්මා තව අයටත් බලන්න කියලා..
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    1st time ahuwe
    tfs

    yep..නමුත් මාර සංවේදී සිංදුවක්

    පොඩ්ඩක් අහලා බලන්න නන්දා මාලිනියගේ රුවල් ඉරීගිය නෞකාවේ සිංදුවයි මේකයි අමරදේවයන්ගේ ආරාධනා සිංදුවයි එක පෙලට..සමවැදිලා මූඩ් ගහලා නවතිනවා.

    ඊට පස්සේ ඒක ඇරෙන්නත් එක්ක අහන්න එඩ්වඩ් ජයකොඩිගේ නිල් නුවන් පෙඟෙන සිංදුව
    ඔක්කොම ආයිත් හරි යනවා :)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්න සිංදුවේ නැති අර්ථයක් පෙන්වන්න වලිකන අමුතුම ප‍්‍රබුද්ධ විචාරකයෝ ඉන්න කාලේ උඹගේ වර ගැන්වීම නම් සුපිරියි.... රෙප් 13+ :love:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්න සිංදුවේ නැති අර්ථයක් පෙන්වන්න වලිකන අමුතුම ප‍්‍රබුද්ධ විචාරකයෝ ඉන්න කාලේ උඹගේ වර ගැන්වීම නම් සුපිරියි.... රෙප් 13+ :love:

    ගොඩාක් ස්තුතියි මචන්..