සක්කාය දෘෂ්ටිය කියන්නේ?
දැනට සක්කාය දෘෂ්ටියට මම අසා ඇති අර්ථකථන කීපයක් පහතින් දැක්වෙයි. ඔබතුමන්ලා අසා ඇති වෙනත් අර්ථකථන තියනවාද? මේවයින් හරි එක මොකක්ද? ත්රිපිටක සාක්ෂි පෙන්නන පුළුවන් නම් ඉතා හොඳයි. මම හිතන්නේ ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි.

- මමය මාගේය දෘෂ්ටිය, මම කියා කෙනෙක් ඇත, විඳින්නෙක් ඇත විඳවන්නෙක් ඇත, මෙය සක්කාය දෘෂ්ටියයි. මම නැතිවූ විට සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
- සතරමහාභූත කය දැනීම සක්කාය දෘෂ්ටියයි, භාවනා කරන විට කය නොදැනී ගියොත් සක්කාය දෘෂ්ටිය නැතිවේ
- භාවනා කරන විට අකුණක් ගසනවා වගේ දෙයක් වීමෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
- පංචස්කන්ධයට පටිච්චසමුප්පන්නව ඇතිකරගන්නා ආශ්වාදය (පංචඋපාදනස්කන්ධය) කැමතිසේ ඇත මේ නිසා සැපයි, සැප නිසා සාරයි යන්න සක්කාය දෘෂ්ටියයි, පංචස්කන්ධය සහ පංචඋපාදනස්කන්ධය කැමති සේ නැත, මේ නිසා දුක ඇතිවෙයි, දුක නිසා නිස්සාරයි යන්න අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
- ඇසත් රූපයත් නිසා දකින දේවල් ඇත්තටම තියෙන දේවල් ලෙස දැකීම (මේ ආකාරයෙන් කන, නාසය, දිව, ශරීරය, මන නිසා ගෝචර වෙන ලෝකය ඇත්ත ලෙස දැකීම) සක්කාය දෘෂ්ටියයි. මෙසේ ගෝචර වෙන ලෝකය ඇත්තටම නැති බව (Metrix Film එකේ වගේ) අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි.
Last edited: