සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :baffled::nerd::nerd::no::no::no::no::no::no:

    මම දන්න බුද්ධ දර්ශනයත් එක්ක ගැලපෙන්නේ නැති දෙයක් මේ ඇහුවේ. දන්නේ නෑ කාගෙන් කොහෙන් ආව අදහසක්ද කියලා. මේක සමහරවිට පෘතග්ජන නොවන මාර්ග ඵල ලබාපු හාමුදුරුවන්ට ගැලපෙන දෙයක් වෙන්න ඇති.

    කොහොමත් මම අදාළ කරගන්නෙත් නෑ. පෙරේතයෙක් නෙමෙයි යකෙක් වෙලා ඉපදුනත් මට කමක් නෑ, සතෙකුට ආදරේ කරලා, සලකලා ලබන සතුට මට ඊට වඩා හොදයි.

    සම්පූර්ණ ඇත්ත බන්. මේ ඇත්තම බුදු දහම නෙමෙයි බන්. මම හිතන්නේ මේ බුද්ධහගම ReMix කරල ගහපු කොපියක්. අනං මනං බොරු වැල්වටාරම් ‍ගොඩක් විතරයි මේකෙ තියෙන්නේ. මේක සම්පූර්ණ අසත්‍යයක්. මම නම් සත්තුන්ටත් මිනිස්සුන්ට ව‍ගේම ආදරෙයි. (ආදරයත් එක්තරා විදිහක තෘෂ්ණාවක්, මම ඒක පිළිගන්නවා) උදාහරණයකට බල්ලා කියන සතාව ගත්තොත් උෟ කන්නේ මිනිසා විසින් සාදන ලද ආහාරනේ. මනුස්සයා ඌට කන්න දුන්නේ නැත්තම් ඌ ෆුඩ්සිටි ගිහිල්ල බඩු අරන් උයාගෙන කන්නද ? සමහර විට ඌට පෙර සිටම මිනිසා විසින් පරිභෝජනය කරන ආහාර ලබා නොදුන්නා නම් තණකොළ හරි කා ජීවත් වීමට ඉඩ තිබුණා. :baffled:

    ** අනික මේවගේ මතයක් ඉදිරිපත් කරන කොට මොන පොතේද තිබුනෙ, පිටු අංකය, උපුටා ගත් ස්ථානය, වැනි දේවල් සඳහන් කරන්න. බුද්ධහගම කිළිටි කරන්න එපා.
     
    Last edited:

    Nalindap

    Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    "පෙරේතයෙක් නෙමෙයි යකෙක් වෙලා ඉපදුනත් මට කමක් නෑ, සතෙකුට ආදරේ කරලා, සලකලා ලබන සතුට මට ඊට වඩා හොදයි"

    sirawatama ow...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කථාව ඇත්ත කට්ටියක් මේක වැරදි විදිහට තේරුම් අරගෙන ඉන්නෙ
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    මේකේ රිප්ලයි කියවනකොට පෙනුනේ ගොඩක් අය දෙයක් කියෙව්වහම එකේ උඩින් තියෙන දේ විතරයි දකින්නේ කියන එකයි. එක්කෝ උඩින් පල්ලෙන් කියවන නිසා එහෙම වෙනවා ඇති. නැත්තන් ඇත්තටම තේරුම් ගන්න බැරි කමක් වෙන්නත් පුළුවන්. මේකේ කොහෙවත් කියල නෑ සත්තු ඇති කරන්න එපා කියල.

    සත්තු විතරක් නෙවෙයි බිරිඳ ස්වාමි පුරුෂය අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ උනත් හරි මිල මුදල් යාන වාහන හරි කමක් නෑ අපි ගොඩක් ආදරෙන් අල්ලාගෙන තණ්හාවෙන් හිටියොත් අනිවාර්යෙන් අපායගාමී වෙනවමයි. හතර පෝයට සිල්ගත්තත් වැඩක් නෑ පෙරේත කම අත නොහැර.

    දාන ශිලා භාවනා කියන්නේ එකයි. මුලින් අතහරිම පුරුදු වෙන්න. තමන් සතු දේවල් අනුන්ට දෙන්න පුරුදු වෙන්න. කිසිම දෙකට ඇලෙන්න එපා කියන එකය් මේකේ ගැඹුරු තේරුම. එත් ගොඩක් අය අල්ලාගත්තේ සත්තු ඇති කරන්න එපා කිව්වා කියල.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    අනිවා මචන්. ප්‍රශ්නේ වෙලා තියෙනේ මේකේ කියලා තියෙන දේ මතුපිටින් විතරයි ගොඩක් දෙනෙක් දැකලා තියෙන්නේ. ඇත්තටම මෙතන සත්තු ඇති කරන්න එපා කියලා නැහැ. ඒ කෙරෙහි ඇලීමක් ඇති කරගන්න එක හොඳ නැහැ කියන එකයි කියවෙන්නේ. එහෙම ඇලීමක් සත්තුන්ට විතරක් නෙවෙයි තමුන්ගේ දෙමාපියන්, දරුවන්, නෑ හිතමිතුරන් කෙරෙහිවත් ඇති කරගන්න එපා කියන එක තමයි බුදුන් දේශනා කරලා තියෙන්නේ. ඒකෙන් ඔවුන්ට සලකන්න එපා කියලා කියවෙන්නේ නෑ. ඇලීමක් ඇති කරගෙන ප්‍රේත ආත්මයක් ලැබුවොත් ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ (ඔය සමහරුන්ට මැරුණ අය වැහෙන්නේ ඒ විදියට මැරිච්ච කෙනාට අනික් එක්කෙනා කෙරෙහි ඇලීමක් ඇති වුණාම කියලා තමයි කියවෙන්නේ).
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ඇත්ත, මේකෙන් කියන්නේ නෑ සත්තු ඇති කරන්න එපා කියලා. සතුන් වෙනුවෙන් ඔ්නෑවට වඩා ලෙන්ගතු වෙන්න එපා කියලා තමයි කියන්නේ. ඒත් මේකේ සමහර තැන් අහලා තියෙන බුද්ධ ධර්මයට එක්ක ගැලපෙන්නෙ නෑ තමයි.

    මහ රහතුන් වැඩි මග ඔස්සේ මම බොහොම ආසාවෙන් උද්යෝගයෙන් කියවපු, කියනව ලිපි පෙලක්. ඒත් ඒකේ සමහර තැන් පැටලිලි සහගතයි. අපිට හිතෙනවා මේ කියන දේ ඇත්තද කියලා...