මම දන්න බුද්ධ දර්ශනයත් එක්ක ගැලපෙන්නේ නැති දෙයක් මේ ඇහුවේ. දන්නේ නෑ කාගෙන් කොහෙන් ආව අදහසක්ද කියලා. මේක සමහරවිට පෘතග්ජන නොවන මාර්ග ඵල ලබාපු හාමුදුරුවන්ට ගැලපෙන දෙයක් වෙන්න ඇති.
කොහොමත් මම අදාළ කරගන්නෙත් නෑ. පෙරේතයෙක් නෙමෙයි යකෙක් වෙලා ඉපදුනත් මට කමක් නෑ, සතෙකුට ආදරේ කරලා, සලකලා ලබන සතුට මට ඊට වඩා හොදයි.
සම්පූර්ණ ඇත්ත බන්. මේ ඇත්තම බුදු දහම නෙමෙයි බන්. මම හිතන්නේ මේ බුද්ධහගම ReMix කරල ගහපු කොපියක්. අනං මනං බොරු වැල්වටාරම් ගොඩක් විතරයි මේකෙ තියෙන්නේ. මේක සම්පූර්ණ අසත්‍යයක්. මම නම් සත්තුන්ටත් මිනිස්සුන්ට වගේම ආදරෙයි. (ආදරයත් එක්තරා විදිහක තෘෂ්ණාවක්, මම ඒක පිළිගන්නවා) උදාහරණයකට බල්ලා කියන සතාව ගත්තොත් උෟ කන්නේ මිනිසා විසින් සාදන ලද ආහාරනේ. මනුස්සයා ඌට කන්න දුන්නේ නැත්තම් ඌ ෆුඩ්සිටි ගිහිල්ල බඩු අරන් උයාගෙන කන්නද ? සමහර විට ඌට පෙර සිටම මිනිසා විසින් පරිභෝජනය කරන ආහාර ලබා නොදුන්නා නම් තණකොළ හරි කා ජීවත් වීමට ඉඩ තිබුණා.

** අනික මේවගේ මතයක් ඉදිරිපත් කරන කොට මොන පොතේද තිබුනෙ, පිටු අංකය, උපුටා ගත් ස්ථානය, වැනි දේවල් සඳහන් කරන්න. බුද්ධහගම කිළිටි කරන්න එපා.
Last edited:

