මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,
01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද
02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද
03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ
පුළුවන්..
(1) ඔප්පු කරන්න ක්‍රම බොහොමයක් තිබෙනවා. නමුත් බටහිරකරණයේ හිනිපෙත්තටම ගිය සමාජයකට ගෝචර වන ආකාර වලින් ඔප්පු කරන්න එපෑයැ. මෝහනය ගැන දන්නවද? පොඩි මුදලක් ගෙවලා අදාළ වෛද්‍යවරයෙක් මුණ ගැසුනොත් ඔබව මෝහනය කරාවි, පසුගිය එක් එක් භවයන් පිළිබඳව ඔබගේ මතකය අවධි කරමින් සාකච්ඡා කරන විට ඒවා පටිගත කරගෙන පසුව අසන්න.
ඇතැම් විට ඔබ පෙර භවයේ දී මිනිසෙක් ලෙස උපත ලබා සිටියා නම්, ඒ ආසන්න දිස්ත්‍රික්කයක හෝ පළාතක නම් ඔබගේ නිවස හා ඥාතීන් සොයා ගැනීමට අපහසු නැහැ. එහෙම අයව මා පෞද්ගලිකව දන්නවා.
මෙය වෙනත් කාරණයක්, එමෙන්ම පෙර භවයේ දී හදිසි අනතුරු වලින් මියගිය ඇතැම් පුද්ගලයින් ඊළඟ භවයේ දී පෙර භවයේ මතකය රැඳී තිබෙනවා, කලාතුරකින් ඇතැම් දරුවන් පවසන කාරණා වලට අනුව ඔවුන්ගේ පෙර දෙමාපියන් හෝ ඥාතීන් සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. (මම පෞද්ගලික නොදන්නා නමුත් අහන්න ලැබිලා තියනවා)
(2) ඔව්, පුළුවන්. බුදුරදුන් වැඩ සිටි කාලයේ පවා ඇතැම් අය රහත් වූයේ බුදුහාමුදුරුවන්ගේ දීර්ඝ බණ දේශනා වලට සවන් දීලා නෙවෙයිනේ.
(3) ඉහත (1) තහවුරු කරගතහොත් මෙය ඔබට උචිත ආකාරයකට ඔප්පු කර දීමට හැකියි. නැතිනම් ඔබට නොපෙනෙන මට පෙනෙන දෙයක් ගැන වාද කිරීමෙන් අප දෙදෙනාම වෙහෙසට පත් වෙනවා පමණයි.