සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

Aug 18, 2011
6,147
788
0
බෞද්ධ සාහිත්‍ය කෘතියක් කියවලා, බෞද්ධාගම ගැන සැක කරනවා නම් ඒ අදාල පුද්ගලයාගේ මොළය පස්චාත් භාගයේ පිහිටා තිබීමට ලොකු සම්භාවිතාවක් ඇත :P:P:rofl::rofl::lol::lol: විනය,සූත්‍ර, අභිධර්මය යන තුන්පිටකය කියවා ඒවා ගැණ නුවණින් විමසා බලා බුද්ධාගම ගැන නිවැරදි වැටහීමක් ඇති කරගන්න :rolleyes::rolleyes::rolleyes:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජ්ජුරුවෝ;16445235 said:
    මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. තෙල් කටාරම තුළ පිරිණුවන් පෑ රහතන් වහන්සේ තමන්ගේ කර්මය යම් විදියකින් දැන ගත්තත් ඒක කාටවත් කියලා නෑනේ. ඉතින් ඒක රචකයා කොහොමද දන්නේ?

    බුද්ධ ධර්මය හොඳ සිහි බුද්දියෙන් තේරුම් ගන්න ඕනේ බන්. මේවා නම් අතිශයෝක්තිය කියල මට හිතෙන්නේ. අර දුටුගැමුණු රජතුමා අරන් යන්න දිව්‍ය රථ රුවන් වැලි සෑය ගාව park කළා කියනවා වගේ තමයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    බුද්ධ ධර්මය හොඳ සිහි බුද්දියෙන් තේරුම් ගන්න ඕනේ බන්. මේවා නම් අතිශයෝක්තිය කියල මට හිතෙන්නේ. අර දුටුගැමුණු රජතුමා අරන් යන්න දිව්‍ය රථ රුවන් වැලි සෑය ගාව park කළා කියනවා වගේ තමයි.

    මාත් ඔය සිද්ධිය කොහේදී හරි දැකලා පැටලුනා.
    ඒ සිද්ධිය මචන් ඇත්තටම වෙලා තියෙන්නේ සිටුතුමෙක්ටනේ බුදුන් වහන්සේගේ කාලේ. ඒක වෙනස් කරලා දුටු ගැමුණු රජ්ජුරුවන්ට ගලපලා වගේ ඔය කතාව හදල තියෙන්නේ. එතනමද කොහේ කියල තිබුනා දුටු ගැමුණු රජ්ජුරුවොයි කියල මෛත්‍රී බුදුන් වහන්සේගේ දකුණත් සව් වෙන්නේ කියලා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16448202 said:
    බෞද්ධ සාහිත්‍ය කෘතියක් කියවලා, බෞද්ධාගම ගැන සැක කරනවා නම් ඒ අදාල පුද්ගලයාගේ මොළය පස්චාත් භාගයේ පිහිටා තිබීමට ලොකු සම්භාවිතාවක් ඇත :P:P:rofl::rofl::lol::lol: විනය,සූත්‍ර, අභිධර්මය යන තුන්පිටකය කියවා ඒවා ගැණ නුවණින් විමසා බලා බුද්ධාගම ගැන නිවැරදි වැටහීමක් ඇති කරගන්න :rolleyes::rolleyes::rolleyes:
    :):):):):):):):):):):)
     
    May 19, 2013
    1,864
    81
    0
    මුහුද ගොඩ ගැලීම යනු ඉතාම අස්වාභාවික සිදුවීමක් නිසා බොහෝ දෙනාට ඒ සිදුවීම ගැන දැනගන්නට උවමනාවක් තිබෙන්නට ඇත. බොහෝ විට සිදු වන්නට ඇත්තේ වෙනත් රහතන් වහන්සේ නමකගෙන් මෙසේ වීමට හේතුව විමසූ විට උන් වහන්සේ අනුකම්පාවෙන් ඒ පිළිබඳ මෙනෙහි කොට දේශනා කිරීමක් විය යුතුය. උන් වහන්සේ කිවූ කතාව පුරාවෘතයක් බවට පත්වී සද්ධර්මාලංකාර කතෘ ලියා දක්වන්නට ඇත.

    මෙවැනි කතා කොතෙකුත් ඇත. උදා- ධම්මපදයේ එක්තරා ඊරියක් ගැන කතාවක් ඇත. මෙම ඊරිය දැක බුදුන් වහන්සේ සිනා පහළ කොට ඊරියගේ අතීත කතාව කියා ඇත. පසුව මෙම ඊරිය අනුරාධපුරයේ ඉපදී ඇමතිවරයෙකුගේ බිරියක් ව සිටියාය. ඇය අහම්බෙන් දුටු රහතන් වහන්සේ නමක් ඇගේ අතීතය බලා (ඇයට සිදුවන යහපත දැන) තමන් සමඟ ගමන්ගත් භික්ෂුවට "ඊරියට ගිය කල බලන්න" යනුවෙන් කී සේක. මේ සිදුවීම අවසාන වන්නේ එම කාන්තාව නිවන් දැකීමෙනි. රහතන් වහන්සේ කෙනෙක් ද අනුන්ට සිදුවන යහපත බලා (අනුන්ගේ පෞද්ගලික තොරතුරු වුවද) කතන්දර කියන බවට මෙය නිදසුනකි.

    බෞද්ධ සාහිත්‍යයේ දෙවියන් විසින් විනාශ කරන ලද නගර තුනක් ගැන දැක්වේ. බරපතල මට්ටමේ අපරාධ වලට දෙවියන් කෝප වන නමුත් ඉහත නගර තුනම විනාශයට ප්‍රධාන හේතුවක් වූයේ නගරවාසීන් එම අකුසලය සමාදන් වීමයි (අනුමත කිරීමයි). සමහර විට රහතන් වහන්සේ කෙනෙක් බව නොදැන රටවැසියාද එතුමාට පද හදන්නට ඇත.

    ධම්ම පදය හැදිලා තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කර ගාථා වලින් විතරක් නෙවෙයිද?
    බුද්ධ කාලයෙදී හිටපු රහතන් වහන්සේලා වෙනත් අයගේ පෙර භවයන් රහත් බලයෙන් දැකලා කර්මය ඵලදීම ගැන කරපූ දේශනා තියෙනවා නං උදාහරණයක් දෙන්න පුළුවන්ද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුද්ධ ධර්මය හොඳ සිහි බුද්දියෙන් තේරුම් ගන්න ඕනේ බන්. මේවා නම් අතිශයෝක්තිය කියල මට හිතෙන්නේ. අර දුටුගැමුණු රජතුමා අරන් යන්න දිව්‍ය රථ රුවන් වැලි සෑය ගාව park කළා කියනවා වගේ තමයි.

    බොහෝ පින් කල එතුමා වගේ කෙනෙක්ට දේවත්වය ලබන්න බෑ කියලා කියන්න තියන තර්කය මොකක්ද?

    මතක තියාගන්න සහෝ ඔයා ඔය කින්ඩිය දාන්නේ තමන්ගේම සංස්කෘතියට හා අනන්‍යතාවයට කියලා.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    රජ්ජුරුවෝ;16448303 said:
    ධම්ම පදය හැදිලා තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කර ගාථා වලින් විතරක් නෙවෙයිද?
    බුද්ධ කාලයෙදී හිටපු රහතන් වහන්සේලා වෙනත් අයගේ පෙර භවයන් රහත් බලයෙන් දැකලා කර්මය ඵලදීම ගැන කරපූ දේශනා තියෙනවා නං උදාහරණයක් දෙන්න පුළුවන්ද?
    මිළින්ද ප්‍රශ්නය පොතේ තිබ්බ වගේ මතකයි.හරියටම කියන්න ආයෙ පාරක් පොත කියවන්න වෙනව
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සද්ධර්මාලංකාරය කෘතියෙ කිසිම තැනක බුද්ධ දේශනාවටවත් බෞද්ධ දර්ශනයටවත් කිසිම හානියක් වෙලා නැහැ . සද්ධර්මාලංකාරය ප්‍රභන්ධයක් කියල තර්ක කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. එහෙම තර්කයක් ගොඩනගනවානම් අපිට අපි ඇහින් නොදැකපු හැම දේම බැහැරකරන්න සිද්ධ වෙනවා. තමුන්ට විෂය නොවෙන දෙයක් වෙනත් කෙනෙක් ඉදිරිපත් කරාම ඒ දේ බැහැර කරන එක අනුවණ කමක්.
    ඉස්සෙල්ලම බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතිකරගන්න. ශ්‍රද්ධාව නැතුව බුද්ධ සාහිත්‍යයේ එන කුමන කෘතියක් කියෙව්වත් හිතට දැනෙන්නේ සැකය කියන කාරණය විතරයි. බුදුන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් නැතුව බෞද්ධයෙක් වෙනවනම් ඒ බෞද්ධකම නමට විතරයි.
     
    100% එකඟයි
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    රජ්ජුරුවෝ;16445371 said:
    එහෙම කිසිම සඳහනක් නෑ මචන්. අනික එහෙම කරපු අවස්ථා බුද්ද කාලයේවත් අහන්න නෑ නේද, වෙනත් රතතන් වහන්සේ කෙනෙක් තවත් රහතන් වහන්සේ කෙනෙක්ගේ කර්මය ගැන තමන්ගේ රහත් බලයෙන් හොයල බලල ප්‍රකාශ කරපුවා. රහතන් වහන්සේලාත් බුදු හාමුදුරුවන්ගෙන් තමා මං හිතන්නේ වෙන කාගේ හරි කර්ම බලය අහලා දැන ගත්තේ.
    අඩු ගානේ රහතන් වහන්සේ කෙනෙක්ට තවත් කෙනෙක් රහත් වෙලාද නැද්ද කියලාවත් දැන ගන්න බෑ හරියට, මං අහලා තියෙන විදියට. බුදු හාමුදුරුවන්ට විතරයි ඒකත් දැන ගන්න පුළුවන් හරියටම.

    තමා රහත් උනා කියල තම දැනගන්න ඕන නේ? වෙනත් කෙනෙක් රහත් වෙලාද කියන එකනම් කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකැත් රාල;16448610 said:
    බොහෝ පින් කල එතුමා වගේ කෙනෙක්ට දේවත්වය ලබන්න බෑ කියලා කියන්න තියන තර්කය මොකක්ද?

    මතක තියාගන්න සහෝ ඔයා ඔය කින්ඩිය දාන්නේ තමන්ගේම සංස්කෘතියට හා අනන්‍යතාවයට කියලා.

    මචන් දේවත්වය ලැබෙන්න මැරිලා ඉපදෙන්න ඕනේ. නැතුව පණපිටින් ඇවිත් වාහනවල ගොඩ කරන් එක්කගෙන යන්නේ නෑ.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මචන් දේවත්වය ලැබෙන්න මැරිලා ඉපදෙන්න ඕනේ. නැතුව පණපිටින් ඇවිත් වාහනවල ගොඩ කරන් එක්කගෙන යන්නේ නෑ.
    මන්නම් අහල තියෙන්නේ දුටුගැමුණු රජතුමා මැරෙන මොහොතේ මෛත්‍රෙ බෝධිසත්වයෝ ඉන්නේ දිවය ලෝකයේද කියල අහල තුසිතය පිළිබඳව හිත පිහිටලා මරුණ කියල.එතකොට ඉතින් කොහොමත් පන පිටින් ඉන්න මනුස්සෙක්ව දිවය රථයකින් දාගෙන යන එකේ තේරුමක් නැති එකේ මැරුණයි පස්සේ දාගෙන යන්න අවා වෙන්න පුළුවන් ,එහෙම බැලුවම තියෙන ප්‍රශ්නේ ,ඇයි කෙලින්ම තුසිතයේම ඉපදුනේ නැත්තේ කියන එක
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් දේවත්වය ලැබෙන්න මැරිලා ඉපදෙන්න ඕනේ. නැතුව පණපිටින් ඇවිත් වාහනවල ගොඩ කරන් එක්කගෙන යන්නේ නෑ.

    මන්නම් අහල තියෙන්නේ දුටුගැමුණු රජතුමා මැරෙන මොහොතේ මෛත්‍රෙ බෝධිසත්වයෝ ඉන්නේ දිවය ලෝකයේද කියල අහල තුසිතය පිළිබඳව හිත පිහිටලා මරුණ කියල.එතකොට ඉතින් කොහොමත් පන පිටින් ඉන්න මනුස්සෙක්ව දිවය රථයකින් දාගෙන යන එකේ තේරුමක් නැති එකේ මැරුණයි පස්සේ දාගෙන යන්න අවා වෙන්න පුළුවන් ,එහෙම බැලුවම තියෙන ප්‍රශ්නේ ,ඇයි කෙලින්ම තුසිතයේම ඉපදුනේ නැත්තේ කියන එක

    මුලින් කරලා තියන එකට දෙවෙනි එකෙන් පිලිතුර ලැබුන නිසා දෙවෙනි එකට පිලිතුර දෙන්නම්. සහෝ අහලතියනවද බුද්ධ දේෂනාවේ තියනවා මරන මන්චකයේ තමන්ගේ ඊලඟ ආත්මය ගැන පෙර නිමිත්තක් දැක ගන්න ලැබෙනවා. සුත්‍රය නම් හරියටම මතක නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් දායි. අපාගත වෙන අයට ගිනි ගොඩක් පේනවලු සත්ව ආත්මයක උපදිනවනම් තද කලුවර පේනවලු. අමු මාංෂ පේන්නේ මනුස්ස ආත්මයක් ලබන්න තියනවනම්. දිව්‍ය ආත්මයක් ලබනවනම් දිව්‍ය රථ හා උයන් පේනවලු. ප්‍රේත ආත්මෙ ලබන එකත් මතක නෑ. ඉතින් එතුමා ඔය දැක්කේ ඒ පෙර නිමිත්ත වෙන්න බැරිද? ඒක විස්වාස කරන නොකරන එක නෙමෙයි සහෝ ප්‍රශ්නේ. එක කින්ඩියට ගන්න එක..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් දේවත්වය ලැබෙන්න මැරිලා ඉපදෙන්න ඕනේ. නැතුව පණපිටින් ඇවිත් වාහනවල ගොඩ කරන් එක්කගෙන යන්නේ නෑ.

    මරණය ආසන්නයේ කර්ම නිමිති හරි ගති නිමිති හරි ‍පහළ වෙන්න පුළුවන්. මෙම නිමිති වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම පවතිනව. එහෙම එක නිමිත්තකම සිත ඇදගෙන සිටින තැනැත්තගෙ චිත්ත සන්තතිය (සිතුවිලි පරම්පරාව) කර්ම බලයෙන් එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම් කිසි ස්ථානයක ප්‍රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.

    කර්ම නිමිත්ත කියන්නෙ කර්මය කිරීමට උපකාරක වූ උපකරණ වූ වස්තූන්. ගති නිමිත්ත කියන්නෙ මතු උපදින භවය පිළිබඳව යම් කිසි දේවල්.

    උදා- කුසල් කරන අයෙකුට කර්ම නිමිත්ත විධිහට තමා කරපු පින් දහම්, දන් දීපු දේවල්, පූජා කළ දේවල් ආදිය පේන්න ගන්නව. ගති නිමිති විදිහට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක සිතේ මැවෙනව. අකුසල් කරපු කෙනෙකුට කර්ම නිමිති විදිහට තමන් කරපු පව්කම් ඝාතන සහ ඒවට යොදාගත්ත ආයුධ වගේ දේවල් අරමුණු වෙනව. ගති නිමිති වලට ප්‍රේත ලෝක අපාය ආදිය දර්ශනය වෙන්න පුළුවන්.

    දිව්‍ය ලෝකයෙන් ආ රථ දර්ශණය වීම බොහෝ පින්දම් කළ කෙනෙකුට පහළ වන ප්‍රකට ගති නිමිත්තක්.:)

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹේ thread එකේ සත්‍ය තාවයක් තියෙනවා .සද්ධර්මාලංකාරය ,පුජාවලිය වගේ දේවල් ලිව්වේ මිනිස්සු පවට භය කරන්න, ඒවගේම බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරන්න ,සමහර කරුණු සත්‍ය වගේම සමහර කරුණු වලට යම්කිසි සාහිත්‍යමය රසයක් එකතු කරලා තියෙනවා .ජාතක කථා උනත් එහෙමයි .මේවා බුදුන්වහන්සේ දේශනා කළ වදාල නිවන් මාර්ගය සඳහා ඒ තරම්ම බලපෑමක් නැති දේවල් .

    :yes::yes::yes: