එළකිරියේ සන්නා විරෝධය බොහොම වැඩියි. ඒකට හේතුව මොකක්ද කියලා මම එලකිරියේ ජනප්‍රිය චරිතයකින් ඇහුවා. ඔහු සන්නා විරෝධී ආකල්ප පෞද්ගලික වෛරයක් තරමටම පිරිමහන පණිවුඩ එකතු කරන කෙනෙක්.
“මචං මම නුගේගොඩ ක්ලාස් යන කාලේ අපේ සයන්ස් මැත්ස් ක්ලාස්වල ළමයි ඉන්නේ සන්නගේ ක්ලාස්වලින් හයෙන් පංගුවක් විතර. අපි ක්ලාස් එකෙන් එළියට එන්නේ බාගෙට මැරිලා - අනුකලනය වෙලා අවකලනය වෙලා. ඒත් සන්නාගේ ක්ලාස්වලින් එලියට එන කොල්ලෝ කෙල්ලෝ මාර ෆන් එකකින් ඉන්නේ. අපි නැහිලා නැහිලා එක්සෑම් ලියන්න යනකොටත් සන්නගේ ගෝලයෝ මාර හැපි එකකින් ගට්ස් අරන් ෆේස් කරන්නේ. අන්තිමට බැලුවම උන් කැම්පස්. අපිට ගොම්පස්. ඉතින් අන්න ඒ ඊර්ශ්‍යාව හා බද්ධ වෛරය අපෙන් පිට දානවා වෙලාව අවේලාව බලලා...”
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ බොහෝ වෙලාවට ඇලිලා ගැලිලා ඉන්නේ මේ කියන කලා විෂය තුන්වන පන්තියේ දෙයක් යැයි වරදවා හිතා ගෙන අනාගතය අනා ගත් පිරිසක්. ඒ නිසායි. ඒ කේන්තිය අවස්ථානූයෝජිතව ප්‍රකාශ කරන්නේ.
සන්නා කියන්නේ හපුතලේ එකෙක්. හපුතලේ කියන්නේ සිංහල පෙකණිවැල කපපු තැන තරමටම බැදිච්ච තැනක්. හපුතලේ එවුන්ගේ මුඛරිකම එක්ක කාටවත් තරග කරන්න බැහැ.
සන්නගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ හපුතලේ, තර්ස්ටන් හා කොළඹ කතන්දර හරි ඇත්ත. ඒත් විශ්ව විද්‍යාල කාලයේ ඉදන් පෙම් බැන්ද කෙනාටම දරු දෙන්නෙකුටත් සුජාතව සන්නා අදටත් සතුටින් ඉන්නවා.
සන්නා එක්ක විනාඩි දහයක් කථා කල එකෙක්වත්, අඩියක් පුඩියක් ගහපු එකෙක්වත් අන්තර්ජාලයේ සන්නා ගැන යන බොරු කතන්දර ගැන තැකීමක් කරන්නේ නැහැ වාතයක් තරමටවත්. විවේචන එල්ල වෙන තරමට අපේ මිත්‍රයා තවත් සාමජයේ කිදා බහිනවා කියන සත්‍ය අත්දකිනවා.