සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිවන් සැප ලැබේවා කියලා තමා කියන්න වෙන්නේ....... !! :( :(

    එයාට හොද නිසානේ ඉතින් ඔය හාමුදුරුවෝ පස්සේ ගියේ...... ඒක ඒ ඒ කෙනාගේ කැමැත්ත...... ඕක මොකද තිස්ස අත්තනායක පවා ගිහින් තිබුනේ...... ඕවා නිකන් රැල්ලට කියන බණ පස්සේ යෑම්...... :dull:
    :eek:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලංකාවේ ඉන්න අනික් ධනවතුන්ට සාපේක්ෂව සැහෙන්න කුසල කර්ම කරගත්ත මනුස්සයෙක්.
    ඒ වගේම තමන් කරන පිනට අරමුදලක් පිහිටුවල ලොකු ප්‍රචාරයක් දීල සාමාන්‍ය මිනිස්සුත් සහබාගි කරගෙන පින් කරපු මනුස්සයෙක්.
    යහපත් ආත්ම භාවයක් ලැබේවා!

    thread එකේ නිර්මාංශ ප්‍රශ්නය ගැනත් මතුවෙලා තියනවා දැක්කා. මගේ අදහසත් කියන්නම්.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය භාවිතයට ගන්න එක තමා බුදුරජාණන් වහන්සේ අනුමත කලේ.. ඒ වගේම වෙළද පොලෙන් මස් මාළු අරන් කාපුවහම විශේෂයෙන් පිනක් හෝ පවක් සිද්ද වෙන්නෙත් නැහැ. ඒ වගේම මාංශ ප්‍රනීත අහාර ගොඩට වැටෙන බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා. මිනිසෙකුගේ බාහිර ක්‍රියකාරකමින් තොරව මරුන සතෙක්ගේ මාංශයත් අයිති වෙන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයටයි.

    එත් මතක තියා ගන්න ඕනේ දෙයක් තියනවා. අද තියන වෙළද පොලේ ගන්නට තියන හැම මසක්ම කිසියම් සතෙක් මස් පිණිස අසාධාරණව ගාතනය කරල ගත්ත මාංශයක්. ඒ වගේ මසක් කෑවට පව් සිද්ද නොඋනට ඒ වගේ මසක් ගුනවතෙකුගේ ලක්ෂණයක් නෙමෙයි. දේශනාව මතක නැති උනත් බුදුරජාණන් වහන්සේ පවා අසාධාරණ විදිහට සතුන් ගාතනය කරලා හදපු මහා දානයකට වඩින එක ප්‍රතික්ෂේප කරලා තියනවා. තමන්ගේ ජිවිතයට පුළුවන් තරම් අඩුවෙන් මස් මාළු එකතු කර ගන්නවා නම් හෝ වැළකෙනවා නම් එක ගුනවත්කමේ ලක්ෂණයක්.

    ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජිවිතේ යහපත් මාර්ගයට හදා ගන්න අනුගමනය කරනවා නම් වටිනවා ආභරණයක් විදිහට පාවිච්චි නොකර.
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සමන්ත භද්‍ර නම් නිර්මල බුද්ද ශාසනය කෙලෙහීමට උපන් චීවරදාරියාගේ අග්‍රශ්‍රාවිකා සෝමා උපාසිකා මාතාව අන්න නිවන් ගිහින්. :(:(

    බලු කතා කියන්න එපා පොන්නයෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පිනක් නැහැයි කියලා මම කිව්වේ නැහැනේ. පින ලැබෙයි. ශෝව් අප් එකට කරන පිනට වඩා, කරපු දේ ජනතාවගේ ඇගයීමෙන් ලැබෙන ප්‍රසිද්දිය වටිනවා මචන්.

    :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    විශාඛා සෝවාන් උනා නේද.. අනේ මන්දා.. මැරුණ මිනිස්සුන්ට මොකුත් කියන එක හොඳ නෑ.. දෙපැත්තම කලා.. පරිත්‍යාග කලා වගේම විනය ගරුක සදාචාර සම්පන්න නාළිකාවකුත් දායාද කලා නම් මාරම වටිනවා.. කමක් නෑ.. නිවන් සුව ලැබේවා..:nerd::nerd::nerd:

    කෝ බොල මගේ කලින් කමෙන්ට් එක.. ගත්ත එකෙක් දීපියම් මගේ යකා අවුස්ස නොගෙන..:frown::frown::frown::frown:

    විශාඛාව සෝවාන් වුනේ අවුරුදු 7දි බන්. මැරෙන්න ඉස්සෙලා අනාගාමී ඵලය ලබලයි හිටියේ. දැන් ඉපදිලා ඇත්තේ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයක.

    මේ ගෑනි මෙතන නයි අරිනවා.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mama mchn loweth uba tharam buddagama gana dannenm na...eth mata hithena widihata kusal ras wenne karapu pina diha blala kiyala sathutu unamae...karapu de nisa thamanta wena wasiyak hari labayak(prasidda weema wage) hari dakala sathutu wenawata kusal ras wae da bn...me ganita mata hithena widihatanm thiyenne heena mane...

    උඹට හරියටම කොහොමද කියන්න පුලුවන් ඒ දේවල් වලින් මෙයා සතුටක් ලැබුවේ නෑ කියලා? ප්‍රසිද්දිය බලාපොරොත්තු වෙන්න ඇති අන්වාර්‍යයෙන්ම. නමුත් කරපු දේවල් වලින් පින් නම් ‍රැස් වෙන්න ඇති.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    විශාඛාව සෝවාන් වුනේ අවුරුදු 7දි බන්. මැරෙන්න ඉස්සෙලා අනාගාමී ඵලය ලබලයි හිටියේ. දැන් ඉපදිලා ඇත්තේ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයක.

    මේ ගෑනි මෙතන නයි අරිනවා.

    විසාකා සෝවාන් උනාට අනාගාමී වෙලා හිටියෙනෑ, නිම්මාන රති කියන දිව්‍යලෝකෙ ඉපදුනේ, ඒ දිව්‍යලෝකෙ සුනිර්මිත කියන දිව්‍යපුත්‍රයාගෙ අගමෙහසිය වෙලා, ඉතින් වැඳිරියක් වගේ සෝමාට සමාන කරන්න පුලුවන්ද?
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    උඹට හරියටම කොහොමද කියන්න පුලුවන් ඒ දේවල් වලින් මෙයා සතුටක් ලැබුවේ නෑ කියලා? ප්‍රසිද්දිය බලාපොරොත්තු වෙන්න ඇති අන්වාර්‍යයෙන්ම. නමුත් කරපු දේවල් වලින් පින් නම් ‍රැස් වෙන්න ඇති.

    ow thiyennath athi bn ne...kohoma hari ewa kala ekath watinawa pina moka unath...:):)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කිලෝබයිට් 300 ක් විතර මේ pdf එක. අනේ කරුණා කරලා ඔය වෙජිටේරියන් උන පලියට අනික් මිනිස්සු මස් මාලු කන එක පව් කියලා කෑ ගහන උන්දැලා කියෝලා හිටපල්ලා.

    මේකේ තේරෙන සරළ සිංහලෙන් තියෙනවා. මේකේ තියෙන විදිහට මෙකේ ගහලා තියෙනවා "බුද්ධිමතුන්ට කියවා තේරුම් ගැනීම පිණිසයි" කියලා. එහෙම බුද්දියක් නැති මන්ද බුද්ධිකයෙක් නම් වද නොදී හිටපන් මින් මතුවට හෝ මූඩ් එක කන්නේ නැතුව.

    මෙන්න පොත

    ප්‍රතිපත්ති හෝ ඇලර්ජික් තියෙන හේතුවක් මත නොකා ඉන්න එක වෙනයි බං. ඒ උනාට පවක් සිද්ධ වෙනවා කියන මෝඩ මුලාව නිසා නොකා ඉන්න එක නම් මෝඩ කමට වඩා නොදැනුවත්කම.

    හැබැයි එහෙම නොදන්න උන් තමයි මම වෙජිටේරියන් කියලා ලොකුවට ඔලුවට අරගෙන ඉන්නෙත්. ඒකයි දුක.

    මත දෙකක් තිබ්බට මස් කෑව කියල පාපයක් වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ ප්‍රාණඝාත අකුසලයට සම්භන්ද වීමක් වෙන්නෙ නැහැ..
    හරියට දන්නෙ නැති උන් තමයි එහෙම කියන්නෙ..

    meka mara wadakne ban...sathek marana eka pau...ehema marapu sathekge manshaya kana eka pawak nemei...:cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    meka mara wadakne ban...sathek marana eka pau...ehema marapu sathekge manshaya kana eka pawak nemei...:cool::cool::cool:

    ඕක ඉතින් නොදැනුවත් කම බං..
    බුදු හාමුදුවන්ගෙ කාලෙ පැවදි වෙලා හිටපු භික්ශූන් නිර්මාන්ෂද ?

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ එකල දායක දායිකාවන්ට ද සැකයක් නො තිබුණු බව අංගුත්තර නිකායේ මනාපදායි සූත්‍රයෙන් ද මනා ව පැහැදිලි වේ. මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ. යනුවෙන් බුදුරදුන්ගෙන් ඇසූ ධර්‍මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ප්‍රියකරන ආහාර වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනවිත් පූජා කළේ ය. “මේ ආහාර අතර ඩෙබර ඵල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි. මෙහි දී උග්ගට තමන් අතිශය ප්‍රිය කරන අඟල් සතරක් පමණ දිග බැටළු ලොම් සහ කළු එළු ලොම් මිශ්‍ර කොට සැකසූ ඇතිරිලි හා ඉතා වටිනා උඩුවියන් සහිත යහනක් බුදුරදුන්ට පූජා කිරීමට අවශ්‍ය විය. එය භික්ෂුන්ට කැප නො වන බව දැන ගන්නට ලැබිණි. ඒ නිසා ඔබ වහන්සේට ඉතාමත් වටිනා සඳුන් ලීයෙන් තැනූ පාදුකාවක් ගෙන ආවෙමි යි, පවසා ” භාග්‍යවතුන් වහන්ස එය පිළිගන්නා සේක්වා යි” බුදුරඳුන්ට පිළිගැනිවීය. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වහන්සේ එම ආහාර හා ගරු භාණ්ඩය පිළිගත්තාහ. මෙයින් මනා ව පැහැදිලි වන්නේ සුබෝපභෝගී උච්ඡාසයන මහාසයනයන් පිළිගැනීම භික්ෂූන්ට අකැප වූ බවත් මස් මාළු පිළිගැනීම අකැප නොවන බවත් දායක පක්ෂය මනාව දැන සිටි බවයි.
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය භික්ෂුවකට කැප යයි එක අතකින් පිළිගැන තිබූ අතර, තවත් අතකින් මුල දී මස් වර්‍ග හතක් ද පසූව එයට මස් වර්‍ග තුනක් ද එක් වී මස්වර්‍ග දහයක් භික්ෂූන්ට අකැප කොට විනට නීතියක් පැනවූ බව පෙනේ. මහාවග්ගයේ භෙසජ්ජක්ඛන්ධකයෙහි භික්ෂූන් විසින් නො වැළඳිය යුතු, භික්ෂූන්ට අකැප වශයෙන් සැලකූ, මස් වර්‍ගයන් වූයේ මනුස්ස මස්, සජී මස්, සිංහ මස්, ව්‍යඝ්‍ර මස්, දිවි මස්, වලස් මස් හා කරබානා වලස් මස් යනුවෙනි. වනයෙහි වෙසෙන භික්ෂූන් මේ මස් වැළඳීමෙන් ඉව දැනුණ වන සතුන්ගෙන් වන වද හිංසා පීඩාවන නිසා මෙකී මස් නොවැළඳිය යුතු බවට විනය නීති පැණවුණි.

    ඇත් මස් හා අශ්ව මස් භික්ෂූන්ට තහනම් වූයේ රජතුමාගේ සේනාවට අයත් නිසා බවද කියැවේ. තවද සුනඛ මස් නො වැළඳිය යුතු යයි පැනවූයේ පහත් යයි සම්මත කුලවල ජනතාව සුනඛ මස් ආහාරයට ගත් නිසාත්, ශිෂ්ට සමාජය සුනඛ මස් කන අය බෙහෙවින් පිළිකුල් කළ නිසාත් ය. මෙසේ අකැප මස් වර්‍ග දහයක් විනය පිටකයෙහි සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ සෙසු මස් මාංස ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනිවීමේ දී භික්ෂූන් විසින් වැළදූ බව යි. මෙම තහනම් කළ මස් වර්‍ග අතර කාර්මික පරිසරයක ගවයාගෙන් ලද ඉමහත් ප්‍රයෝජනය නිසත්, ගවයා දේවත්වයෙන් හින්දුන් විසින් සැලකූ නිසාත්, පසු කාලයේ දී ගවමස් ආහාරයට ගැනීම මහත් අපරාධයක් ලෙස භාරතීය සමාජය විසින් පිළිගන්නා ලදැ යි පැහැදිලි වේ.

    මෙසේ මස් වර්‍ග දහයක් අකැප මස් වර්‍ග සලකා විනය ශික්ෂාපද පනවා නතර වූයේ නැත. එබඳු අකැප මසක් වැළඳීමෙන් භික්ෂුවක් පිට පැවරෙන වරද පිළිබඳ ව භික්ෂූන්ට මෙනෙහි කරවන ලදී. තමන්ට පිළිගන්වන ලද ඕනෑ ම මසක් භික්ෂූන්ට පිළිගැනීමට මේ නිසා අවසරයක් නොලැබුණි. ඒ පිළිබඳ මස් පිළිගන්වන අවස්ථාවේ දී භික්ෂුවක් ඒ මස කවර සත්වයකුගේදැ යි සැක හැර දැන ගතයුතු ව ඇත. “උදාහරණයක් ලෙස ඌරු මස් හා වලස් මස් පෙනුමෙන් සමාන ස්වරූප දරයි. ඒ නිසා එබඳු අවස්ථාවක දී එය විමසා දත යුතු ය. නො දැන වැළඳීම වරදින් නිදහස් වීමට කරුණක් නො වේ. මෙහි දී පැහැදිලි වන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳීමට දුන් අවසරය නිදහසේ මස් මාළු වැළඳීමට දුන් අවසරයක් නො වනබව යි. ඒ පිළිබඳ විනය සීමාවන් ඉක්මවා නො යන ලෙස පාලනයක් ඇති කළේ සමාජයෙන් එල්ලවන චෝදනාවලින් භික්ෂුව නිදහස් කර ගැනීමටය.
    චීනයේ මහායාන භික්ෂූන් මස් මාංසවලින් වැළකී සිටිය ද එහි හීනයාන භික්ෂූන්ට මස් මාංස වැළඳීම අනුමත විය.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක උඹ මේ ත්‍රෙඩ් එකට අදාල කරගන්නේ කෙසේද?

    ත්‍රෙඩ් එකේ ඇතැමුන් කියන දේවල් එක්ක මම මේක කිව්වේ ..කෙනෙක් තේරුම් ගනියි ..!!
    එක්කෙනෙකුට ඉල්ලක්ක කරලා කිව්වේ නැත්තේ අනවශ්‍ය ප්‍රශ්න ඕනේ නැති නිසා බන්
    ඒ මනුස්සය මැරිලා ඉවරයි ..මරිච්ච් කෙනා වෙනුවෙන් ජිවත් වෙලා ඉන්න අපි මරාගන්න ඕනේ නෑ :yes::yes:
     
    mona potheda ban mehema tiyenne...meke tiyena widiyata ath mas ashwa mas waladanna epa kiyala tiyenne rajathumage senawata aiti nisa...sunaka mas kanna epa kiyala tiyenne pahath kula wala aya balu mas kapu nisalu..buduwahansemai kula wadaya prathikshepa kale...:dull::dull: poddak hitala balapanko oya kiyala tiyena ewa harida kiyala....:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    විසාකා සෝවාන් උනාට අනාගාමී වෙලා හිටියෙනෑ, නිම්මාන රති කියන දිව්‍යලෝකෙ ඉපදුනේ, ඒ දිව්‍යලෝකෙ සුනිර්මිත කියන දිව්‍යපුත්‍රයාගෙ අගමෙහසිය වෙලා, ඉතින් වැඳිරියක් වගේ සෝමාට සමාන කරන්න පුලුවන්ද?

    ඔය කතාව කොහෙද බං තිබ්බේ මට අහුවෙලා නැහැනේ..?
     
    ;););)