සමලිංගික

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ලක් කෙල්ලක් සමලිංගික විවාහයකට සැරසෙයි :shocked:

    a16a9868db22328d91e9e00ac846b0e5_L.jpg


    අයර්ලන්තයේ ”නිව්ස්‌ ටෝක්‌” ගුවන් විදුලි සේවයේ, සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක්‌ ඇය විසින් මෙහෙයවනු ලබන ”ග්ලෝබල් විලේඡ්” සජීවී වැඩසටහනේදී තම පෙම්වතියට විවාහ යෝජනාවක්‌ ගෙන ඒම බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

    ඇය නමින් දිල්හානි වික්‍රමසිංහය.

    සමලිංගික සේවනයේ යෙදෙන්නන් හට විවාහ වීමට අවසර දීමේ නීතිය පසුගියදා අයර්ලන්තය තුළ නීතිගතවූයේ පසුගිය මැයි 23 වැනිදාය.

    කතෝලික ආගම රජයන අයර්ලන්තයේ ජනතාවගෙන් කළ මත විමසුමකදී 62%ක්‌ සමලිංගික විවහවලට කැමැත්ත පලකර තිබිණි.

    ඇය සිය කතාව ඉරිදා දිවයින සමඟ පවසා තිබුණේ මෙලෙසිණි.

    මගේ දෙමව්පියෝ ශ්‍රී ලාංකික. ඔවුන් ඉතාලියේ ජීවත් වන කාලේ තමයි මම ඉපදුනේ. ඒ 1973 වසරේ රෝමයේදී. මගේ ළමා කාලයේදීම අම්මයි තාත්තයි අතර රංඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා. ඒවා සමතයකට පත් කරගන්න කියලා එයාලා ”ජෙහෝවාස්‌ විට්‌නසස්‌” කියන ආගම වැළඳගත්තා. ඒ නිසා මට උපන් දිනයවත් සමරන්න දුන්නේ නෑ. මට වයස අවුරුදු 12 වෙන කොට මාව ලංකාවට යෑව්වා. මගේ ආච්චියි, සීයයි ළඟට.

    ලංකාවේදී මාව උපකාරක පංති වලට යෑව්වා. එක්‌ ගුරුවරයෙක්‌ මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක්‌ වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.

    මට වයස අවුරුදු 16 යේදී මම තවත් ගැහැණු ළමයෙක්‌ සිප ගත්තා. ඊට පස්‌සේ තමා මට තේරුණේ මම සමලිංගික සේවනයේ යෙදෙන්නියක්‌ කියලා. මේ බව මගේ දෙමව්පියෝ දැන ගත්තට පස්‌සේ මාව ගෙදරින් එලෙව්වා. මට එතකොට වයස අවුරුදු 17 යි. අවුරුදු ගණනාවක්‌ම මම හිටියේ යාළුවන් ගේ සහ ප්‍රේමවන්තියන් ගේ නිවෙස්‌ වල.

    මට මාධ්‍යවේදිනියක්‌ වෙන්න පොඩි කාලේ සිටම ආසාවක්‌ තිබුණා. මට කොළඹ ගුවන් විදුලි සේවයක (ගුවන් විදුලි සේවයේ නම කීමට ඇය අකමැති විය) රැකියාවක්‌ ලැබුණා. ඒ එක්‌කම මට රූපවාහිනියෙත් සාකච්ඡා වලට සහභාගීවීමේ අවස්‌ථාව උදාවුණා. නමුත් මගේ ලිංගිකත්වය මේ සියල්ලටම හරස්‌ වුණා. මා වැඩ කරපු මාධ්‍ය ආයතනය කිව්වා මගේ රැකියාව බේරා ගන්න නම් මගේ ලිංගිකත්වය රහසක්‌ වශයෙන් තබා ගත යුතුයි කියලා.

    මට සැඟ වෙච්ච ජීවිතයක්‌ ගත කරන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ සිහින බොඳ කරගනිමින් මම ඒ රැකියාවෙන් අයින් වෙලා ”ගල්ෆ් එයාර්” ගුවන් සේවයේ ගුවන් සේවිකාවක්‌ ලෙස අලුතින් ජීවිතය ආරම්භ කළා. මම එහි වසර පහක්‌ සේවය කරලා 2000 වසරේ ජූනි මාසයේ අයර්ලන්තයේ ‘ඩබ්ලින්’ නුවරට ආවා.

    මම ඩබ්ලින් නුවරට ආවේ ඉබාගාතේ වගේ. මොනවද කරන්නේ කියලා කිසිම අරමුණක්‌ තිබුණේ නෑ. මම පටන් ගත්තේ පහත්ම තැනින්. ඉස්‌සෙල්ලම හෝටලයක කුස්‌සියේ අත් උදව්කාරියක්‌ විදිහට, ඊට පස්‌සේ වේටර්වරියක්‌, ආපන ශාලා සුපර්වයිසර්වරියක්‌, පිළිගැනීමේ නිලධාරිනියක්‌, ලිපිකාරිනියක්‌, මානව සම්පත් පාලිකාවක්‌, ජ්‍යෙෂ්ඨ බඳවා ගැනීමේ උපදේශිකාවක්‌, පුහුණුකිරීමේ නිලධාරිනියක්‌, ප්‍රජා ක්‍රියාධරියක්‌, සමාජ ව්‍යාපාරිකාවක්‌, විකට නිළියක්‌, නිළියක්‌, ගුවන් විදුලි නිවේදිකාවක්‌ සහ මාධ්‍යවේදිනියක්‌.
    දිල් වික්‍රමසිංහගේ සමාජ සේවා කටයුතු අගය කරමින් 2014 වසරේ පෙබරවාරි 4 වනදා ඇය ‘ෆෙඩි්‍රක්‌ ඩග්ලස්‌’ සම්මානයෙන් පිදුම් ලැබුවා.

    මම දැන් අයර්ලන්තයේ ”නිව්ස්‌ ටෝක්‌” ගුවන් විදුලියේ මුල් බැස ගත් මාධ්‍යවේදිනියක්‌. එය මම මහජනයාට සමාජ සාධාරණය සහ මානසික සහනය ළඟා කර දීම සඳහා භාවිතා කරනවා.

    අලුත් ජීවිතයක්‌ ගත කරන්නට මම අයර්ලන්තයට ආවත් මගේ අතීත සිදුවීම් නිසා මා මානසික රෝගී තත්ත්වයට පත්වුණා. මට මගේ ජීවිතය නැති කරගැනීමේ අදහස්‌ පවා ආවා. පසුව මම ”වන් ඉන් ෆොa” (One in Four) පුණ්‍ය ආයතනයේ සහයෙන් මනෝ රෝග චිකිත්සා පහසුකම් ලබා ගෙන තමයි ගොඩ ආවේ. ”වන් ඉන් ෆො” පුණ්‍ය ආයතනය ලිංගික අතවරයන්ට ලක්‌වූවන්ට සහන සලසන ආයතනයක්‌.

    2010 වසරේ මානසික චිකිත්සා වැඩමුළුවකදී මට ”ඈන් මරී” හඳුනාගන්න ලැබුණා. හය මසක්‌ ඇතුළත ඇය මගේ පෙම්වතිය වුණා. අපිට පවුලක්‌ වෙන්න නම් දරුවෙකුගේ අවශ්‍යතාවය දැනුණා. ඒ නිසාම කෘතීම දරු ඵල ලබා ගැනීමේ චිකිත්සා ක්‍රමය (IVF) යටතේ මට දරුවෙක්‌ පිළිසිඳ ගත්තා. එය මටත් ඈන් මරීටත් විශාල සතුටක්‌ ගෙන දුන්නා. අපේ දරුවා පසුගිය මැයි 17 වනදා මෙලොව එළිය දුටුවා. අපේ පුතාට අපි ”ෆීනික්‌ස්‌” යනුවෙන් නම දැම්මා. මේ දරු උපත මෙතෙක්‌ මගෙන් ඈත් වී සිටි මගේ මව නැවත මට ළඟා කර ගැනීමට උදව් වී තිබෙනවා. ඒ පිළිබඳව මා ඉතාම සතුටින් සිටිනවා.


    srilankamirror

    dil.jpg


    Dil%20Wickremasinghe%20%20Anne%20Marie%20Toole.jpg


    it-dilam-pic.jpg
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    සමලින්ගික එකක් නෙවෙයි 10ක් කර ගත්තත් කමක් නෑ. අර පොඩි එකා ලොකු උන දවසක මොනවා හිතෙයිද දන්නේ නෑ. සමහරවිට ඒ පොඩි එකත් අම්මගෙම පාරේ යන්න ඉඩ තියෙනවා
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    අපි කිව්වා මේක මානසික රෝගයක් කියලා දැක්කනේ එයට වන අතවරයක් එක්ක තමයි මේකට හිත යන්නෙ කෝ මේ ටිවිස්ට් මාක් අනිත් එවුන්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    මම දන්න සමල්ංගික පොරක්ගෙ ..පොඩි කාලෙ පූසෙක් හපලා. ඊට පස්සෙ තුවාලෙ වැඩිවෙලා ඇඟිල්ලක් කපලා..මන් හිතන්නෙ පොර සමලින්ගික වෙලා තියෙන්නෙ ඒ හින්දා:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පටසිරි දැන් රෙද්ද උස්සන් එයි කස්ටිය :rofl:

    ඇක්ටිවේටරේ ප්ලීස් :cool:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,713
    8,043
    113
    Kotahena
    තාත්තෙක් නැතිව පුතෙක් ඉපදෙනකොට ඌ අවජාතකයෙක් ද?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙතන තමයි සම්පුර්ණ වැරැද්ද .

    එක්‌ ගුරුවරයෙක්‌ මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක්‌ වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන තමයි සම්පුර්ණ වැරැද්ද .

    එක්‌ ගුරුවරයෙක්‌ මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක්‌ වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.

    ඕවා කිව්වට වැඩක් නෑ, මේක සාමාන්‍යය දෙයක් කියලනේ මේකේ සමලිංගික නඩයට කඩේ යන සෙට් එක කියන්නේ, අපි නිකම් විහිළුවක් වෙන එකයි වෙන්නේ ඇත්ත පෙන්වලා දෙන කොට. හීන ලෝක වල ජීවත් වෙන එවුන් ,ඒ ලෝක වලම ජීවත් වෙච්ච දෙන් ඉතින්.