ඒ ඩවුට් එක මටත් තියෙනවා
ටෝටලි අන්එක්ස්පෙක්ට්ටඩ් සීන් වලදි අපිට කර්මය මතක් වෙනවා
මොකා කොහොම කිව්වත් එක නවත්ත ගන්න බෑ
මොක කොහොම උනත් හිත, කර්මය, සිතිවිලි, අහඹු, වගේ සංසිද්ධි වලට අදටත් හරි හමන් පැහැදිලි කිරීමක් කිසිම ආගමකින්වත්, විද්‍යාෙවන්වත් නෑනේ මචං. කොච්චර දාර්ශණිකයි කිව්වත්, තාර්කිකයි කිව්වත් ඔය සංකල්ප ඉස්සරහ විද්‍යාවත් සයිලන්ට් නේද
කර්මය ගැන කතා කරලා අපි ගැඹුරට ගියොත් එන පෙලක් ප්‍රශ්ණ වලට බුද්දාගමෙත් මම දන්න විදියට උත්තර නෑ. එක්කෝ ඒ ගැන හරියට දන්න අය දැන් නෑ. ඒක නිසා මම හිතන්නේ ඒ ලෙවල් එකට යන එක තේරුමක් නෑ අපි. ඒත් මොකක්ම හරි දෙයක් එතැන තියෙනවා. ඒ දේ නැත්නම් අපි හැමෝම සමාන වෙනවනේ. හිතන විදි එකක් වෙනවනේ. මොනම හරි හේතුවක් නිසා අපි වෙනස් නේ. හිතන විදි, ජිවත් වෙන විදි, මුන දෙන ප්‍රශ්ණ පට්ට වෙනස් නේ.