JVP එක බලේට එනවට මගේ නම් කිසිම විරුද්ධ කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බලේට එන්න හදන විදිහෙයි. ගමෙන් පටන් ගමු කියල project එකක් පටන් ගත්තා. හැබැයි ගමට ගිහිල්ලා මොනවද කියන්නේ? ආණ්ඩුවට බනින එක විතරයි කරන්නේ. ගමේ මිනිස්සු ටිකක් ගෙන්න ගෙන කියනවා පොහොර නැවක් රට වටේ කැරකෙනවලු, රට විකුනනවලු. කෝ බන් රට ගැන දැක්ම. ඔන්න ඕකයි ප්‍රශ්නේ. රට වටේ ගිහිල්ල ඉන්න ආණ්ඩුවට බනින එක විතරයි කරන්නේ. සමහර ඒවා මිනිස්සුන්ට පිලිගන්න්වත් බැරි රට කෙපර.
ගොවියෝ දන්නවා ආණ්ඩුව රසායනික පොහොර නැවැත්තුවේ හොඳ දෙයක් වෙනුවෙන් කියලා. හැබැයි ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ කාබනික හරි කමක් නැහැ පොහොර ටික වෙලාවට ලැබිච්ච නැති එකයි. දැන් JVP එක මොකක්ද කරන්නේ. අර ගොවියෝ ටිකක් එකතු කරන උද්ගෝෂණ කරනවා රසායනික පොහොර දීපන් කියලා. ඉතින් චන්දයක් ආවම ඉනිස්සු චන්දේ දෙයිද? පොහොර දුන්න කියමු. කෝ ඒ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයට විසඳුම්. මිනිහෙක් චන්දේ දාන්න ගියාම ඕවත් හිතනවා. ඉස්සර වගේ නෙවෙයි. JVP එකේ වැඩ පිළිවෙල මොකක්ද ඒ වෙනුවෙන් තියෙන ගොවියෝ ටික උසි ගන්වන්නවා ඇරෙන්න.
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. JVP එකේ project fail වෙන්නේ ඔය වගේ හරයක් නැති වැඩ නිසා. කවමදාවත් නායකයෝ එකතු වෙලා පක්ෂයේ සාකච්චාවක් තිබ්බ දවසක් මතකද? එක එකා තනියෙන් එක එක තැන් වල මද්‍ය සාකච්චා. උන් උන්ට ඕන ඕන දේ කර කර මිනිස්සු උසි ගන්න ගන්න රටේ එක එක තැන් වල එක එක වැඩ.
ඕවා නෙවෙයි කරන්න ඕන. මිනිස්සුන්ට පෙන්නපන් රට ගැන තමුන්ට තියෙන දැක්ම. රාජපක්ෂ හොරු. උන්ව අපි ආපු ගමන් දඬු කඳේ ගහනවා කිව්වට මිනිස්සු දැන් ඕවා පිළිගන්නේ නැහැ. 2015 ත් එහෙම දෙයක් උනා. අන්තිමට මිනිස්සු රාජපක්ෂලාගේ ගෙදර ගිය කිරි පැණි අරන් පෝලිමේ.
මිනිස්සු කැමති හොඳ විකල්පයක් එනවා නම්. හැබැයි මේ ඉන්න මුණු සෙට් එකම එක එක විදිහට කරකවලම නම් ආපහු එන්නේ රජජපක්ෂ කඳවුර හොල්ලන්න පොඩ්ඩක් අමාරු වෙයි. මොකද කොවිඩ් එක්ක මේ වෙලා තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා පටි තද වෙච්ච ඒවා තව අවුරුද්දක් යනකොට ඉබේම නැති වෙලා යනවා. පොහොර ප්‍රශ්නය නිසා වෙලා තියෙන අඩු පාඩුත් හරියට පොහොර ටික ආවම තව අවුරුද්දක් යනකොට නැති වෙනවා. ගුරු ප්‍රශ්නෙත් ඉවර උනා. LNG එකෙත් නඩු දැම්මා දෙපැත්තෙන්ම. එකත් නීතියෙන් විසඳෙයි. අධිකරණයෙන් කිව්වොත් ප්‍රශ්නයක් නැහැ කියලා එතනත් ආණ්ඩුව දිනුම්. ඒ නැතත් ඔය ගිවිසුමම සැර අඩු කරලා ආපහු බස්සවයි ආණ්ඩුවෙන්. එතකොට ඔය දැන් වේලාවෙන් ප්‍රයෝජන අරන් කෑ මොර දෙන උන්ට වෙන විකල්ප ක්‍රම හොයා ගන්න වෙයි මිනිස්සුන්ව පාරට පසසන්න.