සරසවි කුරුටු ගී

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
සරසවි කුරුටු ගී

ගලහ හන්දියෙ උඩහට.
එල්ලිල මේ උරහිස්සෙ බරට.
දෙන්න එකටම ක්ලාස් යනකොට.
හීන මැව්වෙ එන්න පේරාදෙනියට.
ඒ දවස් වල ලොකුවට.
පාඩම් කරමු කිව්වට.
බැරි උනා කරගන්න එච්චරට.
කොහෙද ඔයා මතක් උනානෙ හරියට.
මුල් නැවෙන්ම මුලට.
ඔයා යනකොට පේරෙට.
ආපු බෝට්ටුවක යන්තමට.
එල්ලුනා මමත් සබරගමුවට.
මුල් දවස් වල පොඩි ඉස්පාසුවට.
ඔයා මට මම ඔයාට.
කතා කෙරුවා හරියට.
මතක් වෙන මතක් වෙන වෙලාවට.
ටික දවසක ඉඳන් හරි නුහුරට.
තේරුනා වෙනස කතා කරනකොට.
ලතා මඩුලු අත වනලලු ඔයාට.
මං ආරංචි කරල බලනකොට.
ඊයෙ හවස අන්තිම පාරට.
ඔය කටහඩේ අමුත්තක් නැතුවට.
කිව්වම තේරුනා වෙනස හොඳට.
ගුලි කරල දැම්මලු මතකෙ මහවැලි ගගට.
උදේ ඉඳන් වලි කනව මං හරියට.
ගුලි කර ගන්න මගෙ මතකෙ පොදියකට.
මහවැලි ගං පතුල් නැතිවට.
දාන්නං සමනල වැවට නැත්තන් බෙලිහුල් ඔයට.
අකුරු කෙරුවට සිංදු වල හැඩට.
තිබුනට මතක අමතක කරන හැටි පෙලට.
අමාරුයි මැණික ඇත්තට කරනකොට.
පුලුවන් නම් ඇවිත් කියල දෙනවද මට.

issuwe fb eken
 
  • Like
Reactions: owlX

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මහවැලි ගගට ඔය වගේ කොන්ඩම් කොච්චර නම් වැටෙනව ඇද්ද පේරාදෙනියෙන් :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif