සරළ බුදු බණ 1

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    M : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?
    B : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?
    M : ඔව්, ඉන්නවා.
    B : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?
    M : ඔව්. ඉන්නවා.
    B : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?
    M : ඉන්නවනේ හිමියනි.
    B : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?
    M : එසේය හිමියනි.
    B : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?
    M : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.
    B : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
    M : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
    B : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
    M : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
    B : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
    M : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ
    B : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

    ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )
    M : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
    B : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
    M : ඔව් ස්වාමීනි. එහෙම කළා.
    B : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
    M : ඔවුනේ ස්වාමීනි.
    B : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
    M : නෑ ස්වාමීනි.
    B : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

    M : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

    Copied
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මෙහෙම ඇහුවොත් :

    ප්‍ර :ඔබේ වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් එක උඩ කුරුලු බෙට්ටක් තියනවා , ඒක දැක්කහම ඔබට දුකද සතුටුද?
    උ : දුකයි

    ප්‍ර : මහා වැස්සක් ඇවිල්ලා ඒ බෙට්ට හේදිලා යනවා එතකොට දුකයිද සතුටුයිද ?
    උ : සතුටුයි , ඒක අනිත්‍ය වෙලා ගිය නිසා මට සතුටුයි

    ප්‍ර: ඒ කියන්නේ යකෝ අනිත්‍යනං දුක නැද්ද
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    මෙහෙම ඇහුවොත් :

    ප්‍ර :ඔබේ වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් එක උඩ කුරුලු බෙට්ටක් තියනවා , ඒක දැක්කහම ඔබට දුකද සතුටුද?
    උ : දුකයි

    ප්‍ර : මහා වැස්සක් ඇවිල්ලා ඒ බෙට්ට හේදිලා යනවා එතකොට දුකයිද සතුටුයිද ?
    උ : සතුටුයි , ඒක අනිත්‍ය වෙලා ගිය නිසා මට සතුටුයි

    ප්‍ර: ඒ කියන්නේ යකෝ අනිත්‍යනං දුක නැද්ද


    අනිත්‍ය තේරුම් අරන් හිටියනම් වීදුරුවට කුරුල්ලෙක් ජරා කරා කියල දුක් වෙන්නේ නෑ වගේම එක වැස්සෙන් හෙදුන කියල සතුටකුත් නෑ...
    කොටින්ම තමන්ගේ කියල අල්ලගත්තු වහනෙකුත් නෑ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිත්‍ය තේරුම් අරන් හිටියනම් වීදුරුවට කුරුල්ලෙක් ජරා කරා කියල දුක් වෙන්නේ නෑ වගේම එක වැස්සෙන් හෙදුන කියල සතුටකුත් නෑ...
    කොටින්ම තමන්ගේ කියල අල්ලගත්තු වහනෙකුත් නෑ
    :yes::yes::yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )
    M : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
    B : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
    M : ඔව් ස්වාමීනි. එහෙම කළා.
    B : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
    M : ඔවුනේ ස්වාමීනි.
    B : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
    M : නෑ ස්වාමීනි.
    B : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

    M : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

    මම: නිත්‍ය / අනිත්‍ය ස්ථිර අස්ථිර මගුලක් නිසා නෙවෙයි බන්.. දරුවා අඩන්නෙ ඌ කැමැත්තෙන් වැල්ලට බැඳුන නිසා(රාගය). හිතපන්කො මීට කලින් රැල්ලක් ඇවිත් ඕකගෙ කටේ වැලි ගිහින් දැන් වැලි එක්ක මල පැනලා ඉන්නෙ කියලා.. එතකොට ඕකා කැමති වැලි වලට හෙන ගැහිලා යනව නම්. වැි අනත්‍ය වෙලා නැත්තටම නැති වෙලා යනව නම්. එතකොට වැල්ලට අකමැත්තෙන් බැදිලා. (ද්වේශය)... වැල්ල සාරයි, කැමැත්ත ඉටුකරනවා කියන එක තමයි උගේ මොට්ට කම (මෝහය).

    දැන් කියපන් වැල්ල මගේ ආත්මය නෙවෙයි, වැල්ලෙ මගේ ආත්මය නැත කියලා උඹලටවත් නොතේරෙන දෙයක්..:lol::lol:


     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    :yes::yes:තේරෙන මට්ටමට ධර්මය අහන්න ප්‍රඥාවක් ඕනේ නෑ. මේ හාමුදුරුවෝ නියමෙට කියනවා. අපි අහන දේ පෙර නොඇසූ විරු ධර්මයක් වෙන්ඩ ඕනේ, අපිව විශේෂත්වය කරා ගෙනයන දහමක් වෙන්ඩ ඔනේ. සංකාරයේ අනිත්‍ය පේන සෝවාන් උත්තමයා සියලු සංකාරයන් දුකයි කියලා දකිනවා. සංකාරයේ අනිත්‍ය නොදැක පොර ටෝක් දෙන උන් බුදුබණ උන්ට තේරෙන විදියට වෙනස් කරං, සෝවාන් උනා කියලා හිතාගෙන ඉන්නවා.
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මේ මිනිහා වැලි අනිත්‍ය බව දන්නවා, පුතා අනිත්‍ය බව දන්නෙ නෑ. ඕන එකෙක් හැම දන්නවානෙ බං එපදුන එකෙක් මැරෙනවා කියලා මොන ජීවිතද බං මේවා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මේ අර අපිට තවම මාර්ගය හම්බ වෙලා නෑ කියපු හාමුදුරුවන්ගේ ගෝලයා නේද?

    ලොකු හාමුදුරුවන්ට මාර්ගය හම්බ වෙලා නැත්නම් ගෝලයා ගැන කවර කතාද?




    ඊ ලඟට Harvard-Bio ගේ මඩ ගබඩාවේ ම තියන වීඩියෝ එකක ඔය හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ කියනවා මෙහෙම

    19:55 ඉඳන්
    https://www.youtube.com/watch?v=VhmKXhLCnFo&t=1195

    "මැරෙමින් ඉපදෙමින් යන මේ සසරෙන් පිංවත් ස්වාමින්වහන්සේලාටත් අපිටත් ගොඩ යන්න පුළුවන් සැබෑ මඟක් අපි හොයාගන අපි ලෝකෙට කියමු. ඒකට අවස්ථාව සැලසෙන තාක් අපි පරියප්තිය බේරගමු"

    බුදුරජානන් වහන්සේ පැහැදිළිවම මඟ කියලා තියෙද්දී මොකක්ද මේ අලුතෙන් හොයාගන්න යන මඟ?
    මේ අයට තාම නිවන් මඟ හම්බ වෙලා නැද්ද?

    අලුතෙන් මේ මොකක්ද හොයාගන්න යන්නේ?

    මොකක්ද මේ කියන හරුපේ?

    දන්න එකෙක් අනේ අපිටත් කියලා දීපල්ලකෝ මේ අලුතෙන් හොයාගන තියන මාර්ගය