සර්පයින්ගේ ලෝකය
*දැන සොයාගෙන ඇති ලොව පුරා ජීවත්වන සර්පයන් විශේෂ ගණන 3000කට ආසන්න වේ.
* සර්ප විශේෂ 375ක් පමණ ප්‍රමාණයක් විෂ සහිත වේ.එයිනුත් සුළු ප්‍රමාණයක් මාරක විෂ සහිත මිනිසාට හානිකර විශේෂ වේ.
*සියළුම සර්ප විශේෂ මාංශභක්ෂකයන් වේ.
*බොහොමයක් සර්ප විශේෂ සතුව තිබෙන්නේ එක් පෙනහැල්ලක් පමණක් බව කියවේ.
*සර්පයන් සතුව ඇහිපිහාටු හෝ බාහිර කන් නොමැත.
*සර්පයන් අතරින් ප්‍රබලම විෂ තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඉන්ලෑන්ඩ් ටයිපැන් නම් සර්පයාගේ බව සඳහන් වේ.ඌගේ එක් දෂ්ඨ කිරීමකදී නිකුත් කරන විෂ මගින් මිනිසුන් 100කුට මරුකැදවීමේ හැකියාවක් තිබෙන බව කියවේ.
*දැනට ජීවත්වන දිගම සර්පයා ලෙස හැඳින්වෙන්නේ ජාලාකාර පිඹුරාය.ඌට මීටර් 10ක් තෙක් වර්ධනය විය හැකිය.
*මෙතෙක් ලොව ජීවත්වූ විශාලතම සර්පයා වන්නේ වසර මිලියන 60කට පෙර ජීවත්වූ මීටර් 15ක් දිගට වර්ධනය වන ටයිටෑන්බෝආය.
*ලොව සිටින කුඩාම සර්පයා වන්නේ බාර්බඩෝස් ත්රෙඩ්ස්නෙක් නැමති සර්පයාය.ඌ වර්ධනය වන්නේ අඟල් 4ක දිගකට පමණි.මෙම විශේෂය 2008 වසරේදී සොයාගෙන තිබේ.
*දිගම විෂ දළ සහිත සර්පයා වන්නේ ගැබූන් පොළගාය.උගේ දළ මිලිමීටර් 50 ක් පමණ දිගට වර්ධනය වේ.
*බ්ලැක් මම්බා යනු ලොව සිටින වේගවත්ම සර්පයාය.ඌට පැයක් තුල කි.මී. 20ක් දුරක් ගමන් කල හැකිය.
*මොසැබික් විෂ විදින නයාට ඌගේ විෂ අඩි 8ක් පමණ දුරට විදීමේ හැකියාව තිබේ.
*boa constrictor යනු ඌගේ සාමාන්‍යය නාමයම ද්විපද නාමකරණයට යොදාගත් එකම සර්ප විශේෂයයි.
inland taipan - ලොව විසකුරුම සර්පයා
ලොව සිටින දිගින් වැඩිම විසකුරු සර්පයා වන්නේ කිං කොබ්රාය.ඌ මීටර් 5ක් දිගට වර්ධනය වේ.ඌගේ එක් දෂ්ඨ කිරීමකින් නිකුත් කරන විෂ මිනිසුන් 30 හෝ හොඳින් වැඩුණු ආසියානු අලියෙක් මරා දමන්නට ප්‍රමාණවත් බව සැලකේ.මෙම දැවැන්ත නයා ආක්‍රමණශීලී සර්පයෙක් නොවන අතර ඌ යැපෙන්නේ අනෙක් සර්ප විශේෂ මත බව කියවේ.
කොළ පැහැති ඇනකොන්ඩා යනු ලොව විශාලතම සර්පයා ලෙස සලකයි.උන්ගේ ගැහැණු සතුන්,පිරිමි සතුන්ට වඩා පස් ගුණයක් විශාලය.බර කි.ග්රෑ.200 ඉක්මවයි.මෙම සර්පයා වැඩි කාලයක් ගත කරන්නේ ජලයේය.මන්ද උගේ ගොදුරු අල්ලාගැනීමේ දස්කම් පෙන්වීමට හැකියාව තිබෙන්නේ ජලයේ නිසාය.දිය බීමට එන මුවන්,කැපිබරා නම් මූෂික වර්ගයේ සතුන් ආදීන් ඌගේ ගොදුරු බවට පත්වේ.ඌගේ ඇදෙන සුළු ශරිරය සහ පළල් කල හැකි මුඛය නිසා තම හිසට වඩා විශාල සතෙක් පවා ඌට ගිල දැමිය හැකිය.
බ්‍රිතාන්‍යය ආදී යුරෝපා රටවල් සර්පයන් සුලභව දක්නට ලැබෙන ප්‍රදේශ නොවේ.මෙහි දැක්වෙන්නේ එක්සත් රාජධානියේ වෙසෙන විශාලතම උරගයාය.විෂ රහිත සර්ප විශේෂයක් වන ග්‍රාස් ස්නෙක් මීටරයට වඩා දිගින් යුක්තය.දක්ෂ පිහිනුම්කරුවෙක් වන මොහුට පැය භාගයක් පමණ ජලය යට ගත කල හැකිය.ඌගේ ආහාර වන්නේ ගෙම්බන්,දිය හූන සහ මාළුන්ය.තර්ජනයක් පැමිණි කල්හි ඌ මැරුණා සේ සිටින බව කියවේ.
අප්‍රිකානු රොක් පයිතන් යනු මීටර් 7කට වඩා දිගින් යුක්ත අප්‍රිකාවේ වෙසෙන විශාලතම සර්පයාය.අනෙක් සර්ප විශේෂ මෙන් නොව මෙම පිඹුරන්ට පෙනහළු දෙකක් තිබේ.උණුසුම් රුධිරය සහිත ගොදුරු සොයා ගැනීම උෂ්ණත්ව සංවේදක යොදාගන්නා මොහු රාත්‍රියේ පවා දඬයම් කිරීමේ හැකියාව තිබේ.සියළුම පිඹුරන් විශේෂ විෂ රහිත සර්පයන් වන අතර ගොදුර මරාදමන්නේ හිර කිරීමෙනි.ගොදුර වටා දරණ ගසා ක්‍රමයෙන් තෙරපුම වැඩි කර හෘදය අක්‍රීය කිරීමෙන් මරා දැමීම සිදුකෙරේ.
කොමන් ගාටර් ස්නෙක් නම් සර්ප විශේෂය උතුරු ඇමෙරිකාවේ ජීවත්වන විවිධ වර්ණ සංකලනයන් සහිත ඔවුන්ගේ සපා කෑම් මිනිසාට හානිකර නොවේ.උන්ට ගොඩබිම මෙන්ම ජලයේද දඬයම් කල හැකිය.මාළුන්,උභය ජීවීන් ,කෘමීන් සහ කුඩා ක්ෂීරපායි සතුන් ඔවුන්ගේ ආහාර වේ.
එක්සත් රාජධානියේ වෙසෙන විෂ සහිත එක සර්පයා වන්නේ ඇඩර් නම් පොළොං විශේෂයයි.ආක්ටික් වෘත්තය තුල සිටින එකම සර්පය විශේෂ ලෙසද මොවුන් හඳුන්වයි.විෂකුරු වුවද ආක්‍රමණශීලී සර්පයෙක් නොවේ.තර්ජනයක් පැමිණිවිට පමණක් පහර දෙයි.බිත්තර දැමීම වෙනුවට ඔවුන් පැටවුන් බිහිකරයි.වසර 2කට වරක් පැටව් 3-18 අතර ප්‍රමාණයක් බිහිකරන බව කියවේ.
අඟක් වැනි කොරපොතුවලින් නිර්මාණය වූ ඇන්ටනා දෙකක් සහිත මෙම සර්පයා අරාබි හෝර්න්ඩ් වයිපර් හෙවත් පොළොන් විශේෂයකි.කාන්තාවාසීයෙක් වන මොහුගේ ගමන් විලාසය අමුතු එකකි.සමහර විට ඔබ මෙම සර්පයාව වාර්තා වැඩසටහනකදි හෝ දැක ඇති.සැඟවී පහරදීම සහ ලුහුබැඳ යෑම ඔහුගේ දඬයම් ක්‍රමයි.සමහර විට මොවුන් වැලි යට වැළලී සිට පහර දෙයි.කටුස්සන්,කුඩා පක්ෂීන් ඔවුන්ගේ ආහාරයි.
රැටල් ස්නෙක් යනු මොවුන්ගේ ප්‍රසිද්ධ නමයි.වල්ගයේ කෙළවර තිබෙන අස්ථිමය කොටස් ගැටීම මගින් ශබ්දයක් නිපදවීම නිසා එම නම ලැබී ඇත.කුඩා පැටවුන්ට මෙම විශේෂිත කොටස නොමැත.හැව ඇරීම ඔස්සේ වර්ධනය වෙද්දී ඔවුන්ට එය හිමිවේ.සැඟවී පහරදෙන විලෝපිකයෙන් වන මොහුගේ ආහාර වන්නේ කුඩා ක්ෂීරපායි සතුන්,කුරුල්ලන් සහ කටුස්සන්ය.ක්ෂණිකව ගොදුර වෙත පැන සපා කෑමෙන් නිකුත් කරන විෂ ඔස්සේ ගොදුර අඩපණ කරයි.
මුහුදුවාසියෙක් වෙන මොහු කොරල් පර ආශ්‍රිතව වෙසෙන ඔලිව් බ්‍රවුන් මුහුදු සර්පයා නම් වේ.පිහිනීමට හැඩගැසුණු දේහයක් මොහු සතු වන අතර වල්ගය කෙලවර කොටස පැතලිය.නමුත් ඔවුන් ආශ්වාස කිරීමට ජලය මතුපිටට පැමිණිය යුතුවේ.ඌට පැය දෙකක් පමණ ජලය යට සිටීමට හැකිය.ඔවුන් විසකුරු සර්ප විශේෂයකි.
මැඩගස්කර් ගස් පිඹුරා වැඩිකාලයක් ගෙවන්නේ ගස් උඩය.ඒ දඬයම් කිරීමටයි.විසකුරු නොවන සර්ප විශේෂය වන මොවුන් ගොදුර මරා දමන්නේ හිරකිරීමෙනි.ඔවුන් නිසාචර දඬයම්කරුවන් වන අතර ඒ සඳහා නිර්මාණය වූ තාප සංවේදක මුඛ්‍යය අවට පිහිටා ඇත.මොවුන්ගේ ආහාර වන්නේ කුඩා ක්ෂීරපායින් සහ කුරුල්ලන්ය.
අතිශය දුර්ලභ සර්ප විශේෂයක් වන ඇන්ටිගුයන් රේසර් වඳ වී යෑම වේගවත් වූයේ මීයන් සහ කුඩා ඉන්දියානු මුගටියන් හඳුන්වා දීමත් සමගයි.1989දී දූපතෙන් ඔවුන්ගේ කුඩා ජනගහනයක් සොයාගත් අතර 1995 දී ඉතිරිව සිටියේ 60ක් පමණක් බව කියවේ.කෙසේවෙතත් මීයන් සහ මුගටියන් ඉවත් කිරීමේ වැඩසටහන නිසා මෙම සර්ප විශේෂය තවමත් නොනැසී පවතියි.
වෙස්ටන් රිබන් ස්නෙක් නම් වන මෙම සර්ප විශේෂය දිග කෘශ සිරුරකට හිමිකම් කියයි.ඔවුන් එක්සත් ජනපදයේ සිට කොස්ටරිකාව තෙක් ව්‍යාප්ත වී සිටියි.තර්ජනයක් මතුවූ වහාම ඔවුන් කටුක දියරයක් නිකුත් කරයි.
Source:Arkive.org
-HarshaLulzSec-

reticulated python - ලොව දිගම සර්පයා
Titanoboa
Barbados threadsnake - ලොව කුඩාම සර්පයා
gaboon viper - දිගම දළ සහිත සර්පයා
black mamba - ලොව වේගවත්ම සර්පයා
Spitting cobras - විෂ විදින්නා