හරි කථාවෙ ඉතුරු ටිකට එද්දි වැදගත් උනත් නොවැදගත් උනත් බොන තැනින්ම කථාව පටන් ගන්න හිතුනා.
සවුදි වලට යන ෆ්ලයිට් වල බොන්න දෙන්නෙ නැති කථාව ඇත්ත.බොන්න දේවල් ලඟ තිබුනත් ඒවා කාර්ය මණ්ඩලයට භාර දීල බහින්න කියලා අනවුන්ස් කරලා කියනවා.අනෙක් අතට මේ ලිමිට් කරලා බොන්න දෙන එකටත් විවිධාකාර හේතු තියනවා.අපේ සමහර අය්යලා සීමාවක් නැතුව බීමත්,බීලා වෙන වෙන කචල් දැමීමත් එක හේතුවක්.එද්දි වෙන දේවල් කියම්දො නොකියම්දො කියල ඉන්නෙ,කොහොම උනත් අපේ කථාව යන්නෙ සවුදිය ගැන හින්දා එතනට යමු.
සෞදි ගිය කෙනෙක් අනිවාර්යයෙන්ම වගෙ කන කෑමක් තමා අල් පහම්.මේක බාගයක් රියාල් 7-8 වගෙ වෙන්නෙ.ගොඩක් දෙන හින්දා දෙන්නෙකුට ඇති.ඒක දෙන්නෙ පුච්චපු කුකුල්ලු බාගෙකුත්,තක්කාලි කෑලි බ්ලෙන්ඩර් කරලා හදපු මික්සර් එකක්,තව ලොකු ලූණු,මිරිස් කෑල්ලක් වගෙ එක්ක.කරුමෙට මේකට ෆොටෝ දාන හැටි මට තවම අවුල්.
ඒත් තෙල් දාල හදන හින්දා මේ කෑම නිතර කන එක සුභ නෑ.තව දෙයක් තමා බ්‍රෝස්ට්,බර්ගර් වගේ කෑම විකුනන කඩවල් වලනම් සවුදියෙ වැහි වැහැලා.බර්ගර් එකක් රියාල් 5 වගේ මුදලකටත් kfc එකේ විකුනන බ්‍රෝස්ට් එක වගෙ දෙක තුනක් ලොකු පැක් ඒක් රියාල් 12-14 වගෙ මුදලකටත් ගන්න පුලුවන්.ඒ වගේම මිලිලීටර් 300 පුංචි වතුර බෝතලයක් අපේ ශත වගේ හලාලා50 කටත් ඩීසල් ලීටරයක් ශත 28කත් වගේ ගන්න පුලුවන්.කොහොමද තෙල් වල වෙනස.ඔය වගේ එකී මෙකී නොකී ඔනෑම කෑමක් ලංකාවෙ වගෙම අපිට ගන්න පුලුවන්කම තියනවා.රියාද්,ජිද්දා විශේෂයෙන්ම දමාම් වගේ නගරවල ලංකාවෙ කෑම කඩත් හොයා ගන්න අමාරු නේ.ඕනම නගරෙක ටිකක් හොයලා බැලුවොත් ලංකවෙ අය හොයාගන්න පුලුවන්.මෙහෙදි වගේ කථා නොකර කෙනෙක් උනත් එහෙදි හම්බ උනාම බොහෝ වෙලාවට කථා කරනව.
මෙඩිකල් එක ගත්තට පස්සෙ(ඉස්සර නම් හැම අවුරුද්දෙම ඉකාම එක අලුත් කරන්න කලින් මෙඩිකල් දෙන්න ඕනෙ.හැබැයි දැන් අවුරුදු දෙකක වගේ ඉඳලා ලංකාවත් ඇතුලුව ගොඩක් රටවල් මේ අවශ්‍යතාවයෙන් නිදහස් කරලා.හැබැයි හැම අවුරුද්දෙම ඉකාමා එක අලුත් කරන එක අනිවාර්යයි.)
ඉකාමා එක අනිවාර්යෙන්ම අපි හැම වෙලාවෙම ලඟ තියාගන්න ඕනෙ.බස් එකේ යන්න ගියත් බේතක් ගන්න ගියත් මේ ඉකාම එක නැතුව යන්න අමරුයි.
අපේ ටුවරිස්ලා අදින බස් වගේ බස් තමා මෙහෙ දුර ගමන් සේවාවල දුවන්නෙ.දුර කිව්වෙ කිලෝ මීටර 100 ඉඳන් 1000-1500 වෙන්නත් පුලුවන්.දුර ගමන් වලට ඇරෙන්න සවුදියෙ ඉන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ටැක්සි වල යන්න.ලංකාවෙ පාර්ලිමේන්තුවට ගියොත් ඇරෙන්න ජීවිතේට යන්න බැරි බීම්ඩබ් වගෙ වාහන වල රිලාලක් ගෙවල යන්නත් පුලුවන්.(දුරේ හැටියට හරී)
මොනවා වුනත් සවුදියෙ තියන පාරවල් ටිකනම් සුපිරි කියන එක නොකියම බෑ.එහෙනම් බලමු ලෙඩක් එහෙම හැදුනොත් මොකද වෙන්නෙ කියලා.ඕක තමයි අපි හිර වෙන තැන.ලොකුම සිටි එකක ඇරෙන්න ගොඩක් ඉන්නෙ මසිරි ඩොක්ටර්ලා තමයි.මේ ගොඩක් අයට ඉංග්‍රීසි නම් වචනයක් වත් බෑ.අතින් පයින් තමයි ලෙඩේ කියන්න ඕනෙ තමන්ට අරාබි බැරිනම්.හැබැයි ලෙඩ අමතක වෙනවා දොස්තර බේත් ලියලා ටික වෙලාවකින් පිලිපීන ලස්සන කෑල්ලක් ඇවිත් කලිසම ගලවන්න කියද්දි.(වෙන මොකකටවත් නෙවෙයි.පස්සට තමා බේත් විදින්නෙ)මමත් හිතන් හිටියෙ හැම ලෙඩේටම කලිසම ගලවන්න කියලා බේත් විදිනවා කියලා .ඒත් ඒක වැරදි කියලා දැන ගත්තෙ මගෙ යාලුවෙක්ට උන(ඔව් කියටවත් මට නෙවෙයි)සිද්දියක් හින්දා.
දොස්තර බේත් ලිව්වම මුට නර්ස් එන්න කිව්ව කාමරේට.ඒකට නෙවෙයි.සාමාන්‍යයෙන් බේත් විදින්නෙ ලේ ගන්නෙ එහෙම එකෙ.මු ගිහින් කලිසම පාත් කලා.ඒ පාර ඒකි කිව්වා නෑ කලිසම ගලවන්න ඕනෙ නැ කියලා.හිතා ගත්තහැකිනෙ අපි සේරම ඉස්සරහා ඌට වෙන නව නිංගිරාව.ඉතින් බාසාව බෑ කියලා ලෙඩකට බේත් නොගෙන ඉන්නයැ.ඒ හින්දා මොනවා හරි කියලා බේතක් ගන්න වෙනවා.අලුතෙන්ම යන කෙනෙක්ට නම් කියන්නෙ ඔය උණට හෙම්බිරිස්සවට ඕනෙ කරන සුලු සුලු බේත් ටිකක් මෙහෙන්ම අරන් යන්න කියලා.පැනඩොල් පෙති දෙකක් රියාලක් ලංකාවෙ සල්ලි වලින් 75 වගේ වෙනවා.
ඉවර නෑ
ෆොන්ට් එක ලොකු කරලා දාන හැටි පොඩ්ඩක් කමෙන්ට් එකක දාන්න.