අන්තර්ජාලය එක්ක ගොඩක් දේ access කරන්න පුලුවන්. නමුත් වඳුරට දැලි පිහිය හම්බුනා වගේ ඒක හරි පවිච්චියකට ගන්න අවබෝධයක් නැහැ. ඒක එකක්.
දෙවෙනි එක, මිනිස්සුන්ගේ ආසාවල් සම්බන්ධයෙන් බලාපොරොත්තු සහ යථාර්තය අතර ලොකු පරතරයක් තියෙනවා . නෙට් එකේ වැලක් බලන කෙනා දකින porn starsලා ගෙවල් වල නැහැ. ඒවගේ පෙන්නන්නේ මවා පෑමක් කියන එක ඔලුවට යන්නේ නැහැ. අසහන කාරයෝ වැඩියි. ඉතින් අපේ සමාජයේ ගැහැණු අය ගොඩක් පිඩාවට පත් වෙනවා.
ඊළඟට ලිංගිකත්වය ගැන හෝ Gender issues ගැන නිසි අධ්‍යාපනයක් නැහැ.
වැදගත්ම දේ මානසික සෞඛ්‍යය ගැන මිනිස්සුන්ට අධ්‍යාපනයක් හෝ එහෙම පහසුකම් සලසන්න ක්රමවේදයකුත් නැහැ. ඕව තමා.
මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරගන්න තියන බැරිකම නිසා තමා හිට්ලර්ලා වගේ දුර්වල මානසික මට්ටම්වල උන් පොරවල් වෙන්නේ. ඔය තත්වය නිතර තියෙන දෙයක්. කාලෙන් කාලෙට කීප දෙනෙක් උඩ යට යනවා විතරයි.