ස්වර්ගයෙයි_අපායෙයි_වෙනස!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ස්වර්ගයෙයි_අපායෙයි_වෙනස!

ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා.

”දෙවියනි, මං කැමතියි, ස්වර්ගයයි, අපායයි මොන වගේද කියලා දැන ගන්න.” ඔහු දෙවියන්ට කීවා.

ශිව දෙවියන් ස්වාමිව දොරවල් දෙකක් ළඟට එක්ක ගියා.

දෙවියන් ඉන් එක දොරක් ඇරියා. ස්වාමි ඒ තුළින් එබී බැලූවා.

ඒ කාමරය මැද ලොකු කවාකාර මේසයක් තිබුණා. ඒ මේසය මැද ලොකු ඉස්ටු බඳුනක් තිබුණා. ඒ බඳුනෙන් රස වෑහෙන සුවඳකුත් නිකුත් වුණා. ඒ කෙතරම් මිහිරි සුවඳක් ද කීවොත් ස්වාමිගේ කටටත් කෙළ ඉනුවා.

4.JPG

ඒ වට මේසය වටා වාඩි වී සිටි පිරිස කෙසඟ සිරුරින් යුත් රෝගී පෙනුමක් ඇති අයයි. ඔවුන් බොහෝ කලකින් කෑම නොකෑ අය මෙන් සිටියේ දැඩි හාමතෙන්.

ඔවුන් සැමදෙනා අතේ ම හැන්දක් බැගින් තිබුණා. ඒත් ඒ හැඳිවල මිට හරිම දිගයි. ඒ වගේ මිට දිග හැඳි ඊට පෙර ස්වාමි කවදාවත් දැක තිබුණේ නෑ. ඒ හැඳි හැම එකක් ම ඒ අයගෙ අත්වලට බැඳලයි තිබුණේ. ඒත් ඔවුන් හැමදෙනාටම පුළුවන්කම තිබුණා, මේසය මැද තිබුණු බඳුනට තමන්ගේ හැන්ද දමලා හැන්ද පිරෙන්න ඒ රස වෑහෙන ආහාර අර ගන්න. ඒත් ඒ හැඳිවල මිට දිග හින්දා ඒ ආහාර තමන්ගේ කටට දමා ගන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා කෑම නැතුව ඒ අය ලතවෙවී තමයි, හිටියෙ. ඒ කෑමට ඇති ආසාව ඔවුන්ගෙ මුහුණුවල තිබුණා. ඒත් කන්නට නොලැබීම ගැන ලොකු කනස්සල්ලක් ඒ මුහුණුවල ඇඳිල තිබුණා.

ඒ දර්ශනය දුටු ස්වාමිගෙ ඇඟ කිලිපොළා ගියා. ඔවුන් විඳි වේදනාව හා සංතාපය ස්වාමිට තදින් දැනුණා.

ශිව දෙවියන් ඒ දොර වසා දැම්මා.

”ඒ ඔබ දැක්කේ අපායයි.” ශිව දෙවියන් කීවා.

ශිව දෙවියන් ඊළඟ දොර ළඟට ගියා. ඒ දොර ඇර ස්වාමිට පෙන්නුවා.

ඒ කාමරයත් කලින් කාමරය වගේමයි. ලොකු කවාකාර මේසයත් ඒ මැද සුවඳ හමන ස්ටුවලින් පිරි විශාල බඳුනත් කලින් කාමරයෙ විදියට ම තිබුණා. ඒ ආහාර සුවඳ නිසා ස්වාමිගේ කටට කලින් වගේ කෙළ ඉනුවා.

ඒ මිනිසුන්ගේ අත්වලටත් අර වගේම දිග මිට ඇති හැඳි තිබුණා. ඒත් එහි උන් පිරිස නිරෝගීව මෙන් ම පුෂ්ටිමත්ව සිටියා. ඔවුන්ගේ මුහුණු සතුටින් ඉතිරිලා ගොස් තිබුණා. ඔවුන් සිනාසෙමින් එකිනෙකා හා කතාබහේ යෙදෙමින් සිටියා.

ස්වාමිගේ මුහුණේ ප‍්‍රශ්නාර්ථයක් ඇඳුණා. ”දෙවියනි, මට මේක තේරෙන්නේ නැහැ.” ස්වාමි කිව්වා.

”ඒක හරිම සරල දෙයක්.” ශිව දෙවියන් කීවා. ”ඔවුන්ට ඒ සතුට ලැබිලා තියෙන්නේ ඔවුන් හඳුනා ගෙන තියෙන පුංචි දෙයක් නිසයි. ඔබට පේනවද ඔවුන් ඒ හැඳිවලින් එකිනෙකාට කවා ගන්නවා. කෑදර ආත්මාර්ථකාමී අය හිතන්නේ තමන් ගැන විතරයි.” ශිව දෙවියන් කීවා.

ශිව දෙවියන් ලෝකය මැව්වෙ ඔබ ගැන හිතා ගෙනයි. මතක තියා ගන්න හැම තිස්සෙම මගේ හැන්ද තියෙන්නෙ ඔබ සමග බෙදා ගන්නයි.

http://www.malkakulu.com/
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අම්මටසිරි බන්. පට්ටම ආදර්ශවත් කතාවක් බන් මේක. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. REP+
    :)
     
    • Like
    Reactions: HondaMPLG

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අම්මටසිරි බන්. පට්ටම ආදර්ශවත් කතාවක් බන් මේක. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. REP+
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle

    නිකමට අහන්නේ, ඇපයේ සෙට් එකේ හිටපු උන් හිත ගෙන ඉන්නේ හැන්ද අල්ලන්න ඕන කොනෙන්ම විතරයි කියලද? කොනෙන් අල්ලාගෙන හැන්දට කෑම පුරවල, හැන්ද මිට හෙමිට පස්සට තල්ලු කරලා හැන්ද මුලින් ල්ල ගත්තනම් ඉවරනේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිකමට අහන්නේ, ඇපයේ සෙට් එකේ හිටපු උන් හිත ගෙන ඉන්නේ හැන්ද අල්ලන්න ඕන කොනෙන්ම විතරයි කියලද? කොනෙන් අල්ලාගෙන හැන්දට කෑම පුරවල, හැන්ද මිට හෙමිට පස්සට තල්ලු කරලා හැන්ද මුලින් ල්ල ගත්තනම් ඉවරනේ.

    කතාව තව පාරක් කියවපන් මචන්. උඹ හරියට කියවලා නෑ. හැන්ද අතට තියෙල ගැට ගහල තියෙනවා කියල කියල තියෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මටසිරි බන්. පට්ටම ආදර්ශවත් කතාවක් බන් මේක. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. REP+
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    අම්මටසිරි බන්. පට්ටම ආදර්ශවත් කතාවක් බන් මේක. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. REP+
    :)
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    අම්මටසිරි බන්. පට්ටම ආදර්ශවත් කතාවක් බන් මේක. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. REP+
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz