සැප_රියෙන්_ඇවිත්_හිඟා කාපු හතරදෙනෙක් කුරු
සැප රියෙන් ඇවිත් හිඟා කාපු හතරදෙනෙක් කුරුවිට හොල්ලයි !
සුඛෝපභෝගී වාහනයකින් කුරුවිට නගරයට පැමිණි සිවුදෙනෙකු එම වාහනය නගරයේ කොනක නවත්වා ඉන් බැසගෙන දෙදෙනා බැගින් බස් රථවලට නැග මගීන් ඉදිරියේ ගෙනහැර පෑවේ අමුතු කතාවකි.
‘‘අපි ගැන වැරදියට හිතන්න එපා අපි හිඟන්නෝ නෙවෙයි.අපි ඔක්කොම ලොකු ව්‍යාපාරිකයෝ.අපිට කතරගමට ඔප්පු කරන්න බාරයක් තිබෙනවා.ඒ බාරය ඔප්පු කරන්න වෙලා තියෙන්නේ එක එක්කනාගෙන් මුදල් ඉල්ලලා.ඒකට පුලුවන් විදියට අපට අධාර කරන්න‘‘ යැයි ඔවුන් ඉල්ලා සිටියේ ලැජ්ජාජීලි ස්වාරූපයෙනි.
එදින කුරුවිට නගරයේ සතිපොල පැවැත්වෙන දිනය බැවින් වැඩි ජනතාවක් නගරයේ හා බස් රථ වල සිටි අතර ජැන්ඩියට හැඳ පැළඳ සිටි මොවුන් දකින කාටත් හැඟෙනුයේ ඒ ව්‍යාපාරිකයන් බවයි.
කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ සෑම කෙනෙකුගෙන්ම වාගේ තමන්ට හැකි පමණින් මුදලින් අධාර ලාබදුන් අතර එකතු වන මුදල් වාහනයට තුළට දමා මෙසේ සෑම බස් රථයකටම ගොඩ විය.
මොවුන් අතර සිටි එක් පුද්ගලයෙකු හැඩ හුරුකමින් හඳුනාගත් ගම්වැසියෙකු ඔහු පසු පස ගොස් විපරම් කළේ ඒ තමා සිතන තරුණයාම දැයි සැකහැර දැනගැනීමටය.තරුණයා හොඳටම හාදුනාගත් ගම්වැසියා ඔහුගේ පිටට තට්ටු කර ‘‘පොඩ්ඩෝ උඹ කොහොමද ව්‍යාපාරිකයෙක් වුණේ ‘‘ යැයි
අසත්ම කලබල වූ තරුණයා සෙනග අස්සේ මාරුවී ඇති අතර ඔහු සමග ආ අනෙක් පිරිසද එසැණින් වාහනයෙන් පිටව ගොස් තිබිණි.
දැන් කාලෙ හැටියට මේක අපූරු හිඟාකෑමක් යැයිද ඔහු කීවේ මෙම තරුණයා සොරකම් කිහිපයක් කර ගමෙන් පැනගොස් සිටි අයෙකු බවයි.

Last edited: