මේ ත්‍රෙඩ් එකේ තිබුණු දේවල් වල පිහිටෙන් මමත් ජොබක් සෙට් කරගත්තා සිංග වල. අමිල අයියාට තෙරුවන් සරණයි. මට මෙහෙ යාලුවෝ හිටියේ නැති නිසා මේ ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් මිල කරන්න බැරි තරම් යුස්ෆුල් උනා ගේම ගහන්න.
මගේ පොයින්ට් ඔෆ් විව් එකෙන් පොඩි දේවල් ටිකක් කියන්නම්. මමත් තනියම කැරි ගේමක් ගහල ජොබ හොයා ගත්තේ. ජොබ සෙට් උනාට පස්සේ වරක් පර්ට්මිට් එක රෙජ්ක්ට් උනා ආණ්ඩුවෙන් - කොම්පැනියෙන් ඇඩ් එක දවස් 21 දාල නැතුව. (මෙහෙ උන්ට තමයි ආණ්ඩුවේ ප්‍රමුකතාවය). සෝ උබේ දක්ෂතාවයට අමතරව. අපලයි කරන කොම්පැනියේ ෆොරින් එම්ප්ලෝයි හෙඩ් කවුන්ට එක, ඒ කාලේ සින්ගප්පුවේ මිනිස්සුන්ට තින ජොබ් ප්‍රමානය වගේ අපේ සීමාවෙන් බැහැර දේවල් කිහිපයකුත් අපිට ගොඩ යන්න වෙනවා. එන එවුන් චයිනිස් නිව් ඉයර් එකෙන් (2017 පෙබරවාරි) පස්සේ වරෙන් දැන් ටිකක් ඇමරුයි කාලේ සව්ත්තුයි. ජොබක් අක්රනවා නම් රිසන් වෙන්නේ නැතුව අනුවල දාල සති තුනකට වගේ වරෙන්. මොකද සුපිරි වද්දෙක්ට උනත් ලක් එක නැති උනොත් ජොබක් සෙට් නොවෙන්න පුළුවන්. එහෙම කිව්වට අමාරුම නැහැ. ඉන්ටවිවී එහෙම ගොඩක් ඒවායේ එකයි දෙකයි ටින්නේ. ලංකාවේ තරම් ටෆ් නැහැ. වෙලාව තමයි ඉතින්. මෙහෙ කාට හරි කියල සිම් එකක් ගෙන්න ගන්න පුළුවන් නම් ලංකාවේ ඉදන්ම ගේම ගහන්නත් පුළුවන්. කෝල් වලට නම් විනාඩියට 500 වගේ යනවා හැබැයි. බට රිසක් එක අඩුයිනේ. ලංකාවේ ඉදන් ඉන්ටවිවී 2ක් වගේ සෙට් කරන ආව නම් ගොඩ. ලංකාවේ නම්බර් එක දාල කරන්නත් පුළුවන් බට ඉෆෙක්ටිව් නා. උන් අපි පිට ඉන්නේ කයල දැනගත්ත ගමන් ගණන් ගන්නේ න. මොන්ස්ටර් එකේ සුපිරියට ප්රෝෆියිල් එකක් හදන්න. අර්ජන්ට් ලා ඊමේල් එවනවා ඊට පස්සේ. එහෙම එහෙම උන් හරහා යන අඑක තමයි ලේසි පලවෙනි ජොබ් එකට.