Machan, IT System Support/ Hardware/ IT Infrastructure wage ewata jobs tyenwda? Mata mehe awurudu 04 k experience eka teyenwa.. Ohe jobs tyenwda ban??????????
PLZZZZZZZ
Plz Help
Machan, IT System Support/ Hardware/ IT Infrastructure wage ewata jobs tyenwda? Mata mehe awurudu 04 k experience eka teyenwa.. Ohe jobs tyenwda ban??????????
PLZZZZZZZ
අපායේ ඉන්න සාතන්ගේ මේ ත්‍රෙඩ් එකේ මම දාපු රිප්ලයි එකට පස්සේ ගොඩක් අය මගෙන් ඇහුවා සිංගප්පුරුවට ජොබ් එකකට එනව නම් කොහොමද එන්න ඕන කියල. හැමෝටම වෙන වෙනම උත්තර දෙනවට වඩා ත්‍රෙඩ් එකක් දාන එක හොදයි කියල හිතුන. මම සිංගප්පූරු රස්සා ගැන ඔස්තාර් කෙනෙක් නෙමේ. මෙතන මම කියල තියෙන්නෙ මමයි, මගේ බැච් එකේ යාලුවො සෙට් එකයි ජොබ් හොයනකොට ඉගෙන ගත්ත දෙවල්...
මුලින්ම කියන්න ඕන සිංගප්පුරුව විතරයි යන්න තරම් කමකට තියෙන රටවල් වලින් අපිට කලින් වීසා ගන්නෙ නැතුව ටුවර් එකක් යන්න පුලුවන් එකම රට. ඒ හින්ද විසිට් පාස් එකෙන් ඇවිත් ජොබ් කරල ඒක කාල දාන්න එපා. එනවනම් හරියට වරෙව්.. සිලොනිස්ට්ල කීවාම තාම මෙහෙ පරන බුවල හොදට දන්නව. ඉස්සර කාලෙ අපේ රටෙන් ආපු උන් හොද නමක් තියගෙන මේ රටට වැඩක් කරා. එනවා නම් මචංලා ඉස්සරහට තව එකෙක්ට එන්න තැන තියල එන වැඩේ කරගෙන යමන්..
පඳුර වටේ තැලුව ඇති එහෙනම්. කතාව පටන් ගන්නම්... ඔය පුටුවක් දෙකක් අරං ඈඳි ගත්තනම් එහෙනම්...
ජොබ් වල තත්වය සහ එන්න හොද කාලය..
ලංකාවේ වගේ නෙමෙ මෙහෙ ගොඩක් ෆර්ම් ඩිරෙක්ට් කට්ටිය ගන්නෙ නෑ. රිකෘට්මන්ට් ඒජන්සි තියෙනව. ඒවා හරහ තමා ගොඩක් වෙලාවට ගන්නෙ. ඩිරෙක්ට් ගන්න ඒවා නැත්තෙන් නෑ. ඕන තරම් තියෙනව. ඒත් ඒජන්සි හරහ ගන්න ඒව තමා වැඩි. එතකොට උබල ඇත්තටම වැඩ කරන තැන නෙමේ වීසා එක තියෙන්නෙ ඒජන්සියට. උබට පඩි ගෙවන්නේ ඒජන්සියෙන්. වැඩ කරන තැනින් ඒජන්සියට පඩි ගෙවනව. ගොඩක් උන් එහෙම කරන්නේ එතකොට HR පැත්ත ගැන බලන්න ඕන නෑනෙ. උබට ගෙවනවට වඩා සෑහෙන ගානක් ඒජන්සි කාරයො ගන්නව. අනික ජොබ් එකට ඇප්ලිකේෂන් දාන උන්ගෙන් මුලින් ශෝට්ලිස්ට් කරන ඒවා එහෙමත් ඒජන්ට් කරනවනෙ. කම්පැනියට වැඩ අඩුයි. හැබැයි ඒජන්සි එක්ක වැඩ කරන එක අපිට පාඩුයි. මුලින්ම එන ජොබ් එක නම් කොහෙ හරි කමක් නෑ. එත් ඩිරෙක්ට් එකකට පැන ගන්න එක හොදයි. මොකද සමහර වෙලාවට උන් නිවාඩු එහෙම අඩු කරනවා. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්.
මෙහෙ ජොබ් මාකට් එක කාලයත් එක්ක වෙනස් වෙනව. ඒක බලල හරි කාලෙ ආවෙ නැත්නම් සොරි තමා. ජනවාරි අග හරි පෙබරවාරි මුල හරි තම චයිනීස් නිව් ඉයර් එක තියෙන්නෙ. මේ අවුරුද්දෙ තියෙන්නෙ පෙබරවාරි 8 සහ 9. මේ කාලෙ තම ගොඩක් ඒවල බෝනස් එහෙම දෙනව නම් දෙන්නෙ. ඉතින් බුවාලත් ඒක එහෙම අරන් තම වෙන ඒවට පනින්නෙ. අනික ගොඩක් කම්පැනි අලුත් ප්‍රොජෙක්ට් එහෙම පටන් ගන්නෙ අලුත් අවුරුද්දෙන් පස්සෙ. ඒ හින්ද නිව් ඉයර් එකෙන් පස්සෙ තමා ජොබ් තියෙන්නෙ. මේ අවුරුද්ද ගැන කියනව නම් පෙබරවාරි 27,28 වීක් එන්ඩ් එක තමා එන්න හොද මුල්ම වෙලාව. ඔය ජොබ් ඩිමාන්ඩ් එක තියෙනවා අප්‍රියෙල් අග වෙනකම් වගේ. මැයි වලත් තියෙනව. ඊට පස්සෙ ටික ටික අඩු වෙනව. නැති වෙනව නෙමේ අඩු වෙනව. ඔහොම ගිහින් ඔක්තොබර් ඉවර වෙනකොට නම් සොරිම වෙලා යනව. දෙසැම්බර් එහෙම එනව කියන්න ඉතින් සොරිම තමා.
සීවී එක හැදීම සහ ජොබ් වලට ඇප්ලයි කිරීම
මෙහෙ සීවී එක හදන එක ලංකාවෙ වගේ කරල බෑ. මොකද මුලින්ම ඕක බලන්නෙ හයක් හතරක් නොදන්න හරක් ඒජන්ට්ල. උන්ගෙන් පැන ගන්න එක තම ගේම. උබල වැඩ කරපු හැම ටෙක්නොලජියක්ම හොදට පේන්න දාන්න. බෝල්ඩ් කරල දැම්ම නම් හරි. අනික එක ටෙක්නොලජියකට නම් දෙක තුනක් තියෙනව නම් ඒ දෙක තුනම දාන්න. මොකද ඒජන්ට් නොදන්නව වෙන්න පුලුවන් උබ එක නමක් දැම්මොත් ඒකට කියන අනිත් නම්. ප්‍රොජෙක්ට් එහෙමත් හොදට වෙන් වෙන් කරල පේන්න දාන්න.
මේක මගෙත් එක්කම එකට ආපු යලුවට වුන වැඩක්. කියෙව්වාම උබලට තෙරෙයි මෙහෙ උන්ගෙ ගොන්කං. යාලුව Rest සහ SOAP web services දෙකම කරපු ඩයල් එකක්. ඉතින් සීවී එකේ rest සහ soap දැම්මට web services කියල දැම්මේ නැ. අපි හිතුවෙ ඕන ගොනෙකුට තෙරෙයි කියල rest, soap දන්නව කියල දාපුවාම. මූට දවසක් ඒජන්ට් කෙනෙක් කෝල් කරල මුගෙ විස්තර එහෙම අහල ඉවර වේලා මුගෙන් අහල ඔය rest දන්නවද කියල. මූ ඉතින් දන්න ඔක්කොම දාල කියල කරපුව. ඊට පස්සෙ අහල soap දන්නවද කියල. ඒකත් ඉතින් ගොඩ දාපුවාම ඊලගට අහල මුගෙන් හැබැයි ඔයා web services කරල නෑ නේද. මගේ clientට ඕන web services කරපු කෙනෙක් කියල.. මූට අම්ම මතක් කරන්නත් හිතිලා ජොබ ඕන හින්ද කියල නෑ නෑ මම එකත් දන්නවා කියල අර soap වලට කියපු එකම වෙන විදියකට කියල. කොහොම හරි ජොබ් එක සෙට් උනා ඌට. ඒ හින්ද උබලටත් කියන්නෙ තියෙන නම් ඔක්කොම දාපන් සීවී එක හදනකොට. මොකද ඔය ඒජන්ටල වචන වල තෙරුම් දන්නේ නෑ ගොඩක් වෙලාවට. උන්ට keyword ටිකක් දීල තියෙනව. එවට ගැලපෙන උන හොයන එක තමා කරන්නේ..
මෙහෙ දන්න කෙනෙක් ඉන්නව නම් සීවී දාන්න කලින් මෙහෙන් සිම් එකක් ගෙන්න ගන්න බලන්න. රෝමිං ඇක්ටිව් කරගෙන ගෙන්න ගන්න. පරන ෆොන් එකකට දාගෙන තියගෙන ඒ නම්බර් එක දාල සීවී එක හදන්න. යාලුවෙක් ඉන්නව නම් උගෙ සිංගප්පුරුවෙ ඇඩ්‍රස් එකත් දාන්න ඇඩ්‍රස් එක විදියට. දැන් උබල බලන්න එපා මේ මොන අටමගලයක්ද කියල එන්න කලින් සිම් ගෙන්නගෙන කරන මගුල කියල.
උබලට ජොබක් සෙට් කරගන්න දවස් 30යි තියෙන්නෙ. ඒකෙන් උපරිමේ ගන්න විදිය තමා කියල දෙන්න යන්නේ
මම දැන් කියන්නෙ මෙහෙට මේ අවුරුද්දෙ පෙබරවාරි 27,28 එනවා කියල කතාව. ගනන් උඹල හදා ගනිල්ල. මම පහල දාල තියෙන හැම site එකකම උබල සීවි එක රෙගිස්ටර් කරපල්ල පෙබරවාරි 20,21. හරියටම සතියකට කලින්. ප්‍රොෆයිල් එක 100% කරගන්න පුලුවන් හැම දේම කරපන්. පොඩ්ඩක් වෙලාව අරන් ප්‍රොෆයිල් එක හරියට හදපල්ල. උබලගෙ linkedin ප්‍රොෆයිල් එකත් හරියට අප්ඩෙට් කරල එකත් සීවී එකෙ දාන්න. මතක ඇතුව ප්‍රොෆයිල් එක පබ්ලිශ් කරන්න. ඊට පස්සෙ සතියෙ හැම දවසකම ලංකාවේ වෙලාවෙන් උදේ 6.30 - 6.35 අතර (සිංගප්පුරුවෙ වෙලාවෙන් උදේ 9.00-9.05) උබලගෙ ප්‍රොෆයිල් එකේ පොඩි අප්ඩේට් එකක් දාන්න. තිතක්, කොමාවක් දාන්න, මකන්න පුලුවන්. ඒ ඇති. සමහර site වල content එක වෙනස් කරනන් බෑ. ඒවල ටයිටල් එක පොඩ්ඩක් වෙනස් කරපන්. ඔය ගොඩක් site වල ප්‍රොෆයි ඕඩර් වෙන්නෙ last modified ටයිම් එකයි, ප්‍රොෆයිල් කම්ප්ලීට්නස් එක වගේ එවයින්. ඒකයි හැමදාම උදේ අප්ඩේට් කරන්න කියන්නෙ. සදුදා අගහරුවාද එක කෝල් එකක්වත් එන එකක් නෑ. බය වෙන්න එපා. ඒ හැටි. එකක් දෙකක් එන්නත් පුලුවන්. උබල ලංකාවෙ ඉන්නෙ කියල කියන්න එපා. සිංගප්පූරුවෙ ඉන්නෙ කියල කියපල්ල. මොකද ඒජන්ට්ල එක පාරම ඉන්ටවීව් සෙට් කරන්නෙ නෑ. උන් ඉන්ටවීව් සෙට් කරන්නෙ ගොඩක් වෙලාවට ඊලග සතියෙ. ඒ වෙනකොට උබල සිංගප්පූරුවට ඇවිත්. හරියට ප්‍රොෆයිල් එක හදල තිබුනොත් උබල සිංගප්පුරුවට එන්නෙ ඒ සතියට ඉන්ටවීව් එකක් දෙකක් සෙට් කරගෙන. නැත්නම් ඔය පලවෙනි සතිය උබල සිංගප්පුරුවට ඇවිත් ලොස් වෙන්නෙ. ඔය විදියට හරියට කරගෙන ආවොත් එන පලවෙනි සතියෙ එකක් දෙකක් අනිවා සෙට් වෙයි ඉන්ටවීව්. ඊලග සතියෙ නම් ගොඩක් සෙට් කරගන්න පුලුවන් වෙයි. කම්පැනි වලින් ටිකක් කල් ගන්නව.
ජොබ් සයිට් ටිකක්
http://www.monster.com.sg/
http://www.jobstreet.com.sg/home.php
http://sg.jobsdb.com/sg
http://www.stjobs.sg/
http://jobscentral.com.sg/
http://www.efinancialcareers.sg/
http://www.randstad.com.sg/
http://sg.startupjobs.asia/sg/
හිතුවට වඩා දිගයි සීන් එක. ඉතුරු ටික අයේ තව දවසක් දාන්නම්. නිදි මතයි දැන්.
ඊලග එකෙන් (එකෙන් බැරි නම් කීයකින් හරි ) මේ ටික කවර් කරන්නම්.
- ජොබ් වීසා වර්ග සහ ඕන කරන පඩිය ගනනය කරන විදිය.
- ඔෆර් එකක් සෙට් උනාම වීසා එකට කරන්න ඕන දෙවල්.
- ජොබ් කන්ට්‍රැක්ට් සාකච්චා කරන එකේ සැලකිය යුතු දේවල්
- ටිකට් ගන්න එක සහ රටට එන විදිය.
- රටෙ එහෙ මෙහෙ යන විදිය සහ ඕන කරන ඇප් එහෙම
- ජීවන වියදම සහ ගොඩ දාගන්න විදි
- නිවඩු, නීති වගෙ දේවල්
- ඒජන්සි සහ ඩිරෙක්ට් කන්ට්‍රැක්ට් අතර වෙනස්කම්
මේ ටිකට අමතරව තව දැන ගන්න ඕන දෙයක් තියෙනව නම් ත්‍රෙඩ් එකේ දාන්න. මම ඊලග ඒවට දාන්නම්. මම මේ කියපුවට අමතරව තව කට්ටිය දන්න දේවල් දාන්න ත්‍රෙඩ් එකට. මම මුල් පිටුවට අප්ඩේට් කරන්නම්. මට මෙකෙ තනියම අයිතිය ගන්න ඕන කමක් නෑ. අපෙ කෝල්ලෙක්ට කෙල්ලෙක්ට උදව් කරන්නයි ඕන. මේ පොස්ට් එකේ කවර් නොකරපු දෙයක් නම් ඒ පොස්ට් එක දානකොට ඒකට එකතු කරන්නම්
කොහෙන්වත් උස්සපුව නෙමේ. කට්ට කාලම ඉගෙන ගත්ත ඒවා. උබලා ඩයල් එක නම් ඔය මොනවත් නෑ, අත් දෙක වන වන ඇවිල්ලත් ජොබ සෙට් කරගන්න පුලුවන්. ඒත් මම මේ කියන්නෙ ඕන එකෙක්ට ගොඩ යන්න පාරක්.
මහන්සියෙන් ලිව්වෙ. උපුටා ගත්තට තරහක් නෑ. කවුරු හරි ගොඩ යනව නම් ඒක මටත් පිනක්. පුලුවන් නම් ගත්ත තැන දාන්න. නොදැම්මට තරහක් නෑ.
tho oheta wela hitu ana murichchi thada kara kara (kiwa kena mathaka athine)
oka sama uta una ekak wage kiwata oka une sajjata aththatama. sama ithin talks denna supiri ne...
mokakda ban ana murichi kathawa mata mathaka na ne 


Interview පාස් වුනත් Visa ගන්න Company එක හරි, Agent Company එක හරි Visa ඉල්ලන්න ඕන නේද මචං? ඒ විස්තර ටික දාපංකො.මෙහෙ දන්න කෙනෙක් ඉන්නව නම් සීවී දාන්න කලින් මෙහෙන් සිම් එකක් ගෙන්න ගන්න බලන්න. රෝමිං ඇක්ටිව් කරගෙන ගෙන්න ගන්න. පරන ෆොන් එකකට දාගෙන තියගෙන ඒ නම්බර් එක දාල සීවී එක හදන්න. යාලුවෙක් ඉන්නව නම් උගෙ සිංගප්පුරුවෙ ඇඩ්‍රස් එකත් දාන්න ඇඩ්‍රස් එක විදියට. දැන් උබල බලන්න එපා මේ මොන අටමගලයක්ද කියල එන්න කලින් සිම් ගෙන්නගෙන කරන මගුල කියල.
උබලට ජොබක් සෙට් කරගන්න දවස් 30යි තියෙන්නෙ. ඒකෙන් උපරිමේ ගන්න විදිය තමා කියල දෙන්න යන්නේ
මම දැන් කියන්නෙ මෙහෙට මේ අවුරුද්දෙ පෙබරවාරි 27,28 එනවා කියල කතාව. ගනන් උඹල හදා ගනිල්ල. මම පහල දාල තියෙන හැම site එකකම උබල සීවි එක රෙගිස්ටර් කරපල්ල පෙබරවාරි 20,21. හරියටම සතියකට කලින්. ප්‍රොෆයිල් එක 100% කරගන්න පුලුවන් හැම දේම කරපන්. පොඩ්ඩක් වෙලාව අරන් ප්‍රොෆයිල් එක හරියට හදපල්ල. උබලගෙ LinkedIn ප්‍රොෆයිල් එකත් හරියට අප්ඩෙට් කරල එකත් සීවී එකෙ දාන්න. මතක ඇතුව ප්‍රොෆයිල් එක පබ්ලිශ් කරන්න. ඊට පස්සෙ සතියෙ හැම දවසකම ලංකාවේ වෙලාවෙන් උදේ 6.30 - 6.35 අතර (සිංගප්පුරුවෙ වෙලාවෙන් උදේ 9.00-9.05) උබලගෙ ප්‍රොෆයිල් එකේ පොඩි අප්ඩේට් එකක් දාන්න. තිතක්, කොමාවක් දාන්න, මකන්න පුලුවන්. ඒ ඇති. සමහර site වල content එක වෙනස් කරනන් බෑ. ඒවල ටයිටල් එක පොඩ්ඩක් වෙනස් කරපන්. ඔය ගොඩක් site වල ප්‍රොෆයි ඕඩර් වෙන්නෙ last modified ටයිම් එකයි, ප්‍රොෆයිල් කම්ප්ලීට්නස් එක වගේ එවයින්. ඒකයි හැමදාම උදේ අප්ඩේට් කරන්න කියන්නෙ. සදුදා අගහරුවාද එක කෝල් එකක්වත් එන එකක් නෑ. බය වෙන්න එපා. ඒ හැටි. එකක් දෙකක් එන්නත් පුලුවන්. උබල ලංකාවෙ ඉන්නෙ කියල කියන්න එපා. සිංගප්පූරුවෙ ඉන්නෙ කියල කියපල්ල. මොකද ඒජන්ට්ල එක පාරම ඉන්ටවීව් සෙට් කරන්නෙ නෑ. උන් ඉන්ටවීව් සෙට් කරන්නෙ ගොඩක් වෙලාවට ඊලග සතියෙ. ඒ වෙනකොට උබල සිංගප්පූරුවට ඇවිත්. හරියට ප්‍රොෆයිල් එක හදල තිබුනොත් උබල සිංගප්පුරුවට එන්නෙ ඒ සතියට ඉන්ටවීව් එකක් දෙකක් සෙට් කරගෙන. නැත්නම් ඔය පලවෙනි සතිය උබල සිංගප්පුරුවට ඇවිත් ලොස් වෙන්නෙ. ඔය විදියට හරියට කරගෙන ආවොත් එන පලවෙනි සතියෙ එකක් දෙකක් අනිවා සෙට් වෙයි ඉන්ටවීව්. ඊලග සතියෙ නම් ගොඩක් සෙට් කරගන්න පුලුවන් වෙයි. කම්පැනි වලින් ටිකක් කල් ගන්නව.
ජොසී;19600778 said:Interview පාස් වුනත් Visa ගන්න Company එක හරි, Agent Company එක හරි Visa ඉල්ලන්න ඕන නේද මචං? ඒ විස්තර ටික දාපංකො.
ජොසී;19600930 said:Api interview pass wunath, company ekata S pass visa denna puluwan limit ekak (15% of Total employees) thiyanawa. E nisa interview ekata yanakota, Sri Lankan kiyala kiyanna ona neda?
15% machan. Web site eke thiyanawa.කම්පැනි එකකට පිට රටක බුවෙක් ගන්න එක පාරම බෑ. උන් ජස්ටිෆයි කරන්න ඕන මූව ඕනමයි කියල. එහෙම උනත් ගන්න දෙන්නෙ ලිමිට් එකකට. අනුපාතයක්ද කොහෙද තියෙනව. අනික අපිට ඉන්න වීස එකක් නෙමේ දෙන්නෙ. ඒ කම්පැනියට තමා අපිට අදාල වීස එක තියෙන්න්. එකකින් එකකට යනකොට අපේ වීස එක කැන්සල් වෙනව.
කම්පැනියෙන් තමා එතකොට අපිට අදාල වීස එකට ඇප්ලිකේෂන් දාන්න ඕන. ඕක බලල ඊට පස්සෙ උන් ඇපෘ කරනව. ප්‍රොසෙස් එක සංකීර්න හින්ද වෙන්න ඕන ඔය ඒජන්සි සීන් එක තියෙන්නෙත්.