සිංහලෙන් හෝ English

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මචන්ලා. මම මේකේ දැකලා තියෙනවා ගොඩක් අය Singlish වලින් type කරනවා. ඇයි බන් මෙච්චර හොදට හෝඩියක් තියාගෙන Singlish වලින් ගහන්නේ? අනික Singlish කියවන්න ගියාම එපා වෙනවා. පුලුවන් නම් මචන්ලා මේකේ Download කරලා Install කරලා සිංහලෙන් Type කරන්න පුරුදු වෙයන්. එහෙම නැත්නම් English වලින්ම ගහපන්. :yes:

http://0xdeafc0de.wordpress.com/rsinglish/
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Combination එක මතක තියාගන්න ඕනේ නෑ. මේ Helper එක tick කරාම key mapping එක යටින් පෙන්වන්වා. :yes:

S3KXQQj.png
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    ඒක ඇත්ත..උබේ සිංහල නම් පට්ටයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් සිංග්ලිෂ් කියවන්න ගියාමනං එපා වෙනවා තමයි. ඒත් ඉතිං එක එක අයගේ කැමැත්තනේ මචං. සමහරු නම් ඇත්තටම නොදන්න කම
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන්ලා. මම මේකේ දැකලා තියෙනවා ගොඩක් අය Singlish වලින් type කරනවා. ඇයි බන් මෙච්චර හොදට හෝඩියක් තියාගෙන Singlish වලින් ගහන්නේ? අනික Singlish කියවන්න ගියාම එපා වෙනවා. පුලුවන් නම් මචන්ලා මේකේ Download කරලා Install කරලා සිංහලෙන් Type කරන්න පුරුදු වෙයන්. එහෙම නැත්නම් English වලින්ම ගහපන්. :yes:

    http://0xdeafc0de.wordpress.com/rsinglish/

    බොහොම ස්තූතියි.. මමත් මෙච්චර කල් යුනි කෝඩ් වල type කරලා copy paste කරලයි දැම්මේ.. නමුත් මේක පහසුයි..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    google translitarate පාවිච්චි කරන්න. රියල් ටයිම් සිංහල ගහන්න පුළුවන්, සිංග්ලිෂ් වලින්.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    google translitarate පාවිච්චි කරන්න. රියල් ටයිම් සිංහල ගහන්න පුළුවන්, සිංග්ලිෂ් වලින්.

    මොකක් හරි තමන්ට ගැලපෙන එකක් පාවිච්චි කරන්න. මෙතන අරමූණ සිංහල හෝඩිය භාවිතා කරන එකයි කොහොම හරි.
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    "UCSC singlish converter" එක use කළෘ නම් මීට වඩා ලේසි නැද්ද මචං... ඒක offline වැඩ කරනවානෙ
     
    මචන්ලා. මම මේකේ දැකලා තියෙනවා ගොඩක් අය Singlish වලින් type කරනවා. ඇයි බන් මෙච්චර හොදට හෝඩියක් තියාගෙන Singlish වලින් ගහන්නේ? අනික Singlish කියවන්න ගියාම එපා වෙනවා. පුලුවන් නම් මචන්ලා මේකේ Download කරලා Install කරලා සිංහලෙන් Type කරන්න පුරුදු වෙයන්. එහෙම නැත්නම් English වලින්ම ගහපන්. :yes:

    http://0xdeafc0de.wordpress.com/rsinglish/

    ඔය උඹ ලියල තියන එක තමයි සිංග්ලිෂ්. සිංහල අකුරු අස්සේ අමු කට්ටක් කාල ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන් ලියන එක.
    ඉංග්‍රීසි අකුරෙන් සිංහල ලියන්නෙ නං මාරු කර කර ඉන්න බැරි කමට ගොඩක් වෙලාවට.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිංහල ටයිප් කරනවා වගේම GTRZට අලුත් සර්වර්ස් ගන්න සල්ලිත් දුන්න නං හරි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අංගුලිමාල;16147875 said:
    ඔය උඹ ලියල තියන එක තමයි සිංග්ලිෂ්. සිංහල අකුරු අස්සේ අමු කට්ටක් කාල ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන් ලියන එක.
    ඉංග්‍රීසි අකුරෙන් සිංහල ලියන්නෙ නං මාරු කර කර ඉන්න බැරි කමට ගොඩක් වෙලාවට.

    එහෙම කට්ටක් කන්න ඕන නෑ. F8 එක මම Shortcut එකක් විදියට දීලා තියෙන්නේ. මට Fast Type කරන්න පුලුවන් එතකොට එක Key එකකින් Language එක මාරු කරන්න පුලුවන් වේගයෙන්ම. එතන අමු කට්ටක් කෑමක් නෑ උබ කියන්න වගේ. Typing හොද ඕනෙම එකෙක්ට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.
     
    ඔය තියෙන්නෙ.:rofl::rofl::rofl: උඹම සිංග්ලිෂ් ලියන ගමන් අනුන්ට කියනවා.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අංගුලිමාල;16147897 said:
    ඔය තියෙන්නෙ.:rofl::rofl::rofl: උඹම සිංග්ලිෂ් ලියන ගමන් අනුන්ට කියනවා.

    මම මෙතනින් අදහස් කරේ English අකුරු සිංහල වචන සදහා යොදාගන්න එක ගැනයි. ඒකටත් අපිට Singlish කියලා කියන්න පුලුවන්.
    එහෙම යොදාගන්න ඕන නෑ අපිටම කියලා හෝඩියක් තියෙන කොට.
    අපිට බෑ සම්පුර්ණයෙන්ම English වලින් මිදෙන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මට නම් සිංහල කීබෝඩ් එක හුරු වෙන්න සතියකට වඩා ගියේ නැහැ පොඩ්ඩක් උවමනාව තියනවා නම් ඉක්මනට හුරු වෙන්න පුලුවන්. English සිංහල layout එක මාරු කරන short cut එකට Alt + Space (Ctrl + Space ද කොහෙද ඩිෆෝල්ට් එක ඒක ගොඩක් IDE වල code hint shortcut එක නිසා මට ඒක අවුල් වෙනවා සමහර වෙලාවට) දාගෙන ඉන්නෙ කිසිම අමාරුවක් නැතිව සිංහල ඉංග්‍රීසි මාරු කරන් ටයිප් කරන්න පුලුවන්
     
    මම මෙතනින් අදහස් කරේ English අකුරු සිංහල වචන සදහා යොදාගන්න එක ගැනයි. ඒකටත් අපිට Singlish කියලා කියන්න පුලුවන්.
    එහෙම යොදාගන්න ඕන නෑ අපිටම කියලා හෝඩියක් තියෙන කොට.
    අපිට බෑ සම්පුර්ණයෙන්ම English වලින් මිදෙන්න.

    සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන්නෙ සිංහල අකුරු නැත්තං, ඔෆිස් වැඩ කරන ගමන් භාෂාව මාරු කරන්න අමාරු හින්ද, ඔය වගේ ප්‍රයෝගික හේතු මත. නමුත් උඹ ඔය ලියන විදිහ තමයි කිසිම හේතුවක් නැතුව කරන නියම අච්චාරු ක්‍රමය. ඕක තමයි සිංග්ලිෂ් කියන්නේ. ඉතින් හෝඩියක් තියනවා තමයි ඒකෙන් ලියහන්කෝ.
    දැන් ඔය GTRZ කියල වගේ ලියද්දි එහම නං කමක් නෑ. මේක ඉංග්‍රීසියෙන් ආපු වචනයක් දැක්ක ගමන් ඉංග්‍රීසි අකුරු ලියනවා. :rofl::rofl:
    සම්පුර්ණයෙන් නෙවෙයි කොහොමවත් ඉංග්‍රීසියෙන් මිදෙන්න බෑ.
    ගොඩක් වෙලාවට ඔය විදිහට ලියන්නෙ ඉංග්‍රීසි බැරි උන්.