අද සෝභිත හිමියන් අපවත් වද්දි හුරේ දමා සතුටුවන අය හෙට මහින්ද රාජපක්ෂ මිය යන විටදී දුක් වේවි.අද සෝභිත හිමියන් අපවත් වෙද්දි දුක් වන අය හෙට මහින්ද රාජපක්ෂ මිය යන විටදී හුරේ දමා සතුටු වේවි..සැවොම නොවුනත් බහුතර සිරිලාංකික වැසියන්ගේ තත්තවය ඕක බව සැක නැත.හැදුනුම්පතට පමණක් බෞද්ධයන් සිටිනා රටේ මේවාට පුදුම විය යුතුද නැත..කිසිදා නොවු විරු අකාරයට පසුගිය දශකය තුළදී ලාංකිකයා බෙදා වෙන්විය.වෙන්වුනා නොව වෙන් කලාය....පාරවල් තෑනු වරායවල් තැනූ ගුවන්තොටවල් තැනූ රාජපක්ෂ යුගය තරම් ලාංකිකයා බෙදා වෙන්කළ කාලයක් තවත් නැත.සිංහලා දෙමළා හම්බයා ලෙස පමණක් නොව බයියා ටොයියා ලෙස සිංහලයාද අති දැවැන්ත ලෙස බෙදා වෙන් කළාය.දැන් සිටින්නේ මනුස්සයින් නොව මරණයකදීත් ප්රිති වන දේශපාලන වහලුන් පිරිසක් පමණි.දේශපාලනය කීවාට උන් දේශපාලනය කියනා එකේ තේරුමවත් දන්නේ නැත..සෝභිත හිමියන් වෙනුවෙන් මෙතරම් අවලාද නැගීමට තරම් හේතුවක් නැත.උන්වහන්සේ කලේ තමාගේ මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටිම පමණි..මීට අවුරුදු කිහිපයකට පෙර උන්වහන්සේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැඩ කල කාලයක් තිබිණි.වැරදි දුටු තැන පසුගිය මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් උන්වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කලේය..යහපාලනය කෙලවාගන්නා සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන් විවේජනය කල පුද්ගලයන් අතර මුල් තැන උන්වහන්සේට හිමිවිය.තව ටික කලක් ගියා නම් යහපාලනය ගෙදර යවන චරිත අතර උන්වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නටද තිබිණ.එහෙව් චරිතයකට මෙහෙව් කතා උරුම වීම ගැන ඇත්තේ විශාල කනගාටුවකි.
මේ වචන ටික.. නදිසා චන්ද්‍රසේන ගෙන්
"සෝබිත හිමියන් දෙවසරකට පෙර අපවත් වුණත් උන් වහන්සේ මෙන්න මේ දේවල් වලට නායකත්වය දුන්නු නිසා ඔය කියන කාරනා එකක්වත් ඇත්ත වෙන්නේ නැහැ.
**** සෝබිත හිමියන් යහපාලන ප්‍රොපගන්ඩා එකෙන් බිහිවුණු මශ්රූම් එකක් නෙමේ
1. 70 මැතිනි ව ගේන්න වැඩ කළා
2. මැතිනි වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
3. ජේ ආර් ලාට ප්‍රේමදාසට විරුද්ධව නොබියව කතා කළා. අධ්‍යාපන ධවල පත්‍රිකා/ 88/89 භිෂණය, මානව හිමිකම්
4. 93 චන්ද්‍රිකා ගෙනාවා
5. චන්ද්‍රිකා වරද්ද ගද්දි ඊට කෙලිම්ම විරුද්ධව වුණා
6. මහින්ද අගමැති කමට ගේන්න/ ජනරංජන දෙන්න, ජාතික නායකත්වයක් හදන්න වැඩ කළා
7. රජා වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
8. යහපාලනේ ගෙනාවා - යහපාලනේ නැතිබව අවබෝධ වෙද්දී ඒ බව කෙලිම්ම ප්‍රකාශ කළා
ඒ නිසා සෝබිත හිමි කියන්නේ 2015 ජනවාරි 8 න් පස්සේ ලෝකේ එලිය දැක්ක කෙනෙක් නෙමේ. උන් වහන්සේ ගැන අවුරුදු ගණනනාවක් මතක ඇති මිනිස්සු මෙතන ඉන්න බව අමතක කරන්න එපා"
....................................................................
අවසානයේ ඔබ සිහිතබාගත යුතු එකක් ඇත..බයියෙකු ටොයියෙකු සිංහලයෙකු බෞද්ධයෙකු කතෝලිකයෙකු ඉස්ලාමිකයෙකු දෙමලෙකු වීමට පෙර මනුස්සකම් දන්නා මනුස්සයෙකු වී සිටින්න..ඔබ අමනුස්සයෙකු වී මොකෙක් වූවද සතපහක වැඩක් නැත.