සිකුරිටි ජොබක් සෙට් වුණා

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට මොනාද ඉතිං එතනට වෙලා කාලෙ ගෙවා ගන්ඩ කරන්ඩ පුලුවන්
    එළකිරි ආවැකි
    මොනාහරි තියාගෙන හප හප ඉන්ඩත් පුලුවන්

    මුළු රෑම ඉන්ඩ එපෑ

    4n එකට ebooks ටිකක් comic books ටිකක් දාගත්තනම් කියව කියව ඉන්ඩ තිබ්බා.
     
    • Like
    Reactions: AnuradhaRa

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මට මොනාද ඉතිං එතනට වෙලා කාලෙ ගෙවා ගන්ඩ කරන්ඩ පුලුවන්
    එළකිරි ආවැකි
    මොනාහරි තියාගෙන හප හප ඉන්ඩත් පුලුවන්

    මුළු රෑම ඉන්ඩ එපෑ

    නොදකින්, තෝ හරක වගේ හම්බෙන සල්ලින් හප හප ඉන්නද කල්පනාව .කොහොම හරි නිදි මරල දුක් විඳලා ගන්න පලවෙනි පඩියෙන් හොඳ බඩ්ඩක් ගහපිය මේකට වෙලා අඬ අඬ ඉන්නේ නැතිව .නැත්නම් තොට වෙන්නේ නිදි මරලම ටික දවසකින් මැරිලා යන්න කිසි දෙයක් ගන්නේ නැතිව .
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    ඔතන ඉන්න ගමන්.. කොහොම හරි. best කෙනා වෙන්න බලන්න. නිකන්ම job කරලා ඉන්න එපා. ඔතනට අවශ්‍යම කෙනෙක් වෙන්න බලන්න . all the best
     
    • Like
    Reactions: AnuradhaRa

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම කිව්ව එව්වා මතකයිනේ.හෙට උදේ එනකොට මතක ඇතුව අයි.ඩී එකයි ‍මෙඩිකල් රිපෝට් ටිකයි අරන් වරෙන් මතක ඇතුව:frown:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    සෙක්‍යුරිටි සර්විස් ප්‍රවයිඩින් කොම්පැණිය මොකක් ද?, ගාන නම් අය්යෙ හරිම හොඳයි ඉතින්. ‌බොහොම හොඳ තැනක් හම්බෙලා තියෙන්නේ. මම ටික දවසකට කලින් ටෙක් ඊවැල් එකක් කළා සෙක්‍යුරිටි සර්විස් ටෙන්ඩර් එකක, ඔය ගණන් දාලා තිබ්බ ඒවා රිජෙක්ට් වෙලා දවසට අටසිය ගානෙ එකක් තමයි ලංසුව දිනුවෙ. දැනට යන වෙනත් එකක් මේ, මේකෙ අපි ඒ ආයතනේට එක ෂිෆ්ට් එකකට 1012.50ක් ගෙවනව. ඒක අපෙ පොඩි ප්‍රාදේශීය ගබඩා දෙකක්. මේකෙත් සේවකයට ඉතින් අටසීයක් වගේ තමයි අතට යනව ඇත්තෙ.

    33Ycxsj.png


    සෙක්‍යුරිටි රස්සාව කරද්දි අය්යෙ ඔයාලගෙ ඩියුටි රෝස්ටරයක් තියෙනවා, ඒකේ ඒ අය කියා දෙන හැටියට මාක් කරන්න ඕනෑ. පොතේ හැටියට නම් එක්කෙනෙක්ට පැය 12 ෂිෆ්ට් එකකට වඩා දිගට කරන්න බැහැ. නමුත් සමහර තැන්වල ඕවා පස්සේ පන්නන්නෙ නැහැ. ඒ නිසා සමහර අය එක දිගට පැය 24 වැඩ කරන තැන් තියෙනවා. (මම එහෙම තවත් සෙක්‍යුරිටි කන්ට්‍රැක්ට් එකක එකක පේමන්ට් එහෙමත් කරනවා)

    මතක ඇතුව හැමදාම රස්සාවට ආවා කියන අත්සන හෝ ඇඟිල්ල තැබීම කරන්න. ඒක පලවෙනි දේ. වෙලාව එහෙම හරියට දාන්න පොතේ නම් අත්සන් කරන්න තියෙන්නෙ. සමහර වෙලාවට අමතක වෙලා උදේට යන්න ඉඩ තියෙනවා. ආවාම එක්සයිටඩ් නිසා අත්සන් කරන්න අමතක වෙන්නත් පුලුවනි. ඒ නිසා යෑම ඒම අමතක නොකර සටහන් කරන්න. මොකද අමතක වෙලා තිබ්බොත් අය්යෙ අපිට පඩි කපන්නයි වෙන්නෙ. කරන්න දෙයක් නැහැ. මාසෙ අන්තිමට පැමිණීම ෆින්ගර් මැෂින් එකෙන් හෝ පොතෙන් නේ ගන්නෙ. සටහන් නොවී තිබුණොත් සුම්මා තමයි.

    සමහර තැන්වල ඉතින් ඇඟිලි සලකුණු මැෂින් එක් හෝ පොතේ ලිවීමක් නැහැ. පරණ විදිහට අර පෙට්ටියක් තියෙනවා පෙට්ටියෙ කොල රෝලක් මතු වෙලා තියෙනවා. ඒකේ අත්සන ගහලා ලීවරය ඇදලා දාන්න තියෙන්නෙ. එතකොට අත්සන ගහපු කොලේ වෙලාව ලියවිලා පෙට්ටිය ඇතුලට යනවා. ඒවා ගැන වද වෙන්න එපා ඒක ඒ අය කියලා දෙයි.

    ඕවෑ අය්යෙ පුරුදු වෙන චාටර් වැඩක් තමයි අරක්කු බිවිල්ලයි සිගරට් ගැහිල්ලයි. ඕක පුරුදු වෙන්න එපා. කියවන්න බැරි උනත් පොතක් හරි අරන් යන්ඩ. වැඩිය කතා කරන්න යන්න එපා. කෙල්ලෙක් නැද්ද, බැඳලා නැද්ද වගේ කතා අහයි. ඕවට උත්තර දෙන්න ගියොත් ඔයාගෙ දුරුවලකම් එළියට එනවා. එවලෙට ආ ඇත්තද මල්ලි කියලා හාර අවුස්ස අවුස්ස පුද්ගලික කුණු ටික සේරම අහගෙන ඉඳල පස්සෙ උන් ඒවා ඩිස්කස් කරල විහිලුවට ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා අහද්දි බොරුවක් කියන්න අක්කා තාම බැඳලා නැහැ අම්මයි අක්කටයි බලන්න ඕනෙ ගෑණු ගත්තොත් ඕවා කරන්න වෙන්නෙ නැහැනෙ වගේ කතාවක් කියලා මග ඇරලා දාන්න.

    ඔයාලාගේ ඩියුටි ගත්තාම ආයතනේ වැඩකරන අය දොරවල් වහලා යතුරු එයාලාම දෙනවා නම් ඒ යතුරු භාර ගන්න එක, කරන්න ඕනි. ඒ යතුරු ටික අරන් එතන ක්‍රමවේදයට අනුව ආරක්ෂිතව තියන්න ඕනෙ. යතුරු දෙනකොට වගේම ගන්නකොට වෙලාව දාලා අදාල නිලධාරියා අත්සන් කරලයි දෙන්න ඕනෙ. දොරවල් අරින්නත් හැමෝටම බැහැ. යතුරු භාරගන්න අවසර තියෙන අය වෙනම ඉන්නව. කල් යද්දි ඔටෝ තේරෙයි. එක පාරට අලුතින් යන කෙනාට ඕවා දෙන්නෙ නැහැ. උදේ පාන්දර එන ආයතනේ අය හමු වුනොත් ගුඩ් මෝර්නින් කියන්ඩ. ආයතනේ ලොකු ලොක්කා වාහනේ යනකොට සැලුට් ගහන්න ඕනෑ. ඒවා සාමාන්‍ය සම්ප්‍රදායන් සෙක්‍යුරිටි අයගේ.

    සමහර තැන්වල දොර ජනෙල් වහන්න ඕනෙ ඔය අය. එතකොට එහෙම තැනක අය රෑ 9ට වගේ ඕටී කරලා යනවා නම් ආයතනේ සේරම දොර ජනෙල් වහලද බලලා, වැසිකිලි, වහපු කාමරවල මිනිස්සු ඉන්නවද, ලයිට් දාලාද බලලා ඒවා කරන්න ඕනෙ. නමුත් තැනින් තැනට ඒවා වෙනස්. ආයතනේ ඇතුලට හැමෝටම වාහන දාන්නත් බැහැ. ගෙනියන්නත් බැහැ. ගේට් පාස් කියලා දෙයක් තියෙනවා ගොඩක් තැන්වල. අවසර නැතිව වාහන එලියට ඇතුලට දාන්න බෑ. සමහර තැන්වල යන එන වාහන වල අංක පොතක ලියන්න තියෙනවා. නමුත් ඔයා යන්නෙ රෑ ෂිෆිට් එකට නම් ඕවා බොහොම අඩුයි.

    රෑට වටයක් දෙකක් ගිහින් එන්න වගේ තියෙයි. නියම රස්සාව ඉගන ගන්න කෙනෙක්ට නම්.. නරක පුරුදුවලට යන්න එපා. වැඩේ අල්ලගෙන යමු.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    කොරගන්ඩ පුලුවන් වුණොත් හොඳයි. කරන්ඩ වැඩක් නෑ. නිකං ඉන්ඩ තියෙන්නෙ. රෑ එලිවෙනකං ඉන්ඩෝන ඉතිං.. අම්මගෙ ෆෝන් එකවත් අරන් යනව කාලෙ ගෙවාගන්ඩ.. එළකිරිය පැත්තෙත් එන්නං රෑ ජාමෙ :rofl:

    දවසට හම්බෙන්නෙ 1000යි බං.. ඒත් කමක් නෑ

    Nikam innawata wada job ekak karana eka watinawane machan.
    1000 gana worry wenna epa uba job eka sthutin karapan. honda job ekak set unama ekata maaru weyan. suba pathanawa machan.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ මේකෙම කාලේ කනවට හරිනන් කිරියෙන් උබට ගානක් දෙන්න වටිනවා .ඔහොම හරි කමක් නැ ගෙදරට බරක් නොවී ජිවත් වෙන්න පුලවන් ජොබක් කරන එකෙන් (මේකේ උන්ව උබ බයිට් එකට අරන් නැහැ කියල උපකල්පනය කරන ලදී )

    ජයවේවා ..:D