උගේ වැඩ ටික දුවන ඉන්ධනය තමයි සිගරට්ටුව.මෙහෙ බයික් ගරාජ් එකක් කරන බාසෙක් ඉන්නවා පට්ට වැඩ්ඩෙක්. මිනිහා හැමදාම දවසට සිගරට් 12ක් ගහනවලු. බයික් එකේ වැඩකට ගියාම කිව්වෙ දවසක්. ගෝල්ඩ්ලීෆ්මලු ගහන්නෙ. කීයට වැඩිකරත් ඉතිං ගහන්න වෙනවනෙ මහත්තයා කිය කිය ආණ්ඩුවට බැන බැන හිටියා. දැන් 150*12 - 1800ක් දවසකට. මාසෙට 50ක් විතර යනවා ඌට සිගරට් වලට. උගෙම ගරාජ් එක නිසා වැඩත් පට්ටෙටම එන හින්දා හොදයි ඉතිං. හැබැයි ඌ ගේවත් කපරාරු කරගෙන නෑ තාම